Hello Radio

Hello Radio Hello Radio.LK is an Online Radio service for all entertainment lovers around the world.

පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය (CEDC)සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා පාලන වැඩසටහනේ (එන්.සී.සී.පී.) පිළිකා කල් ...
09/10/2025

පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය (CEDC)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා පාලන වැඩසටහනේ (එන්.සී.සී.පී.) පිළිකා කල් ඇතිව හඳුනා ගැනීම මධ්‍යස්ථානය, නාරහෙන්පිට රොටරි සමාජයෙහි මූල්‍ය සහයෝගය ඇතිව පවත්වාගෙන යනු ලබන ආයතනයකි.මෙම මධ්‍යස්ථානය නාරාහේන්පිට මංසන්දියට ආසන්නව බොරැල්ල දෙසට වන්නට ගොඩනැගිල්ලක ස්ථාපනය කර ඇත.

පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය රජයේ නිවාඩු දින හැර සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව 3.00 දක්වා විවෘතව පවතී.
වෙලාවක් වෙන්කර ගැනීම සඳහාඔබගේ හමුවීම් ලබා ගැනීම සඳහා සතියේ දිනවල උදේ 8.30 සිට පස්වරු 3.30 දක්වා +94113259227 අමතන්න නැතහොත් [email protected] ට ඊ-මේල් කරන්න.

පහත සඳහන් සේවාවන් නොමිලේ ලබා දේ:

පිළිකා ආශ්‍රිත ගැටළු, පිළිකා අවදානම හඳුනා ගැනීම සඳහා සායනික ඉතිහාසය, අවදානම් සාධක පිළිබඳ අධ්‍යාපනය, පොදු වළක්වා ගත හැකි පිළිකා පරීක්ෂණ කිරීම හා වැළැක්වීමේ අවශ්‍යතාවය පිළිබඳ මග පෙන්වීම ඇතුළු පිළිකා ආශ්‍රිත කරුණු සාකච්ඡා කිරීම සඳහා වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම.
ස්වයං පියයුරු පරීක්‍ෂණය සහ ස්වයං මුඛ පරීක්‍ෂණය පිළිබඳ නිවැරදි තාක්‍ෂණය පිළිබඳ නිරූපණය.
පියයුරු පිළිකා සඳහා පරීක්ෂාව (සේවාදායකයින් ලියාපදිංචි කිරීමෙන් හා මූලික උපදේශනයෙන් පසුව සිදු කෙරේ. පිළිකා කල් ඇතිව හඳුනා ගැනීම පිළිබඳ ජාතික මාර්ගෝපදේශයන්ට අනුව පරික්ෂා කිරීමේ ක්‍රම සේවාදායකයාගෙන් සේවාදායකයාට වෙනස් වේ.):
සායනික-පියයුරු පරීක්ෂණය
අල්ට්රා සවුන්ඩ් ස්කෑන් කිරීම
මැමෝග්‍රැෆි
ගැබ්ගෙල පිළිකා සඳහා පරීක්ෂාව ( සේවාදායකයින් ලියාපදිංචි කිරීමෙන් හා මූලික උපදේශනයෙන් පසුව සිදු කෙරේ. පිළිකා කල් ඇතිව හඳුනා ගැනීම පිළිබඳ ජාතික මාර්ගෝපදේශයන්ට අනුව පරික්ෂා කිරීමේ ක්‍රම සේවාදායකයාගෙන් සේවාදායකයාට වෙනස් වේ. ):
ස්පෙක්‍යුලර් පරික්ෂාව මගින් යෝණි පරික්ෂාව (අවශ්‍යනම් සහ සුදුසු විට)
පැප් ස්මියර්
මුඛ පිළිකා සඳහා පරීක්ෂණ
විශේෂඥ මතය සහ මග පෙන්වීම සඳහා යොමු කිරීම (අවශ්‍යනම් සහ සුදුසු විට)
උදා. පියයුරු සායන / නාරිවේද සායන / සාමාන්‍ය ශල්‍ය සායන / ජාන උපදේශන සායන..සුභසිද්ධිය සඳහා හොඳ සේවයක් ඇත්තෙන්ම.
සැවොම සුවපත් වේවා.!! 🙏🙏🙏......

ඇමතුම් විස්තර:

පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය,
No. 519,
ඇල්විටිගල මාවත,
නාරහෙන්පිට.
අමතන්න Tel: 0113159227

කොලිටි මිනිස්සු ඇසුරු කරන්න ප්‍රශ්න අඩුයි!▪️ඒ මීනිස්සු තැන තැන කතා හදන්නේ නෑ.▪️පන්න පන්නා පලිගන්නෙ නෑ▪️අනෙක් අයගේ දියුණු...
09/10/2025

කොලිටි මිනිස්සු ඇසුරු කරන්න ප්‍රශ්න අඩුයි!

▪️ඒ මීනිස්සු තැන තැන කතා හදන්නේ නෑ.

▪️පන්න පන්නා පලිගන්නෙ නෑ

▪️අනෙක් අයගේ දියුණුවට ඉරිසියා කරන්නේ
නෑ

▪️ ඒ මිනිස්සු ලග බොරු මවාපෑම් පම්පෝරි ගැසීම් නෑ

▪️උපකාර කරලා මතක තියන් ඉන්නේ නෑ

▪️තරහා උනාම තමන් කියපුවා තැන තැන කියන්නෙත් නෑ

අන්න ඒ වගේ කොලිටි මිනිස්සු ඇසුරු කරන්න මොකද අපේ මානසික සෞඛ්‍යයට කෙලින්ම අපි ඇසුරු කරන මිනිස්සු බලපාන නිසා.

✍️ Neesha Chathu Fernando

01/10/2025
සසර ගමන කෙටි වේවා !!!! මතු භවයක මෙවන් දුකක් හිමි නොවේවා.!!!මාරක රිය අනතුරින් මරණයට පත් තංගල්ල නගර සභාවේ නිලධාරී මඩුල්ලේ ...
06/09/2025

සසර ගමන කෙටි වේවා !!!!
මතු භවයක මෙවන් දුකක් හිමි නොවේවා.!!!
මාරක රිය අනතුරින් මරණයට පත් තංගල්ල නගර සභාවේ නිලධාරී මඩුල්ලේ සාමාජිකයින් සහ සමස්ත කාර්ය මණ්ඩලය වෙත සොව පළ කර සිටිමු.
🙏🙏🙏🙏🙏

උදව් ඕනෙ කිව්වා.. ගාල කඩාගෙන එතනට එකතු වුනා..ප්‍රපාතෙ ගැඹුරුයි කිව්වා.. කඹ දාගෙන පල්ලම බැස්සා..තුවාල මිනිස්සු උඩට අරන් ය...
05/09/2025

උදව් ඕනෙ කිව්වා.. ගාල කඩාගෙන එතනට එකතු වුනා..
ප්‍රපාතෙ ගැඹුරුයි කිව්වා.. කඹ දාගෙන පල්ලම බැස්සා..
තුවාල මිනිස්සු උඩට අරන් යන්න බැ කිව්වා.. ගල් පෙරලගෙන කඹ දිගේ උඩට ඇද්දා..
ලයිට් නැ කලුවරයි කිව්වා..දුර ඉදන් ෆ්ලැශර් පවා ගහන්න ගත්තා...

අන්තිමට මැරුණු මිනිස්සුන්ගේ මිනිය තමන්ගෙ කරේ එල්ලගෙන උඩට එනවා..🥹

මේ දූපත දාල යන්න නොහිතෙන හේතුව මොකක්ද කියලා ඇහුවොත් මුලින්ම මතක් වෙන හේතුව තමයි මේ....
මරණෙදිවත් අතාරින්නැති ලංකාවෙ මිනිස්සු ❤️❤️


www.helloradio.lk

මාරයා උනත් මෙච්චර අකම්පිත වෙන්න නරකයි...!😪මාරයා පෙනි පෙනී ඉන්න මිනිස්සු බේරගන්න යන මිනිස්සුත් මරු තුරුලට ගන්න තරම් කෲර ව...
05/09/2025

මාරයා උනත් මෙච්චර අකම්පිත
වෙන්න නරකයි...!😪
මාරයා පෙනි පෙනී ඉන්න මිනිස්සු බේරගන්න යන මිනිස්සුත් මරු තුරුලට ගන්න තරම් කෲර වෙන්න එපා දෙයියනේ.😪😪😪

හැම පළාතකින්ම තරුණ,වැඩිහිටි හැමෝම මේ වෙද්දිත් ඇල්ලට යන ගමන් අවශ්‍ය විදිහට ඕන කරන හැමදේම අරගෙන.
ඒ යන මිනිස්සුන්ව රැකදෙන්න දෙවියනේ
😪😪😪

ඉතුරු කරලා දෙන්න සීරීමක් වත් නැතුව.
සත්තු සර්පයන් ඕනතරම්
ඒත් මේ වෙලාවේ නම් කරදරයක් කරන්න තරම් අසාධාරණ වෙන්න එපා.
මුලු ලෝකයක් ඉල්ලන්නේ
මේ හැමෝවම පරිස්සම් කරලා දෙන්න කියලා.
🙏🏻🙏🏻🙏🏻
www.helloradio.lk

02/09/2025

SKY OF DREAMS
Kite Festival
Pilip Gunawardhana Ground

සීතාවක පුර නගර සභාවේ බලය පිහිටවන ලද පොදු සන්ධානයේ සුනිල් ජයරත්න මැතිතුමා සභාපති ලෙසත්,අජිත් විජේමුණි සොයිසා මැතිතුමා උප ...
21/07/2025

සීතාවක පුර නගර සභාවේ බලය පිහිටවන ලද පොදු සන්ධානයේ සුනිල් ජයරත්න මැතිතුමා සභාපති ලෙසත්,අජිත් විජේමුණි සොයිසා මැතිතුමා උප සභාපති ලෙසත් අද දින සුභ මොහොතින් තම රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී...

එම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ,මුජිබර් රහුමාන්, මනෝගනේෂන් ,සුදත් සංජය පෙරේරා, මහාචාර්ය චන්න ජයසුමන යන මැතිතුමන්ලාද හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා සහ හිටපු පලාත් සභා අමාත්‍ය සහ මන්ත්‍රීතුමන්ලා ද පක්‍ෂ සංවිධායකතුමන්ලා ද සහභාගී විය.

සීතාවක පුර නගර සභාවේ බලය පිහිටවන ලද පොදු සන්ධානයේ සුනිල් ජයරත්න මැතිතුමා සභාපති ලෙසත්,අජිත් විජේමුණි සොයිසා මැතිතුමා උප ...
21/07/2025

සීතාවක පුර නගර සභාවේ බලය පිහිටවන ලද පොදු සන්ධානයේ සුනිල් ජයරත්න මැතිතුමා සභාපති ලෙසත්,අජිත් විජේමුණි සොයිසා මැතිතුමා උප සභාපති ලෙසත් සුභ මොහොතින් තම රාජකාරී කටයුතු අද දින ආරම්භ කරන ලදී......

එම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මුජිබර් රහුමාන් මනෝගනේෂන් සුදත් සංජය පෙරේරා මහාචාර්ය චන්න ජයසුමන යන මැතිතුමන්ලාද හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා සහ හිටපු පලාත් සභා අමාත්‍ය සහ මන්ත්‍රීතුමන්ලා ද පක්‍ෂ සංවිධායකතුමන්ලා ද සහභාගී විය.

21/07/2025

සීතාවකපුර නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ සභාපති සුනිල් ජයරත්න මැතිතුමා සහ උප සභාපති අජිත් විජයමුණි සොයිසා මැතිතුමා වැඩ භාරගැනීමේ සුභ මොහොත.....

සිතාවකපුර නගර සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට....
15/07/2025

සිතාවකපුර නගර සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට....

17/06/2025

සීතාවක පුර සභාවේ
කොමසාරිස්තුමියගේ තීරණයට දැඩි විරෝධය

Address

17B, Sthagama
Avissawella
10700

Alerts

Be the first to know and let us send you an email when Hello Radio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hello Radio:

Share

Our Story

helloradio.lk is an online radio service for all entertainment lovers around the world.