ආයුබෝවන් Sri Lanka

ආයුබෝවන් Sri Lanka ☸️ආයුබෝවන් 🇱🇰 ශ්‍රී ලංකා LK 🙏
🖤Proud To Be A SRI LANKAN 🎗️

26/10/2025

ඔයා ගාව විකුණන්න තියෙන දේවල් දාගෙන යන්න.
ඉඩම් කඩම්, යාන වාහන, නිශ්පාදන හැමදේම.
මේක ලහිපිට ව⁣ගේ තැනක් !

15/10/2025

😏

09/10/2025

☸️🌱

08/10/2025

අපි ආපහු දවසක ආපහු වෙලාවක හම්බෙමු, කොහෙහරි 🌴🖤

🖐️

බුදුහාමුදුරුවන්ගේ ආර්ථික උපදෙස්: ☸️🌱1.  මධ්‍යම ප්‍රතිපදාව (මැදි මාවත): •  බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ අන්ත දෙකකින් තොරව මැද...
04/10/2025

බුදුහාමුදුරුවන්ගේ ආර්ථික උපදෙස්: ☸️🌱
1. මධ්‍යම ප්‍රතිපදාව (මැදි මාවත):
• බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ අන්ත දෙකකින් තොරව මැදි මාවතක ජීවත් විය යුතු බවයි. ආර්ථික වශයෙන් මෙයින් අදහස් වන්නේ ඉතා තදින් මසුරුකම හෝ අනවශ්‍ය වියදම්වලින් තොරව සමබර ජීවන රටාවක් අනුගමනය කිරීමයි.

• උදාහරණය: ඔබේ ආදායමෙන් කොටසක් ඉතිරි කරමින්, අත්‍යවශ්‍ය බඩුවලට වියදම් කරමින්, අනවශ්‍ය ණය බරකින් තොරව ජීවත් වීම.

2. සතිපට්ඨානය (සිහිය):
• සිහියෙන් ජීවත් වීම යනු ඔබේ මූල්‍ය තීරණ ගැන හොඳින් සිතා බලා කටයුතු කිරීමයි. බුදුහාමුදුරුවෝ ඉගැන්වූ සිහිය, මූල්‍ය වශයෙන් බලන විට ආවේගශීලී ලෙස වියදම් කිරීම හෝ ආයෝජනය කිරීම වළක්වයි.
• උදාහරණය: බඩුවක් මිලදී ගැනීමට පෙර “මට මේක ඇත්තටම අවශ්‍යද?” යනුවෙන් සිතා බැලීම.

3. අනිත්‍යභාවය (අනිච්චා):
• බුදුහාමුදුරුවෝ උගන්වන ලද ලෝකයේ සියල්ල තාවකාලික බව තේරුම් ගැනීම, මූල්‍යමය තීරණවලදී ඉතා වැදගත්. ධනය, ධනවත්කම, හෝ භෞතික දේවල් ස්ථිර නොවේ. එබැවින් ඒවාට ඇලුම් කිරීම වෙනුවට ඒවා ඥානවන්තව භාවිතා කිරීම වැදගත්.

• උදාහරණය: ධනය රැස්කරනවා වගේම , එය යහපත් කටයුතුවලට (දාන, සමාජ සත්කාර) යෙදවීම.

4. ආදායම බෙදා ගැනීම (සිඟාලෝවාද සූත්‍රය):
• බුදුහාමුදුරුවෝ සිඟාලෝවාද සූත්‍රයේදී ආදායම හතරට බෙදා ගන්නා ආකාරය ගිහි ජීවිතයට උපදෙස් දුන්නා:
• කොටසක් ජීවන වියදම් සඳහා.
• කොටසක් ආයෝජනය හෝ ව්‍යාපාර සඳහා.
• කොටසක් ඉතිරි කිරීම් සඳහා.
• කොටසක් දාන, සමාජ සත්කාර හෝ ආගමික කටයුතු සඳහා.
• මෙය ඉතා ප්‍රායෝගික මූල්‍යමය උපදෙසක් වනවා, මන්ද එය ඉතිරිකිරීම්, ආයෝජන, සහ සමාජ වගකීම යන සියල්ල ඇතුළත් කරනවා.(ඇතැම් තැන්වල 4 න් කොටස් 2ක්ම ආයෝජන කරන්න ලෙසද අර්ථ කථනය කරනවා)

5. ලෝභයෙන් තොරව ජීවත් වීම:
• බුදුහාමුදුරුවෝ ලෝභය (තණ්හා) මිනිසුන්ව දුකට පත් කරන බව ඉගැන්වූවා. මූල්‍යමය වශයෙන් මෙයින් අදහස් වන්නේ ධනය පසුපස අනවශ්‍ය ලෙස හඹා යාමෙන් හෝ අනවශ්‍ය ආශාවන් පසුපස යාමෙන් තොරව සරල, තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමයි.

• උදාහරණය: අනවශ්‍ය ණය ගැනීම හෝ අධික ලෙස භෞතික දේවල් රැස්කිරීමෙන් වැළකීම.

බුදුහාමුදුරුවන්ගේ උපදෙස් ආර්ථික ඥානයට බලපාන ආකාරය:
• සමබර ජීවන රටාව: බුදුන්ගේ ඉගැන්වීම් මඟින් ඔබේ ආදායම හා වියදම් සමබරව පවත්වා ගැනීමට උපදෙස් ලැබෙනවා.

• සිහියෙන් තීරණ ගැනීම: ආවේගශීලී තීරණ වළක්වා, බුද්ධිමත් ලෙස මුදල් කළමනාකරණය කිරීමට උපකාර වෙනවා.

• සමාජ වගකීම: ධනය යහපත් කටයුතුවලට යෙදවීමෙන් තමන්ටත්, අන් අයටත් යහපත් ජීවිතයක් ගොඩනැඟිය හැකියි.

• මානසික සාමය: ලෝභයෙන් තොරව ජීවත් වීමෙන් මූල්‍යමය ආතතිය අඩු වෙනවා.

කොහේදෝ රටකට අයිති ගුවන් යානයක වෙච්ච සිදුවීමක්   එකක් විදියට ප්‍රචාරය වෙලා තිබුණා... සිද්ධිය මෙන්න මේ විදියයි... “අපි පැය...
10/09/2025

කොහේදෝ රටකට අයිති ගුවන් යානයක වෙච්ච සිදුවීමක් එකක් විදියට ප්‍රචාරය වෙලා තිබුණා...

සිද්ධිය මෙන්න මේ විදියයි...

“අපි පැය භාගයකින් ගමනාන්තය වෙත ගොඩ බස්සනවා” කියලා නියමුවා හැමෝටම ඇහෙන්න නිවේදනය කළා...

ඊට පස්සේ ඔහුට මයික් එක ඕෆ් කරන්න අමතක වෙලා තිබුණා... ඉන් පසු ඔහු සහය නියමුවාට මෙහෙම කියනවා....

“ඉස්සරවෙලාම මම උණු තේ එකක් බොනවා... ඊට පස්සේ මම ඒක ගෙනාව ගුවන් සේවිකාවව සිපගන්නවා...”

මේක හැමෝටම ඇහුණ නිසා එක් ගුවන් සේවිකාවක් මයික් එක ඕෆ් කරන්න කියලා ගුවන් නියමුවාට කියන්න ඉස්සරහට දුවන්න පටන්ගත්තා...

ඒත් එයා දරුවෙකුගේ කකුලක හැප්පිලා වැටෙනවා...

දරුවා ගුවන් සේවිකාවගෙන් මෙහෙම අහනවා...

"ඇයි ඔයා මෙච්චර හදිස්සියේ දුවන්නේ... එයා ඉස්සර වෙලාම තේ එකක් බොනවා කියලනේ කිව්වේ..."

04/09/2025

Celebrating my 10th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

අනුදිව Miss World Leaderboard table එකේ තව උඩට ගේන්න පුළුවන් අපිට.දැනට ඉන්නේ හතරවෙනියට.3 වෙනි place එකත් එක්ක තව  views ...
23/05/2025

අනුදිව Miss World Leaderboard table එකේ තව උඩට ගේන්න පුළුවන් අපිට.දැනට ඉන්නේ හතරවෙනියට.3 වෙනි place එකත් එක්ක තව views ටිකයි අඩුවෙන් තියෙන්නේ.
පුළුවන් තරම් අනුදිගේ post වලට likes විතරක් නෙවෙයි comments දාන්න.එකම comment එක උනත් කමක් නෑ.වැඩිපුර comments දාන්න.
ඒ හැම එකේම India,Telangana කියන වචන use කරන්න.මේ වෙද්දි අපේ අය post පවා හදලා දාලා තියෙනවා.ඇත්තටම සතුටුයි.මේක trend එකක් මට්ටමට ගිහින් තියෙන එක ගැන.හැමෝම එකතු උනොත් අපේ කෙල්ලව තව උඩට ගේන්න පුළුවන් අපිට.1,2,3 places වල ඉන්න අයගේ followers ලා අඩු උනාට එයාල දාන photos වලට views වැඩියි.ඒකයි ලකුණු වැඩි.පුළුවන් තරම් ඒ නිසා likes,comments දාන්න.post හදලා දාන්න.එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ. ❤️

සැ.යු.
මිස් වර්ල්ඩ් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකෙ ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකරට ලයික්, කමෙන්ට්ස්, ශෙයාර්ස් මඟින් සහයෝගය දෙන්න ඕන. (සමාජ මාධ්‍යයේ ඇතුලුව). මොකද විනිශ්චය මණ්ඩලය බලනව එයාගෙ රටේ මිනිස්සුගෙන් එයාට මොන විදියෙ සහයෝගයක් එයාගෙ දැක්මට/නියෝජනයට ලැබෙනවා ද කියල.

ලින්ක්ස්👇
📱App: https://apps.apple.com/lk/app/miss-world-mw/id6499343140

🎬Intro Video: https://youtu.be/DQfRHfaofdg?si=hFj-g-j0Yehxflf_

👸Anudi's FB: https://www.facebook.com/share/15UKxx5Z2g/

Anudi Gunasekara ❤️ 🇱🇰

ජයවේවා 🇱🇰🖤🎊️
12/05/2025

ජයවේවා 🇱🇰🖤🎊️

08/05/2025

ජීවත් වෙන්නෙ පොඩි කාලයයි 🌱 ඒ ටික සතුටින් ඉමු 💯

13/04/2025
🐺 මීට වසර 10,000කට ආසන්න කාලයකට පෙර  මිහිමත වාසය කර වඳවී ගිය 'DireWolf' වෘකයන් හට නැවත පණ දෙන්නට ඇමරිකාවේ Colossal Biosc...
08/04/2025

🐺 මීට වසර 10,000කට ආසන්න කාලයකට පෙර මිහිමත වාසය කර වඳවී ගිය 'DireWolf' වෘකයන් හට නැවත පණ දෙන්නට ඇමරිකාවේ Colossal Biosciences ආයතනයේ විද්‍යාඥයන් ට හැකි වී තිබෙනවා. ඒ එම කාලයේ සිටි Dire Wolf සත්ත්ව DNA මතින්.

විද්‍යාඥයින් පිරිස මේ සඳහා DNA ලබාගන ඇත්තේ වසර 13,000කට ආසන්න කාලයක් පැරණි දත් කොටස් සහ වසර 72,000කට ආසන්න කාලයක පැරණි ඇටකටු කොටස් හරහායි.

ඒ අනුව මේ වනවිට Dire Wolf පිරිමි පැටවුන් දෙදෙනෙක් සහ ගැහැණු පැටවෙක් උපත ලබා ඇති බවයි වාර්තා වන්නෙ.

පිරිම පැටවුන් දෙදෙනා නමින් ඔවුන් Romulus සහ Remus.

2024 වසරේ උපත ලැබූ මොවුන් මේ වන විට මාස 6කට ආසන්න වියැති බවත් සඳහන්.

Game of Thrones කතා මාලාවේ අප දුටුවේද මෙම Dire Wolf වර්ගයයි..

ඒ අනුව කතා මාලා චිත්‍රපට ඔස්සේ අප දුටු ෆැන්ටසිය මේ අයුරින් වර්තමානයේ දීත් ඉදිරි මතු අනාගතයේ දීත් සැබෑවක් වනු ඇතියි. 🐺😌🫣♥️

Source - Time Magazine | CNN | T S M L

Address

Battaramulla

Telephone

+94717226995

Website

Alerts

Be the first to know and let us send you an email when ආයුබෝවන් Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ආයුබෝවන් Sri Lanka:

Share