Sashrika

Sashrika We are thrilled to share our knowledge, discoveries, and innovations with you through this platform.
(1)

🌱Welcome to the official page of "Sashrika Magazine"! 📚

We are the faculty of agricultural sciences at Sabaragamuwa University, Sri Lanka, and we are thrilled to share our knowledge, discoveries, and innovations with you through this platform. Join us on our journey as we bridge the gap between academia and society, bringing the latest insights and advancements in agriculture to f

armers, enthusiasts, and the wider community. From groundbreaking research to sustainable practices, we aim to empower and inspire positive change in the agricultural landscape. Stay tuned for engaging articles, informative updates, and exciting events related to agriculture, farming, and rural development. Connect with us to be a part of our mission to transfer knowledge and contribute to a more sustainable future. Follow our page and explore the fascinating world of agriculture with "Sashrika Magazine"!

13/02/2025
13/02/2025
සබරගමුව හදවත් නොනිමි ප්‍රේමයෙන්පිදෙන අකුරු පිරුණුසිසිලක් වූසශ්‍රීක සඟරාමය පුරාවෘත්තයේ සැමරුමක ඇරඹුම....!"සශ්‍රීක - 2025"...
07/02/2025

සබරගමුව හදවත්
නොනිමි ප්‍රේමයෙන්
පිදෙන අකුරු පිරුණු
සිසිලක් වූ
සශ්‍රීක සඟරාමය
පුරාවෘත්තයේ සැමරුමක
ඇරඹුම....!

"සශ්‍රීක - 2025" තුන්වන වෙළුම එළිදැක්වීම.

අද......

කෘෂි විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

සබරගමුව හදවත් නොනිමි ප්‍රේමයෙන්පිදෙන අකුරු පිරුණුසිසිලක් වූසශ්‍රීක සඟරාමය පුරාවෘත්තයේ සැමරුමක ඇරඹුම....!"සශ්‍රීක - 2025"...
06/02/2025

සබරගමුව හදවත්
නොනිමි ප්‍රේමයෙන්
පිදෙන අකුරු පිරුණු
සිසිලක් වූ
සශ්‍රීක සඟරාමය
පුරාවෘත්තයේ සැමරුමක
ඇරඹුම....!

"සශ්‍රීක - 2025" තුන්වන වෙළුම එළිදැක්වීම.

2025.02.07 දින
ප.ව.06.00 ට
ජේ. ඩබ්ලිව්. දයානන්ද සෝමසුන්දර ශ්‍රවණාගාරයේදී.

කෘෂි විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

සබරගමුව හදවත් නොනිමි ප්‍රේමයෙන්පිදෙන අකුරු පිරුණුසිසිලක් වූසශ්‍රීක සඟරාමය පුරාවෘත්තයේ සැමරුමක ඇරඹුම....!"සශ්‍රීක - 2025"...
05/02/2025

සබරගමුව හදවත්
නොනිමි ප්‍රේමයෙන්
පිදෙන අකුරු පිරුණු
සිසිලක් වූ
සශ්‍රීක සඟරාමය
පුරාවෘත්තයේ සැමරුමක
ඇරඹුම....!

"සශ්‍රීක - 2025" තුන්වන වෙළුම එළිදැක්වීම.

තව දින 2

කෘෂි විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

සබරගමුව හදවත් නොනිමි ප්‍රේමයෙන්පිදෙන අකුරු පිරුණුසිසිලක් වූසශ්‍රීක සඟරාමය පුරාවෘත්තයේ සැමරුමක ඇරඹුම....!"සශ්‍රීක - 2025"...
03/02/2025

සබරගමුව හදවත්
නොනිමි ප්‍රේමයෙන්
පිදෙන අකුරු පිරුණු
සිසිලක් වූ
සශ්‍රීක සඟරාමය
පුරාවෘත්තයේ සැමරුමක
ඇරඹුම....!

"සශ්‍රීක - 2025" තුන්වන වෙළුම එළිදැක්වීම.

ළඟදීම......

කෘෂි විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

🌱 *"සශ්‍රීක සඟරාව 2025 – පීඩිත මනසට නව අරුතක් !"* 🌱🔬 ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මෙවර  *සශ්‍රී...
08/01/2025

🌱 *"සශ්‍රීක සඟරාව 2025 – පීඩිත මනසට නව අරුතක් !"* 🌱

🔬 ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මෙවර *සශ්‍රීක සඟරාව 2025* සඳහා ඔබගේ නිර්මාණශීලී අදහස් වලට අනගි අවස්ථාවක් . 🌾

💡 ඔබගේ නවතම ගවේෂණ, අධ්‍යාපනික හා නිදහස් චින්තනික අදහස් වලට නවමු වටිනාකමක් එක් කිරීමට කෘෂි විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් ඉදිරිපත් කරන *"සශ්‍රීක"* සඟරාවෙහි, තෙවන කලාපය සඳහා නවමු ලිපි කැඳවීම ආරම්භ කර ඇත.

🗓️ *ලිපි භාර ගැනීමේ අවසන් දිනය* :- _2025/01/14

👉 *සබැඳිය*:- https://forms.gle/HV5zSVWp4ZtzMMPa6
(ඉහත සඳහන් සබැඳිය ඔස්සේ Word Document ගොනු එවීම වඩා සුදුසුවේ)

🔗*Facebook* :-https://www.facebook.com/sashrikamagazine?mibextid=wwXIfr&mibextid=wwXIfr

🌱 *"සශ්‍රීක සඟරාව 2025 – පීඩිත මනසට නව අරුතක් !"* 🌱🔬 ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මෙවර  *සශ්‍රී...
26/12/2024

🌱 *"සශ්‍රීක සඟරාව 2025 – පීඩිත මනසට නව අරුතක් !"* 🌱

🔬 ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මෙවර *සශ්‍රීක සඟරාව 2025* සඳහා ඔබගේ නිර්මාණශීලී අදහස් වලට අනගි අවස්ථාවක් . 🌾

💡 ඔබගේ නවතම ගවේෂණ, අධ්‍යාපනික හා නිදහස් චින්තනික අදහස් වලට නවමු වටිනාකමක් එක් කිරීමට කෘෂි විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් ඉදිරිපත් කරන *"සශ්‍රීක"* සඟරාවෙහි, තෙවන කලාපය සඳහා නවමු ලිපි කැඳවීම ආරම්භ කර ඇත.

🗓️ *ලිපි භාර ගැනීමේ අවසන් දිනය* :- _2025/01/06_

👉 *සබැඳිය*:- https://forms.gle/HV5zSVWp4ZtzMMPa6
(ඉහත සඳහන් සබැඳිය ඔස්සේ Word Document ගොනු එවීම වඩා සුදුසුවේ)

🔗*Facebook* :-https://www.facebook.com/sashrikamagazine?mibextid=wwXIfr&mibextid=wwXIfr

ඔබත් කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඔස්සේ දැනුම සොයා යන්නෙකු නම් මේ අවස්ථාව ඔබට යි.කෘෂි විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් ඉදිරිපත් ...
25/10/2023

ඔබත් කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඔස්සේ දැනුම සොයා යන්නෙකු නම් මේ අවස්ථාව ඔබට යි.

කෘෂි විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් ඉදිරිපත් කරන "සශ්‍රීක" ත්‍රෛමාසික සඟරාවෙහි, තෙවන කලාපය සඳහා නවමු ලිපි කැඳවීම ආරම්භ කර ඇත.

පහත නිර්ණායකයන් යටතේ වන ඔබගේ ලිපි නොවැම්බර් මස 06 වන දිනට ප්‍රථම අප වෙත යොමු කරන්න.

ජෛව සොරකම, ජෛව මංකොල්ලය සහ ශ්‍රී ලංකාවශ්‍රී ලංකාව, ලොව ජෛව විවිධත්වය අතින් කැපී පෙනෙන ස්ථානයක් උසුලන දකුණු ආසියාතික නිවර...
17/10/2023

ජෛව සොරකම, ජෛව මංකොල්ලය සහ ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව, ලොව ජෛව විවිධත්වය අතින් කැපී පෙනෙන ස්ථානයක් උසුලන දකුණු ආසියාතික නිවර්තන කලාපීය රටකි. දිවයිනේ හමුවන ශාක විශේෂ අතුරින් 23% ක් සහ සත්ත්ව විශේෂ අතුරින් 16% ක් පමණ ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වේ. එපමණක් නොව, මෙරට තුල ඖෂධීය ශාක විශේෂ 1432 ක් පමණ හඳුනාගෙන ඇත. එබැවින් වර්තමානය වන විට ශ්‍රී ලංකාව ලොව හොඳම ජෛව විවිධත්වය පවතින කලාප 34 තුලට අන්තර්ගතව ඇත. තවද ආසියාතික රටවල් අතුරින් භෞමික පාරිසරික ඒකක සඳහා ඉහළම ජෛව විවිධත්වයක් පවතින රට වන්නේ ද ශ්‍රී ලංකාවයි.
මේ ආකාරයෙන් ඉහල ජෛව විවිධත්වයක් පවතින රටවල් කෙරෙහි ලොව සංවර්ධිත රටවල අවධානය නිරන්තරයෙන් යොමු ව පවතී. සංවර්ධිත රටවල විශාල පර්යේෂණාගාර හා සමාගම්, වර්තමානය වන විට ජෛව නිෂ්පාදන සදහා වඩාත් නැඹුරුව ඇත. මෙම බහුජාතික සමාගම් ජීවී ජාන අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන අතර "ජීන් රෂ්" නම් සංකල්පය මගින් ජාන අවභාවිතයට මඟ පාදාගෙන තිබේ. "ජීන් රෂ්" යනු ජීවී ජීවීන්ගෙන් නිශ්චිත ජාන ලබාගෙන ඒවා නිස්සාරණය කිරීමයි. මෙය ලාභය අරමුණු කරගෙන සිදුකරන අතර ඒ සඳහා ජානමය සම්පත් සෙවීම මෙම සමාගම් වල ප්‍රධාන අරමුණයි. නීතිවිරෝධී ලෙස ජෛව මංකොල්ලකෑම් සහ ජෛව සොරකම් පිළිබදව නිරතුරුවම ලොව විවිධ රටවල් වලින් අසන්නට ලැබෙන්නේ මේ නිසාවෙනි.
"ජෛව සොරකමක් යනු ශ්‍රී ලංකාවේ හමුවන ශාක හෝ සතුන් හෝ ශාක හා සත්ත්ව කොටස් නීති විරෝධීව රටින් පිටතට ගෙනයාම හෝ ගෙනයාමට උත්සාහ කිරීමයි"
"ජෛව මංකොල්ලයක් යනු ශ්‍රී ලංකාවේ හමුවන ජීවීන්ගේ හෝ ඔවුන්ගේ කොටස් ආශ්‍රිතව සිදුකල නිෂ්පාදන, නිස්සාරණ, හෝ ඔවුන්ගෙන් ලබා ගන්නා ප්‍රවේණික ද්‍රව්‍ය හා ජෛව රසායනික ද්‍රව්‍ය භාවිතයට මෙරට සතු අයිතිවාසිකම් අහිමි කිරීම, සීමා කිරීම හෝ බාධා වන අන්දමට, වෙනත් රටක පවත්නා බුද්ධිමය දේපල හා නීති උපයෝගී කරගැනීමයි"
(නීතීඥ ජගත් ගුණවර්ධන)

ජෛව සොරකම හා ජෛව මංකොල්ලය එකිනෙක හා බැදී පවතින ක්‍රියාදාම දෙකකි. ප්‍රථමයෙන්ම ජෛව සොරකම මඟින් ජීවියා හෝ ජිවී කොටස් රටින් පිටතට ගෙන යනු ලබන අතර, පසුව ජෛව මංකොල්ලය මඟින් එම රට තුල පවතින බුද්ධිමය දේපල භාවිතයෙන් ජෛව සොරකම ආවරණය කරනු ලබයි.
ශ්‍රී ලංකාව පිළිබද සලකා බලන කල්හි, මෙරට පවතින ශාක, සතුන් හා පටක කොටස් නීති විරෝධීව අපනයන කිරීම කලක පටන් සිදුවන සංසිද්ධියකි. අප දිවයින ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් බැවින් සංවර්ධිත රටවලින් සහ බහු ජාතික සමාගම් වලින් රටට ආවේණික වෘක්ෂලතා සහ සත්ත්ව විශේෂ ආරක්ෂා කරගැනීමට ශ්‍රී ලංකාවට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත.
මෙලෙස දේශීය ශාක හා සත්ත්ව විශේෂ ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන ගොස් විදේශීය සමාගම් විසින් ඒවාට පේටන්ට් බලපත්‍ර රාශියක් ලබාගෙන තිබේ. ප්‍රධාන වශයෙන්ම මෙරට වල්ලපට්ටා, සුදු හදුන්, අරළු, බුලු වැනි ඖෂධීය ශාක විශේෂ මෙන්ම, මත්ස්‍ය විශේෂ, පක්ෂි විශේෂ සහ තාරකා ඉබ්බන්, දිවි මකුළු විශේෂ සහ සමනල් විශේෂ ද ජෛව සොරකමේ ගොදුරු බවට පත්ව ඇත.

මෑතකදී මෙරට වාර්තා වූ මේ ආශ්‍රිත සිදුවීම් කීපයකි.

1. 2016 වසරේ දී සිංහරාජ රක්ෂිතයෙන් පර්ණාංග (මී වන) ශාක කොටස් එකතු කරමින් සිටියදී, ජර්මන් ජාතිකයන් කණ්ඩායමක් අත්අඩංගුවට ගන්නා ලදී.

2. 2020 වසරේදී හෝර්ටන් තැන්න වන රක්ෂිතයේ දී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් එකතු කරගත් ශාක නියැදි 529 ක් සමග රුසියන් ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

මීට අමතරව වාර්තා නොවන මුත්, බොහෝ අනවසර ජෛව අපනයනයන් දිවයිනේ සිදුවන බැව් නොරහසකි.
දේශපාලන වශයෙන් ශ්‍රි ලංකාවේ සිදුවන ජෛව සොරකම් හා මංකොල්ලකෑම් වලට එරෙහිව නීති හෝ ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ඉතා සුළුවෙනි. මෙරට ජෛව නිෂ්පාදන නීතිවිරෝධී ලෙස පිටතට ගෙනයාම හා පේටන්ට් බලපත්‍ර ලබාගැනීම බහුතරව සිදු වූවත් ශ්‍රී ලාංකික පාලන අධිකාරිය ඇස් වසා සිටින බැව් පෙනී යයි. වෙනත් බොහෝ රටවල් මෙම නීතිවිරෝධී ක්‍රියා වලට එරෙහිව නැගී සිටියත් මෙරටට ඒ සදහා නැගී සිටීමට කිසිදු උනන්දුවක් නොමැත.
මෙයට ප්‍රධානම හේතුව වන්නේ, ශ්‍රී ලාංකික මහජනතාව තුළ මෙරට ජීව විද්‍යාත්මක වත්කම් වල වටිනාකම පිළිබදව ඇති නොදැනුවත්භාවයයි.
මෙරට සිදුවන ජෛව සොරකම් සහ මංකොල්ලකෑම් වලට එරෙහිව නැගී සිටිමට නම් ප්‍රථමයෙන්ම මේ සම්බන්ධව මහජනතාව අතර උනන්දුවක් ඇති කිරීම හා ලාංකික සම්පත් පිළිබදව මනා අවබෝධයක් ලබා දීම කල යුතුය. තවද, වන සත්ත්ව හා වෘක්ෂ ලතා ආරක්‍ෂා කිරීමේ ආඥා පනත, වන සංරක්‍ෂණ ආඥා පනත, ධීවර හා ජලජ සම්පත් පනත යන පනත් ඉතා ඉහල මට්ටමින් ක්‍රියාත්මක කිරීම ද කල යුතුය. අපනයන සිදුකරන ගුවන් තොටුපළ හා වරායවල් ආශ්‍රිතව දැඩි නීතී හා ආරක්ෂක ක්‍රියාමාර්ග පැනවීම ද ඉතා වැදගත්‍ ය. එසේම මෙරටදී ජෛව මංකොල්ලකෑම් සඳහා සහයෝගය දක්වන පිරිස් සොයා නීතිය ක්‍රියාත්මක විය යුතුය. තවත් විශේෂ ක්‍රියාමාර්ගයක් වන්නේ විදේශ රටවල් මඟින් ශ්‍රී ලංකාවේ දැනටමත් සිදුකර ඇති ජෛව සොරකම් හා මංකොල්ලකෑම් පිළිබඳ සොයා බලා එම ජෛව කොටස් මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍ය මට්ටමින් කටයුතු කිරීමයි.
රටක් වශයෙන් ශ්‍රී ලාංකික ජෛව සම්පත් ආරක්ෂා කරගැනීම වත්මන් පරපුරට මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් සිදුකරන මහත් ආයෝජනයකි. එබැවින් මෙරට සිදුවන ජෛව සොරකම් හා ජෛව මංකොල්ලකෑම් පිළිබද නිරන්තර විමසිලිමත්භාවය ඉතා වැදගත් ය.

වයි.ඒ.හෂිනි අනූපමා

ආදාහනය කළ කිරි මාෆියාවෙන් දැන්වත් ගැලවෙමු ද...?     නැවුම් එළකිරි යනු බොහෝ පෝෂක ප්‍රමාණයකින් සහ සෞඛ්‍ය සම්පන්න බවින් අනූ...
03/10/2023

ආදාහනය කළ කිරි මාෆියාවෙන් දැන්වත් ගැලවෙමු ද...?

නැවුම් එළකිරි යනු බොහෝ පෝෂක ප්‍රමාණයකින් සහ සෞඛ්‍ය සම්පන්න බවින් අනූන ස්වාභාවික පානයක් ලෙස අපට හැදින්විය හැකිය. මෙනිසාම මෙම නැවුම් එළකිරි ලොව පුරා සිටින මිනිසුන් විසින් පානය කරන ප්‍රධාන පාන වර්ග යටතට අයත් වේ. තවද එළකිරි අපගේ දෛනික ආහාර වේලෙහි අත්‍යවශ්‍ය අංගයක් බවට මේ වන විට පත් ව ඇත.

නැවුම් එළකිරිවල අඩංගු පෝෂක ප්‍රමාණය:
ජලය - 87%
සම්පූර්ණ ඝන ද්‍රව්‍ය - 13%
මේද නොවන ඝන ද්‍රව්‍ය - 8.9%
මේදය - 3.4%
ප්‍රෝටීන් - 3.3%
ලැක්ටෝස් - 4.8%
කැල්සියම් - 0.12%
පොස්පරස් - 0.09%
යකඩ - 0.2%
විටමින් A (IU/100g) - 180
විටමින් B12 (mg/100g) - 0.05
රයිබොෆ්ලේවින් (mg/100g) - 0.2
විටමින් C (mg/100g) - 1.6

අප පිටි කිරි වෙනුවට නැවුම් එළකිරි පරිභෝජනය කල යුත්තේ ඇයි...?

1. වෙනස් නොකළ පෝෂණ සංයුතිය:

නැවුම් එළකිරි යනු ප්‍රෝටීන්, කැල්සියම්, විටමින් සහ ඛනිජ ඇතුළු අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවලින් අනූන ස්වාභාවික පානයකි. සාමාන්‍යයෙන් එළකිරිවල පෝෂණ සංයුතිය නොවෙනස්ව පවතී. මන්ද දෙනුන්ගෙන් දොවාගන්නා එළකිරි එහි ස්වභාවික තත්වයෙන්ම පරිභෝජනය කරන බැවිනි. නමුත් පිටි කිරි සැකසීමට ලක් වන අතර, තාප පිරියම් කිරීම සහ වියළීමේ ක්‍රියාවලීන්හි දී සියලූ ම පෝෂක පාහේ හානි විය හැක. තවත් විශේෂ කරුණක් වන්නේ පෝෂණ ගුණය අතින් අනූන නැවුම් එළකිරි පානය නිසා අපට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඒවායේ ස්වභාවික ස්වරූපයෙන් ලබා ගැනීමට හැකිවීමයි.

2. ප්‍රශස්ත පෝෂණ අගය:

නැවුම් එළකිරි, පිටි කිරිවලට සාපේක්ෂ ව ඉහළ පෝෂණ අගයක් ගනී. නැවුම් එළකිරිවල ඇති ප්‍රෝටීන පහසුවෙන් ජීර්ණය කළ හැකි අතර මිනිස් සිරුරට අවශ්‍ය සියලු ම ඇමයිනෝ අම්ල සපයයි. මෙම ප්‍රෝටීන මාංශ පේශි වර්ධනයට හා පවත්වාගෙන යාම සදහා දායක වේ. නමුත් කිරිපිටි සැකසීමේ දී ප්‍රෝටීනවල ජීව විද්‍යාත්මක අගය විනාශ වී යාමට හැකි ය. මීට අමතර ව, නැවුම් එළකිරිවල කැල්සියම් වැනි පෝෂ්‍ය පදාර්ථවල ස්වාභාවික ජෛව උපයෝගීතාව ශරීරයට ප්‍රශස්ත මට්ටමින් පවතී. මෙනිසා පහසුවෙන් ශරීරයට අවශෝෂණය කරගත හැකි වේ.

3. ස්වාභාවික නැවුම් රසය:

නැවුම් එළකිරි, පිටි කිරිවලින් අසමසම වූ පොහොසත් සහ ක්‍රීම් රසයක් ලබා දෙයි. කිරි පිටි නිෂ්පාදනය කිරීමේ දී සැකසීම සහ විජලනය වීම නිසා එහි රසය වෙනස් වීමක් සිදු වන අතර මෙනිසා පාරිභෝගිකයාට අඩු තෘප්තියක් ලැබේ. නැවුම් එළකිරිවල නැවුම් බව සහ ස්වභාවික පැණි රස ප්‍රියජනක අත්දැකීමක් නිර්මාණය කරයි. එය සෑම වයස් කාණ්ඩයක ම පුද්ගලයන් සඳහා වඩාත් ප්‍රියජනක බවක් ඇති කරයි.

4. සෞඛ්‍ය ප්‍රතිලාභ:

නැවුම් එළකිරි සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් සපයන බව දන්නා කරුණකි. එහි ඉහළ කැල්සියම් අන්තර්ගතය අස්ථි හා දත් ශක්තිමත් කිරීමට සහාය වන අතර ඔස්ටියෝපොරෝසිස් සහ දන්ත ගැටළු ඇතිවීමේ අවදානම ද අඩු කරයි. නැවුම් එළකිරිවල ඇති විටමින් D, විටමින් A, පොස්පරස් සහ පොටෑසියම් වැනි ස්වභාවික ව ඇති විටමින් සහ ඛනිජ ලවණ ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට සහ ඇතැම් පිළිකා වර්ග වල අවදානම අඩු කිරීමට දායක වේ. පිටි කිරි ද පෝෂණ ප්‍රභවයකි. නමුත් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබා දෙන නැවුම් එළකිරිවල ඇති සමහර ජෛව ක්‍රියාකාරී සංරචක සහ එන්සයිම පිටි කළ කිරිවල අන්තර්ගත නොවේ.

5. විශ්වාසදායක තත්ත්වය සහ ආරක්ෂාව:

නැවුම් එළකිරි නිශ්පාදනයේ දී ඉතා අඩු සැකසුම් පියවර ප්‍රමාණයකින් වෙළඳපොළට ඉදිරිපත් කළ හැකි ය. මෙනිසා නැවුම් එළකිරිවලට හානි වීමට ඇති හැකියාව අඩු ය. එළකිරි සඳහා වන සැපයුම් දාමය එහි අඛණ්ඩතාව සහ නැවුම් බව පවත්වා ගැනීම සඳහා කිරි ගොවිපලේ සිට සිල්ලර වෙළෙන්දා දක්වා සමීප ව නිරීක්ෂණය කරනු ලැබේ. ඊට ප්‍රතිවිරුද්ධ ව, කිරිපිටි නිෂ්පාදන ක්‍රියාවලිය සැකසුම් පියවර රාශියකින් සමන්විත අතර, මෙහිදී හානි වීමේ හැකියාව වැඩි ය. ප්‍රධාන වශයෙන් ගබඩා කිරීමේ දී තත්ත්ව පාලනය සම්බන්ධයෙන් අභියෝගවලට මුහුණ දිය හැකි ය.

6. ආර්ථික ව ලාභදායී වීම:

පිටි කළ කිරි නිෂ්පාදන වැඩි සැකසුම් පියවර ගණනකින් සමන්විත වන බැවින් එය මිලෙන් අධික වේ. තව ද ඇසුරුම් සහ ප්‍රවාහනය සඳහා යන වියදම් ද පාරිභෝගිකයාට ගෙවීමට සිදු වේ. නමුත් නැවුම් එළකිරි ඉතා අඩු සැකසුම් පියවර ප්‍රමාණයකින් පාරිභෝගිකයා වෙත ළඟා කළ හැකි ය. තව ද ඇසුරුම් සහ ප්‍රවාහනය සඳහා ද යන වියදම අවම ය. මෙනිසා පිටිකිරි පරිභෝජනයට වඩා නැවුම් එළකිරි පරිභෝජනයෙන් ආර්ථික වාසියක් ලබාගත හැකි ය.
නැවුම් එළකිරි හා සසදනවිට පිටිකල කිරි අධික තාප පිරියමකට ලක් කිරීම නිසා එහි අන්තර්ගතය ප්‍රෝටීන, මේදය සහ ඇතැම් විටමින හානි වීමකට ලක්වේ. උදාහරණයක් ලෙස පිටිකල කිරි වල විටමින් C සහ ඇතැම් විටමින් B වර්ග සාපේක්ෂව අඩු අගයක් ගනී. තවද පිටිකල කිරි වල නැවුම් එළකිරි වල රසයට හාත්පසින්ම වෙනස් වූ කෘතිම රසයක් ඇත.
මෙවැනි හේතූන් රාශියක් නිසා පිටිකල කිරි වලට සාපේක්ෂව නැවුම් එළකිරි පානය වඩා ගුණදායක වේ.
ඔබ පෝෂ්‍ය පදාර්ථ වලින් පරිපූර්ණ ස්වාභාවික එළකිරි පරිභෝජනය කරනවා ද...?
එසේත් නොමැති නම් අදික තාපයට ලක්වීම නිසා ආදාහනයට පත්වුනු පිටි කළ කිරි පරිභෝජනය කරනවා ද...?
තීරණය ඔබ සතුය...!

ඩී.කේ.එන්.ගමගේ
පශු සම්පත් නිෂ්පාදන අධ්‍යනාංශය
කෘෂි විද්‍යා පීඨය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය.

වාණිජ බඩඉරිඟු වගාවකෘෂිකාර්මික ආර්ථිකයක් මත යැපෙන ශ්‍රී ලංකාවේ වගා කරන ප්‍රධානම බෝගයක් ලෙස බඩඉරිඟු හැඳින්විය හැකිය. ප්‍රධ...
23/09/2023

වාණිජ බඩඉරිඟු වගාව

කෘෂිකාර්මික ආර්ථිකයක් මත යැපෙන ශ්‍රී ලංකාවේ වගා කරන ප්‍රධානම බෝගයක් ලෙස බඩඉරිඟු හැඳින්විය හැකිය. ප්‍රධාන වශයෙන් වර්ෂා ජලයෙන් වගා කරන මෙම බෝගය තනි වගාවක් ලෙස හෝ මිශ්‍ර බෝග වගාවක් ලෙස ප්‍රධාන වශයෙන් වගා පද්ධතියට දායක වේ. මූලිකවම වියළි කලාපීය බෝගයක් ලෙස හඳුනාගත්තත් බඩඉරිඟු බෝගය උඩරට භෝග වගාවන්වල ද මූලික තැනක් උසුලයි. එසේම ශ්‍රී ලංකාවට ආවේණික වගා ක්‍රමයක් වන හේන් ගොවිතැනේ දී යොදාගන්නා ප්‍රධාන බෝගයක් ලෙස ද බඩඉරිඟු හැඳින්විය හැකිය.
ග්‍රාමීය වශයෙන් බඩඉරිඟු පරිභෝජනය ඉහළ ප්‍රතිශතයක් ගන්නා අතර කරල් සහ පිටි ලෙස බඩඉරිඟු පරිභෝජනයට එක් වේ. මිනිස් පරිභෝජනයට අමතරව ප්‍රධාන වශයෙන් සත්ත්ව ආහාර නිෂ්පාදනයට බඩඉරිඟු යොදාගන්නා අතර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන බඩඉරිඟු වලින් 25% පමණ ප්‍රතිශතයක් යොදා ගන්නේ සත්ත්ව ආහාර නිෂ්පාදන අමුද්‍රව්‍යයක් ලෙසයි.

වාණිජ බඩඉරිඟු වගාව තුළින් රටේ සමස්ත කෘෂි ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් දැක්විය හැකි වූව ද ශ්‍රී ලංකාව තුළ බඩඉරිඟු වගාවේ දී යොදාගන්න තාක්ෂණය ඉතා අල්පය. ඒ අතර අවම යෙදවුම් (පොහොර) ප්‍රමාණයක් යොදා ගැනීම, එක් ප්‍රභේදයක් පමණක් භාවිතා නොකිරීම, දුර්වල ශෂ්‍ය විද්‍යාත්මක කටයුතු සහ පසු කළමනාකරණය කටයුතුවලට අවධානය යොමු නොකිරීම මූලික තැනක් ගනියි. එම හේතුන් නිසා බඩඉරිඟු සඳහා හොඳ වෙළඳපලක් සහ ඉහළ වෙළඳපොල වටිනාකමක් ලබා ගැනීමට ඇති ඉඩහසර අවහිර වී ඇත. මෙම ගැටළු හා වැරදි පිළිවෙත් මඟහරවා ගැනීම තුළින් ඉහළ ආදායමක් ලබා ගත හැකි බෝගයක් ලෙස බඩඉරිඟු හඳුනාගෙන ඇති අතර මෙම බෝගය පිළිබඳව ගොවියාගේ ඇති දැනුම, අවබෝධය, පාරිසරික තත්ත්ව පිළිබඳව ඇති දැනුවත්භාවය ඉහළ නැංවීම මගින් බඩඉරිඟු බෝගයෙන් උපරිම අස්වැන්නක් ලබා ගැනීමට හැකිවේ.

ශ්‍රී ලංකාවේ ඕනෑ ම ප්‍රදේශයක වගා කළ හැකි බෝගයක් වන බඩඉරිඟු වර්තමානය වන විට ප්‍රධාන වශයෙන් අනුරාධපුර, අම්පාර, බදුල්ල, මොණරාගල, මාතලේ සහ මඩකලපුව යන ප්‍රදේශවල වගා කරයි.

පුළුල් වපසරියක වගා කළ හැකි වූවත්, වාණිජ වගාවන් සඳහා වඩාත් උචිත වන්නේ අතරමැදි කලාපය සහ වියළි කලාපයයි. හිරුඑළියට වැඩි කැමැත්තක් දක්වන බඩඉරිඟු බෝගය 25 – 30 0C උෂ්ණත්ව පරාසයේ දී වැඩි වර්ධන වේගයක් පෙන්වයි. වර්ෂාපතන ව්‍යාප්තිය බඩඉරිඟු බෝගයේ වර්ධනයට ඉතා වැදගත් වන අතර වාර්ෂික වර්ෂාපතන පරාසය 600 – 1000 mm වීම උචිත වේ. අධික ආම්ලික හා අධික භාෂ්මික පස බඩඉරිඟු බෝගයේ වර්ධනයට අහිතකරව බලපාන අතර 5.8 – 7.0 pH පරාසය ප්‍රශස්ත වර්ධනයක් පෙන්වයි. බඩඉරිඟු බෝගයේ යහපත් වර්ධනයට වාස භූමියේ මනා ජලවහන තත්ත්වයක් තිබීම වැදගත් වේ. ප්‍රධාන වශයෙන් වර්ෂාපෝෂිතව මහ කන්නයේ වගා කරන අතර ජල සම්පාදනය මගින් ඕනෑ ම කන්නයක වගා කළ හැක.

වර්තමානයේ ගොවීන් අතර ප්‍රචලිත බඩඉරිඟු ප්‍රධාන ආකාර 02 කි. එනම්, විවෘත පරාගික ප්‍රභේද සහ දෙමුහුම් ප්‍රභේදයි. භද්‍රා සහ රුවන් බහුලව භාවිතා වන විවෘත පරාගික ප්‍රභේද වන අතර, එම්. අයි. වේස් හයිබ්‍රිඩ් 01, එම්. අයි. වේස් හයිබ්‍රිඩ් 02, එම්. අයි. වේස් හයිබ්‍රිඩ් 03, එම්. අයි. වේස් හයිබ්‍රිඩ් 04, එම්. අයි. වේස් හයිබ්‍රිඩ් 05 බහුලව ශ්‍රී ලංකාව තුළ භාවිතා වන දෙමුහුම් ප්‍රභේදයි.

හෙක්ටයාරයක භූමි ප්‍රමාණයක් සඳහා බීජ 12 – 15 kg අවශ්‍ය වන අතර 60 x 30 cm පරතර (වලකට බීජ 01 බැඟින්) හෝ 60 x 60 cm (වලකට බීජ 02 බැඟින්) බීජ සිටුවයි. බඩඉරිඟු වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා වල්පැළ පාලනය, නියමිත පරිදි පෝෂක ලබා දීම, මනා ජල කළමනාකරණය සහ රෝග පළිබෝධ පාලනය අනිවාර්ය වේ.

බඩඉරිඟු බෝගයේ මූලික අවශ්‍යතාවලට අමතරව විවිධ ක්‍රම මගින් අස්වැන්න හා ඵලදායිතාව වැඩිකරගත හැකිය. ඒවා අතර පහත සඳහන් කරුණු පිළිබඳ අවධානය යොමුකිරීම මගින් ගොවියාට බඩඉරිඟු වගාවෙන් වැඩි වාසි අත්කරගත හැකිවේ.

• කාර්යක්ෂමව වර්ෂා ජලය භාවිත කිරීම සඳහා වර්ෂාවේ ආරම්භයත් සමඟ බිම් සැකසීම
• ජල වහනය දුර්වල භූමිවල උස් වූ පාත්ති යොදාගැනීම (බීජ සංස්ථාපනය සඳහා ඇලි වැටි ක්‍රමය හෝ වලවල් ක්‍රමය යොදා ගත හැක.)
• බඩඉරිඟු බීජ සිටුවීමෙන් පසු සන්හෙන්ප් බීජ හෙක්ටයාරයකට 50kg වනසේ ක්ෂේත්‍රයේ වපුරා එම පැළ වර්ධනය වන විට (සති 03ක් පමණ) උදලු ගා වසුනක් ලෙස යෙදීම.
• පෝෂක අපතේ යාම වළක්වාගැනිමට සහ උපරිම පොහොර කාර්යක්ෂමතාවයක් ලබාගැනීම සඳහා පොස්පරස් හා පොටෑසියම් පොහොර පාංශු පරික්ෂාවකින් පසුව යෙදීම.
• බීජ සිටුවන අවස්ථාවේ සිට කරල්වලට කිරි වදින තුරු නිසි ලෙස ජල සම්පාදනය සිදු කිරීම.
• බඩඉරිඟු සිටුවීමට මාස 1 ½ පමණ පෙර එළවළු හෝ කවුපි (අතරමැදි භෝගයක් ලෙස) සිටුවා දින 45 දී අස්වැන්න නෙලාගන්නා අතර ඉන් පසුව සී සා එම පැළ පසට එකතු කර බඩඉරිඟු සිටුවීමෙන් යූරියා පොහොර අවශ්‍යතාව 15% ක් අඩු කරගත හැක.
• බඩඉරිඟු බීජ සිටුවා සති 3-4 පමණ ක්ෂේත්‍රය වල් පැළවලින් තොරව පවත්වාගත යුතුය.ඒ සඳහා හොඳින් බිම් සැකසීම, බීජ සංස්ථාපනයෙන් පසු වසුනක් යෙදීම සහ බීජ සිටුවන අවස්ථාවේ සන්හෙන්ප් බීජ වැපිරීම කළ හැක.මෙම ක්‍රම අනුගමනය කිරීම මගින් වල් පැළ පාලනයට යන වියදම අවම කරගත හැකිය.

එසේම බඩඉරිඟු වගාව සාපේක්ෂව රෝග පළිබෝධ ප්‍රතිරෝධී වන නමුත් යම් රෝග හා පළිබෝධ බෝග වර්ධනයට බලපෑම කළ හැක. එවැනි රෝග පළිබෝධ පිළිබඳව මූලික අවබෝධය, එම රෝග පළිබෝධ වළක්වා ගැනීමට සහ මුල් අවධීන්වලදීම හඳුනාගැනීම මගිනුත් ඒවායේ බලපෑම අවමකර ගැනීමත් හැකිවන නිසා රෝග පළිබෝධ පිළිබඳ බඩඉරිඟු වගාකරුවාගේ මනා අවබෝධය අත්‍යාවශ්‍ය වේ.
බඩඉරිඟු වගාවට බලපෑම් ඇති කරන ප්‍රධාන රෝග කිහිපයක් ශ්‍රී ලංකාව තුල මේ වන විටත් හඳුනාගෙන ඇත. ඒ්වානම්,කොපු අංගමාරය,කොළ පාළුව,බැක්ටිරියා කඳ කුණුවීමේ රෝගය, දුඹුරු පුල්ලි රෝගය, මලකඩ රෝගය, පත්‍ර පුල්ලි රෝගය යන රෝගයි. බඩඉරිඟු වගාවට හානි කරන ප්‍රධාන පළිබෝධකයන් ලෙස කූඩිත්තා, කරල් විදින දළඹුවා, බඩඉරිඟු ගුල්ලා සහ සේනා දළඹුවා හඳුනාගෙන ඇත රෝග සහ පළිබෝධ පාලනය සඳහා සමෝදානිත පළිබෝධ සහ රෝග පාලන ක්‍රමවේදයක් යොදා ගැනීම වඩාත් සුදුසු වේ.

වාණිජමය වශයෙන් බඩඉරිඟු වගාවක් සිදුකරන විට නිසි වේලාවට නිසි ක්‍රමයකින් අස්වනු නෙළීම ඉතාම වැදගත් වේ. භෝග ක්ෂේත්‍රයේ සිදුවන හානි වළක්වා ගැනීමටත්, පසු අස්වනු හානිය අවම කරගැනීමටත් ඒ මගින් හැකියාව ලැබේ. බඩඉරිඟු අස්වනු නෙළීමට ඉතාම සුදුසු අවධිය පිළිබඳ බඩඉරිඟු වගාකරුවකු සතු අවබෝධය ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් වගාකරන ප්‍රභේද දින 105 – 115 ත් අතර කාලයේදී පරිණත වන අතර කිරිඉරිඟු ලෙස (බීජ අතේ ඇඟිලිවල තබා තද කල විට දියරයක් පිටතට පැමිණෙන අවස්ථාව) හෝ තරමක් මේරූ (බීජය සම්බන්ධ වන ස්ථානය කළු පැහැයට හැරී තිබීම ) යන ලක්ෂණ මූලික කොටගෙන අස්වනු නෙළන අවස්ථාව තීරණය කළ හැක.
වාණිජමය වශයෙන් බඩඉරිඟු බෝගය වගාකිරීමට අදහස් කරන ගොවිමහතෙකු එම බෝගය පිළිබඳ මනා දැනුවත්භාවයකින් යුක්ත වීම මගින් ඉහළ අස්වැන්නක් ලබාගැනීමට සහ ලාභය උපරිම කරගැනීමට හැකි වනු ඇත.

G A හර්ෂණ ගලහිටිගම
කථිකාචාර්ය
කෘෂි අපනයන අධ්‍යයනාංශය

Address

Faculty Of Agricultural Sciences, Sabaragamuwa University Of Sri Lanka, P. O. Box 02, Belihuloya
Belihul Oya
70140

Website

https://www.facebook.com/agrisuslunion

Alerts

Be the first to know and let us send you an email when Sashrika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category