Unions Lanka

Unions Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Unions Lanka, News & Media Website, Attidiya.
(1)

02/05/2026

“ජනරජයට - ජනබලයක්” - මැයි දින කතා එක පෙලට...

12/03/2024
11/03/2024

දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල හැදුවට අවම පහසුකම්වත් නෑ..
එස්.බී. මැදිවත්ත - සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම්

11/03/2024

හෝටල් ක්‍ෂේත්‍රය 3 වැනි බලවේගය නෙවෙයි පළවෙනි බලවේගය කරන්න පුලුවන්
ජයතිලක රණසිංහ - හෝටල් සේවක මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක

හෝටල් සේවකයෝ කොළඹදී විරෝධතා..රනිල් රාජපක්‍ෂ ආණ්ඩුව විසින් පනවා තිබෙන ඩ්එ ඇතුලු බදු අහෝසි කරන ලෙසත් හෝටල් සේවකයින්ගේ ගැටල...
11/03/2024

හෝටල් සේවකයෝ කොළඹදී විරෝධතා..
රනිල් රාජපක්‍ෂ ආණ්ඩුව විසින් පනවා තිබෙන ඩ්එ ඇතුලු බදු අහෝසි කරන ලෙසත් හෝටල් සේවකයින්ගේ ගැටලු විසඳන ලෙසත් බලකරමින් හෝටල් සේවක මධ්‍යස්ථානය විසින් විරෝධතාවයක් අරඹා ඇති අතර එහි එක් විරෝධතාවයක් අද (11) කොළඹ ගෝල්ෆේස් වටරවුමේදී පැවැත්විණි. මේ එහි අවස්ථා..

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හා අමාත්‍යංශ ලේකම්වරයා අතර එකඟතා රැසක්..2023. 03. 07 දින පෙ.ව. 10 ට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේක...
08/03/2024

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හා අමාත්‍යංශ ලේකම්වරයා අතර එකඟතා රැසක්..
2023. 03. 07 දින පෙ.ව. 10 ට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සමග සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන්ගේ සංගමය පවුල් සෞඛ්‍ය සේවාවේ ගැටලු පිළිබඳ සාකච්ඡාවක් පවත්වන ලද අතර එම සාකච්ඡාවේදී ප්‍රධාන ඉල්ලීම් 8 ක් පිළිබඳ සාකච්ඡා වූ බවත් අදාල ඉල්ලීම්වලට ලේකම්වරයාගේ එකඟතාවය පලවූ බවත් සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන්ගේ සංගමය පවසයි. ඒ අනුව එම එකඟතාවයන් ලෙස...
01. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් පුහුණු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමටත් ඒ සඳහා මේ වසරේ සිට පවුල් සෞඛ්‍ය පුහුණු කිරීමේ විද්‍යාල 9 ක් ආරම්භ කිරීමටත් පුහුණු කාලය වසර 3 දක්වා දීර්ඝ කිරීමටත් නවීන තාක්‍ෂණික විෂයයන් මෙම පුහුණුව සඳහා එකතු කිරීමටත් තීරණය විය.
02. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ දීමනා සම්බන්ධයෙන් පුලුල් ලෙස සාකච්ඡාවූ වූ අතර දැනට ලබාදෙන දුරකතන දීමනාව රු. 1000/- වැටුපට එකතු කිරීමටත්, රු. 23000 ක නිල ඇඳුම් දීමනාවක් ලබාදීමටත් රු. 10,000/- ක විශේෂ දීමනාවක් ලබාදීමටත් ලේකම්වරයා එකඟ විය.
03. විශේෂ ශ්‍රේණියේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් සහ 1 වන ශ්‍රේණියේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන්ගේ දීමනා හා ගැටලු සම්පූර්ණයෙන් විසඳීමට ලේකම්වරයා එකඟ විය.
04. දැනය පවතින වාර්ෂික උපත් අනුපාතිකය අඩුවීමේ හේතු මත පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් සඳහා විශේෂ ක්‍ෂේත්‍රවල පුහුණු වැඩසටහන් හඳුන්වා දීමට පියවර ක්‍රියාත්මක කිරීමටත් ලේකම්වරයා එකඟවිය.
05. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් 1000 ක් සඳහා යතුරුපැදි 1000 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ලබාදීමට දැනට යතුරු පැදි ලබා සිටින වසර 10 ක කාලය සම්පූර්ණ කර ඇති පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සඳහා නව යතුරු පැදියක් ලබාදීමටත් කටයුතු කරන බවටත් ලේකම්වරයා එකඟවිය.
06. ජනතාව සමග කාර්යක්‍ෂම විධිමත් සේවාවක් සැපයීම සඳහා අවශ්‍ය වන පහසුකම් සහ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් (ත්‍රිපෝෂ වැඩසටහන්) විධිමත් කරගැනීමටත් වහාම පියවර ගැනීම.
07. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන්ගේ රාජකාරී ලැයිස්තුව අලුතෙන් සැකසීමටත් ඒ සඳහා ක්‍රියාත්මක වන අමාත්‍යාංශයේ කමිටුව සඳහා සංගමය නියෝජනය කිරීමටත් අනෙකුත් ශ්‍රේණීන් සඳහා ගැටලුවකින් තොරව සහයෝගය ලැබෙන වටපිටාවක් යටතේ වැඩ කිරීමට පරිසරය සැකසීමට මැදිහත් වන බවටත් මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයාගේ එකඟතාවය පලවිය.
මෙම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරන අතිරේඛ ලේකම්වරුන්, ආයතන අධ්‍යක්‍ෂකවරුන් මෙන්ම සංගමය නියෝජනය කරමින් සභාපති දීප්ති ජයතුංග, ලේකම් කුසුමා ඩයස්, සංවිධායක ලේකම් තාරකා උදයංගනී, සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරළේආරච්චි යන අය සහභාගී වූහ.

07/03/2024

මේ විදුලි බල පනතෙන් අනාගතයේදී ජනතාවට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිදුවෙනවා..
විජිත හේරත්

06/03/2024

සුළං බලාගාරවලින් රු. 8 ට ගන්න පුලුවන් විදුලිය අදානිගෙන් රු. 54 ට ගන්නෙ ඇයි?
රංජන් ජයලාල්
ලංකා විදුලි සේවක සංගමයේ ලේකම්

06/03/2024

නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීමට එරෙහි නඩුව මැයි 7 ට කල්යයි..

රාජ්‍ය කළමණාකරන සේවා නිලධාරීන්ගේ සංගමයේ මෝණරාගල දිස්ත්‍රික් සමුළුව"සේවාවේත්, පොදුවේ රාජ්‍ය සේවයේත් සේවක අයිතීන් දිනාගැනී...
06/03/2024

රාජ්‍ය කළමණාකරන සේවා නිලධාරීන්ගේ සංගමයේ මෝණරාගල දිස්ත්‍රික් සමුළුව

"සේවාවේත්, පොදුවේ රාජ්‍ය සේවයේත් සේවක අයිතීන් දිනාගැනීමත්, බිඳ වැටී ඇති රට පුනරුදයේ යුගයක් කරා ගෙන යාමට රාජ්‍ය සේවක දායකත්වය එක් කිරීමත් වෙනුවෙන් කළමනාකරණ සේවා නිලධාරීන් පෙළ ගැස්වීමට ගෙනයනු ලබන සංවිධානය වැඩ පිළිවෙළෙහි කොටසක් ලෙසින් සාර්ථකව නිමා කළ රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ මොණරාගල දිස්ත්‍රික් සමුළුව"

2024/03/05 දි ඊයේ (05) මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම සංගමයේ ලේකම් චන්දිම විමලසුරේන්‍ද්‍ර සහෝදරයා ඇතුලු දස්ත්‍රික් නියෝජිතයින්ගේ මූලිකත්නයෙන් මෙම සමුලුව පවත්වනු ලැබිණි.

Address

Attidiya

Telephone

0112073288

Alerts

Be the first to know and let us send you an email when Unions Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Unions Lanka:

Share