13/05/2026
"I am not a Robot" සදහටම වෙනස් වෙයි! Google reCAPTCHA අලුත් වෙන්නේ මෙහෙමයි.
අපි හැමෝම වෙබ් අඩවි වලට යනකොට "මම රොබෝවරයෙක් නොවේ" (I am not a robot) කියලා තහවුරු කරන්න පින්තූර තෝරලා එපා වෙලා නේද ඉන්නේ? පාරවල්, බස්, ට්‍රැෆික් ලයිට් හොයන ඒ කරදරකාරී කාලය දැන් අවසන් වෙන්නයි යන්නේ. Google සමාගම ඔවුන්ගේ reCAPTCHA පද්ධතියට ඉතාමත් සුවිශේෂී සහ ආරක්ෂිත වෙනසක් සිදු කර තිබෙනවා.
මොකක්ද මේ අලුත් QR Code ක්‍රමය?
දැන් ඔබට පින්තූර තෝරනවා වෙනුවට ඔබේ පරිගණක තිරයේ දිස්වන QR කේතයක් (QR Code) ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් ස්කෑන් කිරීමට සිදු වනු ඇත. ඔබ වෙබ් අඩවියකට පිවිසෙන විට ඔබේ හැසිරීම සැක සහිත (Suspicious traffic) යැයි ගූගල් පද්ධතියට හැඟී ගියහොත් පමණක් මෙම QR කේතය දිස්වේ. ඔබ කළ යුත්තේ දුරකථනයෙන් එය ස්කෑන් කර ඔබ සැබෑ මිනිසෙකු බව තහවුරු කිරීම පමණයි.
ඇයි මේ වගේ වෙනසක් කළේ?
දැනට පවතින දියුණු කෘත්‍රිම බුද්ධිය (AI) මගින් පැරණි reCAPTCHA පින්තූර ඉතා පහසුවෙන් හඳුනාගෙන ඒවා විසඳීමට සමත් වී තිබේ. මේ නිසා වෙබ් අඩවි වල ආරක්ෂාව තහවුරු කිරීමට පින්තූර ක්‍රමය තවදුරටත් ප්‍රමාණවත් නැහැ. ඔබ සතු ජංගම දුරකථනය හරහා තහවුරු කිරීම මගින් රොබෝවරුන්ට වෙබ් අඩවි වලට ඇතුළු වීම බොහෝ දුරට පාලනය කළ හැකියි.
මේ සඳහා ඔබට අවශ්‍ය මොනවාද?
Android පරිශීලකයන්: ඔබේ දුරකථනයේ Google Play Services අලුත්ම සංස්කරණය (v25.41.30 හෝ ඊට ඉහළ) තිබිය යුතුය.
iOS (iPhone) පරිශීලකයන්:
මේ සඳහා විශේෂිත reCAPTCHA ඇප් එකක් භාවිතා කිරීමට සිදු විය හැකියි.
පුද්ගලිකත්වය (Privacy) පිළිබඳ ගැටලුව
මෙම ක්‍රමය ඉතා පහසු වුවත්, තාක්ෂණික විචාරකයන් පවසන්නේ මෙහි යම් අවදානමක් ඇති බවයි. ඔබ පිවිසෙන වෙබ් අඩවි තොරතුරු ඔබේ පෞද්ගලික දුරකථනය සහ ගූගල් ගිණුම සමඟ සෘජුවම සම්බන්ධ වීම මෙහිදී සිදුවේ. මෙය ඔබේ පෞද්ගලිකත්වයට බලපෑමක් දැයි යන්න පිළිබඳව දැනටමත් ලෝකය පුරා කතාබහක් නිර්මාණය වී ඇත.
💬 ඔබ මොකද හිතන්නේ?
කරදරකාරී පින්තූර තෝරන එකට වඩා මේ QR Code ක්‍රමය ලේසි වෙයිද? නැත්නම් මේකෙන් අපේ Privacy එකට ප්‍රශ්නයක් වෙයිද?
ඔයාගේ අදහස Comment එකක් දාගෙන යන්න. යාලුවන්ටත් දැනගන්න පෝස්ට් එක Share කරන්න! 🔄