C9 News Sri Lanka

C9 News Sri Lanka C9 News Sri Lanka is a news media page which publish news regarding Srilankan Gossip, Politics, Loc

කරණීය මෙත්ත සූත්‍රය" විකෘති කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක්*************************************************************කර...
22/06/2024

කරණීය මෙත්ත සූත්‍රය" විකෘති කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක්
*************************************************************
කරණීයමෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම ප්‍රචාරණයන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස වෙත හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත බෙ #ද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් ඊයේ (20 ) දින පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

කෘතිම බුද්ධි තාක්ෂණය ( AI) යොදා ගනිමින් සකස් කර ඇති බවට පෙනී යන වීඩියෝවක් මගින් කරණීය මෙත්ත සූත්‍රය විකෘති කර ෆේස්බුක් හා ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බවට විවිධ පාර්ශවලින් පැමිණිලි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත හා බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.

මේ අතර කරණීයමෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍යට මුදාහැර ඇති පුද්ගලයින් කවුරුන්දැයි සොයාබලා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට උපදෙස් ලබාදී ඇති බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, එවැනි දර්ශන ඇතුළත් වීඩියෝ එකිනෙකා අතරේ හුවමාරු කිරීමෙන් වැළකී සිටින ලෙසය.

අද කාලගුණ නිවේදනය************************අද (22) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස...
22/06/2024

අද කාලගුණ නිවේදනය
************************
අද (22) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර, මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා සහ ත්‍රිකුණාමලය සිට මුලතිව් සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 දක්වා වැඩි විය හැකි අතර මුහුදු ප්‍රදේශ විටින් විට රළු වෙනවා.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 – 2.5 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ).

පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක්*************************************************************...
20/06/2024

පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක්
***********************************************************************
හෙටට (21) යෙදී ඇති පොසොන් පොහොය දිනය වෙනුවෙන් දැනට බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (OPEN VISIT) බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබෙයි

ඒ අනුව හෙට දින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පවසයි.

අද කාලගුණ නිවේදනය*********************බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත...
20/06/2024

අද කාලගුණ නිවේදනය
*********************
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

පොල්තෙල් මිල ඉහළට*********************පොල්තෙල් බෝතලයක මිල ඉහළ ගොස් ඇති බව පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා...
18/06/2024

පොල්තෙල් මිල ඉහළට
*********************

පොල්තෙල් බෝතලයක මිල ඉහළ ගොස් ඇති බව පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඒ අනුව පොල්තෙල් බෝතලයක් රුපියල් 150 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

මහා පරිමා​ණ පොල්තෙල් ආනයනයකරුවන් තොග සඟවා ගැනීම මෙලෙස මිල වැඩිවීමට හේතු වී ඇති බව එම සංගමයේ කැඳවුම්කරු බුද්ධි​ක ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.

මහ වැස්සට ගසාගෙන ආ මිලියන 30ක වස්තුව, හංවැල්ල පාලම යටින් ගොඩගනී*********************************************************...
05/06/2024

මහ වැස්සට ගසාගෙන ආ මිලියන 30ක වස්තුව, හංවැල්ල පාලම යටින් ගොඩගනී
***********************************************************************වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 30 ක් පමණ වටිනා ජල මාපකයක් හංවැල්ල පාලම යට සිරවී තිබියදී සොයාගැනීමට සමත්ව තිබෙනවා.

එම සොයාගැනීම සිදුකර ඇත්තේ නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින්.

මෙම ජල මාපකයෙන් සිදුකර ඇත්තේ, කැළණි ගඟේ ජලයේ මට්ටම, වේගය සහ දිශාව වැනි දත්ත රැස්කිරීම් සිදුකිරීමවන අතර මෙහි GPS තාක්ෂණයත් ඇතුලත්.

පැවති අයහපත් කාළගුණික තත්ත්වයත් සමග මෙම ජල මාපකය ජලයේ ගසාගෙන ගොස් ඇති අතර, එය සොයා ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් නාවික හමුදා මූලස්ථානයෙන් ඉල්ලීමක් අනුවයි උපකරණය සොයාගෙන ඇත්තේ.

එම ජල මාපාංකය සොයාගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායම මහත් පරිශ්‍රමයක් දරා තිබෙනවා

කැලණි, කළු සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ක්‍රමයෙන් පහළ යයි**************************************************************කැලණි...
05/06/2024

කැලණි, කළු සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ක්‍රමයෙන් පහළ යයි
**************************************************************
කැලණි ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔය මේ වනවිට අවදානම් තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ගංවතුරේ බලපෑම් එල්ල වූ ගම්පහ, ජාඇළ, වත්තල, මිනුවන්ගොඩ, කටාන යන ප්‍රදේශවල ජල මට්ටම අද (05) දිනයේ ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි එහි ඉංජිනේරු සකුරා දිල්තාරා සඳහන් කළේ.

කැලණි ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශ වන කඩුවෙල, බියගම, කොළොන්නාව, වත්තල හා කොළඹ යන ප්‍රදේශවල ජල මට්ටමට මේ වනවිට ක්‍රමයෙන් පහළ බසින බවද ඇය සඳහන් කළා.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය තවදුරටත් පැවැත්වෙයි**********************************************************සිය වෘත්...
05/06/2024

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය තවදුරටත් පැවැත්වෙයි
**********************************************************
සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක කරන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනය පවසනවා.

සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් සමඟ කළ සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බවයි එහි සමලේකම් කේ.එල්.ඩී රිච්මන් සඳහන් කළේ.

ඒ අනුව රජය පාර්ශවයෙන් විසඳුම් ලබාදෙන යෝජනා ඉදිරිපත් වූ බවත් නමුත් තමන් බලාපොරොත්තු වෙන අවසාන විසඳුම ලෙස ලිඛිතව මෙය අවශ්‍ය බවයි ඔහු සඳහන් කළේ.

වැලිපැන්න යළි ඇරේ*******************ගංවතුර හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව දැන් ගමනාගමනය ස...
03/06/2024

වැලිපැන්න යළි ඇරේ
*******************
ගංවතුර හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව දැන් ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
අධික වර්ෂාවත් සමග එම පිවිසුම වසා දැමීමට තීරණය කළේපසුගිය 01 දිනයේ දී.

සහන සැලසීම වෙනුවෙන් 117 හදිසි ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මකයි - DMC***********************************************...
03/06/2024

සහන සැලසීම වෙනුවෙන් 117 හදිසි ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මකයි - DMC
***********************************************************************
විපතට පත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක කර ඇති බව එම මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

ඒ අනුව ගාස්තු අය කිරීමකින් තොරව එම හදිසි දුරකථන අංකය හරහා සම්බන්ධ විය හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එමඟින් සේවා සම්බන්ධයෙන් සෘජුව දායක කරගත යුතු සියලු රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සම්බන්ධ කිරීමටත්, පහසුකම් සැලසීමටත් කටයුතු සලසන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.

අද කාලගුණ නිවේදනය**********************දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දිනයේත් බලාපොරොත්තු වන බව කාලගුණ වි...
03/06/2024

අද කාලගුණ නිවේදනය
**********************
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දිනයේත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල vසහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ක්‍රීඩා සංගම් 04 ක් තාවකාලිකව අත්හිටුවයි***************************************වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ක්‍රීඩා ස...
30/05/2024

ක්‍රීඩා සංගම් 04 ක් තාවකාලිකව අත්හිටුවයි
***************************************
වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 04 ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, රග්බි සංගමය, මෝටර් රථ සම්මේලනය සහ දැල්පන්දු සම්මේලනය යන සංගම් හා සම්මේලනවල ලියාපදිංචිය මෙලෙස අත්හිටුවා ඇති බව සඳහන් වෙන්නේ.

අදාළ සංගම් හා සම්මේලනවල ඉදිරි කටයුතු සිදුකිරීම සහ ඊට අදාළ නිලවරණය කැඳවීම සඳහා නිසි බලධාරියා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කර තිබෙනවා.

Address

Colombo 2
Colombo
00200

Website

Alerts

Be the first to know and let us send you an email when C9 News Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share