Harindi Liyanage

Harindi Liyanage This is a page i am creating health, beauty and motivation figers contributing for fellows

Global hair artist, trainer, leader of seminar and workshop, Farrukh Shamuratov took his first trip to this beautiful Is...
13/09/2024

Global hair artist, trainer, leader of seminar and workshop, Farrukh Shamuratov took his first trip to this beautiful Island, 🇱🇰 this week to teach local hair stylists his unique hair styles at Courtyard by Marriott Colombo.

Thank you so much my dearest friend Hasini Gunasekera to invited us to get his unique experience in his professional journey.

" Creative people are born in any country, no matter what religion they believe in, they are creative, they do creative things with hair also...."

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය මගින් 15 වැනි වරටත් පැවැත් වූ  විද්‍යෝදය සාහිත්‍ය සම...
07/09/2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය මගින් 15 වැනි වරටත් පැවැත් වූ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2024..

" අපි තවමත් හැදෙන තැන ....ශ්‍රී ලාංකික සාහිත්‍යයේ සුන්දරම මිනිසුන් සමග...

මෙයාලත් එක්ක කතා කිරීම හරිම ලස්සන වැඩක් වුණා අන්තිමට...Sri lanka Air Force Lady Pilots ❤
17/08/2024

මෙයාලත් එක්ක කතා කිරීම හරිම ලස්සන වැඩක් වුණා අන්තිමට...Sri lanka Air Force Lady Pilots ❤

Surround yourself with positive people....Pic by Dayan pradeep
13/07/2024

Surround yourself with positive people....
Pic by Dayan pradeep

තරුෂි කියන්නේ ලංකාවේ මලල ක්‍රීඩාවේ අනාගතය....හෙට ජුනි මාසේ 30 වැනිදා, ඉරිදාවක්. ශ්‍රී ලංකාවට  හෙට දවසේ ලොකු බලාපොරොත්තුව...
29/06/2024

තරුෂි කියන්නේ ලංකාවේ මලල ක්‍රීඩාවේ අනාගතය....

හෙට ජුනි මාසේ 30 වැනිදා, ඉරිදාවක්. ශ්‍රී ලංකාවට හෙට දවසේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඔලිම්පික් සිහිනය සැබෑ කරන්න ට්‍රෑල් තරග දෙකකට හෙට අපේ තරුෂි, අපේ රටේදීම තරඟ වදිනවා.

ජුලි මාසේ තියෙන ඔලිම්පික් නියෝජනය කරන්න මීටර් 800 ඉසව්වෙන් ලෝකෙන් හොඳම 45 දෙනා තමයි සාමාන්‍යයෙන් තෝරගන්නේ. හැබැයි මේ වෙනකොට අපේ රටේ මේ පූoචි දුවන්නී ඉන්නේ ලෝකයේ 47 වැනි ස්ථානයේ. ස්පාඤ්ඤයේ තිබුන මීටර් 600 ඉසව්වේ ජයග්‍රහණයෙන් පස්සේ ලෝකයේ 65 වැනි ස්ථානයේ හිටපු තරුෂි 47 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. කෙසේවෙතත් ඔලිම්පික් යන්න තවත් 03 දෙනෙක් වයිල් කාඩ් ක්‍රමයට තෝරා ගන්න නිසා හෙට ඇයටත් අපේ රටේ මලල ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනාටත් අතිශයින්ම වැදගත් දවසක් කිව්වට වරදක් නැහැ.

අපේ මේ පූoචි දුවන්නීයට ඇගේ සුපුරුදු රිද්මයට ඇවිල් හොඳම කාලය වාර්තා කරලා මේ රට නැවතත් අවුරුදු ගාණක නිහැඩියාවෙන් පස්සේ ඔලිම්පික් තරගාවලියකදී කියවෙන්න
රටක් වශයෙන්, ක්‍රීඩා අමාත්‍යාංශය වශයෙන්, මලල ක්‍රීඩා සංගමය වශයෙන් ඇයට උදව් කළ යුතුමයි. එකට පාර හදලා දෙන්න පුළුවන් වටපිටාවක් සහ කොන්දක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සතු වෙන්නම ඕන කියලයි ජනතාව වශයෙන් අපි විශ්වාස කරන්නේ. ඒ තත්ත්වය අහිමි වුණොත් අනෙක් බයිල කතා පස්සේ කියලා නම් වැඩක් නැහැ ඉතින්.

මොකද තරුෂි කියන්නේ අපේ රටේ මලල ක්‍රීඩාවෙ අනාගතය. ඒක අමතක කරන්න අපි කාට වුණත් බැහැ. මේ වෙනකොටත් මලල ක්‍රීඩා සංගමය පිළිබඳව සහ එහි සභාපතිවරයා පිළිබඳව මැවෙන පුවත් එච්චර හොඳ නැහැ. ජනතාව අවදියෙන්. ජනතාවට ඉන්නේ තරුෂි එක්ක olympic සිහිනයකුත් හිතේ තියාගෙන.

මේ පුංචි කෙල්ලට මේ දුපත වෙනුවෙන් දුවන්න ඔලිම්පික් වරම් ලැබෙන්නම ඕන.....❤🫶🙏

හ | රින්දී ලියනගේ

මේ සඳුදා ( 24 )  ඉඳලා බ්‍රහස්පතින්ද දක්වා SLBC වල City F. M. (89.06/ 89. 08)  වලින් " මතු මහල"  රෑ 07 ට අහන්න.❤ කාන්තාව ...
23/06/2024

මේ සඳුදා ( 24 ) ඉඳලා බ්‍රහස්පතින්ද දක්වා
SLBC වල City F. M. (89.06/ 89. 08) වලින්
" මතු මහල" රෑ 07 ට අහන්න.

❤ කාන්තාව සහ මාධ්‍ය ගැන මගෙ කතාව හරියට දැන ගන්න පුළුවන්. මේක ටිකක් වෙනස් කතාවක් ඔයාලට..

පුතේ..  හරි පරිස්සමට ගෙදර එන්න.....🫶ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හරිම පරිස්සමින් ශ්‍රී ලංකාවට පැමිණිය යුතුය. මන්ද T20 ලෝක...
16/06/2024

පුතේ.. හරි පරිස්සමට ගෙදර එන්න.....🫶

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හරිම පරිස්සමින් ශ්‍රී ලංකාවට පැමිණිය යුතුය. මන්ද T20 ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීම කෙසේ වෙතත් ඔවුන්ට කලාතුරකින් ලැබෙන ඇමරිකා එක්සත් ජනපදයේ හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල නිවාඩුවක් ගතකිරීමේ අවස්ථාව උදා වූ බැවිනි.

ශ්‍රී ලාංකික ලොකු, පොඩි, බාල, මහලු සියලු ක්‍රීඩා ලෝලීන්ගේ වඩාත් අවධානය යොමූ වූ දිනය වූයේ අද එනම් 12 වැනි බදාදාය. ක්‍රිකට් ක්‍රීඩාව හදවතින්ම වැලඳගත් බොහෝ ශ්‍රී ලාංකික ක්‍රිකට් ලොලිීන් උදේ පහටත් පෙර සැදීපහැදී පුංචි තිරය ළඟ හිඳගත්තේ උදේ පහට නේපාලය සමග පැවැත්වෙන තරගයෙන් කලින් ලද දරුණු පරාජයන් දෙකම වසා සිංහ ධජ ලෙළවා, ජය බන්දා එම තරගය අපේ අය ජයග්‍රහණය කරනු දැකීමටය. ඔවුන් T20 අවසන් අට දෙනා අතරට පැමිණෙනු දැකීමටය. අවසනාවේ මහත වැහිවලා දෙවියන්ද සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අවසන් බලාපොරොත්තුවටත් හරස් විය. දැන් ඉතින් මාධ්‍යයත් ක්‍රීඩා ලෝලීනුත් ශ්‍රී ලාංකික ක්‍රිකට්
කණ්ඩායමට පරිස්සමෙන් ගෙදර එන්න කියනවා මිස වෙන මොනවා කියන්නද?

ක්‍රිකට් නිසා රටට ලැබුණ අවධානය, කීර්තිය රෙද්ද පල්ලෙන් බේරෙන්නට පටන්ගත් මොහොතක වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා කියන මැජික් කතාව සාවධානව අසන්නටවත් මෙරට ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට අවශ්‍යතාවක් නැත. මන්ද ඇමතිට පෙනෙන මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අඳුර මැදින් එළියට එන ගමනක් මේ සම්මජාතියක පෙනෙන්නට අපිට නොමැති නිසාය. හදවතේ ක්‍රිකට් තබාගෙන සිටින ක්‍රීඩා ලෝලීන්ට සිදුවන්නේ ඔවුන් අඳුරෙන් එළියට එන
ආකාරය මනසින් මෙනෙහි කර ක්‍රිකට්වලට අත්පොත් තැබූ අලුත් කණ්ඩායම් වෙනුවෙන් හුරේ දැමීමටය.

ඇමතිවරයා තවදුරටත් පවසන්නේ ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කරන විට කරේ තබාගෙන යෑමත් පැරදෙන විට එලව එලවා පහරදීමත් මේ රටේ ක්‍රිකට් සංස්කෘතියට ඇතුළත්වීම කණගාටුවට කරුණක් බවය. අපට ඉන්දියාව පැරදුණාට දුකක් නැත. බංගලාදේශයට එලව එලවා පහර දුන්නාට දුකක් නැත. නමුත් අපට මේ තරම් දුකක් ඇත්තේ ක්‍රීඩාවේ ජීව ගුණය අරක්ෂා කරගැනීමට අවශ්‍ය කාරණා දහසක් පසෙකලා විනය විරෝධී වැඩ කරමින් රටේ ක්‍රීඩාවට වඩා තම තමන්ගේ
පෞද්ගලික අරමුණ වෙනුවෙන් ක්‍රීකට් ජයග්‍රහණ පෙනි පෙනී පූජා කරන ක්‍රීකට් ක්‍රීඩාවට පැමිණ ඇති සල්ලාල මුදලාලිලා වැනි ක්‍රීඩකයන් ගැනය.

ක්‍රීඩා අමත්‍යවරයා වශයෙන් T20 වලට යන්නට පෙර සෝෂල් මීඩියා නොබලන්න යැයි කියා ඇති උපදේශයවත් ඔවුන් තඹයකට හෝ මායිම් කර නැත. මන්ද ඔවුන්ගේ සෝෂල් මීඩියාවලට එකතු වී ඇත්තේ ඇමරිකානු සංචාරයේ ඔවුන් කළ කී දෑය. අන්තිම මොහොතේ එකපිට එක තරග පැරදුණ විට රටෙන් ඇතිවන පීඩනය අවම කරන්නට ලැබුණු අවම පහසුකම් ගැන, තණතිලිවල අඩුපාඩු ගැන, එරට දේශගුණය ගැන ගොම් බස් කියා තැම්බිය හැකි ජාතියක් මේ රටේ දැන් නැත.

මේ නිසා අමාත්‍යතුමනි, මොවුන්ට විනය පිළිබඳව හොඳ පාඩමක් උගන්වන්න. ඔවුන් මේ සෙල්ලම් කරන්නේ රටේ කීර්ති නාමයත් සමඟ බව ගැළපෙන භාෂාවකින් කියා දෙන්න. ජයග්‍රහණය සඳහා විනය අවශ්‍ය බව යළි යළිත් මතක් කරන්න.

හ | රින්දී ලියනගේ

If I had all the confidence, i would approach to the woman of my dreams."Behind that amazing smile.”Thank you Deepika Gu...
09/06/2024

If I had all the confidence, i would approach to the woman of my dreams.
"Behind that amazing smile.”
Thank you Deepika Gunasekera & Dayan Pradeep

මගේ හිතේ මැවුණු සිතුවිල්ලක් කාලයක් එක දිගට කරගෙන ඇවිල්ලා අද මට ඒක ගැන පොඩ්ඩක් ලියන්න හිතුණා.Concept එකක් create කරලා ලoක...
31/05/2024

මගේ හිතේ මැවුණු සිතුවිල්ලක් කාලයක් එක දිගට කරගෙන ඇවිල්ලා අද මට ඒක ගැන පොඩ්ඩක් ලියන්න හිතුණා.

Concept එකක් create කරලා ලoකාවේ පත්තරේක මුල් කවරය කරන්න මගේ හිතේ මුලින්ම ආසාවක් ඇති වුණේ Brand challenge එක බාර ගත්ත දවසෙමයි. ඒ වාසනාව ලැබෙන්නෙ මම ආදරේ කරන Navaliya Brand එකට. මගේ හිතේ මැවෙන ඒ නිර්මාණශිලී සිතුවිල්ල Navaliya Cover page එක තුළින් යථාර්ථයක් කරගන්න ලoකාවේ Top class අය කිහිපදෙනෙක් හැමවෙලාවකම එකතු කරගන්න පුරුද්ද මට තියෙනවා. ඒ concept එකට matching වෙන්න Dress designing, Hair and Make up වෙනම දවස් ගණන් discuss කරලා ලස්සනම සහ ගැළපෙනම location එක තෝරගෙන, photographer එක්ක වෙනම discuss කරලා මගෙත් එයාගෙත් ideas එකතු කරලා Creativ team එකක් එකතු කරගෙන තමයි මගෙ හිතේ මුලින් මැවුණු Concept එක ලස්සන පින්තූර විදියට අන්තිමේට කවරෙට එළියට එන්නේ.

එහෙම කරපු ගොඩක් දේවල් ඇත්තටම සමාජ මාධ්‍යවල කතාබහට ලක් වුණා විතරක් නොවෙයි විනාඩියෙන් හොරකන් කරලා තමන්ගේ වගේ ඒ sit වල upload කර ගත්තා. මම දකින්නෙ අලුත් විදිහට හිතන අලුත් වැඩ කරන මිනිස්සු නොමැතිකම මාධ්‍ය පසුගාමිත්වයට මූලික හේතුවක් වගේම මේ profession එකේ අලුත් දේවල් කරන්න උත්සාහ කරන මම වගේ අයට motivation එකක් challenge එකක් නොලැබෙන එක speed එකේ යන්න අඩුවක්.

Concept cover page සාමාන්‍යයෙන් කලේ ඉන්දියාවේ. විශේෂයෙන්ම ලෝකයේම පාඨකයන් ඉන්න Filmfare Magazine එකේ විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ Femina Magazine එකෙත් එහෙම covers තමයි ගොඩක්ම කරන්නෙ.

මට ඕන වුණා ඒ සංකල්පය ලංකාවේ Print Media එකේ Newspaper category එකට හඳුන්වලා දෙන්න. ලංකාවේ පුවත්පත් මාධ්‍යයට විශේෂයෙන්ම කාන්තා පුවත්පතකට ආකර්ෂණීය කවරයක් Concept එකක් ඇතුලේ කරලා
Cover page එක ලැබෙන්නේ සුදුසුම පුද්ගලයාට කියලා ගෞරවය පෙන්වන්න.

ඉතින් එහෙම කරපු එකක් තමයි උමාලි - මනුල එක Frame එකට ගත්ත එක. මගේ හිතේ මැවුනෙ ඒ දෙන්නට English touch එකක් දෙන්න ඕන කියන idea එක. ඒකට මට Nayoma Wijesinghe , Hasini Gunasekera, Naturals salons නුගේගොඩ, Mount lavinia hotel වගේම අපේ Dayan Pradeep, Parami Kaushika OT මේ ඔක්කොම අය තම තමන්ගේ කොටස හරියටම කරමින් උදව් කළා.

ඒ නිසා තමයි Manula ගේ Crush එක Umali කියලා කිව්ව සහ පෙන්වන මුල අවස්ථාව ලස්සන ට එළියට ආවේ. Thank you so much Jay D Manula and Irudini umali Thilakarathna ඇතුළු අපේ වැඩේ ට උදව් කළ හැමෝටම ❤❤❤

( ඒ නිසා අපි මහන්සිවෙලා අමාරුවෙන් කරපු මේ photo shoot එක හොරකන් කරන්න එපා 👀)

හ| රින්දී ලියනගේ

Talking eyes noted someone ....
22/05/2024

Talking eyes noted someone ....

"Let's save Sri Lankans from Meningitis. "In Sri Lankan with the rapid spread of dengue fever and rat fever, it looks li...
24/06/2023

"Let's save Sri Lankans from Meningitis. "

In Sri Lankan with the rapid spread of dengue fever and rat fever, it looks like another flu coming soon be us.

" මෙනින්ජයිටීස් " වලින් ශ්‍රී ලංකිකයන්
බේරා ගනිමු...

ශ්‍රී ලාංකික අපට උණෙන් නම් අඩුවක් නැත. සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු උණත්, මී උණත් තිබියදී ඉතා නුදුරේදීම තවත් උණක් අපේ හිස මතට කඩාපාත් වන හැඩය. එය මෙනින්ජි පටල ප්‍රදාහය හෙවත් මෙනින්ජයටීස් ලෙස හැඳින්විය හැකි අතර එය අවසානයේ මොළයේ උණ තත්ත්වය දක්වා වර්ධනය වේ. ඇතැම්විට එලෙස ඇතිවන මොළේ උණ ඉන් නතර නොවී එය මොළයේ සැරව ගෙඩි දක්වා ද වර්ධනය වෙමින් ජීවිතය පවා අහිමි විය හැකි තත්ත්වයට පත් වේ.

නමුත් ප්‍රශ්නය වී ඇත්තේ මෙනින්ජයිටීස් වළක්වාගැනීමට වැඩිහිටියන්ට ලබා දෙන Menningococcal Vaccine අවුරුදු එකහමාරක පමණ කාලයක සිට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ නොමැති වීමයි. එසේ නොමැති වීමෙන් මෙනින්ජයිටීස් ඇති කරන බැක්ටීරියාවට එරෙහිව මිනිස් ශරීරය තුළ කලින් ප්‍රතිදේහ නිර්මාණය කළ නොහැකි අතර ඒ නිසා එම බැක්ටීරියාවෙන් බේරීම සඳහා මිනිස් ශරීර තුළ ප්‍රතිශක්තියක් නොමැති වේ. මේ මුවාවෙන් නියමිත උෂ්ණත්වයේ ගබඩා නොකළ, කල් ඉකුත් වූ මෙනින්ජයටීස් වළක්වා ලන එන්නත් ද ජවාරම්කරුවන් විසින් සීරුවට අලෙවි කෙරේ.

මෙහි ඛේදනීය තත්ත්වය ඇති වන්නේ මේ වනවිටත් මැදපෙරදිග රටවල ව්‍යාප්ත වී තිබෙන මෙනින්ජයිටීස් වැනි රෝග අපේ රටට නුදුරේදීම ආ හැකි බැවිනි. එයට හේතු වන්නේ ළඟ එන හජ්ජි උත්සවය වෙනුවෙන් සෞදි අරාබිය වැනි ඉස්ලාම් රටවලට මෙරටින් පිටව යන බැතිමත්තු හරහා අපේ රටට මේ වෛරසය ඇතුළු විය හැකි බැවිනි. සාමාන්‍යයෙන් සෞදි අරාබිය වැනි රටවලට සංචාරයට පෙර වීසා ඉල්ලීමේදී එම තානාපති කාර්යාලය විසින් දින 21 කට පෙර ලබාගත් මෙනින්ජයිටීස් වැක්සීන් කාඩ්පතක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කරයි. නමුත් මෙරට සෞඛ්‍ය පද්ධතියේ එම එන්නත නොමැති වීම නිසා මේ වනවිටත් බොහෝ බැතිමතුන් සහ සංචාරකයන් ව්‍යාජ ලිපි ලේඛන සකසා තමා එන්නත ලබාගත් බවට තහවුරු කරමින් වීසා ලබාගන්නා බවට වාර්තා වේ. මෙවැනි තත්ත්වයක් තුළ හජ්ජි උත්සය සමයේ සෞදි අරාබියටත් වෙනත් මැදපෙරදිග රටවලටත් සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් මෙනින්ජයිටීස් බැක්ටීරියා වාහකයන් ලෙස ක්‍රියා නොකරනු ඇතැයි සහතික කිරීමට මෙරට සෞඛ්‍ය අමාත්‍යංශයටවත් මෙරට තානාපති කාර්යාලවලටවත් උඩ ඉන්න දෙවියන්ටවත් නොහැකි බව තේරුම්ගත යුතුව තිබේ.

එම නිසා සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීනි, ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නිලධාරීනි කෙසේ හෝ රටේ සමස්ත ජනතාවගේ යහපත් සෞඛ්‍ය වෙනුවෙන් වගකීමට බැඳී අඩුමතරමින් සෞදි අරාබියටත් ⁣මැදපෙරදිග රටවලටවත් යන ශ්‍රී ලාංකික පිරිස වෙනුවෙන්වත් මෙනින්ජයිටීස් වළක්වා ගැනීමේ එන්නත වහ වහා ගෙන්වා සෞඛ්‍ය අමාත්‍යංශයම මැදිහත් වී එය ලබාදීමට කටයුතු නොකරන්නේනම් සමස්ත සෞඛ්‍ය පද්ධතියම ඉදිරියේදී අවධානමකට ලක්වේ. විශේෂයෙන් බෝ නොවන රෝග වලින් පෙළෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වඩාත් අඳුරට ඇද දැමේ.

Historically, Srilanka Navy women were excluded from the shipping industry, which was considered a profession for men on...
19/06/2023

Historically, Srilanka Navy women were excluded from the shipping industry, which was considered a profession for men only. They were employed in various maritime jobs, including ship driving also.

Have done successful interviews with these Navy ladies who they are working in GAJABAHU.

Pic by Dayan Pradeep

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Harindi Liyanage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Harindi Liyanage:

Share