28/10/2025
👀
📺 | Facebook පැකේජ් එකෙන් අලුත් විදිහට ෆිල්ම්ස් සීරීස් බලමු.
නිවාඩු වෙලාවක, බස් එකේ යන එන අතර, කෑම කන අතරතුර, රෑ නිදාගන්න කලින්, ඒත් නැත්තම් ඔලුවට මොකක් හරි ප්‍රශ්නයක් ආවම ෆිල්ම් එකක් ටීවී සීරීස් එකක් බලන්න ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. ඒක සාමාන්‍ය දෙයක් වගේම විනෝදාංශයක්.
ඒත් අද රැකියාව සහ එදිනෙදා ජීවිතයේ වැඩ රාජකාරි එක්ක කාර්‍ය බහුල වෙලා ඉන්න හැමෝටම ෆිල්ම් එකක් හෝ ටීවී සීරීස් එකක් වෙබ් අඩවියක් හරහා ඩවුන්ලෝඩ් කරගැනීම සමහර විට අපහසුයි. විශේෂයෙන් ඒවා හරහා Adds skip කිරීම් ආදි දේවල් නිසා ගොඩක් දෙනෙක් චිත්‍රපට සහ කතා මාලා ඩවුන්ලෝඩ් කර ගැනීමට telegram පවා යොදාගන්නවා.
මේ අතරින් වැඩි දෙනෙක් කරන්නෙ එදිනෙදා පාවිච්චි කරන Facebook පැකේජ් හරහා චිත්‍රපට සහ කතා මාලා නැරඹීම. මේකට ලොකුම හේතුව නැරඹීමට ඇති පහසුව. ඒවා නැරඹීමේදීත් අපිට ඕන කරන Quality එක අනුව බලන්න හැකියාවන් නැති වෙනවා වගේම ඒ ඒ pages සහ groups වල නීති රීති වලටත් අනුකූල වෙන්න පවා සිදු වෙලා තියනවා කියන එක හැමෝම දන්න දෙයක්.
ඉතින් මේ වගේ පසුබිමක ලංකාවේ ජනප්‍රිය සිංහල උපසිරැසි නිර්මාණය කරන වෙබ් අඩවියක් වන Cineru විසින් එම වෙබ් අඩවිය හරහා තමන්ගෙ facebook පැකේජය භාවිතා කරමින් චිත්‍රපට සහ කතා මාලා උසස් තත්වයෙන් (HD Quality) නැරඹීමට අවස්තාවක් අද සිට ලබා දී තිබෙනවා.
මේ වගේ දෙයක් ලංකාවේ වෙන්නෙ පළමු වතාවට..
මේ හරහා cineru වෙබ් අඩවියට පිවිසෙන ඔබට තෝරාගත් චිත්‍රපටය හෝ කතා මාලාව ට අදාල උපසිරැසි ලබා ගැනීමට අදාල වෙබ් පිටුවට පිවිසීමෙන් අනතුරුව ඊට පහලින් ඇති 'Facebook Free watch' බට්න් එක ක්ලික් කිරීම හරහා ඉතා පහසුවෙන් අදාල චිත්‍රපටය හෝ කතාංගය නැරඹීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මේ සඳහා ඔබ සතු බාහිර data වැයවීමක් සිදුවන්නෙ නැ. 😎
ඉතින් ඒ ආකාරයට අද ඉඳන් page, groups වල නීති වලට හිර වෙන් නැතිව හැමෝටම films tv serise ඉතා පහසුවෙන් නරඹන්න cineru නිසා හැකියාව ලැබෙනවා... 😌
මේ ගැන වැඩි විස්තර පළවෙනි comment එකෙන්.😌❤️