රටක සැබෑ අයිතිකරුවන් වන්නේ එරට ජනතාවයි.
ප්‍රජාතාන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාමේ ප්‍රායෝගිකත්වය උදෙසා, ජනතාව විසින් රටෙහි පාලන බලය ජනතා නියෝජිතයන් නොහොත් දේශපාලකයන් හට ලබාදෙයි. එය විශ්වාසය මත පදනම්වු සමාජ ගිවිසුමකි. එහෙත් අවාසනාවකට 1948 නිදහස ලැබූදා පටන් අප රටේ පත්වූ දේශපාලකයන් එම මහජන විශ්වාසය බිදිමින්, රටේ හා මහජන සුභසිද්ධිය නොසලකා හරිමින්, තමන්ගේ, තම පවුලේ සහ හිතවතුන්ගේ අවශ්‍යයතාවයන් මූ
ලික කර ගනිමින් රට පාලනය කරගෙන යමින් සිටියි.
සමාජ මාධ්‍ය හාවිතය හා අන්තර්ජාල වැනි පහසුකම් ඉහල යාමත් සමග බොහෝ තොරතුරු ජනතාව අතර නිදහසේ සැරිසැරීමට පටන් ගැනීමත් සමග, අද වනවිට දේශපාලකයන් රටට කරන විනාශය හා එනිසා ජනතාව විදින පීඩනය දරාහත නොහැකි මට්ටමකට පැමිණ අත. ඔවුනට අවශ්‍ය වන්නේ සැබෑ ජනරජයක්ය.
ගාලු මුවදොර මූලික කොටගත් අරගලය බිහිවන්නෙ එහි ප්‍රතිඵලයක් ලෙසයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ පලමු වතාවට, නොසෙල්විය හැකියැයි සිතා සිටි, රටේ අස්සක් මුල්ලක් නෑර බූවල්ලෙකු මෙන් පැතිර සිටි, දූෂිත දේශපාලන බලාධිකාරයට එරෙහිව රටේ සාමාන්‍ය ජනතාව නැගී සිට, ලක් ඉතිහාසයේ සිටි බලවත්ම ජනාධිපතිවරයා ඇතුලු පවුලම සිය තනතුරු වලින් පන්නා දැමුවේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. දූෂිත දේශපාලුවන්ට වඩා ජනතාව බලවත් බව දැන් ජනතාවට වැටහී හමාරයි.
තවද නිදහස ලබන විට, ආසියාවේ දෙවනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියමින් ඉතා යහපත් තත්වයක තිබූ අපගේ මාතෲ භූමිය, වසර 74 තුල මුලුමනින්ම විනාශකල පක්ෂ 2 සහ පවුල් 4 ම සාමාජිකයින්ම, නැවත රට ගොඩනැගීමට බාරගෙන සිටීම හාස්‍යයට කරුනකි.
ඊට සමගාමීව තරුණ තරුණියන් ඇතුලු බොහෝ පිරිස් දේශපාලනය හා රටේ පාලනය කෙරෙහි උනන්දුවක් දැක්වීමට පටන්ගෙන ඇති අතර, වත්මන් දේශපාලකයන්ට වඩා හොදින් එම කාර්ය කිරීමට තමන්ට හැකි බවද විශ්වාස කරයි. ඔවුන් රටක නියම පුරවැසියන්ය.
ඉතින් ඔබත් මෙම පවතින දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කලයුතු බව විශ්වාස කරනවානම්, ඔබේ ගමේත් නගරයේත් ක්‍රම වෙනසක් සදහා ජනතාව එකතු කල හැකිනම්, ඒ සදහා නායකත්වය දිය හැකිනම්, මහජන නියෝජිතයකු වශයෙන් රටට සේවයක් කිරීමට කැමැත්තක් දක්වනවානම්, සම්පත් දායකයෙක් වීමට කැමැත්තක් දක්වනවානම්, අවම වශයෙන් රටට, ජනතාවට හිතැති පාලන ක්‍රමයක් සාදාගැනීමට චන්දයක් භාවිතාකිරීමෙන් හෝ සහයෝගයක් දැක්වීමට කැමැත්තක් දක්වනවානම්,
ඔබත් එන්න,
අරගලයේ සැබෑ අරමුණු සහ අපේක්ෂා ජයගන්නට,
ශ්‍රී ලංකාව සහ රටේ ජන ජීවිතය නංවාලන්නට අප හා එක්වන්න.
මෙම වෙනස ඇතිකිරීමට අප සියලුදෙනා එක්විය යුතුය.
- අරගලය X Core -