05/08/2026
හල්දුම්මුල්ලේ මහලන්ද වසමේ , ප්‍රේමතිලක නම් හරක් ජාවාරම්කරුවා රක්ෂිතයේ ඉදිකර ඇති තම දෙමහල් නිවස අසලට පැමිණි සද්දන්ත හස්තිරාජයාට ටී. 56 ගිණි අවියකින් වෙඩි තුනක් තබා ඝාතනය කර තිබුණි.
ඊයේ සදුදා දින වන සංරක්ෂණ, පොලීසිය හා තවත් නිලධාරීන් පැමිණ මියගිය අලියා ගේ මරණ පරීක්ෂණය පැවත්වා ඇත.
අලියාගේ ඇසට උඩින් ද, අලියා බෙටි දමන පිටුපසින් ද ටී 56 තුවක්කුවෙන් තැබී වෙඩි පරීක්ෂා කරනු වෙනුවට පශු වෛද්‍යවරයා අලියාගේ බඩ කපා පරීක්ෂා කරනු ලැබීය.
අප ඊයේ කියූ ලෙසම ටී 56 උණ්ඩ වෙනුවට බඩේ තිබූ කැප් තුවක්කු උණ්ඩයක් වෛද්‍යවරයා සැමටම පෙනෙන්නට එළියට ගනු ලැබීය.
වහ වහා අලියාගේ ඇතුළු බහන් ඇද අවයව එළියට ගත් පිරිස වලක් කපා අලියාගේ සිරුර මිහිදන් කරනු ලැබීය.
ජේසුතුමන් ගලීලයේ කානා නුවර , මරියතුමියගේ ඉල්ලීම මත ගල් හැළිවලට වතුර පිරවූ පසුව, එම ජලය උත්තම රසැති වයින් බවට හැරුණු බව බයිබල් වැකි යොහන් 2:1-12 හි දැක්වේ.
එලෙසම ටී 56 උණ්ඩ වලින් වෙඩි තැබූ බිට ඒවා කැප් තුවක්කු බෝර බවට පත්වන්නේ ලංකාවේ ය.
ගලීලයේ ජලය වයින් බවට පත් වූ ලෙසම මහලන්දේ දී ටී 56 න් මියගිය අලියාගේ මරණ පරීක්ෂණයේ සටහන කැප් තුවක්තුවකින් සිදු වූ මරණයක් ලෙස ලේඛන ගත කර අවසන්ය.
ගව ගාල්වලට අලින් ගෙන් හානි සිදුවන නිසා ඔවුන් මරා දැමීම ප්‍රේමතිලක විසින් නිතර සිදු කරනු ලබයි. ඔහුගේ රක්ෂිතයේ පිහිටි නිවසේ සිට කි.මි. එකක වටපිටාව තුල මේ වසරේ දැනට අලි හතර දෙනෙකු ඝාතනය කර ඇත.
හරක් පැටවුන් කන්නට පැමිණෙන කඳුරට දිවියන් කිහිප දෙනෙකු ද ඔහු විසින් ඝාතනය කර ඇත.
වර්තමාන ආණ්ඩුවේ ේශපාලනඥයෙකුගේ ප්‍රබල ආධාරකරුවෙකු වන නිසා ඔහු සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගය ගැනීමට පොලීසියට හැකියාවක් නැතැයි තතු දන්නෝ ප්‍රකාශ කරති.
අවසානයේ දැවැන්ත හස්ති රාජයෙකු අපට අහිමිව ඇත.
නෙළුව ප්‍රියන්ත යනු කව්ද ? ඔහුගේ සහෝදරයා ප්‍රේමතිලක ඇතුළු ජඩයන් කව්ද බව දැන් හෙලිදරව් වී අවසානය.
අවසානයේ තවත් හස්තිරාජයෙක් අපට අහිමිව ඇත..
Ministry of Environment Department of Wildlife Conservation, Sri Lanka සාධාරණ පරීක්ෂණයක් අවශ්‍යයි සතාට වෙඩ් තියපු උන්ව වහාම අත් අඩංගුවට ගන්න සාක්ෂි තියෙද්දිත් මේක යට යවන්නෙපා🖐️