22/06/2022
ශ්‍රී ලංකාව මෙසේ ඔබ බලාසිටියදී වේගයෙන් විනාශවී යන්නේ ඇයි ?
ජාතියක් වශයෙන් අපි ජනතාව පමනක් සතුවන ජනරජයේ පරමාධිපත්‍ය බලය, නීතියේ ආධිපත්‍ය මත පදනම් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සත පහකට ගරැ නොකරන රටක් බවට පත්වී ඇති නිසාය.
අපි නීතියේ ආධිපත්‍ය ගරැකරන රටක් වූවා නම් එදා මහින්ද දේශප්‍රිය නීති ගරැක, නීතියේ ආධිපත්‍ය අකුරට ගරැකල මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වූ මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ නිවැරදි නීත්‍යානුකූල තීරණය ප්‍රතික්ෂේප කර ඔහුව LTTE ‘කොටියකු’ලෙස හන ගසමින් කිසිම හේතුවකට එවකට අමරිකානුවකු වූ ගෝඨාභයට අලි සබ්‍රිව පාවිච්චිකර ව්‍යාජ දිවුරැම් පෙත්සමක් ඉදිරිපත් කර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්වීමට කොහෙත්ම අවසර දෙන්නේ නැත.
ගෝඨාභය නාමයෝජනා දෙන අවස්ථාවේ සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක යන දෙදෙනාම පාර්ල්මේන්තු මංත්‍රීන් විය. නීති ගරැක පුරවැසියෝ වූයේ නම් ඔවුන් කිසිම හේතුවකට එදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගරැකිරීමේ ව්‍යවස්ථාපිත වගකීම දැන දැනම පැහැරහරිමින් ගෝඨාභය රාජපක්ෂගේ සාවද්‍ය ජනාධිපති ජනාධිපති නාමයෝජනාව අභියෝග නොකර නිහඩව සිටින්නේ නැත.
මේ සම්බන්ධයෙන් අපට ඩොනල්ඩ් ට්‍රම්ප් නීති විරෝධීව ජනාධිපති ධූරයේ රැදී සිටීමට උත්සාහකල අවස්ථාවේ නීතියේ ආධිපත්‍ය පමනක් ගරැකල අමරිකානුවන්ගෙන් ඉගෙනගත හැකි පාඩම අමිලය.
Why Sri Lanka today suffers profoundly? Nobody respects the RULE OF LAW, the foundational truth in governance. Watch this extremely important video clip in this regard.