The Ceymates

The Ceymates 𝗕𝗲𝘆𝗼𝗻𝗱 𝗧𝗵𝗲 𝗜𝗻𝗳𝗶𝗻𝗶𝘁𝗲 𝗖𝗶𝗻𝗲𝗺𝗮
Let's enjoy the world of cinema together 💛

ඇසට ප්‍රිය "ආදරණීය තරුවක්" 🩷✨අද සිට, ඔබ වෙත !
06/08/2026

ඇසට ප්‍රිය "ආදරණීය තරුවක්" 🩷✨
අද සිට, ඔබ වෙත !

ඇසට ප්‍රිය "ආදරණීය තරුවක්" 🩷✨
අද සිට, ඔබ වෙත !
අද (අගෝස්තු 06) සිට තිරගතවීමට නියමිත ආදරණීය තරුවක් චිත්‍රපටයෙ විශේෂ මාධ්‍ය දර්ශනයක් පසුගිය 23 වෙනිදා පැවත්වුනා සහ අපිටද ඒ වෙනුවෙන් ආරාධනාවක් ලැබුනු බවට අපි පෙර පෝස්ට් එකකින් පල කලා ඔයාලට මතක ඇති. ඒත් එක්කම අපි කිව්ව ෆිල්ම් එක ගැන Review එකකුත් අපි ඉක්මනටම අරගෙන එන්නම් කියල. ඉතින් ෆිල්ම් එක රිලීස් වෙන්න ඔන්න මෙන්න තියල අද දවසෙම අපි Review එකක් ගේන්න හිතුවෙ අද ඉදන් ඔයාලට ළඟම සිනමාහලෙන් ආදරණීය තරුවක් නරඹන්න පුළුවන් වීම සහ අපේ Review එකත් ඔයාලට චිත්‍රපටය නරඹන්න පොඩි හරි උත්තේජනයක් වෙයි කියන බලාපොරොත්තුවෙනුයි.

ෆිල්ම් එක ගැන කතා කරනවනම් මුලින්ම සතුටු හිතෙන දේ තමයි Disasekara Films නමින් Saranga Disasekara ලංකාවේ සිනමාවට Producer කෙනෙක් විදිහට එකතුවීම. Disasekara Films කියන Title Reveal එකට දාල තියෙන Music එකෙන් තමයි මුලින්ම අපිව වැඩේට ඇදල තියාගන්න පටන් ගන්නෙ. එතනින් එහාට තමයි මං අර කිව්ව "ඇසට ප්‍රිය" කියන වචනෙ මේ ෆිල්ම් එක වෙනුවෙන් අපිට පාවිච්චි කරන්න පටන් ගන්න හිතෙන්නෙ. සරලවම කියනවනම් ඒකට හේතුව තමයි මෙහි තියෙන කැමරාකරණය. තත්පරයකටවත් ඇහැ අහකට ගන්න හිතෙන්නෙ නැති වෙන්න Cinematography කරල තියෙනවා සහ ලංකාවේ Locations වලින් සෑහෙන්න වැඩක් අරගෙන තිබුන කියල කියන්න පුළුවන්. පිටරට කෙනෙක් ෆිල්ම් එක බැලුවනම් එයාට ලංකාවට එන්න හිතෙන තරමට ලස්සනට Locations Use කරල තියෙනවා සහ Cinematography එක්ක ෆිල්ම් එකේ Colour Grade එකත් එකතු උනාම එන Glamour එක මරු. ඔයාලට දල අදහසක් ගන්න පුළුවන් Trailer එක එහෙම බැලුවනම්. හැබැයි ඊටත් වඩා Theater එකේ Big Screen එකෙන් දකිද්දී ඒ Frames වල තියෙන්නේ වෙනමම ලස්සනක්.

ඊට පස්සෙ තමයි ඒ Glamour එක වැඩි කරන්න එන අනික් ප්‍ර‍ධාන සාධක තුන එන්නෙ. Saranga, Shanudrie සහ Sangeetha. විශේෂයෙන්ම Saranga ගෙ සහ Shanudrie ගෙ, ෆිල්ම් එකේ විදිහට කියනවනම් සිරිල් සහ පද්මාගෙ තියෙන Screen Presence සහ Chemistry එක කොච්චර හොඳ උනත්, සංගීතා Screen එකට එන එක තත්පරයෙන් හැමෝගෙම ඇස් තමාගෙ පැත්තට හරවගන්න සමත්වෙනවා කිව්වොත් මං හරි. ඒ මැජික් එක තවමත් ඇය ළඟ තියෙනවා. ඉතින් එහෙම Presence එකක් තියෙන තුන් දෙනෙක්ගෙ Glamour එක අර වගේ කැමරාකරණයකට අහුවුණාම එන ලස්සන ආයෙ අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ. ඒත් එක්කම ෆිල්ම් එක බලද්දි සාරංගගෙ තියෙන Screen Presence එක දකින්න දකින්න හිතෙන්නෙ මේ මනුස්සය ලංකාවේ Commercial Films වලට කොච්චර මිස් වෙලාද කියන එකයි. ඉදිරියටත් මේ වගේ හොඳ වාණිජමය වටිනාකමක් තියෙන වැඩ ටිකක් එයාම Produce කරල හරි කලොත් මරු.

ඊළඟට ෆිල්ම් එකේ Music. Dinesh Gamage තමයි ෆිල්ම් එකේ Music කරන්නෙ. ෆිල්ම් එක Commercialize කරන්න දෙන්න ඕනි Support එක Dinesh ගෙන් හොඳටම හම්බෙලා තියෙනවා. හැබැයි මතක් කරන්න ඕනි මේක Dinna ගෙ හොඳම Album එක නෙවෙයි. හැබැයි ෆිල්ම් එක දුවන්න මේකෙ Music වලින් දෙන Go එක හොඳටම ඇති.

ෆිල්ම් එකේ Story ගැන කියනවනම්, Spoil නොකර කෙටියෙන්ම කියන්න තියෙන්නේ හොඳ Plot එකක් තියෙනවා, අවසාන විනාඩි 20 එහෙම ගොඩක් හොඳයි, ෆිල්ම් එකට Inspire වෙච්චි තැන් එහෙම ගොඩක් තියෙනවා, හැබැයි ප්‍රථම සිනමා නිර්මාණය විදිහට Dilshan Amarasinghe ගෙ උත්සාහය සෑහෙන දුරට සාර්ථකයි කියන එක තමයි. ඒ වගේම Story එක Up කරන්න ප්‍රධාන චරිත තුනට අමතරව සෑහෙන්න දායකත්වයක් Chanuka Prabuddha, Sujeewa Priyal, Prasanna Dakumpitiya ඇතුළු අනෙකුත් රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන්ද ලැබිල තිබුන කියන එක මතක් කරන්නම ඕනි.

ෆිල්ම් එකේ අඩුපාඩුවකට කියලනම් දැනුනෙ චිත්‍රපටයෙ Dialogues සහ Dubbing වල තිබුන පොඩි පොඩි අඩුපාඩුකම් තමයි. Dialogues එහෙම තව ටිකක් Sharp වෙලා Dubbing එහෙම තව ටිකක් විතර සෙට් උනානම් වැඩේ තව Perfect කරගන්න තිබුන කියල Personally හිතෙනව. හැබැයි මේ කිසිම දෙයක් ෆිල්ම් එක රස විදින්න ලොකුවට බාධාවක් නෙවෙයි.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, ෆිල්ම් එක ඇත්තටම ඇහැට ප්‍රිය චිත්‍රපටයක්. Story යත් ලංකාවේ මේ ශානරයේ ෆිල්ම් වලට සාපේක්ෂව ගොඩක් හොඳයි. විශේෂයෙන්ම Audience එක අතින් ගත්තහම Boys ලටත් වඩා Girls ලට සහ Couples වලට ෆිල්ම් එක තවත් ළංවෙයි කියල Personally හිතෙනව. සරලවම කියනවනම් කියන්න තියෙන්නේ මේක Overall ලස්සන වැඩක් කියන එක තමයි. මේ කියල තියෙන දේවල් ඇත්තද, මේවට ඔයාල එකඟද නැද්ද, කියන එක අද ඉදන් ඔයාලට ඔයාලගෙ ළඟම සිනමාශාලාවෙන් චිත්‍රපටය නරඹලාම තීරණය කරන්න පුළුවන්. ඉතින් එහෙනම් ෆිල්ම් එක බලල ඉවර වෙලා ඇවිල්ලා ඔයාලගෙ අදහස පහළින් Comment කරන් යන්නත් අමතක කරන්න එපා ✨️

✍🏻 Sethiya Minzara

ආදරණීය තරුවක් - Adaraneeya Tharuwak Movie Dinakshie Priyasad

අගෝස්තු 6 පායන ආදරණීය තරුවක් 📽️✨😍            Dinakshie Priyasad Saranga Disasekara Shanudrie Priyasad
24/07/2026

අගෝස්තු 6 පායන ආදරණීය තරුවක් 📽️✨😍

Dinakshie Priyasad Saranga Disasekara Shanudrie Priyasad

MCU රිබූට් එක ගැන ෆයිගි හෙලිකල නවතම කරුණු‼️🔥ෆයිගි කියන විදිහට වර්ථමානයේ MCU තුල පවතින Alternate universes, Multiverse va...
22/07/2026

MCU රිබූට් එක ගැන ෆයිගි හෙලිකල නවතම කරුණු‼️🔥

ෆයිගි කියන විදිහට වර්ථමානයේ MCU තුල පවතින Alternate universes, Multiverse variants, Different timelines වගේ දේවල් ගොඩක් සංකීර්ණයි වගේම ඒවා සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකුට follow කරන්න අමාරුයි. ඒ නිසා Secret Wars අවසානයේ මේ multiverse chaos එක අඩු කරලා එක ප්‍රධාන universe එකක් වටා නව MCU එක ගොඩනැගෙන බව ඔහු පවසනවා.

හැබැයි වර්තමාන MCU එකේ සමහර චරිත සහ ඔවුන්ගේ ඉතිහාසයේ කොටස් තවමත් මේ නව MCU තුල පවතින්න පුළුවන් කියලත් ෆයිගි මෙතනදි සදහන් කරනවා. ඒ කියන්නේ Secrat Wars එකෙන් වෙන්නෙ MCU එක සම්පූර්ණයෙන්ම මකා දමන reboot එකක් නෙවෙයි.

ඒ වගේම මේ විදිහට නිර්මාණය වන නව විශ්වයේ හදවත බවට X MEN ලා පත්වන බව ෆයිගි වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.

22/07/2026

මිත්‍රත්වය තමයි මේ ලෝකයේ තියෙන බලවත් ම දේ‼️💚

22/07/2026

කෙල්ලව ආයෙ කවදාවත් කිසිම නිර්මාණයකින් දකින්න වෙන්නෙ නැ කියලා මතක් වෙද්දි මාරම අවුල්‼️💔😔

21/07/2026

CINEMA 🎬

21/07/2026

In Another Universe, Why Not ? 😏😅Credit :- Tharusha Indusara
10/07/2026

In Another Universe, Why Not ? 😏😅
Credit :- Tharusha Indusara

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when The Ceymates posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Ceymates:

Shortcuts

Share