Sl News Backup

Sl News Backup සියල්ලන්ටම කලින් රටේ සිදු වන සියලුම දේ

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි කනස්සල්ල - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශ...
07/10/2026

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි කනස්සල්ල - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්.

අධිකරණ තීන්දුවකට අනුව බන්ධනාගාරගත කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර ඇත.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩඋයන්ගොඩ මෛත්‍රී මූර්ති සහ රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන මහනාහිමිවරුන්ගේ අත්සනින් මෙම ලිපිය යොමුකර ඇත.

එම ලිපියෙන් මහානායක හිමිවරු පෙන්වා දෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අධිකරණමය ක්‍රියාදාමයන්ට බාධා නොවිය යුතු බවට සිය ස්ථාවරය වන නමුත්, භික්ෂූන් වහන්සේනමකගේ චීවරය ඉවත් කිරීම හෝ පැවිදි භාවය අහෝසි කිරීම රාජ්‍ය පරිපාලනමය හෝ බන්ධනාගාර රෙගුලාසියකට පමණක් සීමා වූ කරුණක් නොවන බවය.

එය ගරුතර මහා සංඝරත්නයට අයත් ශාසනික කර්තව්‍යයක් බව උන්වහන්සේ අවධාරණය කරති.

එම ලිපියේ දක්වා ඇති ප්‍රධාන කරුණු කිහිපයක් පහත පරිදි වේ.

භික්ෂූන් වහන්සේනමකගේ පැවිදි බව සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලධිකාරිය ඇත්තේ අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවට බවත්, ඥානසාර හිමියන්ගේ භික්ෂූත්වය ඡේදනය වන පාරාජිකා ආපත්තියකට පත්ව ඇති බවට හෝ චීවරයෙන් නෙරපිය යුතු බවට අදාළ සංඝ සභාව මගින් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එහි සඳහන් වේ.

බන්ධනාගාර නිත්‍ය නියෝග මාලාවේ 550 වන රෙගුලාසියට අනුව, වරදකරුවන් කරනු ලැබූ සිරකරුවන් බන්ධනාගාර ඇඳුමින්ම උසාවියට ඉදිරිපත් නොකළ යුතු අතර, වරදකරුවන් වීමට පෙර ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට ගැලපෙන සිවිල් ඇඳුමක් ඇඳීමට ඉඩ දිය යුතුය. භික්ෂූන් වහන්සේනමක් සම්බන්ධයෙන් "වරදකරු වීමට පෙර ඇඳි ඇඳුම" වන්නේ චීවරය මිස ගිහි ඇඳුමක් නොවන බව මහානායක හිමියන් පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ සම්මත අවම රීති මාලාවේ 17(3) රීතිය ප්‍රකාරව, සිරකරුවෙකු බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන සෑම අවස්ථාවකදීම ඔහුට තමාගේම පෞද්ගලික ඇඳුම් හෝ සාමාන්‍ය ඇඳුම් ඇඳීමට අවසර දිය යුතු බවද මතක් කර දී ඇත.

එබැවින්, ඉදිරි අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී ද අඛණ්ඩව චීවරධාරීව (භික්ෂු භාවයෙන්) පෙනී සිටීමට අවශ්‍ය පරිපාලනමය පහසුකම් සලසා දෙන ලෙසත්, බන්ධනාගාරය තුළ රැඳී සිටින කාලසීමාව තුළ භික්ෂූත්වයට අගතියක් නොවන පරිදි කටයුතු කිරීමට අවකාශ සලසන ලෙසත් මහානායක හිමිපාණන් වහන්සේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටිති

ශිරන්ති රාජපක්ෂ ඔක්. 13 දක්වා රිමාන්ඩ්.අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිට...
07/10/2026

ශිරන්ති රාජපක්ෂ ඔක්. 13 දක්වා රිමාන්ඩ්.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඇය අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සිරිළිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඇය අද පෙරවරුවේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර එම නඩුකරයට අදාළව අද දිනයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඇප මත මුදාහැර තිබේ.

07/10/2026

ශිරාන්ති යන හැටි ඔබට මොකද හිතෙන්නේ.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමිය...
07/10/2026

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ ‘සිරිලිය සවිය’ ගිණුම පිළිබඳ සිදුකරන විමර්ශනවලට අදාළවය.

ඇය අද (07) පෙරවරුවේ කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි නිවසේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි නිවසේදීය.

පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවටගත් බව අල්ලස් කොමිසම ප්‍රකාශ කළේය.

ඒ සිරිලිය සවිය අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදුවූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් වන චෝදනාවට අදාළවය.

ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා වි...
07/10/2026

ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි නිවසේදීය.

පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවටගත් බව අල්ලස් කොමිසම ප්‍රකාශ කළේය.

ඒ සිරිලිය සවිය අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදුවූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් වන චෝදනාවට අදාළවය.

2027 අයවැය අද පාර්ලිමේන්තුවට.2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියම...
07/10/2026

2027 අයවැය අද පාර්ලිමේන්තුවට.

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 25 වැනිදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ සඳහා අනුමැතිය හිමිවිය.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 12 වැනිදා අයවැය කථාව ඉදිරිපත් කිරීමට නියමිත අතර, එදින විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදුකෙරේ.

අනතුරුව නොවැම්බර් 13 සිට 20 දක්වා දින හතක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, එහි ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් පැවැත්වේ.

අයවැය තෙවැනිවර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත අතර, එමගින් 2027 අයවැය පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන් වේ.

අයවැය විවාද පැවැත්වෙන කාලය තුළ ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සෙනසුරාදා දිනවලද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

දෙවැනිවර කියවීමේ විවාදයේදී ආණ්ඩු පක්ෂයට සියයට 60කත්, විපක්ෂයට සියයට 40කත් විවාද කාලයක් වෙන්කර ඇති අතර, කාරක සභා අවස්ථාවේදී එය ආණ්ඩු පක්ෂයට සියයට 40ක් සහ විපක්ෂයට සියයට 60ක් ලෙස වෙන්කර තිබේ.

06/10/2026

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම.

විශ්වීය බෞද්ධ භික්ෂු මහා සම්මේලනයේ නිර්මාතෘ හා කැදවුම්කරැ, ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති, තුන්හිටියාවේ ධම්මාලෝක හිමි.

ඥානසාර හිමිගේ නඩුව කල්යයි.ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අදාළ නඩුව ලබන 23...
06/10/2026

ඥානසාර හිමිගේ නඩුව කල්යයි.

ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අදාළ නඩුව ලබන 23 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුකරය අද (06) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී වරෙන්තුව මත අත්අඩංගුවට ගන්නා ලද ඥානසාර හිමියන්ව ගිහි ඇඳුමින් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුකරය යළි ලබන 23 වැනිදා කැඳවන ලෙස නියම කළේය.

සිංගප්පූරු ගිය ශිරන්ති දිවයිනට.‍විදෙස් ගතව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය දි...
06/10/2026

සිංගප්පූරු ගිය ශිරන්ති දිවයිනට.

‍විදෙස් ගතව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය දිවයිනට පැමිණ තිබේ.

අද (05) රාත්‍රියේ මලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට මලයාසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඇය දිවයිනට පැමිණි බව 'අද දෙරණ' ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.

දිවයිනට පැමිණි ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගුවන්තොටුපොළෙන් පිටවීම සඳහා විශේෂ අමුත්තන් සඳහා වූ ගෝල්ඩ් රූට් පහසුකම භාවිතා කර තිබේ.

පසුගිය සැප්තැම්බර් මස 16වැනි දින වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුව බලා ශිරන්ති රාපක්ෂ මහත්මිය පිටත්ව ගිය අතර, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඇයට දැනුම් දී තිබුණි.

කෙසේවෙතත් අද දිනයේ දී තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අපේක්ෂිත ඇප අයදුම්පතක් ද ඉදිරිපත් කරනු ලැබීය.

මහින්ද කහඳගම මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අයිස් මත්ද්‍රව්‍ය සමග ...
06/10/2026

මහින්ද කහඳගම මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අයිස් මත්ද්‍රව්‍ය සමග කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (05) රාත්‍රී මිරිහාන ප්‍රදේශයේ අවන්හලක් අසල දී මොහු අත්අඩංගුවට ගත් බවය.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සොයාගෙන ඇති බව වාර්තා වේ.

මොහු කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු ද කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති බව වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sl News Backup posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sl News Backup:

Shortcuts

Share