29/05/2017
පවතින ආපධා තත්වය හේතුවෙන් අසරණ වී සිටින අපේම ජනතාව වෙනුවෙන් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සහෝදර සහෝදරියන් විසින් සංවිධානය කර ඇති විශේෂ වැඩසටහනට අනුව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය එකතු කිරීමේ රථ ඊයේ(28) වන දින බදුල්ල නගරය ආශ්‍රිතව වීදි සංචාරය කෙරුණු අතර ජාති භේදයකින් තොරව ලැබුණු ආධාර ප්‍රමාණය අති විශාලයි.
මෙම රථ අද දින ද (29) ආධාර එකතු කිරීමට වීදි සංචාරය කිරීමට නියමිත අතර හැකි පමණ ඔබේ ආධාර එම රථ වලට ලභා දෙන්න.
එලෙසම ඔබ බදුල්ල ප්‍රදේශයේ සංචාරයේ යෙදේ නම් මෙම රථ වලට හෝ විශ්ව විද්‍යාලය ඉදිරිපිට ස්ථාපිත කර ඇති ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයට භාර දිය හැකියි.
මූල්‍යමය පරිත්‍යාග මෙන්ම, වියළි ආහාර ද්‍රව්‍ය හා ඇඳුම් ආදී ඕනෑම ද්‍රව්‍යක් භාර දිය හැකි අතර ඇඳුම් ලබා දීමේ දී භාවිතා නොකරන ලද ඇඳුම් පරිත්‍යාග කිරීමට කාරුණික වන්න.
කුඩා දරුවන් සහ වයස්ගත පුද්ගලයන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, බෙහෙත් සහ පානීය ජල බෝතල් ලබා දීමට වැඩි අවධානයක් යොමු කරන මෙන් විශේෂයෙන් මතක් කර සිටිමු.
බදුල්ල අවට ඔබේ මිතුරන් දැනුවත් කරන්න.