31/08/2023
💞ජීවිතයට ඔවදනක්💞
"හානේ.. ජයමිණී.."
"ගොඩ කාලෙකින් දැක්කේ..."
වත්සලා කහ ඉරෙන් පාර පැනලා බස් හෝල්ට් එක ලගට එද්දිම බස් හෝල්ට් එකේ හිටපු ජයමිණී ව දැකලා එහෙම කිව්වෙ කෙල්ලගෙ උරහිසට අත තියන ගමන්මයි..
"වත්සලා අනේ ඔයා..."
"ලස්සන වෙලා.."
"වෙනස් වෙලා..."
ජයමිණි වත්සලාගෙ අතින් අල්ලගෙන කිව්වා වගේම ලගින් හිටපු වත්සලාගෙ ලගින් හිටපු පිරිමි ලමයා දිහා බලලා හිනා වෙලා ආයෙම ඇය දිහා බැලුවෙ මේ කවුද කියලා අහන්න වගෙයි...
"මේ මගෙ බෝයි......"
"අනුශ්ක..."
"හායි..."
"හායි නංගී.."
"නයිස් ටු මීට් යූ..."
අනුශ්ක මහ අමුතු බැල්මකින් ජයමිණි දිහා බලන ගමන් කිව්වෙ මහ කෑදර බැල්මකින්...
"මිස් ඔයා අඩන්න එපා..."
"ඔයාගෙ හිත හයිය කර ගන්න.."
"ඔයා ජීවත් වෙලා ඉන්න ඕනී මොන දේ කරන්නත්..."
මනෝ උපදේශක තුමියට තම ජීවිතය මේ තරම් අගාදයකට ඇද දැමූ අනුශ්ක තම ජීවිතයට එබිකම් කරන්නට මුල් අඩිතාලම වැටුනු ඒ අමිහිරි දිනය ගැන කියන්නට පටන් ගත්තා විතරයි කෙල්ලගේ ඇස් දෙකෙන් කදුළු වැටෙන්න උනා...
"ඉතින් කියන්නකො..."
"අපි ඔයාගෙ කතාව අහමු.."
"ඔයාට මම පුළුවන් විදිහට උදව් කරන්නම්.."
"ඔයා කියන හැමදේම දන්නෙ අපි දෙන්නා විතරමයි.."
ඉකිබිදුම් මතින් ජයමිණී.. අනුශ්ක තම ජීවිතයට හෙමි හෙමින් ලං වුනු හැටිත් ඔහු තමා හා වත්සලා පමණක් නොව තවත් ගැහැනු ජීවිත රැසකගේ ජීවිතය අපායක් බවට පත් කොට ඔවුන්ගෙන් මුදල් ද ගෙන අදටත් සොයාගත නොහැකිව සැගව සිටින සල්ලාලයෙකු බවත් නොසගවා කියන්නට උනා..
"හරි මිස්..."
"මට දැන් ඔයාගෙ කතාව තේරෙනවා..."
"අපි දැන් මේ අතීත මතක ටික ටික අමතක කරන්න පටන් ගමු.."
"මම ඔයාට ඒකට උදව් කරන්නම්.."
මනෝ උපදේශන ප්‍රතිකාර ලබා ගැනීමත් සමගම ඇයට ඒ අදුරු අතීතය ටිකෙන් ටික අමතක වන්නට වුනා...
හිතන්න...
මේ අද සමාජයේ එක් පැතිකඩක් පමනයි..
තව කෙනෙක් රවටා, තලා පෙලා, කඩා වඩා ගැනීමට තරම් අපේ ජාතිය වෙන කිසි දේකට හපන් නොවේ..
ඔබ ඔබේ දිවිය ගත කරන අතරතුර ඔබට සමාජයෙන් විවිද තර්ජන ඇති වීමට බොහෝ සෙයින් ඉඩ තියෙන බව මතක තබා ගන්න..
ඒවා විවිද ආකාරයෙන් ආ හැකිය...
මානසික වශයෙන් හා ශාරීරික වශයෙන් ද අප නොසිතනා විවිධ කරදර අප ජීවිතයට ඒමට හැකි ප්‍රවණතාවය ඉතා ඉහලයි...
නමුත් අප විසින් පිළිපැදිය යුතු ජීවිතයට උගත යුතු අත්‍යාවශ්‍යම නීතියක් පවතී...
"අවශ්‍යම අයට පමණක් දොර අරින්න.."
"නැතිනම් එයාලා ආපහු යන්නෙ මුළු මනසම විකෘති කරලා.."
ඉතින් අද මම ඔයාලට කියන්නේ..
සතුටින් ගත කරන ඔයාගෙ ලස්සන ජීවිතය අනවශ්‍ය ප්‍රශ්න , කරදර නිසා අවුල් කර ගන්න එපා කියලයි..
"ජීවිතයේ හිඩැස් අතරින් රින්ගා ඔබේ ජීවිතය අවුල් වියවුල් කිරීමට කිසිවකුට ඉඩ දෙන්න එපා.."
ඔබේ ගැටළු විස්වාශවන්ත අයට හැර අන් අයට නොකියා සිටීමට වග බලා ගන්න..
ඔබගේ මානසික යහ පැවැත්ම හරියාකාරව තබා නොගතහොත් ඔබගේ අනෙකුත් දෛනික ක්‍රියාකාරකම් කිසිවක් හරියාකාරව සිදු කර ගැනීමට අපහසු වන අතර එමගින් ඔබේ ශාරීරික සෞඛ්‍යද ප්‍රිරිහී යනු ඇත..
ඔබගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය පිරිහුන විටදී ඔබගේ පව්ලේ මෙන්ම රැකියා ස්ථානයේද ක්‍රියාවන් හරියාකාරව සිදු නොවී යනු ඇත...
ජීවිතයේ ඕනෑම විටකදී ඔබේ ජීවිතයට එබිකම් කරන ඕනෑම එබී බැලීමකට සිහි නුවනින් විමසා බලා උකහා ගන්න..
අනවශ්‍ය යැයි සිතෙන සියළු දේ දෙවරක් නොසිතා අත් හරින්න..
සමබල ආහාර වේලක් ලබා ගන්න. නිසි ව්‍යායාම කරන්න..
මානසික සුවතාවය සදහා යම් දේ සිදු කරන්න.. (භාවනා කිරීම , සින්දු ඇසීම වැනි )
ඔබට නැවත නැවත සිහිකල යුතු සහ ඔබ සිහියේ තබා ගත යුතු එකම නීතියක් ඇත...
එය නම්...
"ජීවිතයේ හිඩැස් අතරින් රින්ගා ඔබේ ජීවිතය අවුල් වියවුල් කිරීමට කිසිවකුට ඉඩ දෙන්න එපා.."
"අහ්..."
"තවත් දෙයක්..."
යම් මානසික හෝ සෞඛ්‍ය ගැටළුවක් ඇත්නම් ඒ හා දැනුමක් ඇත අයගෙන් පමණක් උපදෙස් ලබා ගන්න... (වෛද්‍යවරුන් , මනෝ උපදේශකයින්. )
"ඉතින් ආයෙ ආයෙත් කියන්නම්..."
"ජීවිතයේ හිඩැස් අතරින් රින්ගා ඔබේ ජීවිතය අවුල් වියවුල් කිරීමට කිසිවකුට ඉඩ දෙන්න එපා.."
ඔබට ජය...
හර්ශන රූපසිංහ.💕