SOB Real News

SOB Real News ආයුබෝවන්🙏 සත්‍යයේ පෙර ගමන්කරු SOB Real News නාලිකාව ඔබ සාදරයෙන් පිළිගනිමු

ප්‍රංශයේ පෝල් රිකාට් ධාවන පථයේ පැවති යුරෝපියානු ජී.ටී.- 4 මෝටර් රථ ධාවන ශූරතා තරගාවලියේදී දෙවන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාං...
11/04/2024

ප්‍රංශයේ පෝල් රිකාට් ධාවන පථයේ පැවති යුරෝපියානු ජී.ටී.- 4 මෝටර් රථ ධාවන ශූරතා තරගාවලියේදී දෙවන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව මහතා 04/10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගය ඉකුත් 05 , 06, සහ 07 යන දින වල ලෝකයේ රටවල් 40 ක මෝටර් රථ ධාවන ශූරයින් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබූ අතර ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ථ ආසියාවම නියෝජනය කරමින් ඩිලන්ත මාළගමුව එම තරගයට සහභාගී වී තිබුණා

මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ඩිලන්ත මාළගමුව මහතා මෙම වසරේ තවත් මෝටර් රථ ධාවන තරග 08 ක් යුරෝපයේ සහ තවත් මෝටර් රථ ධාවන තරග 02 ක් සදහා වශයෙන් මෝටර් රථ ධාවන තරග 10 ක් ඉතිරිව ඇති බවත් ඒවාට හොදින් පුහුණු වී තරග කර ලෝක ශූරතාවය දිනා ගැනීමට තමන් අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළා

ඇමරිකාවේ උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා.එරට නිවාස හා ඉන්ධන මිල ඉහළ යාමට මෙය දැඩිව බලපා තිබෙනවාපසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට ම...
11/04/2024

ඇමරිකාවේ උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා.

එරට නිවාස හා ඉන්ධන මිල ඉහළ යාමට මෙය දැඩිව බලපා තිබෙනවා

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට මේ වසරේ මාර්තු දක්වා මාස 12ක කාලය තුළ සෑම ක්ෂේත්‍රයකම මිල ගණන් 3.2% සිට 3.5% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අනුව ඉන්ධන, නිවාස, කෑම බීම සහ ඇඳුම් පැළඳුම් සඳහා වන පිරිවැය ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

යුක්රේන යුද්ධය නිසා ඇති වූ ආහාර හා බලශක්ති මිල ඉහළ යාම ක්‍රමයෙන් අඩුවීමත් සමඟ 2023 දී ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පැමිනෙමිනුයි තිබුනේ.

කෙසේ වෙතත් ඇමරිකාවේ උද්ධමනය තවමත් එරට මහා බැංකුවේ 2%ක උද්ධමන ඉලක්කයට වඩා ඉහළ මට්ටමකයි පවතින්නේ.

ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේදී ජපානයේ රැකියා අවස්ථා රැසක් ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකා ජපන් පාර්ලිමේන්තු කමිටුවේ සාමාජික යම...
11/04/2024

ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේදී ජපානයේ රැකියා අවස්ථා රැසක් ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකා ජපන් පාර්ලිමේන්තු කමිටුවේ සාමාජික යමගුචි සුසුමු මහතා පවසනවා.

ජපානයේ නගර සභා මැතිවරණ ව්‍යාපාරය අමතමින් පැවති ජන හමුවකට එක් වූ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියා.

තමන් ඇතුලු පිරිස ශ්‍රී ලංකාව පිළිබඳ නිරන්තර අවධානයෙන් පසු වන බවයි සුසුමු මහතා මෙහිදී ප්‍රකාශ කළේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් ද ඔහු අදහස් පල කළා.

එම මැතිවරණවලදී නිවැරදි සැලැස්මක් හා ප්‍රතිපත්තියක් ඇති පිරිසක් තෝරාගැනීමට මෙරට ඡන්ද දායකයා ක්‍රියා කළ යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.

කිරිබත්ගොඩ හුණුපිටිය ප්‍රදේශයේ ගරාජයක තිබූ ටැංකියක් පුපුරායාමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.එම ගරාජයේ තිබූ කාබයිට් ටැංකි...
09/04/2024

කිරිබත්ගොඩ හුණුපිටිය ප්‍රදේශයේ ගරාජයක තිබූ ටැංකියක් පුපුරායාමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එම ගරාජයේ තිබූ කාබයිට් ටැංකියක් මෙලෙස පුපුරායාමකට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ 45 හැවිරිදි වියේ පසු වූ දෙකටන දේවාලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අධි ධාරිතාවයෙන් සමන්විත යතුරුපැදි ලියාපදිංචියට අවසර ලබාදීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා...
09/04/2024

අධි ධාරිතාවයෙන් සමන්විත යතුරුපැදි ලියාපදිංචියට අවසර ලබාදීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් එක්කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.

එසේම මෙම අධි ධාරිතා යතුරුපැදි ලියාපදිංචියෙන් ලැබෙන ආදායමින් කොටසක් ශ්‍රී ලංකා පොලීසියේ අධි ධාරිතා යතුරුපැදි මිලදී ගැනීමට සහ අදාළ විශේෂ අවශ්‍යතා සඳහා යොදා ගැනීමටත් සාකච්ඡා කෙරුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා එම සටහනින් පෙන්වාදෙයි.

එම සටහන පහතින්,

උපුටා ගැනීම

අධි ධාරිතාවයෙන් සමන්විත යතුරුපැදි ලියාපදිංචියට අවසර...
රටේ තාරුණ්‍යය මා හට කළ ඉල්ලීමක් වන අධි ධාරිතාවයෙන් සමන්විත යතුරුපැදි ලියාපදිංචි කිරීමේ යෝජනාවට අවසර ලබා දීමට ශක්තියක් වෙමින්, තාරුණ්‍යයේ හඬට හොඳින් සවන්දෙමින් ඔවුන්ගේ අවශ්‍යතා තේරුම්ගත් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත්, ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාටත්, ගරු ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාටත් මා විශේෂ ස්තූතිය මෙයින් පුද කර සිටිමි.
මෙම අධි ධාරිතා යතුරුපැදි ලියාපදිංචියෙන් ලැබෙන ආදායමින් කොටසක් ශ්‍රී ලංකා පොලීසියේ අධි ධාරිතා යතුරුපැදි මිලදී ගැනීමට සහ අදාළ විශේෂ අවශ්‍යතා සඳහා යොදා ගැනීමටත් සාකච්ඡා කෙරිණි.
තවද, මෙම ඉලක්කය සාර්ථක කර ගැනීමට දායකවූ සැම දෙනාටම මාගේ විශේෂ ස්තූතිය මෙයින් පුද කර සිටිමි.

උපුටා ගැනීම අවසන්...

වාකරේ,මඟුල් පොකුණේ ස්කැවේටරයක් ආධාරයෙන් පුරාවස්තු සෙවූ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන...
09/04/2024

වාකරේ,මඟුල් පොකුණේ ස්කැවේටරයක් ආධාරයෙන් පුරාවස්තු සෙවූ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය වාකරේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැලිකන්ද පොලිස් වසමේ මගුල් පොකුණ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී පුරාවස්තු සෙවීමේ අරමුණින් ස්කැවෙටර් යන්ත්‍රයක් මගින් කැණීම් කරමින් සිටි වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 හා 73 පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිකන්ද පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

කලකට පසුව දර්ශනය වු පූර්ණ සුර්යග්‍රහණය නැරඹීමට උතුරු ඇමෙරිකා මහද්වීපය පුරා ජනතාව ලක්ෂ ගණනක් එක්ව සිටියා.මෙම පූර්ණ සුර්යග...
09/04/2024

කලකට පසුව දර්ශනය වු පූර්ණ සුර්යග්‍රහණය නැරඹීමට උතුරු ඇමෙරිකා මහද්වීපය පුරා ජනතාව ලක්ෂ ගණනක් එක්ව සිටියා.

මෙම පූර්ණ සුර්යග්‍රහණය මුලින්ම දර්ශනය වුණේ මෙක්සිකෝවේ මසත්ලාන් ප්‍රදේශයටයි. ඒ දහවල් එකොලහයි හතට පමණ.

චන්ද්‍රයා සූර්යා ඉදිරියට පැමිණීමත් සමග පූර්ණ සුර්යග්‍රහණයක් සිදුවීම නිසා අවට පරිසරය අදුරු ස්වභාවයක් ගෙන තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

සැතපුම් 155ක් පළල හා සැතපුම් 4000ක දිගකින් යුතු ප්‍රදේශයකට මෙය පූර්ණ සුර්යග්‍රහණයක් ලෙස දිස්වුණා. එහි දර්ශනය වීම අවසන් වුණේ කැනඩාවේ නිව්ෆවුන්ඩ් ලන්තය ආශ්‍රිත ප්‍රදේශයෙන්.

ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකට ද පූර්ණ සුර්යග්‍රහණය ඉතා හොදින් දර්ශනය වුණා. ලොවපුරා මිලියන 31 දශම 5ක පිරිසකට මෙය නැරඹීමේ අවස්ථාව උදා වුණා.

රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානයන්හී ආරක්ෂාව සඳහා පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් යොදා තිබේ.පොලිස්පති දේශබ...
09/04/2024

රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානයන්හී ආරක්ෂාව සඳහා පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් යොදා තිබේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක එම වැඩපිළිවෙළ සඳහා පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිද හමුදා ආරක්ෂක අංශ කැඳවා ඇත.

සෑම පොලිස් වසමට අයත් සියලුම ඉස්ලාම් දේවස්ථානවල මව්ලවිතුමන්ලා හමුවී එම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස් කර ඇත.

ඒ යටතේ දිවයින පුරා ඉස්ලාම් දේවස්ථාන 3,203ක් අතරින් දේව මෙහෙයන් පැවැත්වෙන ඉස්ලාම් දේවස්ථාන ස්ථාන 2,453කට අවශ්‍ය ආරක්ෂාව තහවුරු කර තිබේ.

එම දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 5,580ක්, විශේෂ කාර්ය බළකා නිලධාරීන් 510ක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,260ක් සමඟින් 7,350කට අධික ආරක්ෂක භට පිරිසක් යෙදවීමට මේ වනවිටත් කටයුතු ඇත.

විභාග දෙපාර්තමේන්තුව ඉදිරියේ දී කොටස් දෙකකට බෙදීමට තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ජනාධිපතිවරයා පව...
09/04/2024

විභාග දෙපාර්තමේන්තුව ඉදිරියේ දී කොටස් දෙකකට බෙදීමට තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පවසන්නේ එක් අංශයක් සඳහා පාසල් විභාග පමණක් භාරදීමට අපේක්ෂා කරන බවය.

මහනුවර දිස්ත්‍රික් තරුණ සමුළුවට සහභාගී වූ තරුණ තරුණියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

"මම විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ 18 දී. 21 දී එළියට ආවා. අද ඇතුළු වෙන්නේ 21 දී. මම දැන් සාකච්ඡා කරගෙන යනවා 2025 හෝ 2026 සිට නීතියක් පනවමු දෙසැම්බර් මාසයේ මේ විභාගය තියන්න ඕනේ. මේ මාසයේ ඒ අයව විශ්වවිද්‍යාලයට ඇතුළු කළ යුතුයි කියලා. ඒක කැඩුවොත් දඬුවම් කරන විදියට කරන්න. අනික විශේෂයෙන්ම අපි සාකච්ඡා කරගෙන යන්නේ, විභාග දෙපාර්තමේන්තුව කොටස් දෙකකට බෙදලා එකකට පාසල් විභාග භාරදෙන්න. අනික් අයට අනිත් විභාග භාරදෙන්න. මොකද පහේ විභාගය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළට අමතරව මේ අය විභාග 50ක් - 100ක් විතර කරනවා රජයේ. මේක වෙන්කරලා අපි වෙනම අංශයක් දාමු රජයේ විභාග පවත්වන්න."

දියේ ගිලීම් හේතුවෙන් දෛනිකව පුද්ගලයින් මියයෑමේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝනොවන රෝග ඒකකයේ අනතුරු නිවාර...
08/04/2024

දියේ ගිලීම් හේතුවෙන් දෛනිකව පුද්ගලයින් මියයෑමේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝනොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණය සහ කළමනාකරණය පිළිබදව අංශ ප්‍රධානී ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පවසයි.

වාර්ෂිකව පුද්ගලයින් 800කගේ පමණ ජීවිත දියේ ගිලීම් හේතුවෙන් අහිමි වී යන බව විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා කියා සිටියේය.

"සාමාන්‍යයෙන් ලංකාවේ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් දියේ ගිලීම්වලට ලක්වෙලා මිය යනවා. ඒ ප්‍රමාණය අපේ තියෙන තොරතුරු එක්ක සාමාන්‍යයෙන් 700 - 800ක් අතර ප්‍රමාණයක්. අවුරුදු කාලේ මේ ප්‍රවණතාවය යම් වැඩිවීමක් දක්නට ලැබෙනවා."

නුපුරුදු ස්ථානවල දිය නෑමේ දී ඒ සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පැවසුවේය.

අප්‍රේල් මස 15 වන දා රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීම අද (08) දිනයේ දී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අවධානයට යොමු ක...
08/04/2024

අප්‍රේල් මස 15 වන දා රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීම අද (08) දිනයේ දී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අවධානයට යොමු කිරීමට නියමිත ව තිබේ.

අප්‍රේල් මස 14 වන දිනයේ අලුත් අවුරුදු නැකත් පැවැත්වෙන අතර අප්‍රේල් මස 15 වන සඳුදා සාමාන්‍ය රාජකාරී දිනයක් බවට මේ වන විට පත්ව තිබේ.

කෙසේවෙතත් 15 වන සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කරන ලෙස බොහෝ පාර්ශ්ව මේ වන විට ඉල්ලීම් කර තිබුණත් ඒ සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැත.

එලෙස නිවාඩු දිනයක් බවට පත්කරන්නේ නම් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් අවශ්‍ය බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කර ඇත.

ඒ අනුව අද පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය.

සැකකටයුතු ලෙස මියගොස් තිබු මළ සිරුරක් මහනුවර ගැටඹේ ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබේ.එම ප්‍රදේශයේ විහාරස්ථානයක ගරාජයක් තුළ පුද...
08/04/2024

සැකකටයුතු ලෙස මියගොස් තිබු මළ සිරුරක් මහනුවර ගැටඹේ ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබේ.

එම ප්‍රදේශයේ විහාරස්ථානයක ගරාජයක් තුළ පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්ය.

පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිද්ධිය වූ ස්ථානය ගොස් පරීක්ෂා කිරීමේදී මියගිය පුද්ගලයාගේ දෙපා හා අත් ලණුවකින් ගැට ගසා මුනින් අතට වැටී පරදීමකින් ඇති වූ තුවාල සහිතව මියගොස් සිට ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 42 හැවිරිදි මැණික්හින්න ප්‍රදේශයේ පදිංචිව සිට අයෙකු බව සඳහන්ය.

සිද්ධිය වන විට එම විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි සිවිල් ආරක්ෂක භටයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි

Address

Arangala
Aturugiriya
10150

Alerts

Be the first to know and let us send you an email when SOB Real News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share