26/06/2023
'මට හරි පාළුයි! ඔයා කොහෙද ඉන්නේ?'
'තව පැය භාගයක් වගේ වෙද්දි ෆ්‍රී වෙනවා, ලෑස්ති වෙලා ඉන්න මං එන්නම් ඔයාව ගන්න!'
'හදිස්සියෙම මොකෝ පාළු? මොකක් හරි අවුලක් ද?'
'දැන් දවස් ගානකින් මං ඔයාව දැක්කෙ නෑ, හරියට කතා කලේ නෑ, ඔයත් බිසී. මමත් බිසී වුණා. මේක තවත් හිතන්න අමාරුයි, ඒක වෙන්න ඇති.'
එයාට පුළුවන් විදියට එයාගෙ හිතට දැනුන දේ එයා වචනෙන් විස්තර කලා.
'හරි මං දැන් එනවා!'
' පරිස්සමට එන්න! '
මිනිස්සුන්ට අවධානය නැතුව ජීවත් වෙන ටිකක් අමාරුයි. මිනිස්සු එක එක විදියට අවධානය හොයනවා. හැමතැනකදි ම මිනිස්සු හෙව්වෙ අවධානය. මිනිස්සුන්ට තමන්ට තියන අවධානය නැති වුණාම ට්‍රැක් පනිනවා. පිස්සු නටන්න ගන්නවා.
වෙලාවකට හිතෙනවා ආදරය කියන්නෙ තමන්ගේ හිත කැමතිම කෙනාගේ මුළු අවධානය ම තමන්ට ගන්නවා වගේ දේකට කියලා, ඒ වගේම තමන්ගේ මුළු අවධානයම ඒ අනිත් කෙනාට දෙන එකද කියලා. සමහර වෙලාවට අනිත් කෙනා ලොකු වැඩකට හිර වෙලා ඉන්න වෙලාවකදි,' ඔය වැඩේ ඉවර වෙන්න තව ගොඩක් වෙලා යයි ද?' කියලා ප්‍රශ්නයක් ඇහුවාම; ' ටිකක් වෙලා යයි' තනි වචනෙන් එන උත්තරයක් අපිව සෑහෙන්න අවුල් කරන්න පුළුවන්. 'එයා මොකක් හරි අවුලකද', 'ඇයි උඩින් පල්ලෙන් උත්තර දුන්නෙ?', 'මේ මොකෝ මේ?' වගේ සෑහෙන්න ප්‍රශ්න ටිකක් හිතට එන්න පුළුවන්. ඒත් ඇත්තටම ඒ කරපු වැඩේට බිසී වුණ නිසා එයා එහෙම උත්තර දුන්නේ. එත් තමන්ගේ ඇතුලේ මුළු සිස්ටම් එකම උඩු යටිකුරු කරලා පිස්සු නටන්න පුළුවන් එහෙම තැනකදි. එත් ඔය ප්‍රශ්නෙටම ' ඔව් අනේ ටිකක් වෙලා යයි තව, මම ඉක්මනට ඉවර කරන්නම්, හදිස්සියකට ද ඇහුවේ?' මෙන්න මේ වගේ උත්තරයක් හම්බවුණොත් කිසිම සිස්ටම් ඉශූ එකක් වෙන්නෙ නෑ. මොකද එතන අවධානය කියන දේ හම්බවෙලා තියන නිසා.
ආදරය කියන දේදිත් ඕක වෙනවා, තමන් ආස කරන අවධානය තමන්ට නොලැබුණාම මිනිස්සු වෙන වෙන තැන් වලින් අවධානය ගන්න දඟලනවා. ඒ මිනිස්සුන්ගේ මිනිස් හිත් වල හැටියක්. ' හිත් වල ආදරය හිස් වුණා ම, හිත්වලට යක්කු රිංගනවා ' මොකෝ මිනිස්සුන්ගේ හිත් වැඩකරන්නෙ එහෙම. ඇත්තටම අනෙත් කෙනාට අවධානය නැතිවෙන නිසා මෙහෙම ප්‍රශ්න ඇති වෙනවා වගේම. හරියට මනුස්සෙක්ව තේරුම් ගන්න අවධානය කියන දේ උවමනා වෙනවා.
සමහර වෙලාවල් වල මම දැකලා අහලා තියනවා අවධානය ද හොයන්නෙ කියලා මිනිස්සුම අහනවා,මට අනුව දෙන්න තියන උත්තරය; ඔව්!මිනිස්සු අවධානය තමා හොයන්නේ. හැබැයි ඒ අවධානය හොයන පොසිටිව් වයිබ්‍රේශන් එකකුත් තියනවා ඒ වගේම නෙගටිව් එකකුත් තියනවා. මිනිස්සු හැටියට අපි පොසිටිව් එක චූස් කරන්න ඕනි.
හිතලා බැලුවාම, බුද්ධ චරිතේ පවා මේ අවධානය තමන්ට ගන්න, එක එක දේවල් කරපු අවස්තා තියනවා. ගෞතම බුදුන්, කිඹුල් වත් පුරට වැඩම කරපු වෙලාවේ යමාමහා පෙළහැර පෑවා. ඒ කියන්නේ තමන්ගේ ශරීරයේ එක භාගයකින් ගින්දරයි, අනෙක් භාගෙන් වතුර විහිදවනා වගේ පේන්න දෙයක් මිනිස්සුන්ට පේන්න මැව්වා. ඒ තමන් හොයාගත්ත ධර්මයට මිනිස්සුන්ව පොළඹවන්න, බුද්ධ දර්ශනය පිලිපැදලා බලන්න කියන්න. ඒ පොසිටිව් වයිබ් එකක්. එතනත් තිබ්බේ අවධානය.
සමහර තැන් වල මිනිස්සුන්ට අවධානය නොලැබුණාම මිනිස්සු වෙනස් වෙනවා හිතා ගන්න බැරි විදියට. සිරියල් කිලස් ලා, දාම ඝාතකයන් වෙනවා. එතකොට මිනිස්සු වැඩ කරන්නෙ නෙගටිව් මයින්ඩ් එකෙන්. තමන්ට මිස් වෙන දේ වෙන වෙන විදිවලින් හොයනවා. බැරි වුණාම හිතා ගන්න බැරි භයානක දේවල් කරනවා.
ගොඩක් වෙලාවට සමාජයේ කතා බහට කියනවා ගෑණුන්ට ගොඩක් අවධානය ඕනි, එයාලා වැඩියෙන් අවධානය හොයනවා කියලා. නෑ! සමහර වෙලාවට ගැහැණුන්ට වැඩිය පිරිමි අවධානය හොයන තැන් එනවා. ඒක අවස්ථාව අනුව වෙනස් වෙනවා. අවධානය කියන දේට ගෑණු පිරිමි කියලා භේදයක් නෑ. මිනිස්සු ඔක්කොටම අවධානය ඕනි, හැමෝම අවධානයක් හොයනවා.
ඉතිං මිනිස්සුන්ව මිස් වෙන්න දෙන්න එපා, ජිවිතේ කවමදාවත් ම ඒ මිනිස්සුන්ව අපහු හම්බෙන්නෙ නැතිවෙන්න පුළුවන්. මිනිස්සු හැමෝටම අවධානය ඕනි. හැබැයි ඒක හරි විදියට නැත්නම් පොසිටිව් විදිය්ට යූස් කරන්න මිනිස්සුන්ගේ හිත් ලස්සනට හැදිලා තියෙන්න ඕනි!
' මං ඇවිත් ඉන්නේ '
' අද හරි ලස්සනයි නේ ඔයා! කොහෙද යන්නේ? චීස් කොත්තුවක් කාල අයිස් මයිලෝ එකක් බොමුද? '
' අනේ හා! බියර් එකක් බොන්නත් ඕනි. ආහ් මේ!
මං ගාව චුට්ටක් තියනවා.'
-හිරූ අනූපම කොඩිප්පිලි ආරච්චි-