14/03/2025
ඩිජිටල් ආර්ථිකය තුළ
කාන්තාවන් සවිබලගැන්වීම
HUTCH ආයතනයේ
සන්නාම, සන්නිවේදන සහ සම්බන්ධතා පිළිබඳ සාමාන්‍යාධිකාරිනී කෞශලා අමරසේකර
මිහිපිට තිබෙන සියලු දේ පරිවර්ථනය වෙමින් යන ලෝකයේ ඩිජිටල්කරණයට ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. විශේෂයෙන්ම ඩිජිටල් ආර්ථිකයක් තුළ ක්‍රියාත්මක කළ හැකි දෑ බොහෝමයකි. පිරිමින් හා කරට කර මහන්සි වී රාජකාරී කිරීමට පුරුදු වී සිටින වත්මන් කාන්තාවන්ට ඩිජිටල්කරණය මහඟු පිටුවහලක් සපයනු ලබයි. අද වනවිට ආර්ථිකය මෙහෙයවීමට විශාල දායකත්වයක් සපයන කාන්තාවන්ට තම කටයුතු නිවැරදිව, ක්‍රමවත්ව, වේගයෙන් සිදු කරගැනීමට ඩිජිටල්කරණය නැතුවම බැරි ක්රමශිල්පයක් වී හමාර ය. විශේෂයෙන්ම ඩිජිටල් ආර්ථිකයක් තුළ කාන්තාවන් බලගැන්වීම අගනා කටයුත්තකි. එමෙන්ම සුවිශේෂී අනාගත අයෝජනයකි. පහත දැක්වෙන්නේ ඩිජිටල් ආර්ථිකය තුළ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳව HUTCH ආයතනයේ සන්නාම, සන්නිවේදන සහ සම්බන්ධතා පිළිබඳ සාමාන්‍යාධිකාරිනී කෞශලා අමරසේකර මහත්මිය දැක්වූ අදහස් ගෙන සිදු කළ සටහනකි.
අද වේගවත් ලෝකයේ ඩිජිටල්කරණය, කර්මාන්තයන්ට පරිවර්තනය කර, ආර්ථිකයන් නැවත හැඩගස්වා ඇති අතර, ඒ ඔස්සේ පුද්ගලයන්ට සහ ව්‍යාපාර සඳහා නව අවස්ථා නිර්මාණය කර ඇත. වඩාත්ම වැදගත් වෙනස්කම්වලින් එකක් වන්නේ කාන්තාවන් ආර්ථික වර්ධනයට දායක වන ආකාරය සහ සාර්ථකත්වය සඳහා ඩිජිටල් මෙවලම් සහ තාක්ෂණය උපයෝගී කරගැනීමයි. මෙම පරිණාමය වෙමින් පවතින පරිසර වපසරිය තුළ සැරිසැරීමේ දී සහ බාධක බිඳදැමීමේ දී කාන්තාවන්ට විශිෂ්ටත්වය සඳහා සමාන අවස්ථා ලබාදීමේ දී ඩිජිටල්කරණයේ කාර්යභාරය හඳුනාගැනීම ඉතා වැදගත් වේ.
ඩිජිටල්කරණය කාන්තාවන්ගේ ගමන් මඟ වෙනස් කරන්නක්
ඩිජිටල් විප්ලවය ශ්‍රම බලකාය තුළ වැඩි නැඹුරුවක් ඇති කිරීමකට මග පෑදී ඇත. දුරස්ථ වැඩ, ඊ-වාණිජ්‍යකරණය සහ මාර්ගගත වේදිකා කාන්තාවන්ට සැලකිය යුතු ආර්ථික දායකත්වයක් ලබාදෙන අතරම වෘත්තීය සහ පෞද්ගලික වගකීම් සමතුලිත කිරීමට හැකියාව ලබාදී ඇත. වෙළඳපල, අධ්‍යාපනය සහ මූල්‍ය සම්පත් වෙත ප්‍රවේශය සපයන ඩිජිටල් මෙවලම්වල වටිනාකම හේතුවෙන් මේ වනවිට බොහෝ කාන්තාවන් ව්‍යාපාර, ඇතැම් සේවාවන්, සාම්ප්‍රදායිකව පිරිමින් විසින් ආධිපත්‍යය දරන කර්මාන්තවලට ඇතුළු වෙමින් සිටිති.
කෙසේ වෙතත්, මෙම ප්‍රගතිය තිබියදීත්, අභියෝග පවතී. ඩිජිටල්කරණය ස්ත්‍රී පුරුෂ භේදය බොහෝ කාන්තාවන්ට, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි අවස්ථා සීමා කරයි. මෙම පරතරය පියවාගැනීම සඳහා, සංවිධාන සහ ප්‍රතිපත්ති සම්පාදකයන්, ඩිජිටල් සාක්ෂරතාවය, තාක්ෂණයට ප්‍රවේශය සහ කාන්තාවන්ට ගැළපෙන නායකත්ව වැඩසටහන් සඳහා ආයෝජනය කළ යුතුය. රජයන් සහ පෞද්ගලික අංශ ඩිජිටල් පුහුණුව ලබාදීමට සහ අවස්ථා සඳහා සමාන ප්‍රවේශය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති දිරිමත් කිරීමට එක්ව කටයුතු කළ යුතුය.
මීට අමතරව, නායකත්ව තනතුරුවල සිටින කාන්තාවන් ඊළඟ පරම්පරාවට මඟපෙන්විය යුතු අතර ඊට සහාය දිය යුතුව ඇත. බොහෝ කාන්තාවන්ට ඩිජිටල් ආර්ථිකය තුළ දියුණු විය හැකි බව සහතික කර ඇත. තරුණ ගැහැණු ළමයින් STEM (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය) සහ ඩිජිටල් ව්‍යවසායකත්වය පිළිබඳ වෘත්තීන් හැදෑරීමට දිරිමත් කිරීම ඔස්සේ අනාගතයට නායකත්වය දීමට හැකි සන්නද්ධ කාන්තා වෘත්තිකයන්ගේ ශක්තිමත් ගමන් මාර්ගයක් නිර්මාණය කරනු ඇත.