යාළුවා

යාළුවා Manager

මේ ඉන්න ආච්චි ඊයේ පානදුර  මහජන බැංකුවේදී මට හම්බුනේ. තමන්ගේ ස්වාමියාගේ පෙන්ශන් එක ගන්න ඇවිත්. දැන් මාස ගාණක් තිස්සේ එනවල...
11/06/2024

මේ ඉන්න ආච්චි ඊයේ පානදුර මහජන බැංකුවේදී මට හම්බුනේ. තමන්ගේ ස්වාමියාගේ පෙන්ශන් එක ගන්න ඇවිත්. දැන් මාස ගාණක් තිස්සේ එනවලු හැරිලා යනවා ලු. ID කාඩ් එක බැංකු පොත නැතිවෙලා ලු. බැංකුවටත් ඉතින් ඒවා නැතුව දෙන්න විදියක් නෑනේ. ආච්චිට ඒවාවල අංක මතකත් නෑලු.😓

කන්නවත් සල්ලි නෑ කිව්වා. එවෙලේ රු.1,000/-ක් දුන්නා ආච්චිට මම.

වයස 92ක් වෙච්ච මේ ආච්චිට ඉක්මනින් ID එක හදලා බැංකු පොත හදලා මේ පෙන්ශන් එක ගන්න උදව් කරන්න පුලුවන් පිංවතෙක් සිටී නම් කියන්න.💐🙏

මේ තියෙන්නේ ආච්චි ගේ ලිපිනය.

T.A.බියට්‍රිස්,
නොම්බර 05,
වීරමන් පාර,
පානදුර.

රෝස කැලේ.....💙
30/05/2024

රෝස කැලේ.....💙

ලොවම සුවපත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ... 🙏❤️🙏
23/05/2024

ලොවම සුවපත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ... 🙏❤️🙏

16/05/2024
කැලේ පැලට අලුතින් එකතු උන තුන් නිවුන් පැටවුන්ගේ දුක හිතෙන කතාවහබරණ පුවක්පිටිය ප්‍ර දේශයේ මහා වන මැද පුංචි කටු මැටි ගැසූ ...
16/05/2024

කැලේ පැලට අලුතින් එකතු උන තුන් නිවුන් පැටවුන්ගේ දුක හිතෙන කතාව

හබරණ පුවක්පිටිය ප්‍ර දේශයේ මහා වන මැද පුංචි කටු මැටි ගැසූ පැලක දිවා කාලයේ ජිවත් වන රාත්‍රිය ගසක් උඩ පැලක ජිවත්වන තරුණ මවක් පසුගිය අම්මාවරුන්ගේ දිනයට පැය කිහිපයක් තියෙද්දී දඹුල්ල රෝහලේදී තුන් නිවුන් පිරිමි දරු උපතක් සිදුකලාය.

මෙම මවට තවත් අවුරුදු 03 ක පුංචි දියණියක්ද සිටි ,මිට පෙර නිවුන් පුතුන් දෙන්නෙක් අහිමි වූ බවද කියයි .

මෙසේ තුන් නිවුන් දරු උපත සිදුකර ඇත්තේ හබරණ පුවක්පිටිය පදිංචි 25 හැවිරිදි ගිහානි සුපෙෂලා කුමාරි නමැති මවකි ,මේ දරුවන්ගේ පියා සන්ජිත් අසෝක දයානන්ද මහතා කැලේ ගසක් උඩ තැනු අලි පැලකින් බිමට වැටි අබාධිතව පසුවෙන බව එම මව පවසන්නීය .

දරුවන්ගේ මව හා පියා දඹුල්ල රෝහලෙන් දරුවන් තුන් දෙනා අරගෙන සුපුරුදු වන මැද පැලට 14 පස්වරුවේ මොර සුරන වරුසාවේ රැගෙන ආහ .වරුසාවට පුංචි පැල තෙමි හිරිකඩ ගෙතුලට එද්දී පුංචි පැටවූ මොරදී හඩද්දී පියාත් මවත් සංවේදී වන අයුරු එහි ගිය අපට දැකගැනීමට හැකිවිය .

දඹුල්ලේ සිට කිලෝමීටර් 40ක් පමණ මෙම ගමට් යායුතුව ඈත . මෙම දරුවන් රැගෙන යාමට ත්රි රෝද රථයක් ගෙනවිත් තිබුනේ අබාධිත පියාට හැකි ආකාරයටය .එහෙත් වරුෂාව නිසා එම රථයෙන් දරුවන් ගෙන යන්නට නොහැකි වූ තැන මාධ්යවේදීන් වන අප මේ පැටවුන්ට ගමන් පහසුකම් ලබාදෙන්නාට ඉදිරිපත් උනෙමු .

මව අප සමග කිවේ දරුවන් ලැබෙන්න යනතුරුම වන අලින්ගෙන් බේරෙන්න වන මැද ගසක් උඩ තැනු පැලක රැය පහන් කල බවය. මේ පැටවුන් අරගෙන ගිය කටු මැටි ගැසූ ටකරන් තහඩු සෙවිලි කල නිවසට විදුලිය, ජලය කිසිවක් නැත .

පැටවූ ටික අරගෙන යනකොටම මහා වරුසාවක් වැටුණි ,නිවස හැමතැනම තෙමෙන්නට විය, හිරිකඩ ගේ පුරා යන්නට විය.

මේ පුංචි පැටවුන්ට අම්මගේ කිරි ප්‍රමාණවත් බව දොස්තර මහත්වරු පවසා තිබේ. එහෙත් ඇදුම් ,සබන් ,මදුරු දැල් ආදී පැටවුන්ට අඩුපාඩු රැසකි.

මේ පැටවුන්ට ඉන්න අඩුම තරමේ පුංචි කාමර දෙකක් හදලා දෙන්න හැකිනම් ඒක මහා ශක්තියක් බව මව පවසන්නීය.

මේ දෙමාපියන්ට ,මේ පවුලට කතා කරන්න දුරකථනයක් නොමැත . දරුවන්ගේ පියා සන්ජිත් අසෝක දයානන්ද මහතාගේ නමට හබරණ මහජන බැංකුවේ ගිණුමක් පවති. එම ගිණුම් අංකය 203 2 002 3 00 29445, සම්බන්දිකරණයට 0773416157 කාංචන කුමාර ආරියදාස

නිදහස් අධ්‍යාපනය මතු පරපුර වෙනුවෙන් රැකගත යුත්තේ අැයි?  ❤❤අපි හැමෝගෙම කතාවේ මෙහෙම පින්තූරයක් අැති 👍-Copied-
05/09/2023

නිදහස් අධ්‍යාපනය
මතු පරපුර වෙනුවෙන්
රැකගත යුත්තේ අැයි?
❤❤
අපි හැමෝගෙම කතාවේ
මෙහෙම පින්තූරයක් අැති 👍
-Copied-

විසබීජ ගියෙ නෑ ලෙඩ රෝග මේ තරමට නෑ මොන දේවල් නැතත් සතුට උතුරන්න තිබුණා ඒ කාලේ ❤️🙏
07/08/2023

විසබීජ ගියෙ නෑ ලෙඩ රෝග මේ තරමට නෑ මොන දේවල් නැතත් සතුට උතුරන්න තිබුණා ඒ කාලේ ❤️🙏

ඔබගේ පඩිය 35000 ක් නම් 50000ක  දුරකතනයක් නොගන්න මන්ද එය ඔබේ වසරක පඩියෙන් සියයට 11% ක් වීම නිසාවෙනි.1 ඔබට අතේ තියෙන මුදලට...
03/08/2023

ඔබගේ පඩිය 35000 ක් නම් 50000ක දුරකතනයක් නොගන්න මන්ද එය ඔබේ වසරක පඩියෙන් සියයට 11% ක් වීම නිසාවෙනි.
1 ඔබට අතේ තියෙන මුදලට ජීවත් වන්න හුරු වෙන්න.
2 අනුන් කරන දේම ඔබත් කලයුතුයි කියා නියමයක් නැත.
3 වසර පහක plan එකක් හදාගන්න.
4 Experience එක ඔබේ මූලික ධනය කරගන්න.
5 අනවශ්‍ය ගමන් බිමන් නොයන්න.
6 දවසට විනාඩි 1440 තිබුනද ඔබට ඇත්තෙ 960 පමනි.
7 ඉතිරි විනාඩි 480 ඔබ නිදාගත යුතු වේ.
8 ඔබගේ හීනය ලම්බොගිනියක් නම් දැං තියෙන වාහනයට ආදරය කරන්න පුරුදු වෙන්න..
9 සෑම විටම ඔබේ හීනය වෙනුවෙන් පැයක් කැප කරන්න.
10 ඔබගේ අඩුපාඩු කොහොමද DEVELOP කරගන්නෙ කියල plan කරන්න.
11 ඔබට රාජාලියෙක් එක්ක පියාඹන්න ඕනෙනම් පාත්තයො එක්ක ඇවිදීම නවත්වන්න.
12 ධනාත්මක සිතුවිලි ඇති උන් එක්ක එකතුවෙන්න.
13 කොපමන මුදලක්ද මාසෙකට ලැබෙන
එක නෙමෙ වසර පහකින් මගෙ ගිනුමෙ කීයක් තියෙනවද කියන ඒ සිතුවිල්ලෙ ඉන්න. ඒකට plan කරන්න.
14 එකම target එකේ එල්ලිලා ඉන්න. I can do it කියන සුතුවිල්ලේම රැදෙන්න..
15 ගොඩ යන්න ඔන්න මෙන්න තියෙනකොට තමයි මේ ගේම් එකේ අමාරුම හරිය එන්නෙ.. එතනදී හිත එක තැනක තියාගන්න.
16 අනුන් කියන දේ අහල ගේම් එක අත අරිනවද නැත්ද කියන එක තේරුම් ගන්න.
17 උ බ ට කේලං කියන එකාව විශ්වාස නොකරන්න මන්ද උඹට වගේම ඌ අනිත් උන්ටත් උඹ ගැන කියන්නෙ ඒ විදිහටමය.
(Life Experiece)
18 ටික්ටොක් Instagram Facebook YouTube වගේ දේවල් use කරපං උ ඹේ target එකට යන්න.
19 තමන්ගෙ හ තු රා තමන්ම කියා සිතා අද ඉන්න ඔබට වඩා හෙට ඉන්න ඔබව ශක්තිමත් කරගන්න.
20 අවසාන එක ඔබ සමග කවෘන් හෝ පුහු දෙයක් ගැන විවාද කලොත් සහෝදරයා ඔබ හරී කියා කතාව එතනින්ම නවත්වන්න.
➡️➡️උපුටාගෙන පල කරන ලදි.

01/08/2023

ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26,

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

ඒ අකුරු 26 පහල තියෙන ඉලක්කම්වලට සමාන වෙනවා නම්,

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26

එය මෙසේ ද ලිවිය හැකිය.

A =1, B =2, C =3, D =4, E =5, F =6, G =7, H =8, I =9, J =10, K =11, L =12, M =13, N =14, O =15, P =16, Q =17, R =18, S =19, T =20, U =21, V =22, W =23, X =24, Y =25, Z =26.

දැන් අප මෙසේ බලමු.

කැපවීම....?
HARDWORK
H+A+R+D+W+O+R+K
8+1+18+4+23+15+18+11
98%

දැනුම....?
KNOWLEDGE
K+N+O+W+L+E+D+G+E
11+14+15+23+12+5+4+7+5
96%

ආදරය.....?
LOVE
L+O+V+E
12+15+22+5
54%

වාසනාව......?
LUCK
L+U+C+K
12+21+3+11
47%

කිසිවක් 100% සම්පූර්ණ නොමැත.

එසේනම්,
100% සම්පූර්ණ වන්නේ කුමක්ද?

මුදල්.....?
MONEY
M+O+N+E+Y
13+15+14+5+25
72%

නායකත්වය....?
LEADERSHIP
L+E+A+D+E+R+S+H+I+P
12+5+1+4+5+18+19+8+9+16
97%

නැත මේ කිසිවක් නොවෙයි....

නමුත් සෑම ප්‍රශ්නයකටම විසඳුමක් ඇත.
අපිට වෙනස් කරගත හැකි නම්,

ආකල්ප...?
ATTITUDE...
A+T+T+I+T+U+D+E
1+20+20+9+20+21+4+5
100%

සහ

විනය...?
DISCIPLINE
D+I+S+C+I+P+L+I+N+E
4+9+19+3+9+16+12+9+14+5
100%

ජීවිතය පිලිබඳව ඔබගේ පවතින ආකල්ප සහ විනය 100%ක් ම ඔබගේ ජීවිතය වෙනස් කරනු ඇත...

ජීවිතයට ධනාත්මක සිතුවිල්ලක් ලබාගන්න...

ජය ❤❤

(Copied)

මිනිස් වර්ගයා  රකින්නට  ආ දේව දූතයා            රට නෙල්ලි -  (Phyllanthus  acidus)                  ප්‍රතිකා‍ර  සොයාගෙන  ...
06/07/2023

මිනිස් වර්ගයා රකින්නට ආ දේව දූතයා
රට නෙල්ලි - (Phyllanthus acidus)

ප්‍රතිකා‍ර සොයාගෙන නැති රෝගවලට පවා ප්‍රතිචාර දක්වන රට නෙල්ලි , මිනිස්වර්ගයා රැකගන්නට දෙව්ලොවින් එවූ ශාකයක් වැනියයි පර්යේෂකයන් පිරිසක් කියා සිටිනවා.
Phyllanthaceae පවුලට අයත් රට ,නෙල්ලි, ලා කහ පාටැති හැඩකාර ගෙඩි පොකුරුවලින් ගස වැසීයන තරමට පලබර වන ශාකයක්.
ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාව, අමෙරිකාව, බ්‍රසීලය මැලේසියාව ජැමෙයිකාව පිලිපීනය, වැනි රටවල් ගණනාවක දක්නට ලැබෙන්නක්.
බිලිං නෙල්ලි, ඇඹුල් නෙල්ලි, මල් නෙල්ලි, star berry, goose berry, sour cherry ආදි නම් ගණනාවකින්, රට රටවල හඳුන්වනු ලබනවා.
විටමින් C බහුල, යකඩ, කැල්සියම් පොස්පරස් ප්‍රෝටීන් ඇතුළු ඛනිජ ලවණ පෝෂක ගණනාවකින් යුතු, ප්‍රතිඔක්සිකාරක ගුණ සපිරි ශාකයක් . ඵලයෙන්, 91 .7%, ක් ම ඖෂධිය ජලයෙන් පිරී පවතිනවා.
පලතුරක් සේත්, ගෙඩි හා කොළ වෑංජන සේත් ආහාරයට ගන්නවා. රසකාරකයක් සේ ද යොදා ගන්නා අතර චට්නි අච්චාරු ජෑම් ආදි විශේෂ ආහාර ලෙසද යුෂ බීම සිරප් වශයෙන් ද සකසාගනු ලබනවා.
රට නෙල්ලි ශාකය රෝග සුවයට යොදා ගන්නා අතර, විෂ නාශකයක්, වේදනා නාශකයක් ශරීර ශෝධක‍යක්, වියපත් පෙනුම පමා කරන්නක් සේ, එය ක්‍රියාත්මකවනවා .
ගෙඩි, කොළ, මුල්, ඇට, පොතු ආදි සියලු කොටස් ඖෂධ පිණිස යොදා ගන්නවා .
දියවැ ඩියාව, හර්දයාබාධ, පිළිකා, සන්ධි ප්‍රදාහ, කල්පවතින කැස්ස, ඇදුම වැනි ශ්වසන රෝග, තද, කැසීම් සහිත චර්ම රෝග, වණ තුවාල , ගොනෝරියාව ආදිය සුවපත් කිරීමට දායකත්වය ලබා දෙනවා.
රට නෙල්ලි ගෙඩි සමට, බෙහෙවින් හිතකරයි.සමේ ශ්වේද ග්‍රන්ථි විවර කර සමට පහසුවෙන් හුස්මගන්නට ඉඩ හැර සම පිරිසිදු කරලනවා. එමගින් සිරුර අභ්‍යන්තරය ද පිරිසිදුවනවා.
ඉන් සමේ රැලි වැටීම් ද වැලකී වයසක පෙනුම ඇතිවීමේ කාලය ඈතට තල්ලුකර හැරෙනවා .
සමේ ඇතිවන දද හා ඉන් ඇතිවන තද කැසීම් වලට එරෙහිව ගෙඩි මෙන්ම කොළද ප්‍රතිචාර දක්වනවා.
කොළ යුෂ, ශ්ලේෂ්ම පටලවල ,ශ්‍රාවය පවත්වා ගැන්ම තුලින් ශ්වසන පද්ධතිය ,පිරිසිදුව තබා ගැනීමට උපකාරිවනවා.
නෙල්ලි ඇට ආහාර මාර්ගයේ ඇතිවන රෝග දුරලමින් එය පිරිසිදුව තබනවා
භයානක සර්පයකු වන ,පොළඟා ගේ විෂ ශරීරගත වූ විට ප්‍රතිකාර කිරීම සඳහා ද රට නෙල්ලි යොදාගනු ලබනවා.
මේ හැරුණුවිට ශාකයේ මුල් ඇදුම රෝගයට ද, පොතු පීනසට ද, පලතුරු යුෂ ඇස් රෝග වලටද යොදා ගැනෙන අතර , ශාකය මුත්‍රාආබාධ, මල බද්ධය බ්‍රොන්කයිටිස්, අර්ශස් රෝගවලට ද ප්‍රතිචාර දක්වන බව සඳහන් .
රට නෙල්ලි ගැන 2007 දී කෙරුණු පර් යේෂණයකින් සොයා ගනු ලැබුවේ එය තවමත් බටහිර ප්‍රතිකාර, සොයාගෙන නැති පෙණහළු කෙරෙහි බලපාන cystic fibrosis රෝගයෙන් පෙණහළු බේරාගත හැකි ශක්තියක් එහි ගෙඩි හා, කොළවල පවත්නා බවයි .
2008 දී ,කෙරුණු තවත් අධ්‍යයනයක දී හෙළිව ඇත්තේ එහි පරපෝෂිත ආසාදනවලට එරෙහිව සටන්කළ හැකි, විශේෂයෙන් පටිපණුවන් විනාශ කළ හැකි ඖෂධිය ගුණ පවත්නා බවයි .
, 2012 දි ශාකයේ විවිධ කොටස් යොදා කළ පර් යේෂණ වලින් පෙනී ගියේ ශරීරයේ ඇති වැඩි ජලය ඉවත්කිරීමේ හැකියාව (diuretic)ගෙඩි හා කොළවල පවත්නා බවයි . එබැවින් ඉදිමුම සඳහා ඖෂධ නිපදවීමට ඒවා සුදුසු බවයි.
එසේ ම හිතුමතේ ප්‍රතිජීවක ගැනීම, මාංශ ආහාරවලට යොදා ගන්නා සතුන්ට විවිධ ප්‍රති ජීවක ලබා දීම, ආදි විවිධ ගැටළු නිසා ඇතිවන , ප්‍රතිජීවක ප්‍රති විරෝධිතාවෙන් අනාගත පරපුර බේරාගන්නා ගැලවුම් කරුවකු ලෙසද රට නෙල්ලි හඳුන්වා දී තිබෙනවා .

(අන්‍තර්ජාල ය ඇසුරිනි)
මෙහි අයිතිය මුල් අයිතිකරුට .බෙහෙවින් ස්තුතියි 🙏
🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾
උපුටාගැනීමක්
ඔබට වැදගත් වේ යැයි සිතමි,අන්තර්ජාලය හරහා උපුටාගත් තොරතුරු වේ.අනිත් අයටත් බලන්න share කරන්න ,එකතුවෙන්න මෙවෙනි තොරතුරු දැනගන්න අප පිටුව සම්ඟ

😮😮😒🙂
03/05/2023

😮😮😒🙂

හිතන්නට යමක්...
11/03/2023

හිතන්නට යමක්...

Address

Bandarawela

Website

Alerts

Be the first to know and let us send you an email when යාළුවා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category