06/06/2026
🔴 යෝජිත උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමට මහජන අදහස් විමසීම ඇරඹෙයි
යෝජිත උසස් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මඟ පෙන්වීම යටතේ උසස් අධ්‍යාපනය සඳහා වූ ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ කටයුතු විද්වත් කමිටුවක් මගින් මේ වන විට සිදු කෙරෙන බවයි අමාත්‍යංශය සඳහන් කළේ.
මේ සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර ආවරණය කරමින් විවිධ පාර්ශවයන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමේ සාකච්ඡා වට කිහිපයක්ද පසුගිය දිනවල පවත්වා තිබෙනවා.
ඊට සමගාමීව මේ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සිදු කිරීමට ද තීරණය වූ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
ඒ අනුව මේ සඳහා යෝජනා හා අදහස් ලබා ගැනීමට මාර්ගගත ප්‍රශ්නාවලියක් උසස් අධ්‍යාපන අංශයෙහි වෙබ් පිටුව වන www.mohe.gov.lk වෙත ඇතුළත් කර තිබෙනවා.
https://mohe.gov.lk/survey.html යන සබැඳිය ඔස්සේ පිවිසීමෙන් මේ සඳහා මහජනතාවට තම අදහස් ඉදිරිපත් කළ හැකියි.
READ MORE >>> https://www.itnnews.lk/2yyo