2001's

2001's Story Teller 📚

04/12/2025
🔴 | පසුගිය නොවැම්බර් අවසාන සතිය තුළ හටගත් කාළගුණ තත්වයත් සමග ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව තුල ඇති ව...
04/12/2025

🔴 | පසුගිය නොවැම්බර් අවසාන සතිය තුළ හටගත් කාළගුණ තත්වයත් සමග ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව තුල ඇති වුණු ගංවතුර සහ නාය යෑම් නිසා සිදු වුණු ජීවිත හාණි.

Source - CNN, Reuters

නාසා ආයතනය මඟින් ලබාගත් මෙම ඡයාරූපයන්ගෙන් පෙන්නුම් කරන්නෙ වසර 30කට අඩු කාලයකදී ආක්ටික් අයිස් ප්‍රමාණය කොපමණ ප්‍රමාණයක් අ...
04/12/2025

නාසා ආයතනය මඟින් ලබාගත් මෙම ඡයාරූපයන්ගෙන් පෙන්නුම් කරන්නෙ වසර 30කට අඩු කාලයකදී ආක්ටික් අයිස් ප්‍රමාණය කොපමණ ප්‍රමාණයක් අඩුවී ඇත්ද යන්නයි.

1984 (වමේ ඡයාරූය) සහ 2012 (දකුණේ) ආක්ටික් මුහුදු අයිස්වල ප්‍රමාණය.

#2001's

අපතේ ගිය ප්‍රති­භාවගුණ­සිරි සිල්වාවිමල් කුමාර ද කොස්තා යනු සින­මාවේ මුල් ගුරු­ව­ර­යෙකි. එසේ වන්නට හේතුව නම් 60 දශ­කයේ සහ...
04/12/2025

අපතේ ගිය ප්‍රති­භාව
ගුණ­සිරි සිල්වා
විමල් කුමාර ද කොස්තා යනු සින­මාවේ මුල් ගුරු­ව­ර­යෙකි. එසේ වන්නට හේතුව නම් 60 දශ­කයේ සහ 70 දශ­කයේ නාට්‍ය ප්‍රේක්ෂ­ක­යාට රංග­නය පිළි­බඳ නැවුම් අත්දැ­කී­මක්ද පාඩ­මක්ද කියා දෙමින් රංගන ශිල්පි­ය­කුගේ භාව ප්‍රකා­ශ­නය වාචික අභි­න­යෙන් තොරව, සාත්වික සහ ආංගික අභි­න­යෙන් පම­ණක් සියුම්ව විඳි­න්නට හුරු පුරුදු කළ පළමු ගුරු­ව­රයා විමල් කුමාර ද කොස්තා නිසාය.

විමල් ඒ හාස්කම කළේ ස්ව උත්සා­හ­යෙන් ප්‍රගුණ කර­ග­නි­මින්, හාපුරා කියා එදා සිංහල වේදි­කා­වට හඳු­න්වා­දුන් අභි­රූ­පණ රංග­න­යෙනි. හාවෙකු මෙන්, තනි­ක­රම සුදු අත් දිග ටී ෂර්ට් එක­කින් සහ ජින්ස් එක­කින් සැරසී මුහුණ පුරා සුදු තවරා ලිප්ස්ටික්ස් ගා දෙතොල් පාට කර වේදි­කාවේ ආලෝක කව­යක් යට සිට ඔහු විවිධ සිදු­වීම් සාත්වික සහ ආංගික අභි­න­යෙන් ප්‍රේක්ෂ­කයා හමුවේ මැව්වේය.

ඒ අභි­න­යෙන් ඔහු බයි­සි­කල් පැද්දේය. සරුං­ගල් උඩ ඇරි­යේය. බස් නැව­තු­ම්පො­ළක සිට බස­යක් එන­තුරු නොඉ­ව­සි­ල්ලෙන් බලා සිට අන­තු­රුව එන බස­ය­කට අත දමා ඊට ගොඩ වී සෙනඟ අතර සිර වී මගියා විඳින අප­මණ ගැහැට මවා පෑවේය. එහෙත් වේදි­කාවේ බයි­සි­ක­ල­යක් නොවීය. සරුං­ග­ල­යක් ද නොවීය. බස් නැව­තු­ම්පො­ළක් ද බස් රථ­යක් ද බස් රථයේ මගීන් ද නොවීය. ඒ සියල්ල විමල් මැව්වේ ස්වකීය ආංගික හා සාත්වික අභි­න­යෙන් පමණි. එදා අපට ආග­න්තුක වූ විමල්ගේ ඒ අලුත් රංග­නය ඇතු­ළත තිබූ සදය උප­හා­සය විඳි­න්නට හා තේරුම් ගන්නට හැකි ප්‍රේක්ෂ­කා­ගා­ර­යක් තිබු­ණේය.

එයා දැන් ලොකු ළමයෙක්එයා දැන් ලොකු ළමයෙක්
විමල් මේ අභි­රූ­පණ රංග­නය ගෙන ආවේ කොහෙන්ද? එවැ­න්න­කට පුර්වා­දර්ශ එතෙක් මේ රටේ නොති­බු­ණේය. පසු­ක­ලෙක ආචාර්ය සාල­මන් ෆොන්සේකා, බන්දුල විතා­නගේ, ජයන්ත රණ­වක වැනි නාට්‍ය­ක­රු­වන් ජර්ම­නිය, එංග­ල­න්තය වැනි රට­ව­ලින් අභි­රූ­පණ රංග­නය හදාරා තිබුණ ද විමල්ට එදා එබඳු හැදෑ­රි­ම­කට විදේ­ශ­ය­කට යන්ට ඉඩ­ක­ඩක් හෝ පසු­බි­මක් තිබුණේ නැත.

විමල්ගේ මේ අපූර්ව රංග­නයේ පසු­බිම පිළි­බඳ සොයා බැලීමේ දී සින­මා­වේදී ධර්ම­සේන පති­රාජ පැවැ­සුවේ ඇතැම් විට ඔහු චාලි චැප්ලින් වැනි නළු­ව­කුගේ හෝ වෙනත් බට­හිර චිත්‍ර­ප­ට­යක ආ චරිත අනු­ක­ර­ණ­යෙන් එකී රංග­නය ස්ව උත්සා­හ­යෙන් නිප­දවා ගත්තා මිස ඔහුට ගුරු­ව­ර­යකු නොසිටි බවයි. පසු කලෙක විමල්ගේ මේ හැකි­යා­වන් දුටු ඔහුගේ සමී­ප­ත­ම­යන් ප්‍රංශයේ අභි­රූ­පණ ශිල්පි­යකු වූ මාෂලෝ මාෂෝ ලංකා­වට ආ විටෙක විමල් ඔහුට මුණ ගැස්සූ බවත් අන­තු­රුව විමල් ඔහුගේ රංග විලා­සිතා ස්වකීය රංග­නය සඳහා ආභා­ස­යට ගත් බවත් පති­රාජ පැව­සීය. ඉන් අන­තු­රුව ආචාර්ය ගාමිණී හත්තො­ටු­වේ­ගම සහ බන්දුල විතා­නගේ විමල්ගේ අභි­රූ­පණ රංග­නය දියුණු කර­ගැ­නීම සඳහා අවශ්‍ය පසු­බිම සකසා දුන් බව ද පති­රාජ පැවැ­සීය.

ඇත්ත වශ­යෙන්ම විමල් කුමාර ද කොස්තා රංගන ශිල්පි­යකු ලෙස හාපුරා කියා ස්වකීය කුස­ලතා ප්‍රකට කරන්නේ වේදි­කා­වෙනි. ඒ 60 දශ­කයේ අග භාගයේ දී පමණ. ඒ. ජේ. සෙල්ව­දොරේ අධ්‍ය­ක්ෂ­ණය කළ ‘ගොඩෝ එනකං’ නාට්‍ය­යෙනි. ප්‍රකට අභූත රූපී නාට්‍ය­ක­රු­වකු වූ සැමු­වෙල් බ්‍රෙකට්ගේ ‘Wating for Godot’ නාට්‍යයේ සිංහල පරි­ව­ර්ත­න­යක් වූ ‘ගොඩෝ එනකං’ අපේ රටේ වේදිකා ගත වූ මුල්ම අභූත රූපී නාට්‍යය ලෙස සැලකේ.

‘ගොඩෝ එනකං’ නාට්‍යයේ දැක්වෙන්නේ ගොඩෝ නමැ­ත්තකු එන තෙක් බලා සිටින දෙදෙ­නෙකු ගැනය. කවදා හෝ ගොඩෝ එතැයි ඔහු අපේ­ක්ෂා­වෙන් සිටිති. ඔහු පැමිණි විට තමන්ට විමුක්ති ලැබෙ­තැයි ඔවුහු විශ්වාස කරති. මුළු නාට්‍යය පුරාම ඔවුන් හැසි­රෙන්නේ ගොඩෝගේ පැමි­ණීම පිළි­බඳ අපේක්ෂා දල්වා­ගෙ­නය. එහෙත් ගොඩෝ එන්නේ නැත. ගොඩෝ යනු කව­රෙක් දැයි පැහැ­දිලි නැත. ‘ගොඩෝ’ යනු ‘ගෝඩ්’ යන අර්ථ­යෙන් සැමු­වෙල් බෙකට් අද­හස් කළේ දෙවි­යන් වහන්සේ පිළි­බඳ සංකේ­ත­යක් විය හැකි යැයි විචා­ර­ක­යන්ගේ මතය විය.

හද­ව­තට නොව කෙළින් බුද්ධි­යට අම­තන අතිශය සංකීර්ණ මනෝ­භා­ව­යන් ප්‍රකට කරන ඒ දෙදෙ­නාගේ භූමි­කා­ව­න්ගෙන් එක් භූමි­කා­වක් හිමි වූයේ විම­ල්ටය. අනෙක හිමි වූයේ සර­ච්චන්ද්‍ර සම­ර­ක්කො­ඩි­ටය. එම සංකීර්ණ රංග­නයේ දී ද විමල් තම අභි­රූ­ප­ණ­යන් විටින් විට යොදා ගත්තේය. ඉන් අන­තු­රුව ඉයු­ජින් අය­නෙ­ස්කෝගේ Chairs ඇසු­රින් ධර්ම­සේන පති­රාජ නිෂ්පා­ද­නය කළ ‘පුටු’ නාට්‍යයේ ප්‍රධාන චරි­ත­යට ද විමල් එක් විය.

එම නාට්‍යයේ දැක්වෙන්නේ මහලු යුව­ළක් තම උපන් දින සාද­යට ආරා­ධනා කළ පිරි­සක් බලා­පො­රො­ත්තු­වෙන් සිටින අව­ස්ථා­වකි. මහලු යුවළ සාද­යට පැමි­ණෙන අමු­ත්තන් දොර ළඟට ගොස් පිළි­ග­නිති. ගෙද­රට ඇතුළු වන අමු­ත්තන්ට වාඩි වෙන්නට පුටු ගෙන­විත් තබති. ඔවුන් සමඟ කෙටි පිළි­ස­ඳ­රක යෙදෙති. එහෙත් ඒ සියල්ල මහලු යුව­ළගේ මනෝ භ්‍රාන්තින් පමණි. කිසි­වකු එන්නේ නැත. අව­සා­නයේ දී සාද­යට පැමි­ණෙන එකම අමු­ත්තාට ද කතා කර­න්නට නොහැ­කිය. ඔහු කථන ආබා­ධි­ත­යෙකි. (දයා තෙන්න­කෝන්) අමු­ත්තන් පිළි­ගැ­නීම ඔවුන් සමඟ සතුටු සාමී­චියේ යෙදීම ඔවුන්ට අතට අත­දීම ආදී සියල්ල සිදු කෙරුණේ අභි­රූ­ප­ණ­යෙනි. ඒ අභි­රූ­ප­ණ­යෙන් අපූරු රංග­නය ඉදි­රි­පත් කළේ විමල් කුමාර ද කොස්තා සහ මාලනී වීර­මු­ණිය.

සින­මාවේ දී විමල්ට චරි­තාංග නළු­වකු ලෙස මතු­ව­න්නට ඉඩ කඩ පෑදෙන්නේ ධර්ම­සේන පති­රා­ජගේ ‘අහස් ගව්ව’, ‘බඹරු ඇවිත්’, ‘එයා දැන් ලොකු ළම­යෙක්’ ඇතුළු අත­ළො­ස්සක් චිත්‍ර­පට තුළින් පමණි. සිනමා රංග­නයේ දී ද විමල් ස්වකීය අභි­රූ­ප­ණය එක් කර ගත් අවස්ථා දැකිය හැකිය. ‘අහස් ගව්ව’ චිත්‍ර­ප­ටයේ තරු­ණ­යන්ගේ විනෝද සවා­රියේ එක් අව­ස්ථා­වක දී විමල්ගේ එබඳු අභි­රූ­ප­ණ­යක් දකි­න්නට ලැබේ. කැළේ සිට එන මහා රාක්ෂ­යකු කුස ගින්නට කුමා­රි­කා­වක් ඩැහැ­ගෙන යළි කැළ­යට ගිය අයුරු විමල් මන­හර ලෙස ස්වකීය අභි­රූ­ප­ණ­යට නැඟු­වේය. ‘අහස් ගව්වේ’ ගුණේ නමැති විරැ­කි­යා­වෙන් අස­හ­න­යට පත් රස්ති­යා­දු­කාර අත­රමං වූ තරු­ණ­යන් දෙදෙනා වූ ගුණේ (විමල් කුමා­රද කොස්තා) සහ විජේ ලෙස (අම­ර­සිරි කලං­සූ­රිය) ඉදි­රි­පත් කළ නිද­හස් රංග­නය තුළ හැත්තෑව දශ­කයේ තාරු­ණ්‍යයේ නන්න­ත්තාර බව මෙන්ම අහිං­සක අධ්‍යාත්ම මනාව පිළි­බිඹු විය. විරැ­කි­යාව නිසා ඇති වූ නන්න­ත්තාර බව හා අහිං­සක බව නිසාම ඔවුහු සමාජ ශාලා ඇසු­රින් හොර ජාවා­ර­ම්ක­රු­වන්ගේ ගොදු­රක් බවට පත් වූහ. අව­සා­නයේ ඒ නන­න්තාර බවට ජීවි­ත­යෙන් වන්දි ගෙව­න්නට ගුණේට සිදු වූ අතර විජේ රිමාන්ඩ් බාර­යට පත් විය. එහිදී ගුණේ ගේ චරි­ත­යට ජීව වායුව පිඹි­න්නට විමල්ට හැකි වූයෙන් එදා තරු­ණයෝ ඔහුගේ රංග­නය ඉදි­රියේ ස්වකීය ජීවි­තය අත් දුටුහ.

‘බඹරු ඇවිත්’ චිත්‍ර­ප­ටයේ ‘වීර­සේන’ ලෙස විමල් කළ රංග­නය තාත්වි­ක­ත්වය ඉක්මවා ගිය අධි රංග­න­යකි. බඹරු ඇවිත් චිත්‍ර­ප­ටයේ දේශ­පා­ලන දෘෂ්ටිය හකු­ළුවා කිය­න්නට පති­රාජ යොදා ගත්තේ වීර­සේ­නගේ චරි­ත­යයි. ධීවර ගම්මා­න­යක් තුළ සිදු වූ කල­බැ­ගෑ­නිය සුළු ධනේ­ශ්වර දේශ­පා­ල­න­ඥ­යකු දකින ආකා­රය චිත්‍ර­ප­ටය අව­සා­නයේ විමල්ගේ රංග­න­යෙන් ඉදි­රි­පත් කිරී­මෙන් පති­රාජ මතු කළේ උප­හා­ස­යකි. ඒ උප­හා­සය කදි­මට පැහැ­දිලි වූයේ වීර­සේන ලෙස විමල් කළ රංග­න­යෙනි.

විමල් කුමාර ද කොස්තාගේ විශිෂ්ට ප්‍රති­භාව එළි­යට දාන්නට හැකි නාට්‍ය කලා­වක්, මහා­චාර්ය සර­ච්චන්ද්‍ර, සුග­ත­පාල ද සිල්වා, දයා­නන්ද ගුණ­ව­ර්ධන, ධම්ම ජාගොඩ, ගුණ­සේන ගල­ප්පත්ති, හෙන්රි ජය­සේන ඇතුළු මේ රටේ පුරෝ­ගාමී නාට්‍ය­ක­රු­වන්ගේ මැදි­හ­ත්වී­මෙන් 60 – 70 දශක තුළ මේ රටේ ගොඩ­නැ­ඟු­ණේය. විමල් ඇතුළු රංගන ශිල්පීන්ගේ කුස­ලතා ඔසවා තැබූ ඒ නාට්‍ය කලාව 80 දශ­කයේ අව­සාන භාග­යෙන් පසු කෙමෙන් ගිලි­හී­මට ලක්ව මේ වන විට එය තනි­ක­රම වික­ට­යන්ගේ රාජ­ධා­නි­යක් බවට පත් වූ බැවින් විම­ල්ලාට ඉඩක් නැත. එහෙ­යින් වෘත්තීය නළු­වකු වශ­යෙන් ඔහුට සිදු වන්නේ එදා වේල පිරි­මසා ගන්නා ටෙලි නාට්‍ය වැනි විසූක දස්ස­න­වල රඟ­පා­න්න­ටය. විමල් කුමාර ද කොස්තා නමැති විශිෂ්ට රංගන ශිල්පියා ගිල ගත්තේ ඒ විසූක දස්සන තුළිනි. අව­සා­නයේ දී ඕනෑම දහ­ජ­රා­වක රඟපා සිය ගත­ම­නාව සොයා ගන්න­ටත් තමන්ට හිමි තැන අහිමි වුණු අකෘ­තඥ සමා­ජ­යක පරා­රෝ­පි­ත­යකු බවට පත් වන්න­ටත් සිදු වූ මාන­සික පීඩාව විමල් දිය කර හැරියේ මධ්‍ය­සා­ර­ව­ලිනි. පළ­මුව එය ආධ්‍යා­ත්මි­කව සිය දිවි නසා ගැනී­මක්ව දෙව­නුව ශරී­ර­කව ස්වකීය ජීවි­ත­යෙන්ම සමු ගන්නා තැනට පත් විය. එය මේ රටේ බොහෝ කලා­කා­ර­යන්ට අත් වූ ඉර­ණ­මකි. විමල් වැනි දක්ෂ­යන් හැම­දා­මත් මේ රටට අහිමි වුයේ හැකි­යා­ව­න්ගෙන් නිසි ඵල නොගෙ­නය. ඔවුන් මිය­ගි­යාට පසු හිස් වන තැන ගන්නට කිසි­වකු ඉතිරි නොවන්නේ ද එම බඳු දක්ෂතා අනා­ගත කලාව වෙනු­වෙන් රැක ගන්නට මේ රටේ නිසි වැඩ­පි­ළි­වෙ­ළක් නොමැති බැවිනි.

Gamini Wasantha Vandakoon ✍️

Copied

හොග්වර්ට්ස් මාළිගාව🏰මග්ල්වරුන්ට මේක පේන්නේ නැත්තේ ඇයි?මග්ල් කෙනෙක් අහම්බෙන් හොග්වර්ට්ස් වෙත ළං වුණොත් එයාට ඇත්තටම පේන්නේ...
04/12/2025

හොග්වර්ට්ස් මාළිගාව🏰මග්ල්වරුන්ට මේක පේන්නේ නැත්තේ ඇයි?

මග්ල් කෙනෙක් අහම්බෙන් හොග්වර්ට්ස් වෙත ළං වුණොත් එයාට ඇත්තටම පේන්නේ මොකක්ද?

ලෝකයේ තියෙන අතිවිශාලතම සහ අපූරුතම ගොඩනැගිලි වලින් එකක් වන හොග්වර්ට්ස් මායා පාසල (Hogwarts School of Witchcraft and Wizardry) පිහිටා තිබෙන්නේ ස්කොට්ලන්තයේ දුරස්ථ කඳුකර ප්‍රදේශයකයි. එතරම් විශාල ගොඩනැගිල්ලක් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් හෙවත් මග්ල්වරුන්ගෙන් රහසිගතව තියාගන්නේ කොහොමද කියන එක හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක්.

හැරී පොටර් පොත්වල මේ සඳහා ඉතා පැහැදිලි විස්තරයක් තියෙනවා.

🛡️ බලවත් ආරක්ෂක මන්ත්‍ර!

හොග්වර්ට්ස් මාළිගාවට බලවත් "මග්ල්-වළක්වන මන්ත්‍ර" (Muggle-Repelling Charms) යොදලා තියෙනවා. මේවායේ අරමුණ දෙකකි:

මග්ල්වරුන්ව ඈත් කිරීම.

මාළිගාවේ සැබෑ ස්වරූපය සඟවා තැබීම.

🏚️ මග්ල්වරුන්ට පේන දර්ශනය

යම්කිසි මග්ල් කෙනෙක් අහම්බෙන් හොග්වර්ට්ස් මාළිගාව පිහිටි ප්‍රදේශයට ළං වුණොත්, ඔවුන්ට ඇත්තටම මාළිගාව හෝ ඒ අවට ඇති දැවැන්ත පිට්ටනි කිසිවක් පෙනෙන්නේ නැහැ.

ඒ වෙනුවට ඔවුන් දකින්නේ, ඉතාමත් පැරණි, දිරා ගිය, අබලන් වූ නටබුන් වූ බලකොටුවක් පමණයි.

ඒ වගේම, එම ස්ථානයේ අනතුරක් ඇති බවත්, ඇතුළු වීම සුදුසු නැති බවත්, එය ඉතාම "අනාරක්ෂිත" ස්ථානයක් බවත් සඳහන් කරන ලකුණක් හෝ පුවරුවක් ඔවුන්ට පෙනෙන්න සලස්වා තිබෙනවා. මේ නිසා කිසිම මග්ල් කෙනෙක් ඊට ළං වෙන්න උත්සාහ කරන්නේ නැහැ.

හර්මයිනි ග්‍රේන්ජර් මේ ගැන පැහැදිලි කළ ආකාරය

Harry Potter and the Goblet of Fire පොතේදී හර්මයිනි මේ ආරක්ෂක මන්ත්‍රය ගැන මෙහෙම පැහැදිලි කරනවා:

“It’s bewitched. If a Muggle looks at it, all they see is a mouldering old ruin with a sign over the entrance saying DANGER, DO NOT ENTER, UNSAFE.”

😱 නමුත්... හොග්වර්ට්ස් ඇතුළට ආපු එකම මග්ල් කෙනා කවුද?

හොග්වර්ට්ස් ආරක්ෂක මන්ත්‍ර කොච්චර බලවත් වුණත්, පොත්වල සඳහන් වෙන පරිදි ඉතිහාසයේ එකම එක් වතාවක් මග්ල්වරුන් කීපදෙනෙක් මාළිගාවට ඇතුළු වී තිබෙනවා.

මේ සිදුවීම වුණේ Harry Potter and the Chamber of Secrets පොතේදීයි. බාසිලිස්ක් විසින් මරා දමන ලද මග්ල්-බෝර්න් ශිෂ්‍යාවක් වන මෝනිං මර්ටල්ගේ දේහය රැගෙන යන්නට ඇගේ දෙමව්පියන් හොග්වර්ට්ස් වෙත පැමිණියා.

මෙයින් තහවුරු වෙන්නේ, හදිසි හෝ මරණීය අවස්ථාවකදී, විදුහල්පතිවරයාගේ හෝ ඉහළ බලධාරීන්ගේ විශේෂ අවසරය යටතේ, ආරක්ෂක මන්ත්‍රය තාවකාලිකව ඉවත් කරලා හෝ ඔවුන්ට පමණක් මාළිගාව පෙනෙන්න සලස්වලා මග්ල්වරුන්ට ඇතුල්වීමට අවස්ථාව දෙන බවයි. මෙය ඉතාම කණගාටුදායක සහ දුර්ලභ සිදුවීමක්!

💡 මේකේ වැදගත්කම

අතීතයේදී මග්ල්වරුන්ගෙන් මායාකරුවන්ට සහ මායාකාරියන්ට සිදුවූ හිංසා පීඩා නිසා, හොග්වර්ට්ස් ආරම්භ කළ ආදිකතෘවරුන් හතර දෙනාම තීරණය කළා මේ පාසල මුළුමනින්ම රහසිගතව තබන්න. මේ බලවත් ආරක්ෂක මන්ත්‍රය මඟින් අදටත් එම රහස ආරක්ෂා වෙනවා.

මායා ලෝකය පවත්වාගෙන යන්න මේ වගේ
සියුම් සහ බලවත් මන්ත්‍ර ඉතාම වැදගත්!

අද දවස් දෙක තුනක් එක දිගට වැස්සොත් අපිට එපා වෙනවා නේද? එහෙනම් නිකමට හිතන්න, අවුරුද්දක් නෙවෙයි, අවුරුදු සියයක් නෙවෙයි... ...
02/12/2025

අද දවස් දෙක තුනක් එක දිගට වැස්සොත් අපිට එපා වෙනවා නේද? එහෙනම් නිකමට හිතන්න, අවුරුද්දක් නෙවෙයි, අවුරුදු සියයක් නෙවෙයි... වසර මිලියන 2ක් එක දිගට වැස්සොත් මොනවා වෙයිද?

​පුදුමයි වගේ හිතුනත්, පෘථිවි ඉතිහාසයේ ඇත්තටම එහෙම කාලයක් තිබුණා!

​🌍 මොකක්ද මේ සිදුවීම?
මෙය විද්‍යාඥයින් හඳුන්වන්නේ "Carnian Pluvial Event" ලෙසයි. මීට වසර මිලියන 232කට පමණ පෙර (ඩයිනෝසෝරයන්ගේ මුල් අවධියේදී) පෘථිවිය මත ධාරාණිපාත වර්ෂාව කඩින් කඩ නොවී, වසර මිලියන 2ක පමණ කාලයක් පුරාවටම පැවතුණා.

​🌋 ඇයි මෙහෙම වුණේ?
විද්‍යාඥයින් විශ්වාස කරන ආකාරයට මේ මහා වැස්සට හේතුව වුණේ අති විශාල ගිනිකඳු පිපිරීම් මාලාවක්. (වර්තමාන ඇලස්කාව සහ කැනඩාව ආශ්‍රිත ප්‍රදේශයේ). මෙම පිපිරීම් නිසා වායුගෝලයට අති විශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් මුදා හැරුණු අතර, ඒ හේතුවෙන් පෘථිවිය වේගයෙන් රත් වීමට පටන් ගත්තා. සාගර ජලය වාෂ්ප වී, එය මහා වර්ෂාවක් ලෙස නැවත පෘථිවියට පතිත වුණා.

​🦕 ඩයිනෝසෝරයන්ගේ රජ දහන ඇරඹුනේ මේ වැස්සෙන්!
මේක තමයි කතාවේ රසවත්ම කොටස. මේ මහා වැස්සට කලින් පෘථිවිය කියන්නේ වියළි, ශුෂ්ක තැනක්. නමුත් මේ අඛණ්ඩ වර්ෂාවත් එක්ක පෘථිවිය පුරාම යෝධ ගස් කොළන් වැඩෙන්න ගත්තා.
එතෙක් කුඩාවට සිටි ඩයිනෝසෝරයන්ට මෙය රජ මගුලක් වුණා. අලුතින් හැදුණු වනාන්තර සහ ආහාර බහුලත්වය නිසා ඩයිනෝසෝරයන් ප්‍රමාණයෙන් විශාල වෙන්නත්, ලොව පුරා වේගයෙන් පැතිරෙන්නත් පටන් ගත්තේ මේ වැස්ස නිසා බවයි පැවසෙන්නේ.

​ඉතින්, අද අපි කෞතුකාගාරවල දකින ඒ දැවැන්ත ඩයිනෝසෝරයන් බිහිවෙන්න පාර කැපුවේ මේ වසර මිලියන 2ක මහා වැස්සයි!
​ස්වභාවධර්මය පුදුමාකාරයි නේද? සමහර විනාශයන් අලුත් ලෝකයක් නිර්මාණය කරනවා.
​Think Beyond - Fuel Your Curiosity 🧠✨

01/12/2025
නිවන් සුව ලැබේවා ඔබ සැමට 🥺🙏අපි හැමෝම ගංවතුරට යට වෙලා මේ වෙද්දි. ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් ගොඩක් දේවල් අහිමි වෙලා. ...
01/12/2025

නිවන් සුව ලැබේවා ඔබ සැමට 🥺🙏

අපි හැමෝම ගංවතුරට යට වෙලා මේ වෙද්දි. ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් ගොඩක් දේවල් අහිමි වෙලා. ඒත් මේ විපත් දකිද්දි තවමත් අපි ජීවත්වෙලා යහතින් ඉන්න එකට ස්තූතිවන්ත වෙන්න ඕන‼️✨️🎉️❤️

මේ ජීවිතේ තදින් මසුරුකමින් මෝහයෙන් ලෝභයෙන් මහා ආශාවෙන් අල්ලා ගන්න තරම්
කිසිම දෙයක් නෑ කියන ඇත්ත මේ ගංවතුර අපිට ආයෙත් මතක් කරලා දුන්නා ‼️‼️

අහිමි වුන දේවල් වලට අඩා වැළපෙනවනම් මේ දේම ඇති තාමත් ඔයා ඔයාගෙ අම්මා තාත්තා සහෝදර සහෝදරියො ස්වාමියා බිරිඳ පෙම්වතා පෙම්වතිය නෑයො අසල්වැඩියො හිතවත්තු ටික එක්ක මඩ ගොඩක වැටිලා හිටියත් හිත් හදාගන්න 🥺🙏

මියගිය සියලු දෙනාටම නිවන් සැප ලැබේවා 🌷
මෙවන් අකල් මරණ නැවත නොම වේවා 🙏

අනතුරට පත් ජීවිත සහ රෝගී වූවන් සියලු දෙනාම ඉක්මනින් සුවපත් වේවා ‼️

අවතැන් වූවන් ඉක්මනින් නැවත යථා තත්ත්වයට පත්වේවා 🥺🙏

හැමෝම පරෙස්සමෙන් ඉමු😔🫂🌷

✍️ ©️ විහග අරෝෂ් ශියාන් සේනාරත්න️

01/12/2025

අපි හිතනවට වඩා හානිය ගොඩක් විශාලයි. 😭
අපි තාම දැක්කේ පොඩ්ඩයි.. 🥺
🙏❤️

Please share
30/11/2025

Please share

ග්‍රීන්විච් විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යාඥ ඒඩ්‍රියන් බාර්නට් කියන්නේ, “ජල උෂ්ණත්වය 10 °C වැඩි වීම අසාමාන්‍ය බවයි.. ඒ වග...
30/11/2025

ග්‍රීන්විච් විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යාඥ ඒඩ්‍රියන් බාර්නට් කියන්නේ, “ජල උෂ්ණත්වය 10 °C වැඩි වීම අසාමාන්‍ය බවයි.. ඒ වගේම මෙතරම් ජල පරිමාවක් උණුසුම් කිරීමට අවශ්‍ය ශක්තිය විශ්මයජනකයි” කියලා.

2023 වසරේ බ්‍රසීලයේ ඇමසන් වනයේ ජල උෂ්ණත්වය 41 °C (105.8 °F) දක්වා ඉහළ ගොස් තිබුණා. මේ හේතුවෙන් රෝස ගංගා ඩොල්ෆින් සහ ටුකුක්සිස් වගේ ඩොල්ෆින් 200ක් මියගිහින් තියෙනවා. සතියක් තුළ ටෙෆේ විලෙහි දේශීය ඩොල්ෆින් ජනගහනයේ 10%ක් අතුරුදහන් වී තිබෙනවා.

ඒ සඳහා හේතු වන්නේ වලාකුළු රහිත අහස, අඩු ජල මට්ටම්, දුර්වල සුළං සහ උණුසුම් ජලය. මේවා සාගර උණුසුම සහ එල් නිනෝ සමඟ එකතු වෙලා ඩොල්ෆින් මරණයට හේතු වෙලා තියෙනවා.

නව අධ්‍යයනයකින් පෙන්වන විදිහට 1990 සිට ඇමසන් ගංඟා තුල ජල උෂ්ණත්වය දශකයකට 0.6 °C කින් ඉහළ ගොස් තිබෙනවා. මෙවැනි උණුසුම් සිදුවීම් ජෛව විවිධත්වයට සහ දේශීය ප්‍රජාවන්ට බරපතළ බලපෑමක් ඇති කරනවා.

ඇමසන් වනය ලෝක ජලයේ පහෙන් එකක් අඩංගු වෙලා තිබෙන නිසා, මෙවැනි ආපදා අඩු කිරීමට පෝසිල් ඉන්ධන භාවිතය අඩු කිරීම වගේ ගෝලීය ක්‍රියාමාර්ග අත්‍යවශ්‍යයි. පර්යේෂකයින් කියන්නේ, මෙම උණුසුම් සිදුවීම් නැවත සිදුවිය හැකි බවයි.

Source: Koumoundouros, T. (2025, November 12). Amazon Lakes Became Hotter Than a Hot Tub, Killing Hundreds of Dolphins. Science.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when 2001's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 2001's:

Share