Suwa sewana

Suwa sewana මව් පදවියට සුව සෙවන

අද අපි කතා කරන්නේ Thrombocytopenia කියන රෝග තත්ත්වය ගැන. සරලවම කිව්වොත්, මෙය රුධිරයේ තියෙන පට්ටිකා (platelets) ප්‍රමාණය ...
07/09/2025

අද අපි කතා කරන්නේ Thrombocytopenia කියන රෝග තත්ත්වය ගැන. සරලවම කිව්වොත්, මෙය රුධිරයේ තියෙන පට්ටිකා (platelets) ප්‍රමාණය අඩුවීම නිසා ඇතිවන තත්ත්වයක්. ඔබ හිතනවා ඇති මේ පට්ටිකා කියන්නේ මොනවද කියලා? පට්ටිකා කියන්නේ අපේ ශරීරයේ තුවාලයක් වුණාම ලේ ගැලීම නවත්වන්න උදව් කරන පුංචි සෛල කොටස්.

Thrombocytopenia කියන්නේ මොකක්ද?
සාමාන්‍යයෙන් නිරෝගී කෙනෙකුගේ රුධිරයේ පට්ටිකා ප්‍රමාණය ඝන මිලිමීටරයකට 150,000 ත් 450,000 ත් අතර වෙනවා. මේ ප්‍රමාණය 150,000 ට වඩා අඩුවනකොට තමයි Thrombocytopenia තත්ත්වය ඇතිවෙන්නේ. මේ තත්ත්වය නිසා සමේ තැලීම්, ලේ ගැලීම් වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්.

ඔබ මේ ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?
පට්ටිකා ප්‍රමාණය අධිකව පහළ ගියොත්, සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ගේ පවා ලේ ගැලීම් සිදුවෙන්න පුළුවන්. මෙය මොළයේ ලේ ගැලීමක් වැනි බරපතළ තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්නත් ඉඩ තියෙනවා.

රෝග ලක්ෂණ
මේ රෝගී තත්ත්වය ඇති කෙනෙකුට ඇතිවිය හැකි ලක්ෂණ කිහිපයක් මෙන්න:

පහසුවෙන් තැලීම් ඇතිවීම: පොඩි දෙයකින් වුණත් සම මත නිල් හෝ දම් පාට තැලීම් ඇතිවීම.

අසාමාන්‍ය ලේ ගැලීම්: නාසයෙන්, විදුරුමස් වලින් හෝ මුත්‍රා සමඟ ලේ ගැලීම.

සම මත කුඩා රතු ලප: Petichiae කියලා හඳුන්වන මේ කුඩා ලප කණ්ඩායම් වශයෙන් සම මත ඇතිවීම.

තුවාල සුව වීමට වැඩි කාලයක් ගතවීම: සුළු තුවාලයකින් වුණත් සාමාන්‍යයට වඩා වැඩි වෙලාවක් ලේ ගැලීම.

අධික ඔසප් වීම: කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේදී අධික ලෙස ලේ ගැලීම.

Thrombocytopenia ඇතිවීමට හේතු
මෙම රෝග තත්ත්වයට විවිධ හේතු බලපානවා. ප්‍රධාන හේතු තුනක් තමයි:

පට්ටිකා නිෂ්පාදනය අඩුවීම: ඇට මිදුළු වල (bone marrow) ප්‍රමාණවත් පට්ටිකා නිපදවන්නේ නැති අවස්ථා. මේකට ලියුකේමියා (රුධිර පිළිකා) වගේ රෝග, ඩෙංගු වගේ වෛරස් ආසාදන හෝ රසායනික ප්‍රතිකාර (chemotherapy) වගේ දේවල් හේතු වෙන්න පුළුවන්.

පට්ටිකා විනාශ වීම: ඇතැම් රෝග තත්ත්වවලදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින්ම පට්ටිකා විනාශ කරනවා. ITP (Idiopathic Thrombocytopenic Purpura) කියන්නේ මේ වගේ රෝගයක්.

පට්ටිකා ගබඩා වීම: සමහර අවස්ථාවලදී ප්ලීහාව (spleen) විශාල වෙලා අධික පට්ටිකා ප්‍රමාණයක් එහි ගබඩා වෙනවා. මේ නිසා රුධිර සංසරණ පද්ධතියේ පට්ටිකා ප්‍රමාණය අඩුවෙනවා.

අද කිරි සිහිනය වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න හොද දවසක්.අපි සියළු දෙනා එකට එකතු වෙලා විශ්වයෙන් ඉල්ලා සිටිමූ.දරු පැචෙක් බලාපොර...
14/04/2025

අද කිරි සිහිනය වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න හොද දවසක්.අපි සියළු දෙනා එකට එකතු වෙලා විශ්වයෙන් ඉල්ලා සිටිමූ.
දරු පැචෙක් බලාපොරොත්තුවෙන් සිටින සියළුම ලොකවාසී මව්වරුන්ගෙ කිරි සිහින ඉක්මනින් සැබෑ වෙවා!!

අලුත් හිරුගේ ආශිර්වාදයෙන් සියලු මව්වරුන්ගේ සිත් සතන් සතුටින් පිරේවා!!
සුභ අලුත් අවුරුද්ද්ක් වෙවා!

මවක් වන්නට පුරන පැතුම කොයි තරම් නම් දුෂ්කරද. ...ඔබ දන්නවාද. කිසි දිනෙක මවක් වන්නට සිටින මවකට නිග්‍රහ කරන්නට එපා.දොස් කිය...
08/04/2025

මවක් වන්නට පුරන පැතුම කොයි තරම් නම් දුෂ්කරද. ...

ඔබ දන්නවාද. කිසි දිනෙක මවක් වන්නට සිටින මවකට නිග්‍රහ කරන්නට එපා.දොස් කියන්නට එපා. කඳුලක් නම් දෙන්නට එපා.ඒ පුරණ පැතුම සැබෑ කරගන්නට. කොයි තරම් නම් වෙහෙසෙනවද. එය දන්නේ ඇය පමණයි. ඇගේ හදවතින් නැගෙන. සෝ සුසුම්. දුක් වේදනාව. හංගාගෙන ඇය සමාජයට හිනාවෙලා ඉන්නවා. හැම මාසෙකම දරු හීනය බොද වෙලා යනකොට ඒ හීනේ තවත් ඈතට යනකොට ඇයගේ හිත ගොඩක් කඩන් වැටෙනවා.කිසි දිනක අහන්න එපා "මොකද තාම වෙනසක් නැද්ද"කියලා ඇය වේ වෙනුවෙන් උපරිම වෙනස් වෙලා ඉන්නකොට තව මොන වෙනසක්ද.ඕනිම කෙනෙකුට ඕනිම දෙයක් හරි වෙලාව ආවාම ලැබෙනවා ...පුංචි පැංචෙක් නැතුව දුක් විදින හැම හිතක් ම සතුටු වෙන දවසක් එවි.දවසක එයාලගේ ඒ හීන සැබෑ වෙවි.එතකම් ඒ හිත නොරිද්දවා ආදරයෙන් බලාගන්න.හිත නිදහසේ තියන්න.සතුටු කරන්න.කෙනෙක්ගේ හිතට සැනසීමක් ගේන තැන තමන්ගේ ගෙදර.ඒ ගෙදරම අය ඇයගේ හිත රිද්දනවා නම් ඒ කොච්චර දුකක්ද.ඒ නිසා ගෙදර ඉන්න හැම කෙනාම හිත දුක නොහිතෙන දේවල් කතා කරන්න.හැමෝම ඉවසීමෙන් ඉන්න.දවසක ඇයක් අම්මා කෙනෙක් වෙයි.තව දෙයක්....කාලයක් බලාපොරොත්තු තියාගෙන ඉදලා අම්මෙක් වෙන්න බැරි උනු අය ඕනි තරම් ඉන්නවා..එත් එයාලා කී පරක් නම් හිතින් අම්මෙක් වෙන්න ඇතිද ඒ නිසා කවදාවත් ඒ හිත් රිද්දවන්න එපා......❤️

Subscribe my youtube channel https://youtu.be/h7W2_OH9FDU

06/04/2025

මට උදව්වක් විදිහට stiker comment ටිකක් දාගෙන යනවාද pge එක ආයේ හදාගන්න 🙏🙏🙏❤️❤️

"කාන්තාවන්ගේ සරුභාවයට බලපාන ප්‍රධාන හෝමෝන කිහිපයක් තියෙනවා. අපි ඒවා එකින් එක බලමු.""FSH (ෆොලික්ල් උත්තේජක හෝමෝනය): මේ හෝ...
06/04/2025

"කාන්තාවන්ගේ සරුභාවයට බලපාන ප්‍රධාන හෝමෝන කිහිපයක් තියෙනවා. අපි ඒවා එකින් එක බලමු."
"FSH (ෆොලික්ල් උත්තේජක හෝමෝනය): මේ හෝමෝනය ඩිම්බ මෝචනයට උදව් කරනවා. ඩිම්බ කෝෂවලින් ඩිම්බ නිපදවන්න උත්තේජනය කරනවා."
"LH (ලුටිනිනම් හෝමෝනය): මේ හෝමෝනය ඩිම්බ මෝචනය සිදුවීමට අවශ්‍යම හෝමෝනයක්. ඒවගේම ප්‍රොජෙස්ටරෝන් නිෂ්පාදනයටත් උපකාරී වෙනවා."
"ප්‍රොජෙස්ටරෝන්: මේ හෝමෝනය ගර්භාෂයේ බිත්තිය සරුසාරව තබා ගන්නවා. ඒ කියන්නේ, පිළිසිඳ ගත් බිත්තරයට හොඳ නිවසක් වගේ."
"ඊස්ට්‍රජන්: මේ හෝමෝනය ඩිම්බ නිපදවීමට සහ ඔසප් චක්‍රය නිවැරදිව පවත්වා ගැනීමට උදව් කරනවා."
"තයිරොයිඩ් හෝමෝන: මේ හෝමෝන වල අසමතුලිතතාවයන් ඔසප් චක්‍රයට සහ සරුභාවයට බලපානවා."
"මේ හෝමෝන වල අසමතුලිතතාවයන් නිසා ඔසප් චක්‍රයේ අක්‍රමිකතා, ඩිම්බ මෝචනය සිදු නොවීම සහ ගර්භාෂයේ ගැටලු ඇති වෙන්න පුළුවන්."

නින්ද කියන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට අත්‍ය අවශ්‍යම දෙයක්. දවසේ පැය 24 අපි නින්ද සඳහා යොමු කරන්නේ පැය 8 ක වගේ ඉතාම කුඩා...
26/02/2025

නින්ද කියන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට අත්‍ය අවශ්‍යම දෙයක්. දවසේ පැය 24 අපි නින්ද සඳහා යොමු කරන්නේ පැය 8 ක වගේ ඉතාම කුඩා කාලයක්. ඉතිරි කාලය පුරාවටම අපි වැය කරන්නේ ආගමික කටයුතු රැකියා කටයුතු වගේ දේවල් සඳහායි. ඉතින් දවස කිසිම වැඩ වල නියැලිලා නින්දෙදි තමයි ශරීරයට විවේකයක් ලැබෙන්නේ. දහවල පුරා වෙහෙස වුණු පටක අලුත්වැඩියා වෙන්නේ මේ නින්ද අතරතුරදී.කෙනෙකුට නින්ද නොයන්නට ශාරීරික කාරණා මෙන්ම මානසික කාරණා බලපාන්න පුළුවන්. නින්ද නොයන අය වෙනුවෙන් අද මම කතා කරන්නම් සුවදායි නින්දක් සඳහා කරන්න පුළුවන් දේවල් මොනවද කියලා.
ගොඩක් අය නින්ද ලබා ගැනීම සඳහා කරන්නේ නිදි පෙති භාවිතා කිරීම.නිදි පෙති කියන්නෙ රසායනික ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන ලද ඖෂධයක්.එයින් යම්කිසි තාවකාලික සහනයක් ලබාගන්න පුළුවන් වුණාට වෛද්‍යවරයෙක් වුණත් මෙම ඖෂධය දින 5කට වඩා ලබා දෙන්නේ නෑ.
එය ලබාදෙන්නේ යම්කිසි වේදනාවන් සමනය කිරීමට තාවකාලික විසඳුමක් ලෙස.. නමුත් ඔබ දිගින් දිගටම නිදිපෙති භාවිතා කිරීම නින්ද සඳහා භාවිතා කරන විසඳුමක් නම් නෙවෙයි...
මොනවද අපිට සුවදායි නින්දක් ලබා ගැනීම සඳහා කරන්න පුළුවන්...

අපිට පුළුවන් නිදා ගන්න ඉරියව්ව වෙනස්.. සමහරවිට ඔබ නිදා ගන්න ඉරියව්ව වේදනාකාරී හෝ ශරීරයට අපහසුවක් දැනෙනවා වෙන්න පුළුවන්.. ඔබ පහසු ආකාරයට නිදා ගන්නා ඉරියව්ව වෙනස් කර බලන්න..

කාමරය පියමනාප ආකාරයට සකස් කර බලන්න... කාමරේ පවතින ඇඳන් කොට්ට මෙට්ට ආදිය සුවදායි ආකාරයට සකස් කර ගැනීමත් හොඳින් වාතාශ්‍රය ලැබෙන ලෙස කාමරය සකස් කර ගැනීම සුවදායි නින්දක් ලඟා කරගන්න පුළුවන්..

රාත්‍රියට සැහැල්ලු සනීප ඇඳුමක් භාවිතා කිරීම... රාත්‍රියට ඔබ අඳින ඇඳුම හොඳින් සිදු පිරිසිදු එකක් වගේම දහදිය හොඳින් උරා ගන්නා කපු ඇඳුමක් වීම ඇඟට සුවදායි බවක් ගෙන දේ... අපහාසු ඇඳුම් රාත්‍රියට ඇද සිටීමෙන් නින්දට බාධා ඇතිවේ.

නිදා ගැනීමට ආසන්න වන විට තේ කෝපි පානයෙන් වැළකීම.. ගොඩක් අයට පුරුද්දක් වශයෙන් නිදා ගැනීමට ආසන්න විට තේ කෝපි පානය කරනවා.. නමුත් තේ කෝපි වල අඩංගු රසායනික ද්‍රව්‍ය මගින් නින්ද නැති කර දමනවා. එනිසා තමයි නින්ද නැති කිරීම සඳහා භාවිතා කරන්නේ..

රාත්‍රියට හැකි සෑම විට සැහැල්ලු ආහාරයක් ගන්න..
ඔබ රාත්‍රියට ගන්නා ආහාරය ශරීරයට දරාගත නොහැකි හෝ සැහැල්ලු නොවූ විට ඒ නින්දට බාධාවක් වෙනවා..
ආලෝකය සහ අඳුර තමාට ගැළපෙන ලෙස භාවිතා කළ යුතුය.. සමහරක් අයට විදුලි බල්බය දමාගෙන නින්ද ය

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Suwa sewana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category