16/11/2025
ඌවේ මාධ්‍යවේදින්ගේ සුබසාධනය වෙනුවෙන් "මාධ්‍යවේදි එකමුතුව සංවිධානය" ඌව පළාතේ මාධ්‍යවේදින් එක්ව පිහිටුවාගත් "මාධ්‍යවේදි එකමුතුව සංවිධානය" මගින් මාධ්‍ය මිතුරන් වෙනුවෙන් සුබසාධක කටයුතු රැසක් ආම්භකර තිබේ.
එහි පළමු වැඩ සටහන ලෙස හපුතලේ ප්‍රාදේශිය මාධ්‍යවේදි නයනානන්ද බුවනෙක මහතාගේ බිරිඳගේ අභාවය වෙනුවෙන් ඌව පළාත් මාධ්‍යවේදී එකමුතුව විසින් 50000/=ක මුදල් පරිත්‍යාගයක්, බුවනෙක මහතාහට පිරිනැමීම පසුගියදා සිදුකෙරිණ.
ඌව පළාතේ ක්‍රියාකාරී මාධ්‍යවේදීන් 44කින් සමන්විත මෙම සංවිධානය මාධ්‍යවේදීන්ට සිදුවන අසාධාරණකම් වෙනුවෙන් පෙනී සිටීම සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධනය වෙනුවෙන් ආරම්භ කර ඇති සංවිධානයකි.
මීට මාස තුනකට ඉහතදී ආරම්භ කෙරුණු මෙම මාධ්‍ය එකමුතුවේ පළමු සුභසාධන කටයුත්ත වශයෙනුයි මෙම මුදල් පරිත්‍යාගය සිදු කෙරිිි
ණි.
එම මුදල් පරිත්‍යාග කිරිමේ අවස්ථාවට ඌව පළාත් මාධ්‍යවේදී එකමුතුවේ සභාපති විරාජ් ප්‍රනාන්දු, ලේකම් ජයලත් දිසානායක,ප්‍රධාන සංවිධායක ප්‍රසන්න පත්මසිරි,උපදේශක ආනන්ද වීරසිංහ ඇතුලු සංවිධානයේ සාමාජිකයින් පිරිසක් සහභාගි විය.