TNL NEWS

TNL NEWS © ORIGINAL PROFILE ® █║▌│█│║▌║││█║▌║▌║█║▌│█│║▌?

25/12/2025

2025 ජනවාරි සිට මේ දක්වා කළ මත්ද්‍රව්‍ය සහ වැටලීම්....
https://youtu.be/UYwBVGiBQoY

25/12/2025

ශ්‍රී විසුද්ධාරාම ලුනාව දේවාල මහා විහාරයේ නානුමුර මංගල්‍යය මහා පෙරහැර වීදි සංචාරය කරයි...
https://youtu.be/1PEgdXLKHFE

25/12/2025

කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ජීවමාන ගැලවුම්කරුවා වන ක්‍රිස්තුස් වහන්සේගේ ආසන දෙව් මැදුරේදී ඊයේ රාත්‍රියේදී පැවැත්වු නත්තල් දේව මෙහෙය..
https://youtu.be/XgqjdKpBtlE

මෙවර  " ජාතික සුරක්ෂිත දිනය " ප්‍රධාන සැමරුම් උත්සවය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය" අභියසදී..ජාතික සුරක්ෂිත දින වැඩසටහන - 2...
25/12/2025

මෙවර " ජාතික සුරක්ෂිත දිනය " ප්‍රධාන සැමරුම් උත්සවය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය" අභියසදී..

ජාතික සුරක්ෂිත දින වැඩසටහන - 2025
2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් අප රටේ 35000 කට අධික පිරිසක් මියගිය අතර පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් විය. එමෙන්ම බිලියන ගණනක් වටිනා දේපල ද විනාශ විය. 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, එදින සුනාමි ව්‍යසනයෙන් සහ එදා මෙදා තුර විවිධ ආපදා නිසා රටේ මිය ගිය සියලු දෙනා සිහිපත් කරමින් ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය, ජනතා සහභාගිත්වයෙන් සිදුකරනු ලබයි.
මෙවර “ජාතික සුරක්ෂිත” දින වැඩසටහන වෙනුවෙන් දිත්වා සුළි කුණාටුව හේතුවෙන් රට තුළ පවතින සමාජීය සහ ආර්ථික තත්වයන් සැලකිල්ලට ගෙන දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇත. එසේම මෙවර දෙසැම්බර් 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියසදී 2025.12.26 දින පෙ.ව. 8.30 සිට පෙ.ව. 11.00 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
එසේම ˝ජාතික සුරක්ෂිත දිනය” වෙනුවෙන් සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය මහජනතාව සිහිපත් කිරීම සඳහා දිවයින පුරා පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විය යුතුව ඇත. එබැවින් ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් 2025 දෙසැම්බර් 26 වන දින දිවයින පුරා පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය මහජනතාව සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාව සුරකින ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.

විපක්ෂ නායකගේ නත්තල් දින පණිවිඩය..අඳුරුතම රාත්‍රීන් තුළ පවා ආලෝකය උපදී. ඒ බලාපොරොත්තුවේ ආලෝකය යි. දිට්වා සුළි කුණාටුවෙන්...
25/12/2025

විපක්ෂ නායකගේ නත්තල් දින පණිවිඩය..

අඳුරුතම රාත්‍රීන් තුළ පවා ආලෝකය උපදී. ඒ බලාපොරොත්තුවේ ආලෝකය යි. දිට්වා සුළි කුණාටුවෙන් පසු අප රටක් ලෙස වැටුණු තැනින් නැවත ශක්තිමත්ව නැගිට පෙරට යා යුතුය. ඒ වෙනුවෙන් මෙවර නත්තලේ දී ජාති ආගම් පන්ති පාට පක්ෂ භේදයෙන් තොරව ශ්‍රී ලාංකිකත්වය පෙරටු කර ගෙන ඉදිරියට යමු.

බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ විශේෂ අවස්ථාවක්..
25/12/2025

බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ විශේෂ අවස්ථාවක්..

අගමැතිනියගේ නත්තල් දින පණිවිඩය..දෙසැම්බර් මාසය උදා වත්ම කිතුනු බැතිමත්හු අසිරිමත් නත්තල සැමරීමට සැරසෙති. සාමයේ පණිවිඩය ර...
25/12/2025

අගමැතිනියගේ නත්තල් දින පණිවිඩය..

දෙසැම්බර් මාසය උදා වත්ම කිතුනු බැතිමත්හු අසිරිමත් නත්තල සැමරීමට සැරසෙති. සාමයේ පණිවිඩය රැගෙන ජේසු බිළිඳා උපත ලැබූ පුවත බෙත්ලෙහෙම් පුරයෙන් ලොවට ඇසුණු ඒ නත්තල, ප්‍රීතියෙන් සැමරීම කිතුනුවන්ගේ අභිලාෂයයි.
නමුත් මෙවර සීතල දෙසැම්බරය උදාවූයේ වෙනදා තරම් ප්‍රීතියකින් හෝ උද්‍යෝගයකින් නොවේ. මුළු මහත් රටම කම්පා කරමින් ඇති වූ ස්වභාවික ව්‍යසනයෙන් විපතට පත්වූ දහස් ගණනක් වූ අපේම සහෝදර ජනතාවගේ දුක් වේදනා හා සෝ සුසුම් මධ්‍යයේය.
එහෙත් නත්තලේ සැබෑ අරුත පෙරදැරිව, ජේසුස් වහන්සේගේ මඟපෙන්වීම් අනුව, අපේ රටේ ජනතාව සියලු භේද දුරලා එකාවන්ව සමගිය හා සාමූහිකත්වය පෙරදැරිව විපතට පත් තම සහෝදර ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූයේ ආදරය, සහකම්පනය මෙන්ම ජේසුස් වහන්සේ දේශනා කළ 'අනෙකාට ප්‍රේම කිරීමේ' උතුම් ධර්මතාව ලොවටම පෙන්වා දෙමිනි.
රට යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා සියලු ජන කොටස් ඒකායන පරමාර්ථයකින් සහ සාමූහික වගකීමකින් දේශයේ අනාගතය වෙනුවෙන් එකමුතු විය යුතු අවස්ථාවකට අප දැන් එළැඹ ඇත්තෙමු.
සැබෑ වෙනසක් බලාපොරොත්තු වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අපේක්ෂාවන් කිසිදු අයුරකින් කඩ වීමට ඉඩ නොතබා, ඔවුන් අපේක්ෂා කරන "අලුත් රටක්" ගොඩනැගීමේ ඒකායන අරමුණ වෙනුවෙන් අපි නිරන්තරයෙන් වෙහෙසෙන්නෙමු.
වඩා යහපත් හෙට දවසක් උදෙසා වන අප සැමගේ සිහිනය වෙනුවෙන් පුරවැසියන් ලෙස එකමුතුව, ආදරයෙන්, සහකම්පනයෙන් මෙන්ම වගකීම් සහගතව කටයුතු කිරීමට මේ නත්තල් දිනයේ අපි සැම අධිෂ්ඨාන කර ගනිමු.
ලංකාවාසී සහ ලෝකවාසී සමස්ත කිතුනු බැතිමතුන්ට සුබ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරමි!
ආචාර්ය හරිනි අමරසූරිය,
අග්‍රාමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

ජනාධිපති ගේ නත්තල් දින පණිවිඩය..ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත බැතියෙන් සමරන අසිරිමත් නත්තල අ...
25/12/2025

ජනාධිපති ගේ නත්තල් දින පණිවිඩය..

ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත බැතියෙන් සමරන අසිරිමත් නත්තල අදට (25) යෙදී තිබේ.
ශ්‍රී ලංකාවාසී අප මෙවර නත්තල සමරන්නේ ජාතියක් ලෙස ඉතා වේදනාකාරී ස්වභාවික ව්‍යසනයකට මුහුණදීමෙන් පසු අධිෂ්ඨානයෙන් යළි ගොඩනැඟෙමින් සිටින තීරණාත්මක අවස්ථාවක බව අපි දනිමු.
නත්තලේ සැබෑ අරුත වන්නේ, ප්‍රේමය, සාමය, සතුට, බෙදා ගැනීම සහ පරිත්‍යාගයයි. පීඩාවට පත් වූවන්ට සහෝදර හැඟීමෙන් පිහිටවීම සහ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය උදෙසා කැපවීම ඒ අතර ප්‍රමුඛ වේ.
කිතුනු දහමේ මෙන්ම සියලු ආගම්වල ඉගැන්වීම වන අසල්වැසියා විපතට පත් වූ අවස්ථාවේදී අත්නොහැර සහෝදරත්වයෙන් වැලඳ ගැනීමේ උතුම් මනුසත් ගුණාංගය සහ නොසැලෙන අධිෂ්ඨානය පසුගිය ව්‍යසනය හමුවේ මෙරට ජනතාව නැවත නැවතත් පසක් කර තිබේ. කිසිදා යාමට අපේක්ෂා නොකළ මංමාවත්වල සිය සහෝදර ජනතාව වෙනුවෙන් ඇවැසි දෑ රැගෙන ඔවුන් ඇවිද ගියේ අසල්වැසියාට ප්‍රේම කරන, සාමය, සමගිය රජයන, පරිත්‍යාගයෙන් සහ සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනැඟීමට ආරාධනා කෙරෙන උතුම් නත්තලේ අරුත සැබෑ ලෙසම අර්ථ ගන්වමින් බව මම විශ්වාස කරමි.
අන්ධකාරය පලවා හරින්නට ඇවැසි නම් ආලෝකයේ දීප්තිය පතුරුවාලිය යුතුය. බෙත්ලෙහෙමේ දිළිඳු ගවලෙනක ඉපදී කල්වාරි කඳු මුදුනේදී මිනිස් සමාජය පාපයෙන් මුදවා ගනු වස් කුරුසයට කැප වූ ජේසුස් වහන්සේ දැඩි අධිෂ්ඨානය, විශ්වාසය සහ ප්‍රඥාවේ මහිමයෙන් මරණය ජයගෙන උත්ථානය ලැබූ බව ක්‍රිස්තු ධර්මයේ සඳහන් වෙයි.
යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දෙමින් අභියෝග ජය ගෙන රටක් ලෙස එක්ව නැගී සිටිමු'යි සියලු දෙනාට ආරාධනා කරමින් ලැබුවා වූ අසිරිමත් නත්තල සාමය, සතුට පිරුණු සහ දයාව පෙරදැරිව මනුසත් බව පැහැබර කරන්නා වූ සුබ නත්තලක් වේවා'යි ප්‍රාර්ථනා කරමි.

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 දෙසැම්බර් 25

අසිරිමත් නත්තල ලොවක් පිළිගත් අයුරු..
25/12/2025

අසිරිමත් නත්තල ලොවක් පිළිගත් අයුරු..

24/12/2025

සනීපාරක්ෂක තුවා දෙනවා කිව්වාම සජිත් පෑඩ් මෑන් වුණා
එතකොට අනුර?

24/12/2025

අවදානම් ප්‍රදේශවල පිහිටි පාසල් ආරක්ෂිත ස්ථානවල ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා.
https://youtu.be/-_gpKnddvuw

24/12/2025

"මම ශ්‍රීලනිපයේ නායකයා වෙන්න කැමැතියි"මගේ සුදුසු කමක් නැහැයි කියලා කාට හරි කියන්න පුලුවන්ද?
https://youtu.be/1Tyu_Yiov80

Address

Telshan Network (pvt) Ltd 9D. Ocean View Tower, No25, Station Road, Colombo 4
Bambalapitiya
400

Telephone

+94117206120

Alerts

Be the first to know and let us send you an email when TNL NEWS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TNL NEWS:

Share