All in one

All in one ඔක්කොම එකට.කට්ටිය සෙට් වෙන්න�

මොන විහිලු වැඩද මේ????
08/05/2026

මොන විහිලු වැඩද මේ????

මම දැන් පික්මී වීල් එකක ගියා හැව්ලොක්සිටි මෝල් එක ලඟට. හයර් එක දාපු ගමන් කෝල් කරලා ඇහුවා කාඩ්ද? කෑශ්ද? කියලා. මම කිව්වා ...
22/04/2026

මම දැන් පික්මී වීල් එකක ගියා හැව්ලොක්සිටි මෝල් එක ලඟට. හයර් එක දාපු ගමන් කෝල් කරලා ඇහුවා කාඩ්ද? කෑශ්ද? කියලා. මම කිව්වා කාඩ් කියලා. එතකොට මූ කියනවා කෑෂ් වලට මාරු කරන්න කියලා. මම කිව්වා බෑ කාඩ් තියෙන්නේ කියලා. ඊට පස්සේ මග එන ගමනුත් කියනවා "කාඩ් දැම්මම කරදරයි. සල්ලි ලැබෙන්නේ පරක්කු වෙලා" කියලා එක එක බයිලා. මම කිව්වා මට ඔෆිස් එකෙන් දීපු කාඩ් එක දාලා තියෙන්නේ කියලා. මගේ ළඟ සල්ලි තිබ්බා. මනුස්සකමට ඇහුවා නම් මම හා කියලා මාරු කරලා සල්ලි දෙනවා. මූ නිකන් ගේමට වගේනේ.

ඊට පස්සේ බහින තැනට ආවම මූට මාර හදිස්සියක්. "ඉක්මනට බහින්න මෙතන නවත්තගෙන ඉන්න බෑ" කියලා. මම කිව්වා ට්‍රිප් එක එන්ඩ් කරන්න කියලා. හරි හරි බහින්නකෝ ඒක කරනවා කියලා මම බැහැපු ගමන් මූ ගියා ට්‍රිප් එක එන්ඩ් කරේ නෑ. මගේ පැත්තෙන් එන්ඩ් කරන්න බැලුවා. මට ඒක කරන්නත් බෑ. මූ දැන් යනවා මට ඇප් එකේ පේනවා. ඉඳපං තොට කරන්න කියලා මම පේමන්ට් ඔප්ශන් එක කෑෂ් වලට මාරු කරා. මෙන්න විනාඩි දහයකින් විතර කෝල් එනවා මුගෙන්. මම ආන්සර් කරේ නෑ. මට පේනවා මම බැහැපු තැනට ඇවිල්ලා මාව හොයනවා. ඒ අතරේ කෝල් ගන්නවා. මම එකක් වත් ආන්සර් කරේ නෑ.

මූට එපාම කරා මම. විනාඩි පහළොවකට විතර පස්සේ ආන්සර් කරාම මූ කියනවා ඔයා මාර මනුස්සයෙක්නේ කාඩ් කියලා කෑෂ් වලට මාරු කරලනේ කියලා. මම කිව්වා ඔයානේ ට්‍රිප් එක එන්ඩ් නොකර ගියේ කියලා. මූ කියනවා නෑ මම එන්ඩ් කරා මේ ඇප් එකේ ප්‍රශ්ණයක් වෙන්න ඇති එන්ඩ් නොවුනේ කියලා. මම කිව්වා මමත් කාඩ් දැම්මේ ඒ ප්‍රශ්නේ නිසාම මේක කෑෂ් වලට මාරු වෙන්න ඇති කියලා.

ඊට පස්සේ මූ අර ට්‍රිප් එක එන්ඩ් කරපු තැනදි ආපු ගාන ඉල්ලනවා. මම කිව්වා මට මෙතනට මේ ගාන ආවේ ඒක දෙන්නම්. බැරිනම් කරන්න දෙයක් නෑ කියලා. අන්තිමට ඌ නිකන් රවුමක් ගහලා, තව හයර් දෙක තුනක් යන වෙලාවත් නැති කරගෙන, මම හොය හොය ඇවිදලා, ලේත් පුච්චගෙන, ගානත් අඩුවෙන් අරගෙන ගියා. හැබැයි ඌ ආයෙත් නම් කාගෙවත් ට්‍රිප් එන්ඩ් නොකර බලු වැඩක් කරන්න එන එකක් නෑ. 😅

උපුටා ගැනීමකි

පැමිණිලි වැඩිවෙමින් පවතින බැවින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ෂම්මි සිල්වා මහතාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බව ව...
22/04/2026

පැමිණිලි වැඩිවෙමින් පවතින බැවින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ෂම්මි සිල්වා මහතාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ. ඩේලි මිරර් පුවත්පතට අනුව, හිටපු අගමැති එරාන් වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුත් අතුරු කමිටුවක් හරහා ඔහු වෙනුවට වෙනත් අයෙකු පත් කිරීමට ඉඩ තිබේ.

ඔන්න බලාපොරොත්තු ඉෂ්ට වෙන්නයි යන්නේ 😎💪🔥

19/04/2026

චන්දිමාල් ජයසිංහගේ අවුරුදු උත්සවයක්ලු....

අලුත් අවුරුද්ද කියන්නෙ සිංහලයන්ගෙ ප්‍රධානම සංස්කෘතික මංගල්‍යයක්. එහෙම උත්සවයක මොනවද මේ කරන විකාර තරඟ???

අසහනේ පිට කරන්න නම් වෙන ක්‍රම හොයාගන්න ඕන.

මෙහෙම ගියොත් නම් සංස්කෘතික අමාත්‍යංශයෙන් මේවා ඉස්සරහට නියාමනය කරයි වගේ.ඒකත් හොඳයි.....

19/04/2026

මේවා බලද්දි අපිට ලැජ්ජයි.🤮🤮🤮

බයියෝ නම් මේවා ගැම්මක් කියලත් හිතනවා.
මුන් වගේ වහල්ලු 🫠🫠

මේ දවස්වල යනවා 19න් පහල ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා එංගලන්ත කාන්තා කණ්ඩායම් අතර තුන්කොන් මැච් සෙට් එකක්.මේක දින්නෙ ඉතින් අපේ...
18/04/2026

මේ දවස්වල යනවා 19න් පහල ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා එංගලන්ත කාන්තා කණ්ඩායම් අතර තුන්කොන් මැච් සෙට් එකක්.මේක දින්නෙ ඉතින් අපේ කෙල්ලො ටික තමයි.😄

විවිධ කතන්දර එක්ක අපි කැමතිම ප්ලේයර් කෙනෙක් වෙන දිල්ශාන්ගෙ දුවත් ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරනවා.පොඩ්ඩි තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වුනත් වැඩිපුර ඉන්නෙ පන්දු යැවීමෙ පැත්තට.❣️

මේ හැම මැච් එකකම වගේ මේ පොඩ්ඩි පන්දු යැවීමෙන් පුලුවන් උපරිමේ කරනවා.පන්දු යැවීමෙන් බැරි නම් බැට් එකෙන් හරි එදා දවසේ ලංකාව වෙනුවෙන් ගේමක් ගහනවා.ආයෙ ඉතින් කතා දෙකක් නෑ.ඩිලා වගේමයි ඩිලාගෙ දුවත්.🔥🔥

ලංකාවෙ කාන්තා ක්‍රිකට් ටීම් එකටත් ඇවිත් තාත්තා වගේ ඉස්සරහට සුපිරියම රට වෙනුවෙන් සෙල්ලම් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.ජය වේවා කෙල්ලෙ 😎❤️

යට තියෙන scorecard ටිකම බලන්නකො කෙල්ලගෙ දක්ෂතාවය කොහොමද කියලා 🔥🔥💗💗

🎉 Happy Birthday to the Spin Wizard!අපේ රටේ නම ලෝකයට ගෙන ගිය මුත්තයියා මුරලිදරන්ට 53 වන උපන්දිනයේ සුභ පැතුම්! 🏏🌟 ජීවිතය ...
17/04/2026

🎉 Happy Birthday to the Spin Wizard!
අපේ රටේ නම ලෝකයට ගෙන ගිය මුත්තයියා මුරලිදරන්ට 53 වන උපන්දිනයේ සුභ පැතුම්! 🏏

🌟 ජීවිතය සහ ක්‍රිකට් ගමන

• අන්තර්ජාතික ක්‍රිකට් ගමන: 1992 – 2011
• අවසාන ටෙස්ට්: 2010, ඉන්දියාවට එරෙහිව
• අවසාන ODI: 2011 ලෝක කුසලාන අවසන්

📊 ලෝක වාර්තා සහ දත්ත

• 🏆 ටෙස්ට් කඩුලු: 800 (World Record Holder)
• 🏆 ODI කඩුලු: 534 (World Record Holder)
• 🏆 T20I කඩුලු: 13
• 🏆 අන්තර්ජාතික කඩුලු: 1347 (Highest in cricket history)
• 🏆 ICC Hall of Fame හි සම්මාන ලැබූ ශ්‍රී ලාංකිකයෙක්

“ඔබේ spin bowling දක්ෂතාවය, ලෝක වාර්තා සහ ජයග්‍රහණ ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන ආවා. ඔබේ උපන්දිනය සතුටින්, සෞඛ්‍යයෙන් සහ අනාගත ජයග්‍රහණවලින් පිරියවා යැයි අපේක්ෂා කරමු.”

බයියෝ මෙච්චර මෝඩද? මුන් හිතං ඉන්නෙ ලිප ගිනි මොලවන නැකතට ලිප පත්තු කරපු ගමන් කිරි උතුරවන්න ඕන කියලද? 😂😂😂 මේ වගේ දෙයක්වත් ...
14/04/2026

බයියෝ මෙච්චර මෝඩද? මුන් හිතං ඉන්නෙ ලිප ගිනි මොලවන නැකතට ලිප පත්තු කරපු ගමන් කිරි උතුරවන්න ඕන කියලද? 😂😂😂

මේ වගේ දෙයක්වත් තේරෙන්නැති උන් තමයි බයියෝ සජබයියොයි 😂😂😂

දිත්වා සුලිකුණාටුව නිසා මුලුමුණින්ම හානි වූ නිවසක් හදල දීලා ජනාධිපතිතුමා එහෙ ඉදන් අවුරුදු සමරනවා.ගමේ මිනිස්සු එක්ක අපේම ...
14/04/2026

දිත්වා සුලිකුණාටුව නිසා මුලුමුණින්ම හානි වූ නිවසක් හදල දීලා ජනාධිපතිතුමා එහෙ ඉදන් අවුරුදු සමරනවා.

ගමේ මිනිස්සු එක්ක අපේම පන්තියෙ සහෝදරයෙක් විදිහට❤️🙏

සුබ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏❤️❤️❤️

01/02/2026

ලෙග් ස්පිනර් කෙනෙක්ට ගහන්න බැරි,පොලු තුනම පෙනිලත් රනවුට් එකක් ගන්න බැරි සුපිරිම කැපෙක් අපිට ඉන්නෙ ❣️✌

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when All in one posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share