05/02/2024
දශක 5කට පසු ඩුකාටි Motorcross යතුරුපැදියක් එලි දක්වයි. ⚠️️⚠️️⚠️️
1971 වසරේදී ඩුකාටි විසින් යතුරුපැදි 100කට සීමා කර නිකුත් කල Ducati 450RT යතුරුපැදිය නිකුත් කිරීමෙන් පසුව ප්‍රථම වරට 450cc කාණ්ඩයේ තනි සිලින්ඩර ඩෙස්මෝඩ්‍රොමික් වෑල්ව එන්ජිමකින් බල ගැන්වෙන මෝටර් ක්‍රොස් කාණ්ඩයේ යතුරුපැදියක් එලි දක්වා තිබෙනවා.
MotoGP ඉසව්වේ වසර පසුගිය වසර දෙකම ඩුකාටි අනසක පැතිරවීමට විශාල මගපෙන්වීමක් කල Paolo Ciabatti ගේ මූලිකත්වයෙන් හා ලොව අති සාර්ථකම MX ලෝක ශූරයා වන 9 වතාවක් ලෝක ශූර Antonio Cairoli ගේ අද්දැකීම මෙන්ම දැනුම ද, 8 වතාවක් ඉතාලියානු MX ජාතික ශූර Alessandro Lupino ගේ අද්දැකීමද කැටි කර නිර්මාණය කර ඇති මෙම Desmo MX යතුරුපැදිය එලඹෙන 2025 වසරේදී මෝටර් ක්‍රොස් පිටියට නිකුත් කිරීමට ඩුකාටි සැලසුම් කර තිබෙනවා.
මෙම යතුරුපැදිය ගැන කිසිදු තාක්ෂණික තොරතුරක් මේ වන විටත් මාධ්‍යයට නිකුත් කර නොමැති අතර මෙම මාදිලිය අලෙවි කිරීමට වෙළෙඳපොළට නිකුත් කරනවාද හෝ Street Legal මාදිලියේ යතුරුපැදියක් නිකුත් කරනවාද යන්න ගැනත් නිල වශයෙන් කිසිදු සටහනක් නැහැ.
කෙසේ උනත් පසුගියදා නිකුත් කල තනි සිලින්ඩර Supermoto යතුරුපැදිය එම කාණ්ඩයේ සියළුම යතුරුපැදි පහසුවෙන් පරාජය කලා සේම මෙම යතුරුපැදිය ද මෙම කාණ්ඩයේ නම් දරා සිටින Yamaha YZF, Suzuki RMZ,Honda CRF,Kawasaki KXF KTM XSF, Gasgas MCF වැනි යතුරුපැදි වලට දැඩි තරඟයක් එල්ල කරනවා නොඅනුමානය.
IMAGE COURTESY : Ducati