Elephant Diaries

Elephant Diaries 🐘 Celebrating the lives of Sri Lanka's majestic elephants.
📸 Memories • Stories • News • Conservation
🌿 Dedicated to protecting both wild and tamed elephants.

ආරාක්ෂාවත් එක්ක පාර පනින පින්නවල භරණ ඇත් පැටියා..අයියලා දෙන්නා වගේම මෙයත් අනාගතයේ ඇත් රජෙක් වෙනවා නොඅනුමානයි... ❤️ පණු ද...
12/09/2026

ආරාක්ෂාවත් එක්ක පාර පනින පින්නවල භරණ ඇත් පැටියා..

අයියලා දෙන්නා වගේම මෙයත් අනාගතයේ ඇත් රජෙක් වෙනවා නොඅනුමානයි... ❤️ පණු දළ කියලා කියන අයට අනාගතේදී බලාගන්න පුලුවන් 🌝😎

ගල්ගමුව ප්‍රදේශයේ හක්කපටස් කෑ ගැහැණු අලි පැටියෙකු අසාධ්‍ය තත්වයේ 💔😥නිකවැරටිය පශුවෛද්‍ය ඒකකයේ සහ ගල්ගමුව වනජීවී ඒකකයේ නිල...
12/09/2026

ගල්ගමුව ප්‍රදේශයේ හක්කපටස් කෑ ගැහැණු අලි පැටියෙකු අසාධ්‍ය තත්වයේ 💔😥

නිකවැරටිය පශුවෛද්‍ය ඒකකයේ සහ ගල්ගමුව වනජීවී ඒකකයේ නිලධාරීන් මෙම පැටවාට ප්‍රතිකාර සිදු කල අතර පැටවාගේ ජීවිතය තවමත් අනතුරේ බවයි පවසන්නේ.

කුඩා අලි පැටවෙකුට ජීවිත දානය දුන් තරුණ ශක්තිය ❤️අලි මවට බේරාගැනීමට නොහැකිව වළක් තුළ අත්හැර දමා ගිය කුඩා අලි පැටවෙකු බේරා...
11/09/2026

කුඩා අලි පැටවෙකුට ජීවිත දානය දුන් තරුණ ශක්තිය ❤️

අලි මවට බේරාගැනීමට නොහැකිව වළක් තුළ අත්හැර දමා ගිය කුඩා අලි පැටවෙකු බේරාගැනීමට තරුණයින් පිරිසක් කටයුතු කරන අපූරු වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. 🐘❤️

ඉතා බුද්ධිමත් ලෙස ඔවුන් පැටවා වළෙන් ගොඩට ගැනීමට සමත් වන අතර එහිදී මිනිස් ඉව පැටවාට නොදැනෙන ලෙස පිදුරු යොදාගනිමින් කටයුතු කිරීම විශේෂ වූයේ මිනිස් ඉව තැවරුණු පැටවෙකු ඇතැම් අවස්ථාවලදී අලි රංචුව විසින් ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇති බැවිනි.

අවසානයේ වළෙන් ගොඩට පැමිණි පැටවා නිරුපද්‍රිතව තම රංචුව වෙත යන අයුරු දැකගත හැකි විය. ❤️🐘

හක්කපටස් සහ වෙඩි උණ්ඩ හේතුවෙන් දිනකට එක් සද්දන්තයෙකු හෝ අහිමි වන රටක, මේ තරුණයින් පිරිස කළ මෙම උතුම් ක්‍රියාව සැබැවින්ම ප්‍රශංසනීයය. 🙏

වන අලියෙකුගේ ජීවිතයක් බේරාගැනීම යනු අපේ අනාගත පරපුර වෙනුවෙන් අපේ වනජීවී උරුමය රැකගැනීමයි. ❤️

මේ තරුණයින්ට යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා! තව තවත් මෙවැනි පුතුන් ලක් දෙරණ මත ඉපදේවා! 🙏🐘❤️

පෙරහර කාලෙට මතුවෙන අවිහිංසාවාදියෝ ටික මේවාට නිහඬ ඇයි? 😶මේ දිනවල පවතින දැඩි නියඟයත් සමඟ වන අලි ඇතුන්ට සොයාගත හැකි ආහාර සහ...
11/09/2026

පෙරහර කාලෙට මතුවෙන අවිහිංසාවාදියෝ ටික මේවාට නිහඬ ඇයි? 😶

මේ දිනවල පවතින දැඩි නියඟයත් සමඟ වන අලි ඇතුන්ට සොයාගත හැකි ආහාර සහ ජලය තිබෙන්නේ ඉතාමත් සීමිත ප්‍රමාණයක් පමණි. 😔

එවැනි තත්ත්වයක් මත, ඔවුන්ට ඉතිරිව ඇති සීමිත ආහාර ටිකටත් මිනිසුන් ගිනි තබනවා නම්… මේ අහිංසක සතුන් ජීවත් වන්නේ කෙසේද? 💔

පෙරහර සමයේදී අලි ඇතුන් ගැන, අවිහිංසාව ගැන කතා කරන හඬවල්, ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන ගිනිබත් වන විටත් ඇසෙන්නට තිබිය යුතු නොවේද? 😶

ඡායාරූප වල අයිතිය මුල් හිමිකරු සතුය. ❤️

10/09/2026

ගේමක් නැතුව විදුලි වැටෙන් පනින අලි 😂.

80s Trend. රුහුණේ ඇත් රජ වාසනා ❤️🌝
10/09/2026

80s Trend. රුහුණේ ඇත් රජ වාසනා ❤️🌝

දළ දුටු පමනින් හඳුනා ගත හැකි අවාසනාවන්ත ලෙස අප අතරින් සමුගත් සද්ධන්තයෙක් 🐘😥
09/09/2026

දළ දුටු පමනින් හඳුනා ගත හැකි අවාසනාවන්ත ලෙස අප අතරින් සමුගත් සද්ධන්තයෙක් 🐘😥

ශ්‍රී ලංකාවේ වන අලි අතරින් විශාලතම දළ යුවලකට හිමිකම් කියූ, පරිණතම වන ඇතු වූ මහසෙන් ඇතා පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් වාර...
09/09/2026

ශ්‍රී ලංකාවේ වන අලි අතරින් විශාලතම දළ යුවලකට හිමිකම් කියූ, පරිණතම වන ඇතු වූ මහසෙන් ඇතා පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත. 💔

ඔහු මේ වන විට කොහේ සිටියත්, නිරෝගීව සහ ආරක්ෂිතව සිටිනු ඇතැයි අපි හදවතින්ම බලාපොරොත්තු වෙමු. 🙏🐘

මහසෙන්, ඔබ ආරක්ෂිතව සිටින බවට සුබ ආරංචියක් ලැබෙන තුරු අපි බලා සිටිමු. ❤️

හක්කපටස් කා හොඬයද වෙන්වී ගිය අලි පැටවෙක්. 😢💔මේ දිනවල හක්කපටස් වල ප්‍රධාන ඉලක්කයක් බවට කුඩා අලි පැටවුන් පත්ව තිබෙනවා. තමන...
08/09/2026

හක්කපටස් කා හොඬයද වෙන්වී ගිය අලි පැටවෙක්. 😢💔

මේ දිනවල හක්කපටස් වල ප්‍රධාන ඉලක්කයක් බවට කුඩා අලි පැටවුන් පත්ව තිබෙනවා. තමන්ගේ දරුවන් වැනි කුඩා අවධියේ පසුවන මෙම සතුන්ට මෙවැනි විපතක් අත්කරදීමට තරම් මිනිස් සිත් කුරිරු වන්නේ කෙසේද? 💔😢

වලවේ කොටා ගැටුමක! 🤭🐘කොට ඩයල් වලියට බරයි කියන්නේ ඔන්න ඕකයි! 😂උඩවලව කුරු අලියා නොහොත් “වලවේ කොටා” තවත් අලියෙකු සමඟ ගැටුමකට...
08/09/2026

වලවේ කොටා ගැටුමක! 🤭🐘
කොට ඩයල් වලියට බරයි කියන්නේ ඔන්න ඕකයි! 😂

උඩවලව කුරු අලියා නොහොත් “වලවේ කොටා” තවත් අලියෙකු සමඟ ගැටුමකට පැටලුණු අපූරු අවස්ථාවක් 2022 වර්ෂයේදී මෙලෙස කැමරාවට හසුවී තිබුණා. 🐘🔥

උඩවලව ජාතික වනෝද්‍යානයේ වෙසෙන තවත් අලියෙකු සමඟයි "වලවේ කොටා" මෙලෙස ගැටුමක් ඇති කරගෙන තිබුණේ. ඔහුගේ කුඩා සිරුරට නොගැළපෙන තරම් “ගැටුම්කාරී” ස්වභාවයක් ඇති බව නම් මේ ඡායාරූපවලින් හොඳින්ම පෙනෙනවා. 😅🐘

📸 මෙම ඡායාරූපවල මුල් හිමිකම Secrets of Nature YouTube නාලිකාව සතු වන අතර, මෙම සිදුවීම ඇතුළත් සම්පූර්ණ වීඩියෝවද එම නාලිකාවේ පළ කර තිබෙනවා.

වලවේ කොටා කියන්නේ ඇත්තටම වෙනමම ඩයල් එකක්! 🤭🐘❤️

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Elephant Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share