Yugathra TV

Yugathra TV සමාජ, දේශපාලන, සංස්කෘතික, ඓතිහාසික සහ ?

යාපනය කොටුව....
12/07/2023

යාපනය කොටුව....

දශක දෙකක් අඩුම , එකම මිලට කොණ්ඩා කැපූ චීනයේ Tang Jinlian------------------------------චීනයේ Hunan පළාතේ Changsha නගරයේ න...
11/05/2023

දශක දෙකක් අඩුම , එකම මිලට කොණ්ඩා කැපූ චීනයේ Tang Jinlian
------------------------------
චීනයේ Hunan පළාතේ Changsha නගරයේ නේවාසික ප්‍රජාවක් සඳහා කේශාලංකරණ ආයතනයක් ක්‍රියාත්මක කරන Tang Jinlian මේ වනවිට 71හැවිරිදි වියෙහි පසුවෙයි. ගතවූ වසර 20 කට ආසන්න කාලයක් තුළම ඇය කොණ්ඩා කැපීමේ මිල ඉහල දැ‍මීමෙන් තොරව අඛණ්ඩ ව යුවාන් 3ක (ශ්‍රී ලංකා රුපියල් වලින් 140ක් පමණ) මිලකට ක්‍රියාත්මක කොට තිබෙයි.

Tang Jinlian ගේ දියණිය කුඩා කාලයේ රෝගයකට ගොදුරුව මානසික ආබාධිත තත්ත්වයට ලක් වූ අවස්ථාවේ සමාජයේ බොහෝ අයගේ උපකාර ලැබී තිබෙයි. එයට සමාජයට කෘතගුණ දැක්වීම සඳහා මෙලෙස කටයුතු කරන බවයි ඇය සදහන් කොට ඇත්තේ.

ජපානයේ සාම්ප්‍රදායික ආහාරයක් වන Noto Shika Arare නමැති වර්ණවත් සහල් විස්කෝතු එරට Shika හි ජනතාව වියළන අයුරුයි මේ. ඇලෙන ස...
15/02/2023

ජපානයේ සාම්ප්‍රදායික ආහාරයක් වන Noto Shika Arare නමැති වර්ණවත් සහල් විස්කෝතු එරට Shika හි ජනතාව වියළන අයුරුයි මේ. ඇලෙන සුළු සහලින් සාදනු ලබන එම විස්කෝතු වර්ගය සෑම වසරකම මාර්තු මාසයේ සිට අලෙවි කිරීම සිදුකෙරෙයි.

Mylapore සංස්කෘතික උත්සව සමය ඉන්දියාවේ පැවැත්වෙන්නක්. මේ එම උත්සව සමයේදී Chennai නගරයේ ජනතාව සාම්ප්‍රදායික සිතුවම් අඳින ...
17/01/2023

Mylapore සංස්කෘතික උත්සව සමය ඉන්දියාවේ පැවැත්වෙන්නක්. මේ එම උත්සව සමයේදී Chennai නගරයේ ජනතාව සාම්ප්‍රදායික සිතුවම් අඳින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබුණු ආකාරයයි.

ලෝකයේ විශාලතම වී නිෂ්පාදන රටවල් වලින් එකක් වන බංග්ලාදේශය ඔවුන්ගේ කෘෂිකාර්මික භූමියෙන් 75% ක් සහල් නිෂ්පාදනය සඳහා භාවිත ක...
09/01/2023

ලෝකයේ විශාලතම වී නිෂ්පාදන රටවල් වලින් එකක් වන බංග්ලාදේශය ඔවුන්ගේ කෘෂිකාර්මික භූමියෙන් 75% ක් සහල් නිෂ්පාදනය සඳහා භාවිත කරයි.

වාර්ෂික උත්සවයක් වූ ' පිටි ගහගැනීම '-------------------------------ස්පාඤ්ඤයේ Ibi නගරයේ, වැසියන් වාර්ෂිකව සිදුකරන මෙම 'පි...
07/01/2023

වාර්ෂික උත්සවයක් වූ ' පිටි ගහගැනීම '
-------------------------------
ස්පාඤ්ඤයේ Ibi නගරයේ, වැසියන් වාර්ෂිකව සිදුකරන මෙම 'පිටි ගහගැනීම' නැත්නම් ' පිටි සටන ' එම Ibi නගර වැසියන් ස්පාඤ්ඤයේ මෝඩයාගේ දිනය සමරන ක්‍රියාකාරකම් වලින් එකක් ලෙස සිදුකරයි. පිටි, බිත්තර ආහාර ද්‍රව්‍යයත් රතිඤ්ඤා වැනි ගිනිකෙලිත් භාවිත කරමින් නගරවාසීහු මෙම ' පිටි සටන ' එක්වෙති.

ගිනස් පොතට ගිය සපත්තුව----------------------එම්.දිලීෆ් නම් කලාකරුවා විසින් නිර්මාණය කරන ලද  කටාර්හි දෝහා නුවරදී ප්‍රදර්ශ...
18/12/2022

ගිනස් පොතට ගිය සපත්තුව
----------------------
එම්.දිලීෆ් නම් කලාකරුවා විසින් නිර්මාණය කරන ලද කටාර්හි දෝහා නුවරදී ප්‍රදර්ශනය කෙරුණු මෙය ලොව විශාලතම පාපන්දු බූට් සපත්තුව ලෙසින් නව ගිනස් ලෝක වාර්තාවක් තබා තිබෙනවා. කිලෝග්‍රෑම් 500කට වැඩි බරකින් යුක්ත මෙය අඩි 17ක් දිගින් සහ අඩි 7ක් උසින්ද යුක්ත වෙනවා.

ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවමින් නොවැම්බර් 15වෙනිදා ඩොමිනිකන් රාජ්‍යයේ Santo Domingo හි රෝහලක උපත ලද ළදරුවායි මේ...
16/11/2022

ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවමින් නොවැම්බර් 15වෙනිදා ඩොමිනිකන් රාජ්‍යයේ Santo Domingo හි රෝහලක උපත ලද ළදරුවායි මේ...

තම සිරුරුවල කළුතෙල් තවරා ගනිමින් සිදුකෙරෙන මෙම උත්සව අවස්ථාව ස්පාඤ්ඤයේ Baza නගරයේ සැමරෙන සාම්ප්‍රදායික උත්සවයකි.
26/09/2022

තම සිරුරුවල කළුතෙල් තවරා ගනිමින් සිදුකෙරෙන මෙම උත්සව අවස්ථාව ස්පාඤ්ඤයේ Baza නගරයේ සැමරෙන සාම්ප්‍රදායික උත්සවයකි.

පාකිස්ථානයේ ජාතික ක්‍රීඩාව වන Kushti නමැති සාම්ප්‍රදායික මල්ලවපොර ක්‍රීඩාව වසර දහස් ගණනක සිට පැවත ඉන්දු-පාකිස්ථාන මල්ලවප...
22/09/2022

පාකිස්ථානයේ ජාතික ක්‍රීඩාව වන Kushti නමැති සාම්ප්‍රදායික මල්ලවපොර ක්‍රීඩාව වසර දහස් ගණනක සිට පැවත ඉන්දු-පාකිස්ථාන මල්ලවපොර විශේෂයක් වෙයි. මේ පාකිස්ථානයේ ලාහෝර් හි පැවැත්වෙන, Kushti සාම්ප්‍රදායික මල්ලවපොර තරඟයට එක්ව සිටින ක්‍රීඩකයින් පිරිසකි.

අධික උෂ්ණත්වය සහිත මේ දිනවල චීනයේ Hangzhou නගරයේ අපූරු නිර්මාණයක් දැකගත හැකිය. ඒ දිය වෙමින් පවතින අයිස් ක්‍රීම් ස්වරූප ස...
14/09/2022

අධික උෂ්ණත්වය සහිත මේ දිනවල චීනයේ Hangzhou නගරයේ අපූරු නිර්මාණයක් දැකගත හැකිය. ඒ දිය වෙමින් පවතින අයිස් ක්‍රීම් ස්වරූප සහිත නිර්මාණයක් තැනින් තැන ප්‍රදර්ශනය කර තිබීමයි.

ඉන්දුනීසියාවේ සුලවේසි ගම්මානයක පැවති සම්ප්‍රදායික ගොන් කරත්ත ධාවන තරඟයකි මේ. වී අස්වනු වෙනුවෙන් ගොවීන්ට කෘතඥතාව පළ කිරීම...
16/08/2022

ඉන්දුනීසියාවේ සුලවේසි ගම්මානයක පැවති සම්ප්‍රදායික ගොන් කරත්ත ධාවන තරඟයකි මේ. වී අස්වනු වෙනුවෙන් ගොවීන්ට කෘතඥතාව පළ කිරීම සහ උසස් තත්ත්වයේ ගව පාලනයට ඔවුන් දිරිමත් කිරීම මෙහි අරමුණයි.

Address

Colombo
07000

Alerts

Be the first to know and let us send you an email when Yugathra TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yugathra TV:

Share