Profit magazine

Profit magazine ධනයේ උල්පත ලාභයයි
https://www.profitmagazine.lk/

සුවහසක් දෙනෙකුටම පාහේ හුරුපුරුදු වූ තේ සුවඳ ඔහුට පමණක් ලැබුණු සුවඳක් මෙන් විය. එය සුවඳක්ම පමණක් නොවීය. එය මතයකි. මීට දශක...
13/08/2025

සුවහසක් දෙනෙකුටම පාහේ හුරුපුරුදු වූ තේ සුවඳ ඔහුට පමණක් ලැබුණු සුවඳක් මෙන් විය. එය සුවඳක්ම පමණක් නොවීය. එය මතයකි. මීට දශක තුනකට පමණ පෙර ඔහුගේ ලෝකය ආරම්භ වූයේ කඳුළු සඟවාගත නොහැකි තැනකිනි. මේ රචනයත් අදහසත් උත්සාහයත් මනෝබලයත්ස මඟ ජීවිතයේ අර්ථය සොයාගත් පුද්ගලයකු වශයෙන් හැඳින්විය හැකි ප්‍රකට ව්‍යාපාරික රසල්
පෙරේරාගේ කතාවේ සංක්‍ෂිප්තයයි. මොරටු පුරවරයේ සරල පසුබිමකින් ආරම්භ වූ ඔහු අද වනවිට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ලෝකයේ අදීන දැවැන්තයකු ලෙස ඉදිරියටම පැමිණ සිටී. බිම්ම ට්ටමේ ආරම්භයකින් ගෝලීය සීමා ජයගත්ක තන්දරයක් ඔහු විශ්වය තුළ ලියා ඇත. ඔහුගේ ජීවිතය සරලත්වයෙන් ආරම්භ වී අද වනවිට ජාත්‍යන්තරයට පවා ආදර්ශයක් වන සාර්ථකත්වයේ ගමන් මඟ වටා ගොඩනැගී ඇත.
අලුත් වූ නවකතා සඟරාව බලන්න අරගන්න.
සරසවි පොත්හල්, විජිත යාපා පොත්හල්, ගුණසේන පොත්හල් මගින් හා ලංකාව පුරා විසිර සිටින පුවත්පත් අලෙවි නියෝජිතයන්ගෙන් අරගන්න.

ජීවිතය සැබවින්ම ආශ්චර්යජනක ය. අද දුප්පත් පුද්ගලයා හෙට පොහොසත් පුද්ගලයකු විය හැකි ය. අද පොහොසත් පුද්ගලයා හෙට දුප්පත් පුද්...
23/07/2025

ජීවිතය සැබවින්ම ආශ්චර්යජනක ය. අද දුප්පත් පුද්ගලයා හෙට පොහොසත් පුද්ගලයකු විය හැකි ය. අද පොහොසත් පුද්ගලයා හෙට දුප්පත් පුද්ගලයකු විය හැකි ය. ඒ කෙසේ වුවත්, යම් පුද්ගලයකුගේ ආත්ම විශ්වාසය, නොපසුබට උත්සාහය, කැපවීම, අභියෝග ජයගැනීම නම් වු සාධක මත ඒ පුද්ගලයාට තම ජීවිතය සාර්ථකත්වයේ උපරිම තලයකට ගෙනයා හැකි ය. එලෙස ඉතාමත් ප්‍රාථමික මට්ටමින් ආරම්භ කර අද වනවිට සැළකිය යුතු පිරිසකට රැකියා උත්පාදනය කරන සකුරා ආයතනයේ හිමිකාරිනී මංජුලා ජානකී මහත්මිය රටට කියා දී තිබෙන ආදර්ශය සැබවින්ම අගනේ ය. පවුල් කුටුම්භය සුරක්ෂිත කරගනිමින් තමන්ගේ ව්‍යාපාරයේ සේවක සේවිකාවන් සහ පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගෙන රටට දැයට මෙන් ම ජාත්‍යන්තරයට “තල” වැනි පෝෂණීය නිෂ්පාදනයක් හදුන්වාදීම, හුදෙක් අනෙකුත් ව්‍යවසායකයන්ට කදිම උපදේශයක් සපයයි. පහත දැක්වෙන්නේ Sakura Products and Export (Pvt) Ltdහි කළමනාකරණ අධ්‍යක්ෂ, නිර්මාතෘ මංජුලා ජානකී මහත්මිය.

හෙළ සිනමාවේ නිළි රැජිනි, මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මැතිණියනි, ඔබට නිවන් සුව ! 🙏
25/05/2025

හෙළ සිනමාවේ නිළි රැජිනි, මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මැතිණියනි, ඔබට නිවන් සුව ! 🙏

වෘත්තිය ආචාර ධර්ම ව්‍යාපාරික භූමිකාවටත්,වෛද්‍ය භූමිකාවටත් එකසේ අදාලයි..▶️ ශ්‍රී ලංකාව කියන්නෙ ලිංගික අධ්‍යාපනය බොහොම අඩු...
22/05/2025

වෘත්තිය ආචාර ධර්ම ව්‍යාපාරික භූමිකාවටත්,වෛද්‍ය භූමිකාවටත් එකසේ අදාලයි..
▶️ ශ්‍රී ලංකාව කියන්නෙ ලිංගික අධ්‍යාපනය බොහොම අඩු මට්ටමක තියෙන රටක්..
▶️ ගොඩක් වෙලාවට මානසික පීඩනය ඇති වෙන්නෙ අපිට පාලනය කරන්න බැරි දේවල් පාලනය කරන්න යෑමෙන්..
▶️ රටේ ආර්තිකයට ලොකු දායකත්වයක් දෙන්න පුලුවන් 52%ක් වූ කාන්තා පිරිස ව්‍යාපාරික ලෝකයට සම්බන්ද කර ගැනීමෙන්
-වෛද්‍ය සචිනි අත්තනායක
Profit Business Magazine - May
Rs.200 Only

අවිද්‍යාවෙන් විද්‍යාවට ප්‍රඥාව දැල්වෙන සුපින්බර වෙසක් දිනයක් වේවා...!
12/05/2025

අවිද්‍යාවෙන් විද්‍යාවට ප්‍රඥාව දැල්වෙන සුපින්බර වෙසක් දිනයක් වේවා...!

අනාගතය වෙනුවෙන් මුලු දිවියම කැප කරන ආදරණීය අම්මාවරුණි,ලෝක මවුවරුන්ගේ දිනයේ උපහාරයක්ම වේවා !!!
11/05/2025

අනාගතය වෙනුවෙන් මුලු දිවියම කැප කරන ආදරණීය අම්මාවරුණි,
ලෝක මවුවරුන්ගේ දිනයේ උපහාරයක්ම වේවා !!!

Congratulations! Pope Leo XIV.May God bless and guide you always ✨
09/05/2025

Congratulations! Pope Leo XIV.
May God bless and guide you always ✨

ශ්‍රමය දහදිය වෙහෙසා ශක්තිමත් සමාජයක් ගොඩනැගීමට වෙහෙසෙන ශ්‍රම විරුවනි,සුභ කම්කරු දිනයක් වේවා !
01/05/2025

ශ්‍රමය දහදිය වෙහෙසා ශක්තිමත් සමාජයක් ගොඩනැගීමට වෙහෙසෙන ශ්‍රම විරුවනි,
සුභ කම්කරු දිනයක් වේවා !

ඩිජිටල් ආර්ථිකය තුළ කාන්තාවන් සවිබලගැන්වීමHUTCH ආයතනයේ සන්නාම, සන්නිවේදන සහ සම්බන්ධතා පිළිබඳ සාමාන්‍යාධිකාරිනී කෞශලා අමර...
14/03/2025

ඩිජිටල් ආර්ථිකය තුළ
කාන්තාවන් සවිබලගැන්වීම

HUTCH ආයතනයේ
සන්නාම, සන්නිවේදන සහ සම්බන්ධතා පිළිබඳ සාමාන්‍යාධිකාරිනී කෞශලා අමරසේකර

මිහිපිට තිබෙන සියලු දේ පරිවර්ථනය වෙමින් යන ලෝකයේ ඩිජිටල්කරණයට ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. විශේෂයෙන්ම ඩිජිටල් ආර්ථිකයක් තුළ ක්‍රියාත්මක කළ හැකි දෑ බොහෝමයකි. පිරිමින් හා කරට කර මහන්සි වී රාජකාරී කිරීමට පුරුදු වී සිටින වත්මන් කාන්තාවන්ට ඩිජිටල්කරණය මහඟු පිටුවහලක් සපයනු ලබයි. අද වනවිට ආර්ථිකය මෙහෙයවීමට විශාල දායකත්වයක් සපයන කාන්තාවන්ට තම කටයුතු නිවැරදිව, ක්‍රමවත්ව, වේගයෙන් සිදු කරගැනීමට ඩිජිටල්කරණය නැතුවම බැරි ක්‍රමශිල්පයක් වී හමාර ය. විශේෂයෙන්ම ඩිජිටල් ආර්ථිකයක් තුළ කාන්තාවන් බලගැන්වීම අගනා කටයුත්තකි. එමෙන්ම සුවිශේෂී අනාගත අයෝජනයකි. පහත දැක්වෙන්නේ ඩිජිටල් ආර්ථිකය තුළ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳව HUTCH ආයතනයේ සන්නාම, සන්නිවේදන සහ සම්බන්ධතා පිළිබඳ සාමාන්‍යාධිකාරිනී කෞශලා අමරසේකර මහත්මිය දැක්වූ අදහස් ගෙන සිදු කළ සටහනකි.

අද වේගවත් ලෝකයේ ඩිජිටල්කරණය, කර්මාන්තයන්ට පරිවර්තනය කර, ආර්ථිකයන් නැවත හැඩගස්වා ඇති අතර, ඒ ඔස්සේ පුද්ගලයන්ට සහ ව්‍යාපාර සඳහා නව අවස්ථා නිර්මාණය කර ඇත. වඩාත්ම වැදගත් වෙනස්කම්වලින් එකක් වන්නේ කාන්තාවන් ආර්ථික වර්ධනයට දායක වන ආකාරය සහ සාර්ථකත්වය සඳහා ඩිජිටල් මෙවලම් සහ තාක්ෂණය උපයෝගී කරගැනීමයි. මෙම පරිණාමය වෙමින් පවතින පරිසර වපසරිය තුළ සැරිසැරීමේ දී සහ බාධක බිඳදැමීමේ දී කාන්තාවන්ට විශිෂ්ටත්වය සඳහා සමාන අවස්ථා ලබාදීමේ දී ඩිජිටල්කරණයේ කාර්යභාරය හඳුනාගැනීම ඉතා වැදගත් වේ.

ඩිජිටල්කරණය කාන්තාවන්ගේ ගමන් මඟ වෙනස් කරන්නක්
ඩිජිටල් විප්ලවය ශ්‍රම බලකාය තුළ වැඩි නැඹුරුවක් ඇති කිරීමකට මග පෑදී ඇත. දුරස්ථ වැඩ, ඊ-වාණිජ්‍යකරණය සහ මාර්ගගත වේදිකා කාන්තාවන්ට සැලකිය යුතු ආර්ථික දායකත්වයක් ලබාදෙන අතරම වෘත්තීය සහ පෞද්ගලික වගකීම් සමතුලිත කිරීමට හැකියාව ලබාදී ඇත. වෙළඳපල, අධ්‍යාපනය සහ මූල්‍ය සම්පත් වෙත ප්‍රවේශය සපයන ඩිජිටල් මෙවලම්වල වටිනාකම හේතුවෙන් මේ වනවිට බොහෝ කාන්තාවන් ව්‍යාපාර, ඇතැම් සේවාවන්, සාම්ප්‍රදායිකව පිරිමින් විසින් ආධිපත්‍යය දරන කර්මාන්තවලට ඇතුළු වෙමින් සිටිති.
කෙසේ වෙතත්, මෙම ප්‍රගතිය තිබියදීත්, අභියෝග පවතී. ඩිජිටල්කරණය ස්ත්‍රී පුරුෂ භේදය බොහෝ කාන්තාවන්ට, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි අවස්ථා සීමා කරයි. මෙම පරතරය පියවාගැනීම සඳහා, සංවිධාන සහ ප්‍රතිපත්ති සම්පාදකයන්, ඩිජිටල් සාක්ෂරතාවය, තාක්ෂණයට ප්‍රවේශය සහ කාන්තාවන්ට ගැළපෙන නායකත්ව වැඩසටහන් සඳහා ආයෝජනය කළ යුතුය. රජයන් සහ පෞද්ගලික අංශ ඩිජිටල් පුහුණුව ලබාදීමට සහ අවස්ථා සඳහා සමාන ප්‍රවේශය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති දිරිමත් කිරීමට එක්ව කටයුතු කළ යුතුය.
මීට අමතරව, නායකත්ව තනතුරුවල සිටින කාන්තාවන් ඊළඟ පරම්පරාවට මඟපෙන්විය යුතු අතර ඊට සහාය දිය යුතුව ඇත. බොහෝ කාන්තාවන්ට ඩිජිටල් ආර්ථිකය තුළ දියුණු විය හැකි බව සහතික කර ඇත. තරුණ ගැහැණු ළමයින් STEM (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය) සහ ඩිජිටල් ව්‍යවසායකත්වය පිළිබඳ වෘත්තීන් හැදෑරීමට දිරිමත් කිරීම ඔස්සේ අනාගතයට නායකත්වය දීමට හැකි සන්නද්ධ කාන්තා වෘත්තිකයන්ගේ ශක්තිමත් ගමන් මාර්ගයක් නිර්මාණය කරනු ඇත.

Address

Kottawa

Alerts

Be the first to know and let us send you an email when Profit magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Profit magazine:

Share

Category