Sri Lankan Tribune

අරගලය පැවති සමයේ රඹුක්කන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසල වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් මහජනතා ...
28/07/2025

අරගලය පැවති සමයේ රඹුක්කන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසල වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් මහජනතා විසින් උද්ඝෝෂණයක් සිදුකළ අවස්ථාවේදී එය විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් වෙඩි තැබීමෙන් පුද්ගලයකු මරණයට පත්වීම ඇතුළු තවත් පිරිසක් තුවාල ලැබීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 07 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) අවසර ලබා දුන්නේය.

අදාළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අචල වෙංගප්පුලි, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා සති හයක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස අදාළ පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ මෙම වෙඩිතැබීම සිදුකිරීමට අණදුන් බව කියන කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න සහ වෙඩිතැබීම සිදුකළ බව කියන පොලිස් කොස්තාපල්වරු තුන්දෙනෙකුට අධිකරණය විසින් නොතීසි නිකුත් කළේය.

මෙම විරෝධතාවලට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සති හයක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම් විභාගය සඳහා ලබන පෙබරවාරි 27 වනදා කැඳවීමටද නියම විය.

මෙම පොලිස් වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය චමින්ද ලක්ෂාන් නමැති 41 හැවිරිදි පුද්ගලයාගේ බිරිඳ ඇතුළු මෙම කළහකාරි සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් විසින් මෙම මූලික අයිතිවාසිකම් 07 ක් ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පොලිසිය විසින් කලහකාරී සිද්ධියක් විසුරුවා හැරීම සඳහා අනුගමනය කළ යුතු මූලික ක්‍රියා පටිපාටින් හා නීතිමය ප්‍රතිපාදන අනුගමනය නොකොට සෘජුවම වෙඩි ප්‍රහාර එල්ල කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.

මේ තුළින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් එම නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.

මෙහිදී වගඋත්තරකාර පොලිස් නිලධාරින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියේදී මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග වගඋත්තරකරුවන් විසින් ගත් බව සඳහන් කළේය.

මහජනතාවට අවවාද කිරීම් ඇතුළු නීතිමය ප්‍රතිපාදනය අනුගමනය කළ බවත් මහජන සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් අවසානයේදී කළ නොහැකි විකල්පයක් නොමැති තැන මෙම වෙඩි තැබීම සිදුකිරීමට සිදු වූ බවත් නීතිඥවරයා මෙහිදී පැවසීය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව කියන පොලිස් නිලධාරීන්ට විරුද්ධව කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනුකර ලගු නොවන නඩු විභාගයක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව සඳහන් කළේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝග නිකුත් කළේය.

28/07/2025

Hi everyone, welcome back to our channel. In this video, We’re going to show you Follow Us on Social Media: ✅ Official website - https://www.srilankantribune...

28/07/2025

අසහනකාරයෙක්ට නියම පාඩමක් ඉගැන්වූ නිර්භීත තරුණිය....

අද (28) උදෑසන බොරැල්ල, කනත්ත හන්දියේ සිදුවු මාරක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරු ගංජා මත්ද්‍රව්‍ය පානය ...
28/07/2025

අද (28) උදෑසන බොරැල්ල, කනත්ත හන්දියේ සිදුවු මාරක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරු ගංජා මත්ද්‍රව්‍ය පානය කර සිට ඇතැයි තහවුරු වී තිබේ.

අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේ දී මේ බව අනාවරණය වී ඇත.

අද (28) උදෑසන බොරැල්ල, කනත්ත හන්දියේ දී සිදුවු මාරක අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් 7 දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

පොලීසිය පැවසුවේ, අනතුරින් තුවාල ලැබූ එක් අයෙක් රෝහල් ගත කිරීමේදී මියගොස් සිටි බව කොළඹ ජාතික රෝහලේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

තුවාලකරුවන් අතරින් දෙදෙනෙකු කාන්තාවන් වන බවත්, ඉතිරි පස්දෙනාම පිරිමි පුද්ගලයින් වන බව ද වෛද්‍යවරයා කියා සිටියේය.

අද උදෑසන රාජගිරිය දෙස සිට බෞද්ධාලෝක මාවත දෙසට ධාවනය වෙමින් තිබූ දොඹකරයක්, කනත්ත වටරවුමේ මාර්ග සංඥා අසල නවතා තිබූ යතුරු පැදි 6ක සහ මෝටර් රථ 3ක් ගැටී අනතුර සිදුව තිබුණි.

අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 62ක් වූ අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකි.

අනතුර සිදුකළ දොඹකරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, දොඹකරයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පළ කළේය.

බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

28/07/2025

මොනවා නැතත් ලයිට් කණුවට දාලා තියෙන්නේ සුපිරිම වනේ කම්බි වගේ......

28/07/2025

Hi everyone, welcome back to our channel. In this video, We’re going to show you Follow Us on Social Media: ✅ Official website - https://www.srilankantribune...

28/07/2025

Hi everyone, welcome back to our channel. In this video, We’re going to show you Follow Us on Social Media: ✅ Official website - https://www.srilankantribune...

ශ්‍රී ලංකාවේ අපනයන 2025 වර්ෂයේ පළමු මාස හය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මි...
28/07/2025

ශ්‍රී ලංකාවේ අපනයන 2025 වර්ෂයේ පළමු මාස හය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 8,337.86 කට ළඟා වී ඇති බවත්, එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 6.70%ක වර්ධනයක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

මේ සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළු සමස්ත අපනයන 2025 ජූනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,460.34 කට ළඟා විය. මෙය 2024 ජූනි මාසයට සාපේක්ෂව 8.73%ක වර්ධනයක් පෙන්නුම් කරයි.

2025 ජූනි මාසයේදී පමණක් වෙළඳ භාණ්ඩ අපනයන 6.85%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1,150.73 කට ළඟා වී ඇති බව ශ්‍රී ලංකා රේගුව සහ විද්‍යුත් භාණ්ඩ සඳහා ඇස්තමේන්තු දත්ත අනුව පෙන්නුම් කරයි.

2025 ජනවාරි සිට ජූනි දක්වා කාල සීමාව සඳහා වෙළඳ භාණ්ඩ අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 6,504.72 ක් විය, එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 5.86%ක වර්ධනයකි.

2025 ජූනි මාසයේදී සේවා අපනයනවලින් ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 309.61 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 16.38 % ක වර්ධනයකි.

වර්ෂයේ පළමු මාස හය තුළ සේවා අපනයන 9.78%කින් වර්ධනය වී අති අතර ඇමරිකානු ඩොලර් මිලියන 1,833.14 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය, ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහනය සහ සැපයුම් යන අංශවලින් සමන්විත සේවා අපනයන ක්ෂේත්‍රය අඛණ්ඩව ශ්‍රී ලංකාවේ අපනයන විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් සහිත රැකියා අවස්ථා නිර්මාණය කරමින් සිටී.

28/07/2025
අද (28) උදෑසන තායිලන්තයේ, බැංකොක් අගනුවර ජනප්‍රිය ආහාර වෙළෙඳපොළක් තුළ සිදුවු සමූහ වෙඩිතැබීමකින් එහි සිටි ආරක්ෂක නිලධාරීන...
28/07/2025

අද (28) උදෑසන තායිලන්තයේ, බැංකොක් අගනුවර ජනප්‍රිය ආහාර වෙළෙඳපොළක් තුළ සිදුවු සමූහ වෙඩිතැබීමකින් එහි සිටි ආරක්ෂක නිලධාරීන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩිතැබීමෙන් තවත් අයෙක් තුවාල ලබා ඇති අතර, පොලීසිය වෙඩිතැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා සියදිවි නසාගෙන ඇති බව ද එරට ආරක්ෂක අංශ තහවුරු කර තිබේ.

බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද (28) සිට Govpay හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කර තිබේ.මේ සම්...
28/07/2025

බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද (28) සිට Govpay හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කර තිබේ.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව කියා සිටියේය.

දඩ ගෙවීමේ දී මුදලේ කිසිදු වෙනසක් සිදුව නොමැති අතර, ස්ථානීය වැරදි 33ක් සඳහා Govpay හරහා දඩ ගෙවිම සිදුකළ හැකි අතර, එමඟින් දඩ ගෙවන පුද්ගලයාට තැපැල් කාර්යාලයට ගෙවන මුදල ඉතිරි වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය නිලධාරීන්ට මේ වනවිට පුහුණුව ලබාදී ඇති බව ද පැවසු අමාත්‍යවරයා අද දිනයේ රථ වාහන පොලීසියේ නිලධාරීන් 1000කට දුරකථන ලබාදීමට නියමිත බව ද පැවසීය.

ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයේ දැඩි කැපවීම මත මෙම කටයුත්ත ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට හැකියාව හිමිවූ බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

ඉදිරි මාස කිහිපය තුළ සෙසු පොලිස් ස්ථානවලට ද දුරකථන ලබාදීමට බලාපොරොත්තු වන බව පැවසු අමාත්‍යවරයා, එවිට මෙම කටයුත්ත ඉතා පහසු වන බව ද පැවසීය.

පුහුණු වැඩසටහන් කිහිපයක් මේ සම්බන්ධයෙන් ඩිජිටල් අමාත්‍යාංශය මඟින් පොලිස් නිලධාරීන්ට ලබාදීමට නියමිත අතර, අගෝස්තු මස 4 වන දිනට පෙර මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර මාර්ග ආරක්ෂාව වැඩිකිරීම සඳහා මධ්‍යම, ඌව සහ සබරගමුව යන පළාත්වල විශේෂ වැඩසටහනක් මේ වනවිට ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

2025 - 2026 වර්ෂය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සකස් කරන ලද කරුණු 85කින් සමන්විත ක්‍රියාකාරී සැලැස්මක් සහිත පොත මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට සහ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා වෙත පිළිගැන්වීම ද මෙම අවස්ථාවේ දී සිදුකෙරුණි.

28/07/2025

Hi everyone, welcome back to our channel. In this video, We’re going to show you Follow Us on Social Media: ✅ Official website - https://www.srilankantribune...

Address

Colombo 03

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Tribune posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lankan Tribune:

Share

Category