Sri Lankan Tribune

සංවත්සරය තිබුණේ 6 වෙනිදාට නායකතුමාට හිතපු නැති දෙයකට මුහුණදීමට සිදුවුණා
20/09/2025

සංවත්සරය තිබුණේ 6 වෙනිදාට නායකතුමාට හිතපු නැති දෙයකට මුහුණදීමට සිදුවුණා

Hi everyone, welcome back to our channel. In this video, We’re going to show you Follow Us on Social Media: ✅ Official website - https://www.srilankantribune...

අද පස්වරුවේ පිටකොටුවේ තුන්වන හරස් වීදීයේ ඇති වූ ගින්න ....
20/09/2025

අද පස්වරුවේ පිටකොටුවේ තුන්වන හරස් වීදීයේ ඇති වූ ගින්න ....

පිටකොටුව, තුන් වන හරස් වීදියේ ගොඩනැගිල්ලක අද (20) ගින්නක් හටගෙන තිබේ.අදාළ ගොඩනැගිල්ලේ 3 වන මහලේ ඇති වෙළඳසැලක් මෙසේ ගිනි ...
20/09/2025

පිටකොටුව, තුන් වන හරස් වීදියේ ගොඩනැගිල්ලක අද (20) ගින්නක් හටගෙන තිබේ.

අදාළ ගොඩනැගිල්ලේ 3 වන මහලේ ඇති වෙළඳසැලක් මෙසේ ගිනි ගෙන ඇති බව වාර්තා වේ.

ගින්න නිවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ සඳහා ගිනි නිවන රථ 12ක් යොදවා ඇති බව ගිනි නිවන හමුදාව සඳහන් කළේය.

2025 වසරේ මේ දක්වා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 955ක්, අයිස් කිලෝග්‍රෑම් 1,422 ක් පොලීසිය සිය භා...
20/09/2025

2025 වසරේ මේ දක්වා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 955ක්, අයිස් කිලෝග්‍රෑම් 1,422 ක් පොලීසිය සිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහතා පවසයි.

විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අද (20) ඔහු ඒ බව සඳහන් කර සිටියේය.

එහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ හෂිෂ් කිලෝග්‍රෑම් 471 ක්, කොකේන් කිලෝග්‍රෑම් 29ක්, ගංජා කිලෝග්‍රෑම් 13,773 ක්, මත්ද්‍රව්‍ය පෙති මිලියන 3.5ක් ද නිලධාරීන් භාරයට ගත් බවය.

එහිදී T-56 අවි 61ක්” පිස්තෝල 62ක් සහ රිවෝල්වර් 40ක් වෙනත් ගිනිඅවි 1,721ක් සොයා ගෙන ඇත.

2025 ජනවාරි පළමු වනදා සිට මේ දක්වා වෙඩිතැබීමේ සිද්ධිවලට අදාළව වෙඩික්කරුවන් 38 දෙනෙකු, පැදිකරුවන් 27 දෙනෙකු, ආධාර අනුබල ලබාදීමේ සිද්ධිවලට අදාළව පුද්ගලයින් 263 දෙනෙකු ඇතුළුව සැකකරුවන් 328 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර දෛනික පොලිස් විශේෂ මෙහෙයුම්වලදී ජනවාරි 12 වනදා සිට මේ දක්වා පුද්ගලයින් 5,101,516ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර සැකපිට පුද්ගලයින් 104,602ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් පුද්ගලයින් 4630 දෙනෙකු අපරාධවලට ඍජුව සම්බන්ධ බවට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 46,909 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් රියදුරන් 3404 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.

අපි මධ්‍යස්ථව තමයි හිටියේ ප්‍රතිව්‍යුහගතකරණය ඕනි කියන තැන අපි ඉන්නවා
20/09/2025

අපි මධ්‍යස්ථව තමයි හිටියේ
ප්‍රතිව්‍යුහගතකරණය ඕනි කියන තැන අපි ඉන්නවා

Hi everyone, welcome back to our channel. In this video, We’re going to show you Follow Us on Social Media: ✅ Official website - https://www.srilankantribune...

විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු සමාජයේ සියලු පුරවැසියන්ගෙන් විශේෂ අවධානයට ලක්විය යුතු වුවත් ඔවුන්ට හිරිහැර සිදුවන අවස්ථා පිළ...
20/09/2025

විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු සමාජයේ සියලු පුරවැසියන්ගෙන් විශේෂ අවධානයට ලක්විය යුතු වුවත් ඔවුන්ට හිරිහැර සිදුවන අවස්ථා පිළිබඳ දිනෙන් දින වාර්තා වෙයි.

ඊට ආසන්නතම සිද්ධිය වාර්තා වූයේ අනුරාධපුර ප්‍රදේශයෙනි.

අනුරාධපුර ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉගෙනුම විදුහලක එම දරුවන්ට සිදුවන අකටයුතුකම්, අපචාර සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ද ඊයේ විශේෂ අවධානයට ලක්වුණි.

අනුරාධපුර නගරයේ පිහිටා ඇති මෙම විශේෂ විදුහලේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉගෙනුම ලබයි.

ගැහැණු සහ පිරිමි දරුවන් 69කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරන මෙම පාසල, පෞද්ගලික ආයතනයක් විසින් නඩත්තු වන අතර එහි පරිපාලනය සිදුකරන්නේ පාලක මණ්ඩලයක් හරහාය.

උතුරු මැද පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ මෙය අධීක්ෂණය කෙරේ.

කණගාටුවට කරුණ නම්, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පිරිසක් සිය අනාගතය ගොඩනැගීම අරමුණු කරගමින් අධ්‍යාපනය හැදෑරීමට මෙම පාසලට පැමිණියත් එහිදී ලිංගික අපචාරයන්ට හා විවිධ හිරිහැරවලට ලක්වීමය.

එලෙස පිරිමි දරුවන් තිදෙනෙකුට ලිංගික අපචාර කිරීමත් තවත් දරුවෙකු අපයෝජනය කළ බවටත් වූ චෝදනා සම්බන්ධයෙන් පාසලේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන එළැඹෙන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව අනුරාධපුර පොලිසිය පැවසීය.

කතාකිරීමට නොහැකි කන් නොඇසෙන සිය දරුවන්ට සිදුවන අනේකවිධ අඩන්තේට්ටම් ඉවසා දරාගත නොහැකි මව්පියන් පසුගියදා විරෝධතාවක ද නිරත වූයේ පාසලේ පාලක මණ්ඩලයට දැඩි විරෝධයක් එල්ල කරමින්ය.

අපිට මූලික වගකීමක් තිබෙනවා මේ තවත් දේශපාලන ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි
20/09/2025

අපිට මූලික වගකීමක් තිබෙනවා
මේ තවත් දේශපාලන ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි

Hi everyone, welcome back to our channel. In this video, We’re going to show you Follow Us on Social Media: ✅ Official website - https://www.srilankantribune...

කොහොමද මෙහෙම සේවය කරන්නෙ?පිටරට සමාගම් ලංකාවේ ඉන්ශුවරන්ස් කරන්න ලයිසන් ඕනි
20/09/2025

කොහොමද මෙහෙම සේවය කරන්නෙ?
පිටරට සමාගම් ලංකාවේ ඉන්ශුවරන්ස් කරන්න ලයිසන් ඕනි

Hi everyone, welcome back to our channel. In this video, We’re going to show you Follow Us on Social Media: ✅ Official website - https://www.srilankantribune...

රුසියානු ජෙට් යානා කිහිපයක් සිය ගුවන් අවකාශය උල්ලංඝනය කළ බවට එස්තෝනියාව චෝදනා කරයි.එස්තෝනියානු විදේශ අමාත්‍යාංශය නිවේදනය...
20/09/2025

රුසියානු ජෙට් යානා කිහිපයක් සිය ගුවන් අවකාශය උල්ලංඝනය කළ බවට එස්තෝනියාව චෝදනා කරයි.

එස්තෝනියානු විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ රුසියානු මිග්-31 ප්‍රහාරක ජෙට් යානා 3ක් සිය අවසරයකින් තොරව මිනිත්තු 12ක් පමණ තම ගුවන් සීමාවේ රැඳී සිට ෆින්ලන්ත බොක්ක හරහා ගමන්කළ බවය.

මෙය ‘නිර්ලජ්ජිත’ ක්‍රියාවක් බවත්, තම ගුවන් අවකාශය උල්ලංඝනය කිරීම දැඩිව හෙළා දකින බවත් එස්තෝනියාව පවසයි.

ඒ අනුව රුසියානු ජෙට් යානා තම ගුවන් අවකාශය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එස්තෝනියාව නේටෝ සාමාජිකයින්ගෙන් උපදෙස් පතා ඇත.

කෙසේ වෙතත් රුසියානු ජෙට් යානා පැමිණීමත් සමග තම හමුදා සන්ධානය වහාම ප්‍රතිචාර දැක්වූ බවද එස්තෝනියාව පවසයි.

කෙසේ වෙතත් රුසියාව එස්තෝනියානු ගුවන් අවකාශය උල්ලංඝනය කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

එක්සත් ජාතීන්ගේ 80 වැනි රාජ්‍ය නායක සමුළුව ලබන සතියේ අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැව...
20/09/2025

එක්සත් ජාතීන්ගේ 80 වැනි රාජ්‍ය නායක සමුළුව ලබන සතියේ අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා සහභාගිවීමට නියමිත පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් ට වීසා ලබාදීම අමෙරිකාව ප්‍රතික්ෂේප කළේය.

කෙසේවෙතත් එම සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතීමට ඔහුට හැකියාව ලබාදෙන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල බහුතර ඡන්දයෙන් සම්මත කරගෙන ඇත.

මෙම සමුළුවේ දී පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමටද සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

දායක සභාවේ බලය ගන්න හදන්නෙඒක බෞද්ධයෝ හැටියට අපි බලාගන්නම්
20/09/2025

දායක සභාවේ බලය ගන්න හදන්නෙ
ඒක බෞද්ධයෝ හැටියට අපි බලාගන්නම්

Hi everyone, welcome back to our channel. In this video, We’re going to show you Follow Us on Social Media: ✅ Official website - https://www.srilankantribune...

එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය අද (20) පැවැත්වෙයි.ඒ, එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන...
20/09/2025

එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය අද (20) පැවැත්වෙයි.

ඒ, එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජයවර්ධනපුර ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයකදී සංවත්සර උත්සවය පැවැත්වෙයි.

Address

Nugegoda
4556

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Tribune posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lankan Tribune:

Share

Category