Gaveshana Magazine

Gaveshana Magazine දේශීය පර්යේෂණ සංස්කෘතියක් සදහා

11/08/2026
ගෝලීය සෞඛ්‍ය පර්යේෂණවල අසමානතා බිඳ හෙලන්නට මහාචාර්ය අතුල සුමතිපාල චීනයේදී හඬක් නඟයිසෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ ...
04/07/2026

ගෝලීය සෞඛ්‍ය පර්යේෂණවල අසමානතා බිඳ හෙලන්නට මහාචාර්ය අතුල සුමතිපාල චීනයේදී හඬක් නඟයි

සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ (IRD) අධ්‍යක්ෂ සහ ජාත්‍යන්තර නිවුන් අධ්‍යයන සංගමයේ (ISTS) සභාපති මහාචාර්ය අතුල සුමතිපාල මහතා මෑතක දී චීනයේ කළ අධ්‍යයන සංචාරය ඉතා සාර්ථක ව නිම කළේ ය.

ජූනි 26 සිට ජූලි 1 දක්වා පැවති මෙම සංචාරයේ දී, එතුමා චීනයේ පැවති ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සමුළු දෙකක දී සහ පීකිං විශ්වවිද්‍යාලයේ දී විශේෂ දේශන පවත්වමින් සිය විශේෂඥ දැනුම ලොව පුරා විද්වතුන් සමඟ බෙදා ගත්තේ ය.

මෙම සංචාරයේ විශේෂ අවස්ථා:

ගෝලීය සෞඛ්‍ය ගැටලු කෙරෙහි අවධානය: Global North සහ Global South අතර පවතින "10/90 පර්යේෂණ පරතරය" හෙවත් පර්යේෂණ ක්ෂේත්‍රයේ ඇති අසමානතාවන් මඟහරවා ගැනීමේ අවශ්‍යතාව එතුමා දැඩි ව අවධාරණය කළේ ය.

සාක්ෂි මත පදනම් වූ සෞඛ්‍ය සේවාවක් සහ ප්‍රතිපත්ති සම්පාදනයක් වෙනුවෙන් රටවල් අතර සහයෝගීතාව (South–South සහ North–South partnerships) ශක්තිමත් කිරීමේ වැදගත්කම එතුමා පෙන්වා දුන්නේ ය.

6th Belt & Road Initiative Global Health Congress සහ Shengjing Maternal and Fetal Medicine Conference වැනි වැදගත් සමුළු රැසකට එතුමා දායක විය.

මෙම සංචාරය ඔස්සේ ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින පර්යේෂණ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් වූ අතර, ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව සඳහා දෙරටේ ම කැපවීම නැවතත් තහවුරු විය.

අධ්‍යාපන සහ පර්යේෂණ ක්ෂේත්‍රයේ මෙවැනි ජාත්‍යන්තර සම්බන්ධතා, ඉදිරියේ දී අපේ රටේ සෞඛ්‍ය අංශයේ ගුණාත්මක වර්ධනයට මනා පිටිවහලක් වනු ඇත.

විද්‍යාගාරයෙන් ඉදිරියට- දැනුමේ නව පරිවර්තනයක්ආදම්පාන සුදර්ශන මහා විද්‍යාලයේ විද්‍යාගාර සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථක ව ක්‍රි...
02/07/2026

විද්‍යාගාරයෙන් ඉදිරියට- දැනුමේ නව පරිවර්තනයක්

ආදම්පාන සුදර්ශන මහා විද්‍යාලයේ විද්‍යාගාර සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථක ව ක්‍රියාත්මකයි

විද්‍යා අධ්‍යාපනය න්‍යායාත්මක ඉගෙනීමෙන් පමණක් නො ව ප්‍රායෝගික අත්දැකීම් මඟින්ද ශක්තිමත් කළ යුතු බව අවධාරණය කරමින්, ආදම්පාන සුදර්ශන මහා විද්‍යාලයේ විද්‍යාගාර සංවර්ධන ව්‍යාපෘතියක් සාර්ථක ව ක්‍රියාත්මක කර ඇත. රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයන අංශයේ සිසුන් විසින් ව්‍යාපෘති කළමනාකරණ විෂය යටතේ ප්‍රජා පාදක ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කර ඇත.

වසර ගණනාවක් පුරා විධිමත් විද්‍යාගාර පහසුකම් නොතිබීම හේතුවෙන් සිසුන්ගේ ප්‍රායෝගික ඉගෙනීමට පැවති බාධා ඉවත් කරමින්, නවීන ප්‍රතිසංස්කරණ හා සංවර්ධන කටයුතු මඟින් සුදුසු ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමට මෙම ව්‍යාපෘතියෙන් හැකිවී ඇත. මෙය සිසුන්ට විද්‍යාත්මක පරීක්ෂණ හා ක්‍රියාකාරකම් ප්‍රායෝගික ව කිරීමට ඉඩ සලසන වැදගත් පියවරකි.

ව්‍යාපෘති සැලසුම් කිරීම, සම්පත් කළමනාකරණය සහ පාර්ශ්ව සම්බන්ධීකරණය මඟින් සාර්ථක ව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන, විශ්වවිද්‍යාලය හා පාසල් ප්‍රජාව අතර සහයෝගීතාවේ වටිනාකම ද ඉස්මතු කරයි. මෙය සිසුන්ගේ විද්‍යාත්මක දැනුම, නිර්මාණශීලීත්වය සහ ආත්මවිශ්වාසය වර්ධනය කිරීමටද විශාල දායකත්වයක් ලබාදෙයි.

මෙවැනි ව්‍යාපෘති අනාගත අධ්‍යාපන සංවර්ධනය සඳහා ශක්තිමත් පදනමක් සපයන අතර, තරුණ පරපුරට දැනුමෙන් හා කුසලතාවයෙන් සවිබල ගැන්වූ අනාගතයක් නිර්මාණය කිරීමට මඟපාදයි.

සටහන : M. I. N. P. මුණසිංහ

සුවද විහිදුවන හෙටක්...
09/06/2026

සුවද විහිදුවන හෙටක්...

අපේ රටේ අනාගතය හැඩ ගස්වන්නේ, අද අප ගන්නා තීරණ සහ මැදිහත් වීම් මත ය. සාර්ථක, වගකීම් සහිත, මානසික ව සුවපත් පුරවැසියන් බිහි...
28/05/2026

අපේ රටේ අනාගතය හැඩ ගස්වන්නේ, අද අප ගන්නා තීරණ සහ මැදිහත් වීම් මත ය. සාර්ථක, වගකීම් සහිත, මානසික ව සුවපත් පුරවැසියන් බිහි කිරීම සඳහා අප අද කළ යුත්තේ කුමක් ද? ශ්‍රි ලාංකික අන්‍යන්‍යතාව රැගත් අභිමානවත් පුරවැසියකු උදෙසා අපගේ ආකල්ප කෙබඳු විය යුතු ද? විද්‍යාත්මක පදනමක් මත සාර්ථක අනාගත පුරවැසියකු ගොඩ නැගීමට අද ආරම්භ කළ යුතු මනෝ සමාජීය මැදිහත් වීම් කවරේ ද? මනස සහ මනෝ සමාජීය ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ වරයකු සහ ක්‍රියාකාරිකයකු වන මහාචාර්ය අතුල සුමතිපාල මහතා සමඟ අපි මේ ගැන සාකච්ඡා කළෙමු. අනාගත පරපුර සුරක්ෂිත, සාර්ථක සහ සුවපත් කිරීමට විද්‍යාත්මක මග පෙන්වීම කෙසේ විය යුතු ද යන්න පිළිබඳ එතුමාගේ දෘෂ්ටිකෝණය මෙහි දී විමර්ශනය කර ඇත.

සම්පූරණ ලිපිය කියවන් 'ගවේෂණ'
ඔබේ පිටපත දැන්ම වෙන්කරවා ගන්න
අමතන්න - 076 050 34 34 - 0112 796 77

අද අප බොහෝ දෙනාට ආහාර වේලක් යනු හුදෙක් කුසගිනි නිවා ගැනීමට හෝ දිව පිනවීමට ගන්නා දෙයක් පමණි. එහෙත් ඔබ දන්නවා ද? ඔබ ගන්නා ...
25/05/2026

අද අප බොහෝ දෙනාට ආහාර වේලක් යනු හුදෙක් කුසගිනි නිවා ගැනීමට හෝ දිව පිනවීමට ගන්නා දෙයක් පමණි. එහෙත් ඔබ දන්නවා ද? ඔබ ගන්නා සෑම ආහාර වේලක් ම එක්කෝ ලෙඩ රෝගවලට එරෙහි ව සටන් කරනිඔසුවක්’ විය හැකි ය, නැත හොත් ලෙඩ රෝගවලට පාර කපනිවිෂක්’ විය හැකි ය.
නූතන ලෝකයේිනිපුණතා සපිරි පුරවැසියකු’ යනු හුදෙක් උගතුන් හෝ රැකියාවක් කරන්නන් පමණක් නො වේ. තමාගේ සෞඛ්‍යය පිළිබඳ නිවැරදි තීරණ ගැනීමට හැකි වීම පුරවැසියකු සතු විය යුතු ප්‍රධාන ම ජීවන කුසලතාවකි. එහි මුල් ම පියවර වන්නේිආහාර සාක්ෂරතාව’ (Food literacy) හෙවත් ආහාර පිළිබඳ නිවැරදි අවබෝධයයි.

සම්පූරණ ලිපිය කියවන් 'ගවේෂණ'
ඔබේ පිටපත දැන්ම වෙන්කරවා ගන්න
අමතන්න - 076 050 34 34 - 0112 796 77

වර්තමාන ලෝකය මුහුණ දෙන ආර්ථික අවිනිශ්චිතතාවල, පාරිසරික ගැටලු සහ තාක්ෂණික වෙනස් වීම් හමුවේ, ව්‍යවසායකත්වය යනු හුදෙක් ව්‍ය...
22/05/2026

වර්තමාන ලෝකය මුහුණ දෙන ආර්ථික අවිනිශ්චිතතාවල, පාරිසරික ගැටලු සහ තාක්ෂණික වෙනස් වීම් හමුවේ, ව්‍යවසායකත්වය යනු හුදෙක් ව්‍යාපාරික සාර්ථකත්වය සඳහා වූ මාවතක් පමණක් නො වේ. එය සැබෑ ලෝකයේ ගැටලුවලට විසඳුම් සෙවීමටත්, ප්‍රජාව සඳහා අවස්ථා නිර්මාණය කිරීමටත් භාවිත කළ හැකි ප්‍රබල මෙවලමකි.

සම්පූරණ ලිපිය කියවන් 'ගවේෂණ'
ඔබේ පිටපත දැන්ම වෙන්කරවා ගන්න
අමතන්න - 076 050 34 34 - 0112 796 77

Address

1217/1, Rajamalwatta Road
Battaramulla
10120

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

0112863084

Alerts

Be the first to know and let us send you an email when Gaveshana Magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gaveshana Magazine:

Shortcuts

Share