12/11/2025
🔴 දිල්ලි ප්‍රහාරයේ සැකකරු සියල්ල වමාරයි...|තවත් ප්‍රහාරයකටත් සුදානම් වෙලා...
පුද්ගලයින් නව දෙනෙකුට මරු කැඳවමින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පෙරේදා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන මුසම්මිල් නම් වෛද්‍යවරයාගේ තවත් සැලසුම් කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කර ඇති බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
පෙරේදා සිදුකළ ප්‍රහාරයට පෙර, තමන් සහ දිල්ලි ප්‍රහාරකයා වූ වෛද්‍ය උමාර් සමඟ රතු බලකොටුව ආශ්‍රිත ප්‍රදේශයේ කෙටි සංචාරයක නිරත වූ බවත්, ලබන වසරේ ජනවාරි 26 දින ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් තිබූ බවත් මුසම්මිල් පාපෝච්චාරණය කර තිබෙනවා.
එමෙන්ම පසුගිය දීපාවලී සමයේ ජනාකීර්ණ ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් තිබූ නමුත් එය ව්‍යර්ථ වූ බවත්, ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා තිබුණා.