18/09/2025
අයියාට නංගීගෙන්.......
ආලවට්ටම් චාටු කිය කිය
ඔබේ තුරුලේ ගුලි වෙලා
පුංචි කාලේ ගෙවපු හැටි මට
ඊයේ වාගේ සිහිවෙලා
රණ්ඩු කරලා තරහ අරගෙන
කඳුළු සලමින් අඬ අඬා
අම්මගෙන් ගුටි ඉල්ල දුන්නේ
ආදරේටනේ ඔරවලා
අලුත් යාළුවෝ දහක් හිටියත්
ඔබ වගේ නෑ සමවෙලා
අදත් එහෙමයි හෙටත් එහෙමයි
හොඳම යාළුවා ඒ ඔයා
අක්කා එක්කලා දීග ගියහම
දුරස් වෙන්නට නම් එපා
මමත් කවදාවත් ඔබෙන් දුර
යවන්නන්ට සිතනට එපා
එදා වගෙ ඔබෙ තුරුලේ නැතුවට
හදින් සොයුරේ ඔබෙ තමා
උපන් දින සුභ පැතුම් ගෙන එමි
ඔබේ සොයුරිය මං තමා
:::::::::::: 🌾🍂 කව්සේකර 🍂🌾 ::::::::::::
[𝗞𝗮𝘄𝘀𝗲𝗶𝗸𝗮𝗿𝗮]
Image credit goes to pixabay.com