04/11/2025
මන්නාරම සුළං විදුලි බලාගාර වැඩසටහන රජයෙන් නැවැත්තුවද ඇත්ත කතාව මෙන්න.
https://youtu.be/TeKgLmH2PPw
මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව.
මන්නාරම් දූපතේ මහජනතාව ඉදිරිපත් කර ඇති පාරිසරික හා සාමාජීය ගැටලු සැලකිල්ලට ගනිමින් මන්නාරම් දූපතේ ජනතාවගේ කැමැත්තෙන් තොරව තවදුරටත් එම දුපතේ සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ බලධාරීන්ට දැනුම් දී ඇති අතර ජනාධිපතිවරයාගේ එම දැනුම් දීම බලශක්ති අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර ඵ් අනුව කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.
ඒ අනුව,
දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්‍යාප්ති සැලැස්මට අනුව ඉහළ සුළං විභවයක් සහිත ප්‍රදේශයක් වශයෙන් හඳුනා ගනු ලැබ ඇති මන්නාරම දූපත සඳහා සුළං විදුලි ව්‍යාපෘති තුනක් (03) සැලසුම් කර තිබු බවත්, එම ව්‍යාපෘති අතරින් එක් ව්‍යාපෘතියක් වන තම්බපවනි සුළං විදුලි බලාගාරයේ මෙහෙයුම් කටයුතු 2021 වසරේ ආරම්භ කරනු ලැබ ඇති අතර අනෙක් ව්‍යාපෘති වන Windscape Mannar (Pvt) Ltd මෙගාවොට් 20 ක සුළං විදුලි ව්‍යාපෘතියේ සහ Hayleys Fentons මෙගාවොට් 50 සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු පිළිවෙලින් 2025 දෙසැම්බර් මස සහ 2026 දෙසැම්බර් මස ආරම්භ කිරීමට සැලසුම් කර තිබු බවත් සදහන් කල කැබිනට් මාධ්‍ය ප්‍රකාශක එම ව්‍යාපෘති තුනට පසු මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කල බව පැවසීය.
එක්වන්න අපගේ සමාජ මාධ්‍යය ජාලා සමග...
🛑ෆේස් බුක්/facebook https://facebook.com/smn24news
🛑යූ ටියුබ්/youtube www.youtube.com/
🛑ටෙලිග්‍රෑම්/Telegram t.me/LDVNftqjNP1hM2Zl
🛑බ්ලොග්/Blogger https://smn24news.blogspot.com
🛑ට්විටර්/Twitter (X) twitter.com/smn24lk
🛑ටික්ටොක්/tiktok https://vt.tiktok.com/ZSF55Fjqt/
🛑ඉන්ස්ටග්‍රෑම්/instagram https://www.instagram.com/smn24lk/
🛑වට්ස් ඇප්/WhatsApp https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o
https://youtu.be/TeKgLmH2PPw