Politicslk Sinhala

Politicslk Sinhala පුරවැසි අධ්‍යාපනය සඳහා වේදිකාවක් පුරවැසි අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීම් සහ සංවාද ඇති කිරීම

යක්කල දේශපාලන කාර්යාලය සම්බන්ධයෙන් මෑතකදී ඇති වූ ගැටුම සිදුවුනේ ඇයි? 🏢⚖️2005 සිට ජනතා විමුක්ති පෙරමුණ නීත්‍යානුකූල හිමික...
21/09/2025

යක්කල දේශපාලන කාර්යාලය සම්බන්ධයෙන් මෑතකදී ඇති වූ ගැටුම සිදුවුනේ ඇයි? 🏢⚖️

2005 සිට ජනතා විමුක්ති පෙරමුණ නීත්‍යානුකූල හිමිකාරිත්වය ඉල්ලා සිටින අතර, 2012 සිට ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව ගිය පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය, පසුගිය වසර 13 තුළ ඔවුන්ගේ දිගුකාලීන පදිංචිය හේතුවෙන් එම ඉඩම අත්පත් කර ගැනීමට ඔවුන්ට අයිතියක් ඇති බව පවසයි. 2025 සැප්තැම්බර් මස මුලදී ආරවුල උණුසුම් වූ අතර, එය පොලිස් මැදිහත්වීමකට සහ අධිකරණ නියෝගයකට හේතු විය.

සම්පූර්ණ කතාව සහ සිදුවීම් පෙල දැනගන්න 👉 ස්වයිප් කරන්න.

⚡ ලංවිමේ වෙන්වීම⚡ශ්‍රී ලංකාවේ විදුලිබල දැවැන්තයා වන CEB, උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා නව රාජ...
21/09/2025

⚡ ලංවිමේ වෙන්වීම⚡

ශ්‍රී ලංකාවේ විදුලිබල දැවැන්තයා වන CEB, උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා නව රාජ්‍ය සමාගම් 4 කට වෙන් කිරීමට නියමිතය.

අරමුණ? වඩාත් කාර්යක්ෂම වීම, පැහැදිලි භූමිකාවන් ඇති කිරීම සහ පෞද්ගලික ආයෝජන සඳහා අවකාශය සැළසීමයි.

නමුත් කාර්ය මණ්ඩල මාරු කිරීම්, වන්දි පැකේජ සහ වෘත්තීය සමිති ප්‍රශ්න ක්‍රියාත්මක වන විට, මේ ප්‍රතිව්‍යුහගත කිරීම සැබෑ ප්‍රතිසංස්කරණයකට තුඩු දෙයිද නැතහොත් නිකන්ම වයර් මාරු කිරීමක් විතරක් වේවිද? 🔌

📢 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHර්‍) ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සිය නවතම ...
20/09/2025

📢 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHර්‍) ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සිය නවතම වාර්තාව නිකුත් කර තිබේ.

නායකත්ව වෙනස්කම්, යුක්තිය පසිඳලීම පිළිබඳ අභියෝග, මානව හිමිකම් ගැටළු සහ ආර්ථික අර්බුදයේ ගැඹුරු බලපෑම පිළිබඳව වාර්තාව ඉස්මතු කරයි.

වාර්තාවෙන් ප්‍රධාන කරුණු කිහිපයක් බැලීමට ස්වයිප් කරන්න!👉

💰2025 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ විදේශ සේවක ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් බිලියන 5.1 ඉක්මවා යමින් 19.3% ක ව...
19/09/2025

💰2025 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ විදේශ සේවක ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් බිලියන 5.1 ඉක්මවා යමින් 19.3% ක වාර්ෂික වැඩිවීමක් පෙන්නුම් කළා. මෙම වැඩිවීම, විදේශ රැකියා නියුක්තිය ඉහළ යාම සහ විධිමත් හුවමාරු මාර්ග වැඩිදියුණු කිරීම පිළිබිඹු කරන අතර, විදේශ ප්‍රේෂණ මගින් ශ්‍රී ලංකාවේ බාහිර අංශයට ලබා දෙන ශක්තිය පෙන්නුම් කරයි.

📂UNFPA හි නවතම වාර්තාව, ශ්‍රී ලංකා දේශපාලනයේ විශාල පරතරයක් පෙන්නුම් කරයි; කාන්තාවන් ජනගහනයෙන් අඩක් වුණත් පාර්ලිමේන්තුවේ ...
18/09/2025

📂UNFPA හි නවතම වාර්තාව, ශ්‍රී ලංකා දේශපාලනයේ විශාල පරතරයක් පෙන්නුම් කරයි; කාන්තාවන් ජනගහනයෙන් අඩක් වුණත් පාර්ලිමේන්තුවේ සිටින්නේ ඉතා සුළු ප්‍රමාණයක් වන අතර ලෝක ශ්‍රේණිගත
කිරීම් අතරින් 135 වන ස්ථානයේ සිටී. අරමුදල් සොයාගැනීමේ ගැටලු, අන්තර්ජාල අපයෝජන සහ සංස්කෘතික බාධක ඔවුන්ව ඈත් කරන නමුත්, විසඳුම් තිබෙනවා. ⚖

ඔබට සිතෙන විදියට මෙය වෙනස් කරන්න කරන්න ඕනේ මොකද්ද?

🔻ජකර්තා පොලිසිය සහ ශ්‍රී ලංකාවේ CID විසින් සිදු කරන ලද ඉහළ පෙළේ ඒකාබද්ධ මෙහෙයුමකදී, පාතාල සාමාජිකයින් පස් දෙනෙකු ශ්‍රී ල...
17/09/2025

🔻ජකර්තා පොලිසිය සහ ශ්‍රී ලංකාවේ CID විසින් සිදු කරන ලද ඉහළ පෙළේ ඒකාබද්ධ මෙහෙයුමකදී, පාතාල සාමාජිකයින් පස් දෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ දින 90 ක් රඳවා තබා ගන්නා ලදී - මේ පියවර නිසා PTA නීතියේ අඛණ්ඩ භාවිතය පිළිබඳ විවාදය නැවත ඇති කර තිබේ.

🔻 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පුද්ගලයින් 5 දෙනා දින 90 ක් PTA යටතේ රඳවා තබා ගැනීමට අධිකරණය අවසර ලබා දෙන ලදී. කෙසේ වෙතත්, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමට ඉඩ සැලසීම සම්බන්ධයෙන් දිගු කලක් තිස්සේ විවේචනයට ලක් වූ PTA නීතිය, එහි අපේක්ෂිත විෂය පථයෙන් ඔබ්බට දිගු කර තිබේද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වේ.

🔻2025 අප්‍රේල් මාසයේදී අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැහැදිලි කළේ අලුත් නීතියක් හඳුන්වා දෙන තුරු PTA අවලංගු නොකරන බවයි. මත්ද්‍රව්‍ය ආශ්‍රිත හෝ සංවිධානාත්මක අපරාධ වැරදි සඳහා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා PTA භාවිතා කර ඇති බවට කරන ලද ප්‍රකාශ ද ඔහු ප්‍රතික්ෂේප කළ අතර, එවැනි අවස්ථා වලදී නීතිය ක්‍රියාත්මක කර නොමැති බව පැවසීය. “ත්‍රස්තවාදයට සම්බන්ධ නොවන ක්‍රියාකාරකම් සඳහා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරනවා මම දැකලා නැහැ,” ලෙස පැහැදිලි කරමින්, එවැනි වැරදි දණ්ඩ නීති සංග්‍රහයට අයත් වන අතර සම්මත නීතිමය ක්‍රියා පටිපාටි හරහා නඩු පවරනු ලැබන බවට ඔහු පැහැදිළි කරනු ලැබුවා.

🔻කෙසේ වෙතත්, 2025 ජූලි මාසයේදී මේ මතයට පටහැනිව, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, සංවිධානාත්මක අපරාධ නඩු වලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම පිළිගත් අතර, ප්‍රතිසංස්කරණයේ හදිසි අවශ්‍යතාවය අවධාරණය කළේ: “එවැනි නඩු ඵලදායී ලෙස විසඳීමට නව නීති විධිවිධාන අවශ්‍ය වනු ඇත” ලෙස පවසමිනුයි. නවීන රාමුවක් යටතේ සංවිධානාත්මක අපරාධ සැකකරුවන් රඳවා තබා ගැනීමට සහ ප්‍රශ්න කිරීමට පොලිසියට නීතිමය බලය ලබා දීම සඳහා අධිකරණ අමාත්‍යාංශය නව නීති කෙටුම්පත් කරමින් සිටින බව ඔහු තහවුරු කළා.

🔻 2025 අගෝස්තු මාසයේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, “කිසිදු විවාදයක් නැත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරනු ලැබේ” යනුවෙන් සහතික වුණා. ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්නගේ නායකත්වයෙන් යුත් නීති කමිටුවක් විසින් සංශෝධන අවසන් කිරීමට ආසන්නව ඇති බවත්, 2025 සැප්තැම්බර් මස මුලදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවත් ඔහු තහවුරු කළා.

2025 සැප්තැම්බර් මස මුලදී, රජය විසින් පනවන ලද සමාජ මාධ්‍ය තහනමකින් පසුව, නේපාලයේ දූෂණයට සහ ඥාති වාදයට එරෙහිව තරුණයින් වි...
16/09/2025

2025 සැප්තැම්බර් මස මුලදී, රජය විසින් පනවන ලද සමාජ මාධ්‍ය තහනමකින් පසුව, නේපාලයේ දූෂණයට සහ ඥාති වාදයට එරෙහිව තරුණයින් විසින් මෙහෙයවන ලද විරෝධතා ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාවයක් දක්වා වර්ධනය විය. සමහර විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ නිවාසවලට කඩා වැදී ගිනි තැබූ අතර, එමඟින් අගමැති කේ.පී. ෂර්මා ඔලිට ඉල්ලා අස්වීමටත් සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හමුදාව යෙදවීමටත් සිදු වුණා.

✉ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතා අර්බුදය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, දේශපාලන දුක්ගැනවිලි මත පදනම්ව දේශපාලන ව්‍යුහයන්ට එල්ල වන ප්‍රහාර, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ පදනමට තර්ජනයක් වන බවයි. සියලු පාර්ශවයන්ගෙන් එල්ල වන ප්‍රචණ්ඩත්වය ඔහු තවදුරටත් හෙළා දුටු අතර, විශේෂයෙන් බුදුන් වහන්සේගේ උපන් ස්ථානය ලෙස ගෞරවයට පාත්‍ර වන රටක මෙවැනි විනාශකාරී ක්‍රියාවන් නිසා ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙල බිඳවැටී පාලනයේ අසාර්ථකත්වය ඇති කරන බව අවධාරණය කළ කළා. සාමය යථා තත්ත්වයට පත් කිරීමට සහ ව්‍යවස්ථාමය ක්‍රියාවලීන් ආරක්ෂා කිරීමට නේපාල හමුදාවෙන් ඔහු තවදුරටත් ඉල්ලා සිටියා.

විනිවිදභාවය ප්‍රශ්නාර්ථයට ලක්වෙලාද? 🧐ජනාධිපති AKD ගේ දේශීය සංචාර සඳහා වූ RTI ඉල්ලීම අගෝස්තු 27 වන දින ජනාධිපති ලේකම් කාර...
16/09/2025

විනිවිදභාවය ප්‍රශ්නාර්ථයට ලක්වෙලාද? 🧐

ජනාධිපති AKD ගේ දේශීය සංචාර සඳහා වූ RTI ඉල්ලීම අගෝස්තු 27 වන දින ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කළේ ජාතික ආරක්ෂාව උපුටා දක්වමිනුයි. ⚖ ජාතික ආරක්ෂාව, ආරක්ෂා කිරීම ඉතා වැදගත් වුණත්, ඉතුරුවුණ මූලික ප්‍රශ්නය තමයි: විනිවිදභාවය ආරක්ෂා කිරීම සඳහා සීමිත හෝ සංශෝධිත තොරතුරු හෙළිදරව් කරන්න පුලුවන් කමක් තිබුණාද ? RTI අභියාචනයක් දැන් ක්‍රියාත්මක වෙමින් තිබුණත්, ඒ මූලික ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය නිසා RTI නීතිය සාධාරණව හා අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවාද යන්න පිළිබඳ විවාදයක් ඇති වෙලා තිබෙනවා.

2025 ජූලි මාසයේදී, ජනාධිපති මාධ්‍ය අංශයේ (PMD) කාර්ය මණ්ඩල විස්තර පිළිබඳ RTI ඉල්ලීම ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කළේ, පෞද්ගලිකත්ව ගැටළු උපුටා දක්වමිනුයි. කෙසේ වෙතත්, විචාරකයින් තර්ක කළේ PMD කාර්ය මණ්ඩලය රාජ්‍ය නිලධාරීන් බවත්, ඔවුන්ගේ වැටුප් බදු ගෙවන්නන්ගේ මුදලින් සැපයෙන බවත්, ඒ නිසා එම තොරතුරු මහජන පරීක්ෂාවට ලක් කළ යුතුයි කියලයි.

👉 වත්මන් RTI ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ වැඩිදුර දැන ගන්න ස්වයිප් කරන්න. මේ ගැන ඔයාට හිතෙනෙ දේ අපිට කියන්න.

🌿 ඔබේ මතය කාලයෙක් කාලයට වෙනස් කිරීම දුර්වලකමක් නෙමෙයි. ඒකෙන් පිළිබිඹු කරන්නේ දියුණුවීම හා පරිණතභාවයයි.අලුත් දැනුමක් ලබා ...
14/09/2025

🌿 ඔබේ මතය කාලයෙක් කාලයට වෙනස් කිරීම දුර්වලකමක් නෙමෙයි. ඒකෙන් පිළිබිඹු කරන්නේ දියුණුවීම හා පරිණතභාවයයි.

අලුත් දැනුමක් ලබා ගත්තට පස්සේ කවුරුහරි කෙනෙක් තමන්ගේ දේශපාලන මතය නැවත සලකා බලනව නම්, ඒකෙන් පෙන්නුම් කරන්නේ එයා විවේචනාත්මකව සිතනව වගේම අලුත් තොරතුරු සඳහා විවෘතයි කියලා. ඔබ විශ්වාස කරන මූලධර්ම වෙනස් කර නොගෙන අදහස් පරිණාමය වීමට ඉඩ දීමෙන් පෙන්නන්නේ ඔයා සතුව තිබෙන අවංකභාවය හා ප්‍රඥාවයි.

ස්ථාවරය වෙනස් කිරීම ගැන අපි අනෙක් අයව ලැජ්ජාවට පත් නොකළ යුතුයි. මේ වෙනස් වීම සිද්දවෙන්නේ හොද තේරුම්ගැනීමකින් සහ අවංකභාවයකින් නම්, එයට ගෞරවය ලැබිය යුතුයි. අපි හැමෝම අලුත් දේවල් ඉගෙන ගන්නවා, වැරදියට තේරුම් ගත්ත දේවල් අත්හරිනවා වගේම අවස්ථාවට අනුව හැඩගැහෙමින් දියුණු වෙනවා. මහජන කතිකාවත ඇතුලේ මෙහෙම කරන්න පුලුවන් වෙනවා කියන එක ගොඩක් වැදගත් දෙයක්.

📈 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය ධන අගයකට පත් වූ අතර, අඛණ්ඩව මාස 11 ක් අවධමනය වීමෙන් පසු වසරින් වසර 1.2% දක්ව...
13/09/2025

📈 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය ධන අගයකට පත් වූ අතර, අඛණ්ඩව මාස 11 ක් අවධමනය වීමෙන් පසු වසරින් වසර 1.2% දක්වා ඉහළ ගොස් පාරිභෝගික මිල ප්‍රවණතාවල වෙනසක් පෙන්නුම් කරයි.

➡ මෙය මිල ප්‍රවණතාවල වෙනසක් සනිටුහන් කරන අතර ප්‍රතිපත්තිමය පියවර මගින් ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින බව පෙන්නුම් කරයි. උද්ධමනය නැවත පැමිණීම අවධානයට ලක්වෙන කරුණක් වුනත්, එය අනිවාර්යයෙන්ම නරක දෙයක් නොවේ.

🔮ඉදිරි මාසවලදී උද්ධමනය අනුව අපට අපේක්ෂා කළ හැකි දේ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ, “සුදුසු ප්‍රතිපත්තිවල සහාය ඇතිව, ඉදිරි කාලය තුළ උද්ධමනය ක්‍රමයෙන් වේගවත් වන බවත්, 5% ඉලක්කය කරා ගමන් කරන බවත් ප්‍රක්ෂේපණවලින් පෙන්නුම් කෙරේ.” යන්නයි.

🚨 ව්‍යාජ බදු වංචාව: සිදු වෙමින් තියෙන විමර්ශන ගැන ප්‍රශ්නවෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ ක...
12/09/2025

🚨 ව්‍යාජ බදු වංචාව: සිදු වෙමින් තියෙන විමර්ශන ගැන ප්‍රශ්න

වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සම්බන්ධ රුපියල් මිලියන 3.6 ක ව්‍යාජ බදු ගිවිසුමක් සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වෙලා තිබෙන මොහොතක, කොළඹ මූල්‍ය වංචා විමර්ශන කාර්යාංශයේ (CFB) විමර්ශකයින්ගේ ප්‍රමාදයන් සහ ක්‍රියා පටිපාටික ගැටළු ගැන අධිකරණයේ පරීක්ෂාවට ලක් වෙලා තියෙනවා. ❗

🔵 නීතිපතිවරයාගේ උපදෙස් උපුටා දක්වමින් කාර්යාංශය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කළ බව වාර්තා වන අතර, එය නොමඟ යවන සහ මග හැරීමේ උත්සහයක් ලෙස විවේචනය වුණා. විමර්ශනයේ විනිවිදභාවය සහ හදිසිභාවය නොමැතිකම පුළුල් ලෙස මහජන කලකිරීමට හේතු වෙලා තිබෙනවා. වත්මන් දේශපාලන වේදිකාවේ ප්‍රමුඛ පුද්ගලයින් තිදෙනෙකුට චෝදනා එල්ල වී තිබෙන මේ සිදුවීමක් සම්බන්ධයෙන් වගවීම සඳහා වන ඉල්ලීම් තීව්‍ර වෙමින් පවතිනවා.

ශ්‍රී ලංකාවේ කාන්තා පාර්ලිමේන්තු නියෝජනය ගැන ඔබ සතුටුද? 🤔📜ශ්‍රී ලංකාව 1960 දී ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය පත් කිරීමෙන් ල...
11/09/2025

ශ්‍රී ලංකාවේ කාන්තා පාර්ලිමේන්තු නියෝජනය ගැන ඔබ සතුටුද? 🤔

📜ශ්‍රී ලංකාව 1960 දී ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය පත් කිරීමෙන් ලෝක දේශපාලන ඉතිහාසයට නව පිටුවක් එක කළ අතර, කාන්තා දේශපාලන නායිකාවන් සඳහා ලෝකයටම පූර්වාදර්ශයක් ලබාදුන්නා. එහෙත්, දශක පහකට වැඩි කාලයකට පසු, ප්‍රගතිය මන්දගාමී වී තිබෙනවා. ලෝක ආර්ථික සංසදය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට (UNFPA) අනුව, කාන්තා පාර්ලිමේන්තු නියෝජනය අතින් ශ්‍රී ලංකාව රටවල් 193 කින් 135 වන ස්ථානයේ සිටිනවා. ඒ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52% ක් කාන්තාවන් නියෝජනය කරන කාල වකවානුවකයි.

🗳2024 පාර්ලිමේන්තු මැතිවරණය ඉදිරි පියවරක් සනිටුහන් කළ අතර, වාර්තාගත කාන්තාවන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා වගේම ආචාර්ය හරිනි අමරසූරිය අගමැතිනිය ලෙස පත් කෙරුණා. කෙසේ වෙතත්, සමස්ත නියෝජනය සමානාත්වතාවයේන් තවමත් ඈත්ව පවතිනවා.

🔺ගැඹුරු ලෙස මුල් බැසගත් සංස්කෘතික සම්මතයන්, ව්‍යුහාත්මක බාධක සහ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ වෙනස්කම් කිරීම දේශපාලනය තුළ කාන්තාවන්ගේ පූර්ණ සහභාගීත්වයට බාධා කරයි. සැබෑ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා කෝටා වලට වඩා වැඩි යමක් අවශ්‍ය වනු ඇත. එය තිරසාර කැපවීමක්, සියලු දෙනා ඇතුළත් කර ගන්නා ප්‍රතිපත්ති සහ සමාජ ආකල්පවල වෙනසක් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තුවේ අර්ථවත් වෙනසක් සඳහා අපි දිගටම උත්සාහ කරමු, ශ්‍රී ලංකාවේ අනාගතය හැඩගැස්වීමේදී කාන්තාවන් වැඩි පිරිසකට මේසයේ අසුනක් සහ හඬක් ඇති බව සහතික කරමු.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Politicslk Sinhala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Politicslk Sinhala:

Share