
17/07/2025
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝලවිද්‍යා අධ්‍යයනාංශය විසින් පිරිනමනු ලබන භූගෝලීය තොරතුරු පද්ධති සහ දුරස්ථ සංවේදනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා දැන් අයදුම්පත් බාරගනිමින් සිටී. වෘත්තීමය සුදුසුකමක් වන මෙම ඩිප්ලෝමා පාඨමාලාව, භූ තොරතුරුවිද්‍යා ක්ෂේත්‍රය තුළ වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට අපේක්ෂා කරන උපාධිධාරීන් නොවන වෘත්තිකයන් සහ උසස් පෙළ සමත් සිසුන් සඳහා හැදැරීමට හැකියාව ඇත. පාඨමාලා කාලය වසරකි.
ලොව පවතින මේ හා සමාන මට්ටමේ වැඩසටහන් හා සමගාමීව යමින් භූගෝලීය තොරතුරු පද්ධති සහ දුරස්ථ සංවේදනය පිළිබඳ දේශීය හා ජාත්‍යන්තර විශේෂඥ මණ්ඩලයක ද සහාය ඇතිව පාඨමාලාවේ විෂය මාලාව සකස් කර ඇත.
මෙම පාඨමාලාව සඳහා සුදුසුකම් ලැබීමට අයදුම්කරුවන් උසස් පෙළ සාමාර්ථ තුනක් සමඟ එකවර සමත් වී තිබීම හෝ උසස් පෙළ විෂයයන් දෙකක් සමත්ව තිබීම හා අදාළ ක්ෂේත්‍රය තුළ වසර 2ක සේවා පළපුරුද්ද හෝ NVQ 4 මට්ටමේ (උසස් සහතිකපත්‍ර) පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීම හෝ සෙනෙට් සභාව විසින් අනුමත කරන ලද වෙනත් සමාන සුදුසුකමක් සම්පූර්ණ කර තිබිය යුතුය. තවද ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රමාණවත් කථන සහ ලිඛිත දැනුමක් තිබීමද අවශ්‍ය වේ.
වැඩිදුර තොරතුරු සඳහා:
https://tinyurl.com/42dn8w98
***************************
The Department of Geography at University of Sri Jayewardenepura invites applications for the Diploma in Geographic Information System and Remote Sensing - a comprehensive one year professional qualification. This course is open for all the non-graduate employees and Advanced Level qualified students who wish to obtain professional qualifications in the fields of Geoinformatics.
The curriculum has been developed with the assistance of local and international panel of experts on GIS and Remote Sensing in par with similar world class programmes available in the world.
To be eligible, applicants must pass Advanced Level with three passes in one sitting or pass 2 subjects of Advanced Level and 2 years working experience of relevant field or completion of NVQ level 4 (Advanced Certificate) course or an equivalent qualification approved by the Senate. Moreover, adequate knowledge in both spoken and written English is required.
For further details:
https://tinyurl.com/42dn8w98