360 Tv

360 Tv 360 Tv – Bringing every moment to life!

Your ultimate destination for sports, cultural, and live event coverage, delivering action, emotion, and entertainment from every angle.

26/08/2026

Sri Lanka Cricket Legends vs International Rugby Stars

Sri Lanka Cricket Legends vs International Rugby Stars - Charity T20 Match
24/08/2026

Sri Lanka Cricket Legends vs International Rugby Stars - Charity T20 Match

21/08/2026

නන්දා මාලනියන්ට අවසන් ගෞරව දක්වන්න පැමිනි ජනතාව 😔

නිවන්සුව ලැබේවා ඔබතුමියට 🤍
21/08/2026

නිවන්සුව ලැබේවා ඔබතුමියට 🤍

Special press briefing on the Sri Lanka National Sevens Rugby Teams organised by SLR at the  Dialog Auditorium, Dialog H...
13/08/2026

Special press briefing on the Sri Lanka National Sevens Rugby Teams organised by SLR at the Dialog Auditorium, Dialog Head Office, Town Hall, Colombo 02

පොදුරාජ්‍ය මණ්ඩලීය රන්-රිදී ජයග්‍රාහකයින් හරසරින් පිළිගනියිකොළඹ නගරයේ වීදි පුරා ජනගඟක් මැද අභිමානවත් උපහාර රථ පෙළපාලියක්...
05/08/2026

පොදුරාජ්‍ය මණ්ඩලීය රන්-රිදී ජයග්‍රාහකයින් හරසරින් පිළිගනියි

කොළඹ නගරයේ වීදි පුරා ජනගඟක් මැද අභිමානවත් උපහාර රථ පෙළපාලියක්

''ලෝකය දිනන ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ට කිසිදු අඩුවක් තබන්නේ නෑ – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා

ග්ලාස්ගෝහි පැවති 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී (Glasgow 2026 Commonwealth Games) ශ්‍රී ලංකාව රනින් සහ රිදියෙන් සරසමින් අභිමානවත් ජයග්‍රහණ අත්කර දුන් හෙල්ල විසිකිරීමේ රන් පදක්කම්ලාභී රුමේෂ් තරංග සහ රිදී පදක්කම්ලාභී පාලිත බණ්ඩාර යන ක්‍රීඩකයින් පිළිගැනීමේ නිල රථ පෙළපාලිය සහ ප්‍රධාන උපහාර උත්සවය අද (05) උදෑසන ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මහජනතාව සහ සිසු දැරියන්ගෙන් උණුසුම් පිළිගැනීමක්
අද උදෑසන ටොරිංටන් පරිශ්‍රයෙන් ආරම්භ වූ ජාතික උපහාර රථ පෙළපාලිය ජාතික රූපවාහිනිය සහ ගුවන් විදුලි සංස්ථාව (Radio Ceylon) ඉදිරිපිටින් ගමන් ගන්නා විටත්, මාර්ගය දෙපස රැස්ව සිටි දහස් සංඛ්‍යාත මහජනතාවගේ සහ ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ඉදිරියට ඇදිණි.

අනතුරුව ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය අසලදී එම විද්‍යාලයන්හි විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය සහ සිසු දැරියන් විසින් විශාල උද්යෝගයකින් යුතුව ජාතික කොඩි ඔසවමින් ක්‍රීඩකයින්ව පිළිගන්නා ලදී. එමෙන්ම, TV දෙරණ මාධ්‍ය ආයතන පරිශ්‍රය ඉදිරිපිටදී එහි කාර්ය මණ්ඩලය විසින්ද, Dialog ප්‍රධාන කාර්යාලය අසලදී එහි උසස් නිලධාරීන් ඇතුළු පිරිස විසින්ද ක්‍රීඩකයින් වෙනුවෙන් විශේෂ පිළිගැනීම් සංවිධානය කර තිබිණි.

රථ පෙළපාලිය ටවුන් හෝල් පරිශ්‍රයට ළඟාවෙත්ම කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලි බල්තසාර් (Vraie Cally Balthazaar) මහත්මිය ඇතුළු නගර සභා නියෝජිතයින් විසින් ඔවුන් වෙත සිය ගෞරවය සහ සුබපැතුම් පිරිනමන ලදී.

ටොරිංටන් පරිශ්‍රයේදී පැවැති ප්‍රධාන උත්සවය
නගරය පුරා ගමන් කළ රථ පෙළපාලිය නැවත ටොරිංටන් පරිශ්‍රයට ළඟාවීමෙන් පසු ප්‍රධාන පිළිගැනීමේ උත්සවය ආරම්භ විය. එහිදී තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා, අමාත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. අච්චුදන් මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ද, ජාතික මට්ටමේ නිලධාරීන් රැසක් ද එකතුව පදක්කම්ලාභීන්ව නිල වශයෙන් පිළිගන්නා ලදී.

"අපේ රජය පැමිණි විගස රුමේෂ්ගේ දක්ෂතාව හඳුනාගත්තා" යනුවෙන් පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ, ක්‍රීඩකයින්ගේ සහ පුහුණුකරුවන්ගේ කුසලතා ඉහළ නැංවීමට රජය සම්පූර්ණ අනුග්‍රහය දක්වන බවයි.

"අපේ රජය බලයට පත්වූ වහාම රුමේෂ් තරංග වැනි දක්ෂ ක්‍රීඩකයින්ගේ සැඟවුණු හැකියාවන් නිවැරදිව හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීමට පියවර ගත්තා. එහි ප්‍රතිඵල අද මුළු රටම භුක්ති විඳිනවා. අපි ආරම්භ කළ 'Mission Olympic' (ඔලිම්පික් මෙහෙයුම) සංචිතය හරහා ඉදිරියටත් සියලුම ක්‍රීඩකයින්ට විතරක් නෙවෙයි, ඔවුන් පිටුපස සිටින පුහුණුකරුවන්ටත් (Coaching staff) අවශ්‍ය සියලුම පහසුකම් සහ මූල්‍යමය ශක්තිය ලබාදෙනවා." යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

ජාත්‍යන්තර ජයග්‍රහණ අත්කරගත් ක්‍රීඩකයින් ඇගයීමට ලක්කිරීමෙන් අනතුරුව, ඉදිරි 2028 ඔලිම්පික් ඉලක්ක කරගනිමින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සියලු අංශ සංවර්ධනය කිරීමට අමාත්‍යාංශය කැපවී සිටින බව ප්‍රකාශ කළේය.

Colombo Marathon  2026 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර නගර මැරතන් තරගය බවට පත් කිරීමට සැලසුම් ! "සාමය සහ මනුෂ්‍යත්වය ව...
04/08/2026

Colombo Marathon 2026 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර නගර මැරතන් තරගය බවට පත් කිරීමට සැලසුම් !

"සාමය සහ මනුෂ්‍යත්වය වෙනුවෙන් පියවරක්" යන තේමාව යටතේ, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය හා මෙරට ප්‍රධාන හවුල්කරුවන් එක්ව සංවිධානය කරන Colombo Marathon 2026 නිල වශයෙන් ආරම්භ කළේය.

මෙම ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්ව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර නගර මැරතන් තරගය ලෙස කොළඹ ස්ථාපිත කිරීම අරමුණු කරගෙන සංවිධානය කර ඇත.

2026 අගෝස්තු 4 වැනි දින City of Dreams Sri Lanka හි පැවති නිල සමාරම්භක උත්සවයට, රජයේ නිලධාරීන්, අනුග්‍රාහකයින්, හවුල්කරුවන් සහ මාධ්‍යවේදීන් එක්වූ අතර, 2026 සැප්තැම්බර් 13 වැනි දින “සාමය සහ මනුෂ්‍යත්වය වෙනුවෙන් පියවරක්” යන තේමාව යටතේ පැවැත්වීමට නියමිත පළමු මැරතන් තරගය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

මෙම අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එස්. අච්චුදන් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් සහභාගී වූහ.

ශ්‍රී ලංකාව ගෝලීය ක්‍රීඩා සංචාරක සිතියමේ ප්‍රමුඛ ස්ථානයකට ගෙන ඒමේ අරමුණින් සංවිධානය වන කොළඹ මැරතන් 2026, ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින්, දේශීය ධාවකයින් සහ ප්‍රජාව එක්කරන වාර්ෂික ජාත්‍යන්තර ක්‍රීඩා වේදිකාවක් බවට පත්වීමට අපේක්ෂා කරයි. ඒ සමඟම, ලෝක මට්ටමේ ක්‍රීඩා අත්දැකීම් සඳහා සුදුසු, ජීවන්ත හා ආකර්ෂණීය නගරයක් ලෙස කොළඹ ජාත්‍යන්තරයට හඳුන්වා දීමද එහි ප්‍රධාන අරමුණකි.

ලොව ප්‍රමුඛ පෙළේ නගර මැරතන් තරගවලින් ආභාසය ලබා සංවිධානය කරන මෙම ඉසව්ව, ක්‍රීඩා විශිෂ්ටත්වය, සංචාරක ප්‍රවර්ධනය සහ ප්‍රජා සහභාගීත්වය ඒකාබද්ධ කරමින්, ශ්‍රී ලංකාවට දිගුකාලීන වටිනා උරුමයක් නිර්මාණය කිරීම අරමුණු කරගෙන ඇත.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙසේ ප්‍රකාශ කළේය.
“කොළඹ මැරතන් 2026, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ වඩාත් ප්‍රබල ලෙස ස්ථාපිත කිරීම සඳහා අප ගෙන යන උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක්. මෙම ඉසව්ව මඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නව අවස්ථා උදාකර දෙන අතර, තරුණ පරපුර ක්‍රීඩාවට සක්‍රීයව යොමු කිරීමට දිරිගන්වනවා. එමෙන්ම, ලෝක මට්ටමේ ක්‍රීඩා ඉසව් සාර්ථකව සංවිධානය කළ හැකි ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට හඳුන්වා දීමටද මෙය දායක වනු ඇත."
‘සාමය සහ මනුෂ්‍යත්වය වෙනුවෙන් පියවරක්’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම මැරතන් තරගය, එක්සත්කම, අධිෂ්ඨානය සහ සාමූහික ප්‍රගතිය සංකේතවත් කරයි.”

Cinnamon Hotels & Resorts හි කොළඹ හෝටල් අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ City of Dreams Sri Lanka හි Cinnamon Life සාමාන්‍යාධිකාරී කමල් මුණසිංහ මහතා මෙසේ පැවසීය.
“කොළඹ මැරතන් 2026, කොළඹ නගරයේ උත්සව හා ජාත්‍යන්තර ඉසව් සංස්කෘතියට නව මානයක් එක් කිරීමට උද්යෝගිමත් අවස්ථාවක් සලසා දෙයි.”
“ක්‍රීඩාව, ආගන්තුක සත්කාරය සහ කොළඹ නගරය එකිනෙක සම්බන්ධ කරමින් සුවිශේෂී අත්දැකීමක් නිර්මාණය කිරීම හරහා, කොළඹ නගරයේ ජාත්‍යන්තර ඉසව් සංස්කෘතියට නව මානයක් එක් කිරීමට මෙම මැරතන් තරගය දායක වනු ඇත.
City of Dreams Sri Lanka හි අප විශ්වාස කරන්නේ, දේශීය හා ජාත්‍යන්තර සහභාගිවන්නන්ට අමතක නොවන අත්දැකීම් ලබාදෙන අතරම, ප්‍රධාන ගෝලීය ඉසව් සඳහා සුදුසු ජීවන්ත හා ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස කොළඹ නගරයේ ආකර්ෂණය තවදුරටත් ඉහළ නංවන මෙවැනි වැඩසටහන් සඳහා සහාය දැක්වීමේ වැදගත්කමයි.”
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි ගෝලීය සන්ධාන සහ හවුල්කාරිත්ව අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ආයතනික කටයුතු ප්‍රධානී දිලීප් මුදදෙණිය මහතා මෙසේ පැවසීය.
“කොළඹ නගරය ශක්තිමත් ජාත්‍යන්තර නගර සන්නාමයක් බවට පත් කිරීම සඳහා, ලෝක මට්ටමේ ඉසව් අත්‍යවශ්‍ය වේ. එවැනි ඉසව් මඟින් නගරයේ මෙන්ම රටේද ජාත්‍යන්තර ප්‍රතිරූපය සහ මෘදු බලපෑම (Soft Power) තවදුරටත් ශක්තිමත් කළ හැකිය.
මෙම ඉලක්කය සාර්ථක කර ගැනීමට නම්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, සංචාරක කර්මාන්තයට සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට දිගුකාලීන ප්‍රතිලාභ ලබාදිය හැකි වැඩසටහන් පිළිබඳ විශ්වාසය තබන, රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර ශක්තිමත් හවුල්කාරිත්වයන් තුළින් කැපවී කටයුතු කරන පාර්ශ්වකරුවන් අවශ්‍ය වේ.
කොළඹ මැරතන් වැනි ඉසව්, තරගය පැවැත්වෙන දිනයට පමණක් සීමා නොවන අවස්ථා නිර්මාණය කරයි. ඒවා රටට ආර්ථික, සමාජීය සහ ජාත්‍යන්තර මට්ටමේ ධනාත්මක බලපෑමක් ඇති කිරීමට දායක වේ.”

උත්සවයේදී කොළඹ මැරතන් 2026 ලාංඡනය ඇතුළත් LPL ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නිල ජර්සියද එළිදැක්වූ අතර, එය ශ්‍රී ලංකාවේ විවිධ ක්‍රීඩා ප්‍රජාවන් අතර වර්ධනය වෙමින් පවතින සහයෝගීතාවය තවදුරටත් අවධාරණය කළේය.
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) හි ඉසව් අයිතිවාසිකම් හිමිකරු මෙන්ම IPG Group හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා, අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ එක්ව මෙම නිල ජර්සි එළිදැක්වීම සිදු කළේය.
ඉන් අනතුරුව, ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ මහතා කණ්ඩායමේ නිල ජර්සිය පැළඳ වේදිකාවට පැමිණි අතර, එම සමරු ජර්සිය අමාත්‍යවරයා වෙත පිළිගැන්වීය.
2026 සැප්තැම්බර් 13 වැනි දින පැවැත්වීමට නියමිත කොළඹ මැරතන් තරගය, සියලු මට්ටම්වල ධාවකයින් සඳහා තරග කාණ්ඩ පහකින් සමන්විත වේ.

සම්පූර්ණ මැරතන් තරගය (කි.මී. 42.195)
අර්ධ මැරතන් තරගය (කි.මී. 21.097)
කිලෝමීටර් 10 මාර්ග ධාවන තරගය
කිලෝමීටර් 5 විනෝදාත්මක ධාවනය (Fun Run)
ළමුන් සඳහා Mini Run තරගය
මෙම ඉසව්ව සඳහා දේශීය හා ජාත්‍යන්තර සහභාගිවන්නන් 4,000කට අධික පිරිසක් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමඟින් ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රයට දායකත්වයක් ලබාදෙන අතර, තරුණ පරපුර ක්‍රීඩාවට යොමු කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීමද අරමුණු කරගෙන ඇත.

ජාත්‍යන්තර මැරතන් තරග ප්‍රමිතීන්ට අනුකූලව තරගය සංවිධානය කිරීම සඳහා, අවශ්‍ය තාක්ෂණික සූදානම් මේ වන විට සිදු කෙරෙමින් පවතී. ඒ අනුව, ජාත්‍යන්තර මාර්ග මිනුම් විශේෂඥයෙකු, ශ්‍රී ලංකාවේ තාක්ෂණික විශේෂඥයන් සමඟ එක්ව තරග මාර්ගය නිල වශයෙන් මැන සහතික කිරීමට නියමිතය.
තරග මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ (Sri Lanka Athletics) සහතිකලත් නිලධාරීන් 100 දෙනෙකු පමණ යොදවා ඇති අතර, ඔවුන්ගේ සහාය මඟින් නිවැරදි කාල මැනීම, වෘත්තීය මට්ටමේ තරග කළමනාකරණය සහ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල තරග මෙහෙයුමක් සහතික කරනු ඇත.

කොළඹ මැරතන් 2026, ශ්‍රී ලංකා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව එක්ව සංවිධානය කරන අතර, Union Assurance ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසත්, Elephant House ප්‍රධාන බලගැන්වීමේ (Powered By) හවුල්කරු ලෙසත් එක්ව සිටී.

මෙම ඉසව්ව සඳහා Nations Trust Bank සහ City of Dreams Sri Lanka සහාය දක්වන අතර, Nestomalt බලශක්ති හවුල්කරු (Energised Partner), DC Group නිර්මාණාත්මක හවුල්කරු (Creative Partner), IPG Group ක්‍රීඩා නවෝත්පාදන හවුල්කරු (Sports Innovation Partner) සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (Rupavahini) නිල මාධ්‍ය හවුල්කරු (Official Media Partner) ලෙස කටයුතු කරයි.

කොළඹ මැරතන් 2026 සඳහා ලියාපදිංචි වීම මේ වන විට ආරම්භ කර ඇත. සහභාගිවීමට අපේක්ෂා කරන අය සඳහා තරග කාණ්ඩ, තරග මාර්ග සහ නවතම තොරතුරු www.colombomarathon.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

වැඩිදුර විස්තර සඳහා තුෂාර පෙරේරා මහතා (077 253 5354) හෝ ජයලාල් රත්නසූරිය මහතා (071 812 8900) අමතන්න.

DASA Group UK Presents the Asia Pacific Lions vs Northampton Saints Tour of Sri Lanka, Powered by Pearl Isle Capital**Co...
01/08/2026

DASA Group UK Presents the Asia Pacific Lions vs Northampton Saints Tour of Sri Lanka, Powered by Pearl Isle Capital

**Colombo, Sri Lanka – 28 August 2026**

Sri Lanka took another significant step onto the international rugby stage today as SC Global Consultancy officially launched the inaugural **Asia Pacific Lions vs Northampton Saints Tour of Sri Lanka 2026** at a press conference held at the City of Dreams.

The launch was attended by the Honourable Minister of Youth Affairs and Sports, **Hon. Sunil Kumara Gamage**; **H.E. Andrew Patrick**, British High Commissioner to Sri Lanka; **Saabir Cader**, Founder and Director of SC Global Consultancy's Asia Pacific Lions; **Mr. Nakeeb Atheek**, CEO of DASA Group UK; **Mr. Arshath Azar**, CEO of Pearl Isle Capital; **Mr. Kamal Munasinghe**, Senior Vice President, Colombo Hotels, Cinnamon Hotels & Resorts and General Manager, Cinnamon Life at City of Dreams Sri Lanka; corporate partners; sponsors; and members of the local and international media.

01/08/2026

Address

Colombo

Telephone

+94112828334

Website

Alerts

Be the first to know and let us send you an email when 360 Tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 360 Tv:

Shortcuts

Share