06/11/2025
ජපානේ හිටිය චෝයි අයියා ඔන්න දැන් ලංකාවෙත්
ජපානේ බර වාහන සැහැල්ලු වාහන එක්ක වැඩ දාපු කැලණිය පට්ටිය හන්දියේ පුංචි කාලේ ගෙවපු චින්තක එගොඩවත්‍ත
ඔන්න තවත් වැඩකට බැස්සා. ඒ තමයි එයාගේ සහ අපේ IT Degree එකක් තියෙන ජීවන් මල්ලි එක්ක පටන් ගත්ත EAD Enterprises Car Sale එක සහ Spare Parts Super Market එක. හෑ ඒ කීවේ අමතර කොටස් කොහොමද අනේ සුපර් මාර්කට් වගේ විකුනන්නේ එහෙම ඩිස්ප්ලේ කර කර 🫣 .
එහෙම තමයි වැඩේ වෙන්නේ. ඔයාට ඕන ස්පෙයාර් පාර්ට් එක ඔයාගෙ ඇහෙන් දැකලා තෝරලා EAD එකට කීවම එයාලා ඒ Spare Part එක ඔයාට සැට් කොරලා දෙනවා 😍
තට්ටු හතක උස බිල්ඩිමේ තාම තට්ටු දෙකයි ඉවර. ඉතුරු ටිකත් නොවැම්බර් 30 වෙද්දි හදලා ඉවර කරනවා කියලා චෝයි සහ ජීවන් කිව්වා. වාහන වලට සහ අමතර කොටස් හොයන අයට ඔරිජිනල් ජපන් වාහන ගෙන්න ගන්න යන්න වෙන තැන තමයි ඉතින් ඔය පට්ටිය හන්දියේ තියෙන්නේ.
EAD Enterprises