
08/09/2023
අහස අල්ලන කදු....
හදවතක් නොවුන මුත්,
එකින් එක දෑත් පටලා ගත් කදු...
හිස් අහස ගෑවෙන්න ම
එකි නෙකා වෙත යාව සිටිනා මුදු...
ඈත සිටිනා කන්දකට
සේදපටයක ලියූ හසුනක්
ගෙන යන සීත මීදුම් ය..
අත ගෑවුණත් ගල් වෙන
අයිස් වැනි දිය රැලිය...
මෑත කවුලුවක් හැර,
ගලා එන සිහින් හිරිපොද මල් ය...
පැරණි සෙනෙහස් වලා පට මැද
තොල ගාන ගිණි පැන් ය.
(ඈත පුංචිට ඉන්නෙ මගේ සද❤️)
®අරුණ හේවාසිංහ