21/01/2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුව, ලංකා බැංකුව, දකුණු පළාතේ මාදූව දූපතේ පිහිටා ඇති උප තැපැල් කාර්යාල පරිශ්‍රයේ නව BOC Connect නියෝජිත බැංකු සේවා මධ්‍යස්ථානයක්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා අතින් විවෘත කිරීම පසු ගිය දා උත්සවාකාරයෙන් සිදු කෙරිණි. භූ ගෝලීය පිහිටීම නිසා මූල්‍ය සේවා වෙත සීමිත ප්‍රවේශයක් සහිත මාදූව දූපත තුළ පවුල් 300කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වන අතර, එම දූපත පාසලකින්, පෙර පාසලකින්, විහාරස්ථාන දෙකකින් සහ ප්‍රජා සේවා මධ්‍යස්ථානයක් ලෙස සේවා සපයන උප තැපැල් කාර්යාලයකින් ආදී වශයෙන් පොදු පහසුකම්වලින් සමන්විත වේ.
ඒ පිළිබඳව PROFIT සඟරාවේ පළ වූ ලිපියකි.