ROOM 666

ROOM 666 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ROOM 666, Digital creator, Gampaha.

👁️‍🗨️ Welcome to the shadows…
🩸 Original horror stories, 👻 creepy tales, and 😱 true nightmares — posted weekly.
☠️ Enter if you dare… 🔪🕯️💀

’tReadAlone

_________අනූ මිස්ගේ සැරිසරණ ආත්මය 🫣මේ කතාව මං Primary එකේ teach කරන කොට මගෙ පන්තියට මට සහයට හිටපු හිතවත් ඉතාම රූමත් ගුරු...
20/07/2025

_________අනූ මිස්ගේ සැරිසරණ ආත්මය 🫣

මේ කතාව මං Primary එකේ teach කරන කොට මගෙ පන්තියට මට සහයට හිටපු හිතවත් ඉතාම රූමත් ගුරුතුමියක් ගැනයි. ඇය නමින් අනූ...

අනූ දුටු දුටුවන් වශී කරන්නට තරම් ඉතාම ඉහළ රූප සොභාවක් තිබ්බ කෙනෙක්. එයා කාලයක් කෑගල්ලෙ විදුහලක උගන්වලා තියනවා. ඒ ඉස්කෝලෙ ගුරු දෙගුරු රැස්වීමකට ආපු කෙනෙක් මෙයාගෙ රූපයට වශීවෙලා එයාගෙ ඇමරිකාවේ ඉන්න මල්ලීව අනූට යෝජනා කරලා තිබ්බා. එයාට අපි කවිඳු කියලා කියමු. කවිඳු සහ අනූ ඉතාමත් ආදරෙන් හිටපු දෙන්නෙක්. මේ කතාව කියන සිද්ධිය වූ වසරේ සැප්තැම්බර් වල එයාලාගෙ විවාහය පවත්වන්නටයි යෙදිලා තිබුනෙ.

අනූ එයාට තිබ්බ අපල නිසා දළදා මාලිගාවට කිරිපිඬු පූජා කරමින් ඉඳලා තියනවා කෑගල්ලෙ උගන්වන තාක් කල්. ඒත් අපෙ ගම් පළාතට ආවට පස්සෙ එයාට ඒක කරන්ඩ හම්බුනෙ නැහැ. දවසක් අනූ බෝපත් ඇල්ලෙ නාන්ඩ ගිය දවසක දෙපාරක්ම සුළිවලට අහුවෙලා බොහොම අමාරුවෙන් තමයි බේරිලා තියෙන්නෙ.

ඉතින් ඔන්න දවසක් අපට ඉස්කෝලෙ ඉද්දි ආරංචි උනා අනූ sick room එකේ බිම පෙරලි පෙරලි කෑ ගහලා බඩ බදාගෙන අඬනවා කියලා. අපි බලන්ඩ යද්දි එයාව ගෙදරින් එක්ක ගිහිල්ලා. ඊට පස්සෙ දවසෙ එයා ඇවිත් අපට කිව්වා ඒක සාමාන්යෙන් කාන්තාවකට හැදෙන බඩේ කැක්කුමක් කියලා. ඒත් එදා පටන් මං ආයේ අනූව දැක්කෙ නැහැ.

එයාට පාචනය වගේ තත්වයක් තියනවා කියලා එයා මාස 03ක් විතර private hospital එකක ඉඳලා තියෙනවා. හැම පර්යේෂණයම කරලා අන්තිමට බඩේ පටක අරන් පරීක්ෂා කරන්න කොළඹ යවලා තියෙනවා. එතකොට තමයි දැනගෙන තියෙන්නෙ lymphoma කියන පිළිකාව 60% ටත් වඩා පැතිරිලා කියලා.
එයාගෙ අම්මටයි තාත්තටයි බොහෝ කල් ළමයි නැතුව හිටියට පස්සෙයි අනූ හම්බෙලා තියෙන්නෙ. ඒත් කේන්දරයෙ කියලා තියනවා එයාට පන්නන්ඩ බැරි මාරකයක් තියනවා කියලා. ඒකයී එයා දළදා මාලිගාවට කිරිපිඬු පූජා කරලා තියෙන්නෙත් අපලෙ දුරු වෙන්ඩ කියලා. එයා බිත්තරයක් වත් කෑවෙ නැහැ සත්ව කෑමක් නිසා.

එයා මට පන්තියෙදි නිතර කිව්වා එයාට සුව කරන්ඩ බැරි කැස්සක් තියනවා කියලත්. ඉතින් මාස කිහිපයක් එයා පේරාදෙණියෙ රෝහලේ ප්රතිකාර ගත්තා දවසක් මං එයයි මගෙ පන්තියෙදි ගෙවපු සුන්දර කාලය මතක් කර එයාට sms එකක්ද යැවුවා.

කාලය ඔහොම්ම ගෙවීගන ගියා. දවසක් මං උදේ බස් එකට නගිද්දි මගෙ යාළුවො set එක මූණවල් බෙරිකරන් ඉන්නවා. මං ඇයී කියලා ඇහුවම කිව්වා අනූ ඊයේ හවස නැතිවෙලා කියලා. මට එවෙලෙ තව පොඩ්ඩෙන් කෑ ගැහෙනවා. මං හිතුවෙම එයාට සනීප වෙයි කියලා. එයා ජීවිතෙ ගැන ගොඩක් බලාපොරොත්තු තියන් හිටිය තරුණ කෙනෙක් නිසා යම් යම් අසාමාන්ය සිද්ධි එයාගෙ මරණින් පසු සිදු උනා.
නැතිවෙන දවසෙ හවස එයාට එකපාරට හුස්මගන්ඩ බැරි වෙලා තියනවා.

එයාගෙ පෙනහළු cancer එක නිසා වතුරෙන් පිරෙමින්ලු තිබ්බෙ. වතුර අයින් කරමින්ලු ඉන්ඩ ඕනි. ඒකෙන් තමයි එයා නැති වෙන්ඩත් ඇත්තෙ. ඉතින් එයා හුස්ම ගන්ඩ බැහැ කියලා කෑ ගහලා තියනවා. එයා ළඟට nurse කෙනෙක් එනවාලු. එයා මෙයාව හොස්පිටල් ගෙනියන්ඩ ලෑස්ති කරද්දිම අනූ නැතිවෙලා. එයා නැතිවෙන වෙලෙ එයාව මැරි කරන්ඩ හිටපු කවිඳු ඇමරිකාවෙලු හිටියෙ. එයා හාන්සි වෙලා ඉන්නකොට එකපාරට එයාට ඇහුනලු අනූ කතාකරනවා.

"කවිඳු මං යනවා ඔයා පරිස්සමෙන් ඉන්ඩ" කියලලු කිව්වෙ. කවිඳු බැලුවලු ෆෝන් එකෙන්වත්ද එහෙම කතා කරනවා ඇහුනද කියලා. බැලින්නම් ෆෝන් එකත් offලු. එයා එවෙලෙම අනූ ලගෙ ගෙදරට කෝල් කරාලු මොකක් හරි කරදරයක්ද දන්නෙ නැහැ කියලා හිතුන නිසා. ඒත් එවෙලෙ අනූ අම්මා කෑගහලා අඬමින්ම කිව්වලු "පුතේ අනූ මේ ටිකකට ඉස්සර අපිව දාලා ගියා" කියලා.

ඔන්න ඉස්කෝලෙ අපි හවස ගියා මළ ගෙදර. අපි සේරටම පිස්සු වගේ එයා අපේ හොඳම යාළුවෙක් හින්දා.
එයාගෙ තාත්තා කිව්වා... එයාව හොඳටම සනීප වෙලා හොස්පිටල් එකෙන් ගෙදර ආවට පස්සෙ පැපොල හැදිලලු මැරුනේ කියලා. ඒත් හොස්පිටල් එකේ ඩොක්ටර් කෙනෙක් කිව්වා අවසානයේ මොකුත්ම දෙයක් කරන්ඩ ඉතුරුවෙලා නැති පාර ගෙදර එව්වා කියලා. තව ටිකක්කල් හිටියා නම් හම සම්පූර්ණයෙන්පැළිලා සැරව එනවලු. දුක් විඳින්ඩ කලින් ගිය එක හොඳයි කියලා ඩොක්ටර් කිව්වා. ඉතින් අනූත් හිතලා එයාට සනීපයි කියලා වෙඩින් කාඩ් එහෙම ලියන්ඩත් ලෑස්ති වෙලා. තව ගෙදර තනියෙන් කාමරයට වෙලා ළමයි හිතින් මවාගෙන උගන්නනවලු එයා.

මම ගිය වෙලේ ඉඳන් අනූ ළඟින් හෙලවුනේ නැහැ. මට හිතුනෙ එතනම ඉන්ඩ. එයාගේ ඇඟ ඇත්ලට පනින්ඩ වගෙ ළඟින්මයි හිටියෙ මං. ඒත් ඇයී කියලා මටත් හිතාගන්ඩ බැහැ. යාළුවො එතනින් යමු කියද්දි මට හිතෙනවා යන්ඩ එපා යන්ඩ එපා ළඟින්ම ඉන්ඩ කියලා. කොහොමහරි අපි ගෙවල් වලට ආව. එළිවෙනකම් අනූගෙ මිනියමයි මට මතක් වෙන්නෙ. එකක් ඇර එකක් සිහියට එනවා. කොණ්ඩෙ, මූණ යනාදි වශයෙන්. එයාගෙ හිනාව ඇහෙනව ඇහෙනවා වගේ මට.

මට ඉවසන්ඩ බැරිම තැන මං අම්මට මේ විස්තර කිව්වා. මළ ගෙවල් වල ඔයා ගිහාම ඔයා ගොඩක් බය වෙනවා. මිනිය ළඟට යන්නෙ නැතුව ඉන්ඩ තිබ්බෙ කියලත් මට බැන්නා. පස්සෙ අම්මා මට ආගම කියලා වතුර දීලා මාත් එක්ක කාමරෙ නිදාගත්තා. අපෙ ඉස්කෝලෙ බහුතරයක් ටීචර්ස්ලත් මං වගේම එළි වෙනකම් නිදාගන්න බැරුව ඉඳලා තියනවා. අනූගෙ අවසන් කටයුතු තියෙන දවසෙ එයා යාළුවෙකුට හීනෙන් ඇවිත් කියලා "මං අද යනවා" කියලා.

ඉතින් අනූ අම්මලට දරුවො නැතුව ඉඳලා ඉඳලා හම්බෙච්ච දුවත් පන්නන්ඩ බැරි මාරක අපලයකින් යන්ඩ ගියා. මට අපෙ ඉස්කෝලෙ ළමයෙක් කිව්වා ඒ අනූ මිස් තවම ගිහින් නැහැ එයාලාගෙ ගෙදර අවටම ඉන්නවා කියලා ඒ ළමයට ආරංචි කියලා.

_______උපුටා ගැනීමකී.

_______ එල්ලිලා මැරුණු බාප්පා නැවත එයී 😳මේක සිරාම කතාවක්.මේක වෙනකොට මන් 8 වසරේ හිටියේ. 2010 වසරෙදි මට දුරින් නෑයෙක් වෙන ...
19/07/2025

_______ එල්ලිලා මැරුණු බාප්පා නැවත එයී 😳

මේක සිරාම කතාවක්.
මේක වෙනකොට මන් 8 වසරේ හිටියේ. 2010 වසරෙදි මට දුරින් නෑයෙක් වෙන බාප්පා කෙනෙක් එල්ලිලා මැරනා.. හේතුව තාමත් අබිරහසක්.මූ මැරිල තියෙන්නෙ පාන්දර 2ට විතර. මල ගෙදර වැඩ හොදට කෙරුනට ඒ ගෙදර හිටිය අයට එක දෙයක් අමතක උනා.. සාමන්‍යයෙන් මල ගෙයක් උන ගෙදරක දවස් 7ක් යනකන් දොරවල් ජනෙල් වහන්න හොද නෑ, කියල කතාවක් තියනවා.
මොකද මැරුන කෙනාගේ ආත්මය
ගේ අවට සැරිසරන නිසා. මේ අයට ඒ සීන් එක අමතක වෙලා ජනෙල් දොරවල් වහල නිදා ගෙන..ඒ උනාට ගමේ කොල්ලො ගියේ නෑ. අපි කැරම් ගගහ හිටියා. දන්නවානේ මල ගෙයක් උනාම හැමදාම එහෙම chance එන් නෑනේ.
රෑ8.30ට විතර ඒ ගෙවල් ලග couple එකක් වැඩ ඇරිලා ගෙදර ඇවිත් තියනවා රෑට කන්න බිත්තර රොටී වගයකුත් අරන්. මුන් දෙන්නා එනකොට මුන්ට කව්දෝ කතා කරන කට හඩක් ඇහිල. ඒ කොල්ලා හැරිල බලලා කව්රුත් නැති නිසා ඉස්සරහ බලන් ඇවිත්. ගෙදර ඇවිත් කාලා එහෙම 10.30ට විතර මූ පිස්සුවෙන් වගේ දොඩවලා.. මු ඒ ගෙදර ඉදන් අර මල ගෙදර උන ගේ ගාවට ඇවිත් දොරට තඩි බෑවා කියපන්කො. අපි බලන් ඉන්නවා මේ යකාට පිස්සුද කියලා..මූ එක පාරටම ඒ ගෙදර පොඩි දුවට පුතේ තාත්තා අවා දොර අරින්න කිව්ව. අපේ මුනවල් පුක් උනා. ඇයි යකෝ හවස කනත්තට ගිහින් දාපු එකා ආයේ ඇවිත්නේ.

ගෙදර උන් දොර ඇරියේම නෑ. මේකා මොනා කරයිද කියල කව්ද දන්නේ...මූ බැරිම තැන පිටි පස්සහ දොරෙන් යන්න ගියා.. අපිත් පස්සෙන් ගියා. මොකද වෙන්නේ කියල බලන්න. මුන් පස්සහ දොර බාගෙට වහල නිදාගෙන තියෙන්නේ. අරූ පිහියක් අරන් ගියා කියපන්කො 'මන් අද තෝව මරනවා කියාගෙන. ඊට පස්සේ කොල්ලො ටික එකතු වෙලා ඌව අල්ලගෙන පුටුවකට තියල ගැට ගැහුවා. මු කියවනවා ඉවරයක් නෑ. පස්සෙ හාමුදුරුවෝ ඇවිත් මුගෙ ඉස්සරහ පිරිත් කිව්වට පස්සේ තමා අරූ⁣ට සිහිය ආවේ.. දොරවල් වහපු නිසාලු එහෙම උනේ. දැන් නම් අව්ලක් නැ..

_______උපුටා ගැනීමකි.

මහසෝන් බලියෙන් ආ පිල්ලිය 🫣අපේ අප්පච්චි ගේ අප්පච්චි පට්ට මන්තර කාරයෙකි.මාතර ගුරුකම් කප්පිත්තෙකි.ඒ මදිවට බලි තොවිල් වල අපූ...
13/07/2025

මහසෝන් බලියෙන් ආ පිල්ලිය 🫣

අපේ අප්පච්චි ගේ අප්පච්චි පට්ට මන්තර කාරයෙකි.
මාතර ගුරුකම් කප්පිත්තෙකි.ඒ මදිවට බලි තොවිල් වල අපූරු මූර්ති අඹන අත හුරු සිත්තරෙකි .පොඩි ළමයින්ගේ බාලගිරි දෝෂ ය මම දෑහින් දැක ඇත.ඒ මගේ නැගනිය කුඩා කාලයේදී ය. වටපිට බලා ගැස්සී බයවී යටිගිරියෙන් කෑ ගසා හඬන ඇයව නැලවීමට මුලු ගමම මිදුලට එකතු වූවත් ඇය ඇඬීම නවත්තන්නේ නැත.අලුත් බතක් උයා ඇගේ උසට ඒ බත් වලින් අපූරු බබෙක් හදා යාතිකා මන්තර ගමක මතුරා සීයා වරුවකින් ඒ ලෙඩේ හොද කල අපූරු ව තවම මට විශ්මය ගෙන එයි. 😳

ඒ දවස් වල ගමේ කොයි කොනකින් හෝ බෙර හඬක් නෑසෙන දවසක් නැත. දැන් වගේ ගැටිස්සියන්ට නැටිලි නටන්නට ඒ කාළේ ඉඩ නැත.ගේ මුල්ලට කර හද න නිසා නටන නැටුමක් ඉතින් තොවිල් පලක
විතරය.පිස්සියක් ආවේශ කරවද්දී තවත් තරුණ ගැහැණු දෙතුන් දෙනෙකු ආවේශ වීම අනිවාර්ය අතර ගුරුන්නාන්සේ නූලක් බැඳ ඔවුන් එක එක්කෙනාට තොවිලයට දින වෙන්කරයි.
ඉතින් ගමේ හැම සතියකම තොවිලයක් වරදින්නේ නැත.

මේ තොයිල වලට ලී මැස්සක මහසෝන් බලියක් ඇඹීම සිරිතකි.
ඒ වලස් මුහුන ක් සහ ලොම් පිරුණු පිරිමි සරීරය ක් සහිත අඩි හයක පමණ මූර්තියකි.
වර්ණ සියල්ල ගෙදර හදාගත් ඒවාය.මේ ඇඹීම සදහා හොද හුරුවක් සහිත යකැදුරෝ අපේ පලාතේ ඕනෑතරම් සිටි අතර අපේ සීයා එහි නායකයෙකි.
තුන්මංහන්දියක් සහ එහි යටින් දොලක් ගලන ලී පාලමක් සහිත මූසලපාට මංසන්ධියක් මේ බලිය තැබීමට තෝරාගත් ස්ථානයයි.
එහි බලියක් නැති දිනයක් නොමැති අතර ගැහැණු ,ළමයි තබා පිරිමි පවා ඒ ඉසව්වේ තනියම යාමට බියක් දක්වති.

එකළ මම හය හෝ හත් හැවිරිදි වියේ වූ බව මගේ මතකයයි.
චිත්‍ර ඇඳීමට උපන් හපන් මා මේ මහසෝන් බලියට වශී වී සිටි සමයකි.
එහෙත් කිසිම දිනක මන්තර ගුරුකම් වල හුළඟ වත් වැදීමට අම්මා ඉඩනොදෙන්නේ මා තුන්කුළුදුල් සේම, ඇගේ හුරතල් දියණිය වූ නිසා අනතුරක් වේ යැයි බියට විය යුතුය.
පාසැල් ඇරී ගෙදර පැමිණි මා බත් ටිකක් කෑමෙන් පසු පේර අඹ ගස් යට ඇවිදිමින් වට පිට බලමින් ගත කළ දිවා කාලයකි එය.
ඉර මුදුන් වී තිබූ අතර නංගී අතදරුවකු නිසා අම්මා ඇය සමඟ කාමරයේ විය යුතුය.මේ තමා හොඳම වෙලාව ඈතින් පේන මහසෝන් බලිය නිදහසේ නැරඹිය යුතු හොඳම වෙලාව...

අඩියට දෙකට වක්කඩවල් ඇල දොලවල් නියර දිගේ මම එතැන....අප්පේ...
අපූරු පාට....උල් දත්...ලේ පෙරෙන කට..අතගාලත් බලන්න ඕන......

" ලොක්කියේ....." තාත්තාගේ හඬින් මම දැහැනෙන් මිදුනෙමි.දුවගෙන එන තාත්තා අඩියට දෙකට මා අසලට පැන දෝතින්ම මා ඔසවා ගත්තාය .
මම වඩාගත් තාත්තා පසුපස නොබලාම ගෙදරට දුවන්නට පටන්ගත්තාය.

ඒ සැනින් තේ හේනේ සිටි සීයා ගෙදර පැමිණි අතර පොල් තෙල් පීරිසියකට දමා කහකෑලි දෙකතුනක් කපා දමා තෙල් තවරා ගත් ඇඟිලි මගේ නලලේ තබමින් වරුවක් මන්තර මැතිරුවේය.
ටකස් ගා ඇඟිලි අසුරු ගසමින් යකුන්ට අම්බානක බනිමින් බුදු ගුණ කියමින් නැටූ ඒ නාඩගමේ අවසානය මට අමතක මට නින්ද ගිය නිසා ය.
පසු කාළයක තාත්තා මට පැවසූ පරිදි කුඹුරේ සිට මද්දහනේ ඔහු ගෙදර එනගමන් නිකමට බලි තබන පාලම දිහා බලා ඇත.
තාත්තා දැක ඇත්තේ මහසෝන් බලියට ඇඟිලි තුඩින් ඉස්සී අතදික්කරමින් සිටින මගේ පිටුපසින් කලු ලොම් වලින් වැසුණු අඩි හයක පිරිමි යෙක් සිටගෙන සිටින අයුරුයි.. 👺

____උපුටා ගැනීමකි.

මැරුණු නැන්දනිය කා බලන්නද ආවේ ? 😳මම ඇත්තටම හොල්මන් අවතාර විශ්වාසය කරපු කෙනෙක් නෙවෙයි . මගේ නැන්දා පිලිකාවක් හැදිලා හොදටම...
06/07/2025

මැරුණු නැන්දනිය කා බලන්නද ආවේ ? 😳

මම ඇත්තටම හොල්මන් අවතාර විශ්වාසය කරපු කෙනෙක් නෙවෙයි . මගේ නැන්දා පිලිකාවක් හැදිලා හොදටම අමරු වෙලා හිටියේ . එයාට ළමයි හිටියෙත් නැහැ . එයා ටිකක් විතර නපුරුයි. එයාට පිලිකාවක් හැදිලා තියෙනවා කියලා අපි දැනගත්තෙ එයාගෙ ජිවිතේ විශ්වාස කරන්න අමාරුයි කියලා දොස්තරලා කිව්වට පස්සෙ. අපේ අම්මගෙ මල්ලිගෙ නෝනා තමා නැන්දා. එයා ව cancer hospital එකෙන් ගෙදරට එවලා තිබුනා. ඉතින් මේ ගැන අපිට අපේ මාමත් හැන්ගුවා. එදා හරියටම වෙලාව උදේ 5.15 විතර ඇති.
ඉරිදා උදෙ පල්ලි යන්න ඕනි නිසා අපි නැගිටිනිවා .

උදෙන්ම ඒ දවස් වල Cartoon යනවා, මම බල බල හිටියෙ. අම්මා කුස්සියේ තේ හදලා මගෙ අතට ගෙනල්ලා දුන්නා. එතකොටම මමයී අම්මයී දෙන්නාම දැක්කා අපේ නැන්දා දොර ලග හිටගෙන ඉන්නවා නයිටියකුත් ඇදගෙන. අම්මා කතා කළා "නංගි එන්න ඇතුලට කා එක්කද අවෙ? ඇයි මේ වෙලාවෙ අවේ?" කියලා ඇහුවා. එයා අපි දිහා බලාගෙන ඉදලා අපෙ පිටිපස්සෙ පැත්තට යන්න ගියා. ඉස්සර අපේ toilet එක තිබුනේ පිටිපස්සෙ ඉතින් අම්මා කිව්වා එයා toilet එකට යන්න ඇති කියලා.
එතකොටම විනාඩ් 2ක් වත් ගියෙ නෑ. මාමා කෝල් කලා අම්මගෙ phone එකට. "නැන්දා නැතිඋනා" කියලා අඬ අඬ කිව්වා. මට හීන් දාඩියත් දැම්මා .👻

එතකොට කවුද හිටගෙන හිටියෙ ? 🫣
එ නැන්දා කියලා අම්මායි මමයි දෙන්නාම දැක්කා. සමහර විට එයා මැරිලා අපිව බලලා යන්න ආවද ?😳
ඒක නම් තාම අපිට හිතා ගන්න බැ.

උපුටා ගැනීමකි.. __

▪️ Business එකට match වෙන LOGO DESIGN එකක්.▪️ ඔබගේ අවශ්‍යතා මත පදනම්ව ඔබේ LOGO නිර්මාණය.| Logo Design | Business Card De...
09/01/2024

▪️ Business එකට match වෙන LOGO DESIGN එකක්.

▪️ ඔබගේ අවශ්‍යතා මත පදනම්ව ඔබේ LOGO නිර්මාණය.

| Logo Design | Business Card Design | YouTube Thumbnail and Logo | Brochure design

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when ROOM 666 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share