Colombo Television

Colombo Television Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Colombo Television, Media, Aturugiriya.

24/06/2025

2022/02/09 දින හරෙන්ද්‍ර සමඟ කල වැඩසටහනක කොටසක්. ...

13/06/2025

2025 ජූනි 12 වනදා ඉන්දියාවේ Ahmedabad නගරයේදී ඉතා බරපතළ ගුවන් අනතුරක් සිදු වුණා. Air India සමාගමේ Boeing 787 Dreamliner යානයක් ලන්ඩන් බලා ගිය අතර මෙය ගුවන් පටලයෙන් උඩට නැඟී සුළු මොහොතකින් වහාම පාලනය අහිමිවී බිමට වැටී ගිනිගත්තේය.

යානය බිමට වැටුණේ ගුවන් තොටුපලට ආසන්නව තිබූ වෛද්‍ය විද්‍යාලයක ශිෂ්‍ය නවාසයකටය. මෙහිදී ගමන්කරුවන් 241ක්, කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්, සහ බිම සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ජීවිතයක් බේරා ගන්නට හැකි වූයේ තනි පුද්ගලයෙකුට පමණි.

අනතුරට හේතුව කුමක්ද යන්න මේ වන විට පරීක්ෂණ කරමින් පවතී.

මෙය ඉන්දියාවේ වසර 30කට වඩා කාලයක් තුළ වාර්තා වූ විශාලතම ගුවන් අනතුරක් ලෙස සැලකෙයි. මේ අනතුර මඟින් ගුවන් ආරක්ෂාව, පාලනය, නඩත්තු ක්‍රම, සහ විශේෂිත ප්‍රධාන තාක්ෂණික මට්ටම් පිළිබඳව ලෝකය පුරාම ආරක්ෂක අංශ නැවත සලකා බලන්නට හේතුවක් වී ඇත.

තාක්ෂණය අතින් විශාල දියුණුවකට පත්ව ඇති ලෝකයේ මෙවැනි ගුවන් අනතුරු වළක්වා ගැනීමට දියුණු තාක්ෂණය කොතරම් දුරට යොදාගන්නවාද යොදාගෙන ඇත්ද යන්න ප්‍රස්ථාර්ථයකි.

වීඩියෝවේ අයිතිය මුල් අයිතිකරුට.
The video copied from internet.

2025 වසරේ Miss World තරඟයේදී තායිලන්තයේ Opal Suchata Chuangsri මේනවිය ජයග්‍රහණය කරමින්, එරටට පළමු වරට මෙම ගෞරවය හිමි කරද...
01/06/2025

2025 වසරේ Miss World තරඟයේදී තායිලන්තයේ Opal Suchata Chuangsri මේනවිය ජයග්‍රහණය කරමින්, එරටට පළමු වරට මෙම ගෞරවය හිමි කරදීමට සමත් විය. මෙම තරඟය ඉන්දියාවේ හයිද්‍රබාද් නගරයේදී පැවැත්වුණි.

Opal Suchata Chuangsri, 2003 මාර්තු 20 දින තායිලන්තයේ Phuket නගරයේ උපත ලබා ඇති අතර, ඇය ත්‍රිභාෂාවක් (තායි, ඉංග්‍රීසි, චීන) දැනුම් ඇතිව, Thammasat විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරයි.

මෙවර තරඟයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර මෙනවිය Head-to-Head Challenge හි Top 20ට, Talent Category හි Top 24ට සහ Multimedia Category හි ආසියාවේ ඉහළම තේරීමක් ලෙස තෝරාපත්වුණා. ඇයගේ “Saheli” ව්‍යාපෘතිය මඟින් කාන්තා සෞඛ්‍යය පිළිබඳ සමාජ අවබෝධය වැඩි කිරීමට සමාජීය වශයෙන් මෙහෙවරක් කිරීමට සමත්ව තිබෙනවා.

Opal Suchata Chuangsri මෙනවියගේ ජයග්‍රහණය තායිලන්තයට විශේෂත්වයක් වන අතර, ඇයගේ ජයග්‍රහණය සඳහා අපගේ සුභ පැතුම් එක්කරමු. 🇹🇭👑 අනුදි දිතීගුණසේකර ඔබටත් ඔබගේ ඉදිරි අනාගත වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් හැටියට අපි සියලු දෙනා සුබ පතන්නෙමු.

පවුම් ලක්ෂ 12 ක මත්ද්‍රව්‍ය තොගයක් සමග ලංකාවේදී මාට්ටු වූ එංගලන්තයේ චාලට්.බ්‍රිතාන්‍ය පවුම් මිලියන 1.2 කට අධික වටිනාකමකි...
31/05/2025

පවුම් ලක්ෂ 12 ක මත්ද්‍රව්‍ය තොගයක් සමග ලංකාවේදී මාට්ටු වූ එංගලන්තයේ චාලට්.

බ්‍රිතාන්‍ය පවුම් මිලියන 1.2 කට අධික වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් සමග ලංකාවේ කටුනායක ගුවන් තොටුපළේදී අත්තඩංගුවට පත්වූ බ්‍රිතාන්‍ය ජාතික තරුණිය ගැන බ්‍රිතාන්‍යයේ සියළුම මාධ්‍ය පාහේ විශාල ඉඩක් වෙන්කරමින් වාර්ථා කරනවා. චාලට් මේ ලී නම් 21 හැවිරිදි තරුණයි එංගලන්තයේ දකුණු ලන්ඩන් ප්‍රදේශයේ ජීවත් වූ තැනැත්තියක් බවත් එය මීට පෙර ගුවන් සේවිකාවක ලෙස සේවය කර ඇති බවත් එම වාර්ථා වල සදහන් වෙනවා.

එම වාර්ථා වල දැක්වෙන අන්දමට ඇය තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට පියාසර කර ඇති අතර කොළඹ කටුනායක ගුවන් තොටුපළේදී අත්තඩංගුවට පත්වන විට ඇය සතුව කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46 ක් තිබී ඇති බවටයි වාර්ථි වන්නේ. එය ලංකාවේ ගුවන් තොටුපළේදී අත්තඩංගුවට පත්වූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය බවටත් එම මාධ්‍ය වාර්ථා කරනවා. චාලට් මේ ලී මේ වන විට කොළඹ සිට පැයක පමණ දුරකින් පිහිටි මීගමුව බන්ධනාගාරයේ රදවා සිටින බවට වාර්ථා කරන බ්‍රිතාන්‍ය මාධ්‍ය ඊයේ (30) දා ලංකාවේ අධිකරණයක් හමුවට ඉදිරිපත් කල බව සදහන් කරනවා.

ඇයට එරෙහිව ශ්‍රී ලංකාවේ බළධාරීන් තවමත් චෝදනා ඉදිරිපත් කර නොමැති බවත් විමර්ශන තවමත් සිදුවෙමින් පවතින බවත් වාර්ථා කරන බ්‍රිතාන්‍ය මාධ්‍ය ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව ඒ දක්වා ඇය දින 14 කට වරක් අධිකරණයකට ඉදිරිපත් කල යුතු බවයි සදහන් කරන්නේ. අධිකරණයේ පෙනී සිටීමට පෙර බ්‍රිතාන්‍ය මාධ්‍යයන් ඇමතූ ඇය තායිලන්ත වීසා බලපත්‍රය අළුත් කර ගැනීම සදහා ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඇයගේ ගමන් මළු වල මත්ද්‍රව්‍ය තිබූ බව ඇය නොදැන සිටි බවත් සදහන් කර තිබුනා. ඇය මනා සිහියෙන් පසුවන බව පෙනෙන්නට ඇතැයිද බ්‍රිතාන්‍ය මාධ්‍ය කියා සිටිනවා.

දිගින් දිගටම ශ්‍රී ලංකාවේ බන්ධනාගාර වල තත්වය ගැන මැසිවිලි නගන චාලට් මේ තවත් කාන්තාවන් පස්දෙනෙකු සමග තමන් එක සිරකුටියක රදවා සිටින බවත් කොන්ක්‍රීට් තට්ටුව මත එලා ගැනීම සදහා කුඩා මෙට්ටයක් පමණක් ලබා දී ඇති බවත් සදහන් කර තිබුනා. තමන්ගේම ඇදුම් කොට්ටයක් ලෙස භාවිතා කිරීමට සිදුවී ඇති අතර දවසේ වැඩි නැවුම් වාතය ලබා ගැනීම සදහා කාලයක් සිරකුටියෙන් පිටත ගතකරන බවත් ප්‍රකාශ කර තිබුනා. මෙම චෝදනා වලට ඇය වැරදිකරු උවහොත් ලංකාවේ නීතිය අනුව චාලට් ට වසර 25 ක් දක්වා සිරගතවීමට සිදුවනු ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය සදහන් කරනවා.

චාලට් මේ ලී බන්ධනාගාරය තුලදී ඉංග්‍රීසි කතා කරන තවත් එක් කාන්තාවක් හදුනාගෙන ඇති අතර ඇය හරහා සංනිවේදන කටයුතු කිරීමට ඇය සමත් වී තිබේ. කෙසේ වෙතත් අත්තඩංගුවට පත්වූ දා සිට ඇයට ලංඩනයේ සිය පවුලේ සාමාජිකයන් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට නොහැකි වී ඇත. ඇය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින ලංකාවේ ඇයගේ නීතිඥයා බ්‍රිතාන්‍ය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ ඊළග අරමුණ ඇය වෙනුවෙන් ඇප ලබා ගැනීම බවත් ඒ සදහා මාස තුනකට අධික කාලයක් ගතවිය හැකි බවත්ය. ජූලි 13 වන දා නැවතත් ඇය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

උපුටා ගැනීම තිලාන් ජයසේකර පිටුවෙන්.
https://www.facebook.com/share/p/1CZjBgMJHU/

31/05/2025
30/05/2025

රජයේ බැංකුවක කෝටි ගණන් මුදල් පොලියට ලබාදීම සම්බන්ධයෙන් අයකැමි හසුවේ. කඩුවෙල පිහිටි රජයේ බැංකුවක තිබූ මුදල් දෛනික පොලි ලබාගැනීමේ අරමුණින් විවිධ ගිණුම් වෙත හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බැංකුවේ ප්‍රධාන අයකැමිවරයා කඩුවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තිස් හය හැවිරිදි මෙම පුද්ගලයා වැඩිදුර පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි.

මෙම සිදුවීම මඟින් රජයේ ආයතනවල ආරක්ෂාව සහ විශ්වාසභංගය පිළිබඳව ප්‍රශ්න ඇති කරයි. බැංකු ක්ෂේත්‍රයේ විශ්වාසය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බලධාරීන් විසින් වහාම පියවර ගත යුතුය.

29/05/2025

අනුදි ගුණසේකර මෙනවිය 2024 වසරේ "Miss World Sri Lanka" තේරීම් තරඟයේ ජයග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක රූ රැජිණ 2025 තරඟයට සහභාගී වීමට සුදුසුකම් ලබා ඇත. ඇය 1999 නොවැම්බර් 7 දා අනුරාධපුරයේ උපත ලැබූ අතර, අනුරාධපුර මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා උපාධියක් ලබාගෙන ඇත. අභිරුචි ලෙස ඇයට නර්තනය, රංගනය, මොඩලින්, සංචාරය සහ සමාජ සත්කාරක ක්‍රියාකාරකම් සඳහා දැඩි ආශාවක් පවතින අතර, ඒ හරහා ඇයගේ පුද්ගලත්වය සවිබල ගැන්වෙයි.

අනුදි මෙනවිය "Miss World 2025" තරඟය සඳහා සුදුසුකම් ලබා, එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර, විශේෂයෙන්ම “Beauty With a Purpose” ව්‍යාපෘතියක් ලෙස “Saheli” නමින් පදනම් කළ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් හරහා ඇය සමාජය තුළ වටිනා සේවයක් ඉටු කරයි.

මීට අමතරව ඇය ලෝක රූ රැජිණ තරඟයේදී සංවිධානය කරන විවිධ උප තරඟවලද සාර්ථකව ප්‍රදානත්වයක් දැක්වූවාය. ඇය Asia-Pacific කලාපයෙහි Multimedia Challenge තරඟයෙහි දෙවැනි ස්ථානයක් දිනා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතිහාසයක් සටහන් කළාය. තවද, Talent Competition සඳහා Top 24 තේරීම් අතරට ඇතුළත් විය. Head to Head Challenge තරඟයේද ඇය අවසන් වටය දක්වා යමින් විශේෂත්වයක් ලබා ගත්තේය.

ඇයගේ සරලත්වය, නීතිපතා හැසිරීම, විශිෂ්ට සංවාද හැකියාවන් සහ පිරිපහදු පෞරුෂය මඟින් ලෝකයේ විවිධ රටවල්වලින් පැමිණි තරඟකරුවන් අතර විශේෂත්වයක් ලබා ගෙන තිබේ. සමාජ මාධ්‍ය තුළද ඇයගේ සමාජසත්කාරක කටයුතු සහ පුද්ගල ජීවිතය පිළිබඳ දැක්වෙන පලකරුවන් දසලක්ෂ ගණනින් පිළිගනිමින් සිටී. Instagram, YouTube, Facebook වැනි වේදිකා ඔස්සේ ඇයගේ කාර්යභාරය සහ ජීවිත ගමන බෙදාගැනීමෙන්, ලාංකික තරුණියන්ට ආදර්ශයකි.

අනුදි ගුණසේකර මෙනවිය ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර වේදිකාවක ගැඹුරු ගෞරවයකින් යුතුව නියෝජනය කරන අතර, ඇයගේ මූලික අරමුණ වන්නේ රූපය පමණක් නොව, ආකල්පය, මානව භාවය සහ ආදර්ශවත් සමාජයකට දායක වීමයි. ඇයගේ මේ ගමනට අප සියලු දෙනාගේ ආශිර්වාදය, පිරිසැලසුම් සහ උද්යෝගය ලැබේවායි සුභ පැතුම් එක්කරමු.

අනුරපුරයෙන් පෑයූ සඳ ඔබ එළිය කර ඇත මව්බිම රුවෙන් බැබනෙන සේම ඔබ තුළ  ගුණයන්ද ඇත සැමවිට කිරුළ ගෙන මව් බිමට එන්නට සැමගේම සිත...
29/05/2025

අනුරපුරයෙන් පෑයූ සඳ ඔබ
එළිය කර ඇත මව්බිම
රුවෙන් බැබනෙන සේම ඔබ තුළ
ගුණයන්ද ඇත සැමවිට
කිරුළ ගෙන මව් බිමට එන්නට
සැමගේම සිත් සැමවිට
කරනු ඇත ආශිර්වාද ඔබ හට
සැමගේම නෙත් ඔබ වෙත


Credid :- Kawilashi

02/01/2025
උතුරුකරයට සෙනෙහසේ දෑත් දිගු කරන මෙත් උතුම් සත්කාර අතිපූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මුලතිව් දිස...
24/11/2022

උතුරුකරයට සෙනෙහසේ දෑත් දිගු කරන මෙත් උතුම් සත්කාර
අතිපූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ අපේම මිනිසුන් වෙනුවෙන් උතුම් සත්කාර ප්‍රතිලාභයන් සලසන්නට අප සූදානම්..
සත්පුරුෂ ඔබටත් ශක්ති පමණින් ද්‍රව්‍යමය වශයෙන් හෝ මූල්‍යමය වශයෙන්
දායක විය හැකියි.
විස්තර සදහා
076 15 95 694
076 38 75 693
011 277 1717
034 22 63 646
Viber whatsapp සදහා 077 1373646

උතුරුකරයට සෙනෙහසේ දෑත් දිගු කරන මෙත් උතුම් සත්කාර අතිපූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මුලතිව් දිස...
23/11/2022

උතුරුකරයට සෙනෙහසේ දෑත් දිගු කරන මෙත් උතුම් සත්කාර

අතිපූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ අපේම මිනිසුන් වෙනුවෙන් උතුම් සත්කාර ප්‍රතිලාභයන් සලසන්නට අප සූදානම්..
සත්පුරුෂ ඔබටත් ශක්ති පමණින් ද්‍රව්‍යමය වශයෙන් හෝ මූල්‍යමය වශයෙන්
දායක විය හැකියි.

විස්තර සදහා
076 15 95 694
076 38 75 693
011 277 1717
034 22 63 646
Viber whatsapp සදහා 077 1373646

Address

Aturugiriya

Website

Alerts

Be the first to know and let us send you an email when Colombo Television posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category