රුවැත්ති - Ruwaththi

රුවැත්ති - Ruwaththi ඕන මගුලක් ok ��

💢 ඔබත් කැමති ද නිරෝගී, පිරිපුන් කෙස්කළඹක හිමිකාරිනියක් වෙන්න...එහෙනම් මෙන්න ඒකට තියෙන හොඳම නිශ්පාදනය 👇💢කොණ්ඩය යනවට...💢කෙ...
19/07/2025

💢 ඔබත් කැමති ද නිරෝගී, පිරිපුන් කෙස්කළඹක හිමිකාරිනියක් වෙන්න...
එහෙනම් මෙන්න ඒකට තියෙන හොඳම නිශ්පාදනය 👇

💢කොණ්ඩය යනවට...
💢කෙස් අග පැලීම නතරකර ගැනීමට...
💢 නලළ දෙපැත්තෙ හිසකෙස් වවාගන්න...
💢කොණ්ඩයේ තෙතමනය රඳවගන්න...
💢කෙමිකල් භාවිතයෙන් විනාශ උන හිසකෙස් වලට
💚 මේ එක භාවිතයෙන් හිසකෙස් ප්‍රශ්න වලට තිත තියන්න පුලුවන් .. 🌿❤️

☎️ ඇණවුම් කිරීමට 👇

* නම :
*ලිපිනය :
*දුරකථන අංක 2 ක් :


📲0704880792

Best hair oil 🥰✌️https://www.facebook.com/share/1T3Jau6DEa/

19/05/2024

ගැලපෙන මිනිස්සු මේ ලෝකෙ නෑ.
එහෙම ගලපන්නත් බෑ.
ගැලපුනා මයි කියලා හිතුවත් ඒක එහෙම වෙන්න විදිහකුත් නෑ.

දෙන්නාගෙන් එක්කෙන්ක්ට හරි උපරිම ඉවසීමක්,දාරාගැනීමේ ශක්තියක් තිබ්බොත් එ පව්ල රැදෙනවා,❤

නැත්තම් ඔය කියන ගැලපෙන ම අය කවදාවත් හම්බෙන්නෑ.මොකක් ම හෝ පුංචි නොගැලපීම් හරි අනිවාර්යයෙන් තියෙනවා..😌

07/05/2024

සතුට ?

සතුට ස්තීර දෙයක්ද ?

සතුටින් විතරක් ජීවත් වෙන්න පුළුවන් ද?

සල්ලි, ආදරෙ තිබ්බාත් මොනම විදිහකින් හරි අපිට දුකක් දැනෙනවා,දුක කියන දේට කවුද කැමති 😁 මං හිතන්නේ අපි කවුරු ත් අකමැතිම දෙයක්" දුක"

කැමැත්ත අකමැත්ත වැඩක් නෑ,මොන මනුස්සයා ට උනත් විවිධාකාරයෙන් දුක කියනදේ ලැබෙනවා,ජීවත් වෙද්දී .
ඇත්තටම මනුස්සයෙක්ට සතුටින් විතරක් ජීවත් වෙන්න බෑ. 🙂

දුක දාරාගන්න පුළුවන් අය වගේම බැරි අයත් ඉන්නවා..බැරි අයගේ හිත් ශක්තිමත් කරගමු.මොකද ජීවත් වෙලා ඉද්දි ඔය දුක කියනදේ කාටත් උරුමයි.

දුක කියන දේත් ජීවත් වෙද්දි ඕන. 🤭

මට තේරෙන්නේ එච්චරයි . 😒

ලස්සනයිද ද අපි දෙන්නා 😌
23/06/2023

ලස්සනයිද ද අපි දෙන්නා 😌

අනේ එයා 🥺Cute නේද ❤️❤️
22/06/2023

අනේ එයා 🥺

Cute නේද ❤️❤️

Good morning  🌹❤️
22/06/2023

Good morning 🌹❤️

Good morning laccana ළමයෝ 🌹
20/06/2023

Good morning

laccana ළමයෝ 🌹

🥲
19/06/2023

🥲

19/06/2023
19/06/2023

🌏🌐🌊🌀🐚🌿අධික වේදනාවක් මැද වැලිකැටයෙන් උපදින මුතු ඇටයේ කතාව..
මුතු මාල පොටක් ගෙලේ බඳින දා
හිත කෝල සිතුම් එබී බලන දා
රෑ නින්ද නැතිව හීන දුටුව දා
හිත ආදරයක බැඳුනිද මන්දා
මුතු මාල පොටක් ගෙලේ බැදලා අපූරුවට ආදරේ කරාට මොකද අපේ අය නොදන්න වේදනාවක් ඒ පිටිපස්සෙ තියෙනවා.
🙄 ඇත්තටම මොකක් ගැනද මේ කියන්න යන්නෙ?
වටිනාකමට උපමාවක් දෙනවනම් එකපාරටම මතක් වෙන්න පුලුවන් දෙයක් තමයි මුතු කියල කියන්නෙ.හැබැයි මන් දැන් කතාකරන්නෙ මුතු ඇටයක වටිනාකම ගැනනම් නෙමෙයි.මේ කියන්න යන්නෙ මුතු ඇටයක් හැදෙන්නෙ කොහොමද කියල.
ඔන්න එහෙනම් අහගන්නකෝ...
බෙල්ලා කියල කියන්නේ සොබාදහමට ලැබුනු හරි අපූරු සතෙක්.
🤔ඒත් ඇයි එහෙම කියන්නෙ?
මේ අපූරු සත්වයා තමන්ට අයිති නැති දෙයක් වෙනුවෙන් හිතාගන්න බැරිතරම් වේදනාවක් දරාගෙන තමයි අදහගන්න බැරි තරම් වටින මුතු ඇටයක් ජනිත කරන්නෙ කියල කිව්වොත් විස්වාස කරන්න පුලුවන්ද?
🐚🙄 ඇත්තටම ඔය කියන මුතු හැදෙන්නෙ කොහොමද?
කවුරුත් නොදන්න මේ මුතු ඇටයෙ උපත වෙන්නේ වැලි කැටයකින් හරියටම කියනවනම් දුවිලි අංශුවකින් තමයි මුතු ඇටයක් උපදින්නෙ.
මෙච්චර කල් හිතන් හිටියෙ මුතු බෙල්ලො තමයි මුතු ඇට හංගන් ඉන්නෙ කියලනෙ.ඒත් ඇත්තටම වැලි කැටයකින් කොහොමද මෙච්චර දෙයක් වෙන්නෙ.ඔන්න එහෙනම් අහගන්නකෝ...
මේ කියන බෙල්ලන්ගෙ ඇතුල හරිම මෘදුයි ඉතින් ඒ මෘදු බෙල්ලගෙ ඇතුලට වැලි කැටයක් එහෙමත් නැතිනම් දූවිලි අංශුවක් ඇතුල් උනාම මේ බෙල්ලට අසීමිත වේදනාවක් දැනෙන්න ගන්නවා.
හරියට අපේ තුවාලයකට වැලි කැටයක් ගියාම අපිට දැනෙන වේදනාව වගේ ඉතින් මේ බෙල්ල ඒ දැනෙන වේදනාව අඩු කරගන්න කියල “nacre” කියන ද්‍රාවණයක් වැලි අංශුව වටේට නිකුත් කරනවා.
ඉතින් මේ විදිහට බෙල්ලට වේදනාව දැනෙන්න දැනෙන්න මේ ද්‍රාවණය සැරින් සැරේ නිකුත් කරන්න ගන්නවා.ඉතින් බෙල්ලගෙ බාහිර කවචයේ ඇතුල් පැත්තෙ හැදෙන මේ රසායනිකය තුල ඇරොගොනයිට්(Aragonite) ලවනය සහ කොන්කිඔලීන් (Conchiolin)කියන ප්‍රෝටීනය තමයි අන්තර්ගත වෙන්නෙ.
දිගින් දිගටම මේ ක්‍රියාවලිය සිදුවෙමින් ස්වභාවිකව මුතු ඇටයක් වර්ධනය වෙන්න සාමාන්‍යයෙන් අවුරුදු 15-20 වත් යනවා. ඒ කියන්නේ මුතු බෙල්ලෙක් එතරම් කාලයක් පුරාවටම මේ වේදනාව විඳිනවා.
ඒවගේම මේ වේදනාවත් එක්ක ලැබෙන මුතු ඇට එකිනෙකට වෙනස් වගේම කවදාවත් සර්ව සම්පුරණ නිමැවුමක් විදිහට එලියට එන්නෙ නෑ.ඒත් එහෙමයි කියල වටිනාකමේ අඩුවක් වෙන්නෙත් නෑ.
ඒවගේම වැදගත්ම දේ තමයි ජීවි සත්වයෙක්ගෙන් ලබා ගන්න එකම මැණික් වස්තුව වෙන්නෙ මුතු ඇටය.
මේ විදිහට නිර්මානාය වෙන මේ මුතු ඇටය වටා ගෙතුන ලස්සන කතා ගොඩකුත් තියෙනවා.ඔන්න එහෙනම් ඒකත් අහගන්නකෝ..
චීන මතයට අනුව ඒ කියන්නෙ චීන්නුන්ගෙ විදිහට මුතු ඇට අයිතු වෙන්නෙ මකරුන්ට.ඒකට හොදම නිදසුන තමයි ඔයාල මකරුන්ගේ රූප දිහා හොදින්ම බැලුවොත් ඔයාලට පෙනේවි මකරුන් රව්ම් හැඩැති අමුතු දිස්නයක් තියෙන වස්තුවක් රැකගෙන ඉන්නවා.
ඒවාගේම චීන මිත්‍යාවට අනුව මුතු ඇට කියන්නේ උසස් මනසක් වගේම බුද්ධියේ සංකේතයක්. මකරුන්ගෙන් සංකේතවත් කරන්නෙත් ඒකමයි.ඉතින් ඒ නිසා තමයි චීනයේ අය මුතු ඇට අයිති මකරුන්ට කියල විශ්වාස කරන්නෙ.
ඒවගේම ඈත අතීතයේ ජපන් ජාතිකයන් විශ්වාස කරපු කතාවකුත් මේ අස්සෙ තියෙනවා.ඔවුන් කියන්නෙ නම් මේ මුතු ඇට හැදෙන්නේ දේව දුතයන්, දිය කිඳුරියන් වගේ මනුස්ස ලෝකයට අයත් නොවන බලසම්පන සත්වයන්ගේ කඳුළු බිංදු වලින් කියලා.
ඒවගේම ටහිටියානු විශ්වාසයට අනුව ටහිටියානු මුතු ඇට වල උපත සිදුවුනා කියන්නෙ සාමය හා ගර්භනීයත්වයේ අධිපතිවන ඔරෝ කියන දෙවිවරයා දේදුන්නක නැගලා පොලිනිසියානු වැසියන්ට උෆි කියන අපුර්ව මුතු බෙල්ලා තෑගී කරන්න ආව අවස්ථාවේදී කියලා.
ඉතින් ඔරෝ විසින් දේදුන්නේ වර්ණ රැගත් ලස්සනම ලස්සන මුතු ඇටයක් උෆි තුළ ජනිත වෙලා තියෙනවා දැක්කලු.ඒවගේම ඔහු ඒ මුතු ඇටය බෝරා බෝරා කියන කුමාරිකාවට ප්‍රේමයේ මතක සටහනක් විදිහට තෑගි කරා කියලත් කියනවා.
ඒවගේම ටහිටියානු මුතු ඇට දුර්ලභ වගේම ඉතා ඉහළ වටිනාකමකින් යුක්ත වන්නේ ඒ නිසා කියල තමයි මිත්‍යාවේ නම් සඳහන් වෙන්නෙ.
ඉතින් ඔය කතා අස්සෙ මුතු බෙල්ලට තියෙන තවත් විශේශ ලක්ශනයක් තමයි මොවුන්ට තමන්ගේ ලිංගය මාරු කරගන්න පුලුවන් හැකියාවක් තිබීම.
ඒකනම් පුදුමයක් නේද?
පුදුම හිතුනත් කාලෙකදී පිරිමි විදිහට ඉදල පසු කාලීනව ගැහැනු විදිහට මාරු වීමේ අරුම පුදුම හැකියාවක් තමයි මේ මුතු බෙල්ලෙන් සතු වෙන්නෙ.
ඉතින් මුතු බෙල්ල සොබාදහමට ලැබුන අපූරු දායාදයක් වෙන එක අහන්නත් දෙයක්ද?
ඔන්න දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් මෙච්චර හෑලි ලියන්නෙ මේකෙන් ගන්න දෙයක් තියෙනවද කියල.
ඒකට උත්තරේ මන් මෙහෙම කියන්නම් මේ අපූරු බෙල්ලගෙ ජීවිතේට වටිනාකමක් එකතු වෙන්නෙ මේ මුතු ඇටය නිසා.
විනාඩියකට ඔබත් මුතු බෙල්ලෙක් උනොත්.අසීමිත වේදනාවක අග්‍ර පලය විදිහට ඔබට ලැබෙන්නෙ මුතු ඇටයක්.නිකන්ම නම් නෙමෙයි ලොකු වටිනාකමකුත් එක්ක.
අන්න ඒ නිසා මුතු ඇටයක පරිපුරණ නිමාව හරියට අපේ ජීවිත වගේ.ආරම්භය වේදනාවක් උනත් කාලය විසින් ඔබට ලගා කරන්නෙ වටිනාකමකින් පිරිපුන් ප්‍රතිපලයක්.වේදනාව අසීමිත උනත් ඔබේ වටිනාකම ඔබ තුලින්මයි ගොඩනගා ගන්න ඕන.හරියට මුතු බෙල්ලා තමන්ගෙ කටුව ඇතුලෙන් වැඩකට නැති ස්‍රාවය වේදනාව වෙනුවෙන් නිකුත් කරල මුතු ඇටේ උපද්දනව වගේ.
ඉතින් ඔබත් තීරනය කරන්න වසර ගානක් දුක් විදලා වටිනාකමක් හොයන මුතු බෙල්ලෙක් වෙනවද නැතිනම් වසරගානක් කුනු කකා කටුව ඇතුලෙ ජීවත් වෙන ගොලුබෙල්ලෙක් වෙනවද කියල...
ඔන්න මන් මුතු ඇටයේ කතාව නම් කියල ඉවරයි ඉතින් මේ ගැන තව විස්තර දන්නවනම් නොදුටු ලොවටත් මතක ඇතුව කියන්න කියල ආදරෙන් ඉල්ලනවා.
ආයෙත් දවසක මේවගෙ ලස්සන කතාවක් අරන් එන්නම්.හැමෝටම සුභ දවසක්... . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . තොරතුරු සියල්ල අන්තර්ජාලය ඇසුරින්
" කරුණාකර කර්තෘ අයිතිය සුරකින්න."
☃️ තුහින වෙනුවෙන්
✍️නොදුටු ලොව සමූහයේ ඉශානී මහේශිනී

19/06/2023

ඒ ඩොක් ටර් 🥺

ලෙඩ බෙහෙත් වලින් සුව වෙද්දි හිත වොයිස් එකෙන් සුව වෙනවා 😁🌹


19/06/2023

ඒ වොයිස් එක නම් පෙර පිනකට ලැබුන දෙයක් 🌹🥺

භාවනවක් වගේ 😌

Address

Colombo

Telephone

+61704040557

Website

Alerts

Be the first to know and let us send you an email when රුවැත්ති - Ruwaththi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share