MacwiL Channel

MacwiL   Channel සියලුදේ ඔබ වෙත ��

10/10/2025
05/10/2025

එක් උදෑසනක, ගුරුවරයෙක් ඔහුගේ පන්ති කාමරයට ඇතුළු වූ විට දුටුවේ අසාමාන්‍ය දසුනකි:
ඔහුගේ පුටුව සිවිලිමේ එල්ලා තිබිණි.

ශිෂ්‍යයෝ, ගුරුවරයාගේ ප්‍රතිචාරය කුමක් වේදැයි බලාපොරොත්තුවෙන් ඔහු දෙස බලා සිටියහ.
නමුත් කෝපයට පත් වෙනවා වෙනුවට ගුරුවරයා සිනහවක් පෑවේය.

වචනයක්වත් කතා නොකර ඔහු කළු ලෑල්ල වෙත ගොස් මෙසේ ලිව්වේය:

පරීක්ෂණය – මිනිත්තු 15, ලකුණු 30

📝 ප්‍රශ්න:

1️⃣ පුටුව සහ බිම අතර සෙන්ටිමීටර වලින් ඇති දුර ගණනය කරන්න. (ලකුණු 1)
2️⃣ පුටුව සිවිලිමට සාපේක්ෂව ආනත වී ඇති කෝණය ගණනය කර, ගණනය කළ ආකාරය පෙන්වන්න. (ලකුණු 1)
3️⃣ පුටුව සිවිලිමේ එල්ලූ ශිෂ්‍යයාගේ නම ලියා, ඔහුට උදව් කළ මිතුරන්ගේ නම් ලැයිස්තුගත කරන්න. (ලකුණු 28)

පන්ති කාමරයම නිහඬ විය. කාමරය පුරා නොසන්සුන් බැල්මන් හුවමාරු විය. හදිසියේම, ඒ විහිළුව තවදුරටත් විහිළුවක් ලෙස නොදැනුණි.

😅 කතාවෙන් ගත හැකි ආදර්ශය: බුද්ධිමත් ගුරුවරයෙකුට හැමවිටම කෑ ගැසීම අවශ්‍ය නොවේ. සමහර විට, හොඳම පාඩම් උගන්වන්නේ සිනහවකින් සහ කුඩා නිර්මාණශීලීත්වයකිනි.

පොඩි  පැතුම්   පුතා   ❤බුදු   සරණයි   ඔයාලා  හැමෝටම ❤️❤️
30/09/2025

පොඩි පැතුම් පුතා ❤
බුදු සරණයි ඔයාලා හැමෝටම ❤️❤️

28/09/2025

අද මම කියන්න යන්නේ ෆුල් බොඩි check-up එකක් කරනකොට කරගන්න ඕන ටෙස්ට්.

රීරි මාංශ හුරන් කන්න, රුපියල් පනස් දහයේ හැටදහේ පැකේජස් විවිධ පෞද්ගලික රෝහල්වලින් හඳුන්වා දීලා තියෙනවා.
මම කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් කරගන්න අවශ්‍යම ඒවා ටික විතරයි.

✅ Complete Blood Count (FBC) : රුපියල් 400
✅ Blood Glucose (FBS) : රුපියල් 220
✅ Lipid Profile (total cholesterol, LDL, HDL, and triglycerides) : 1200
✅ Kidney Function Tests ( S. Cr ) රුපියල් 650
✅ Thyroid Function Test ( TSH only) : රුපියල් 1590
✅ Urinalysis ( UFR ) රුපියල් 380
✅ Chest X-Ray PA රුපියල් 1500
✅ Electrocardiogram (ECG) : රුපියල් 500
✅ ESR රුපියල් 360
✅ Blood pressure measurement (BP)

කවදාක්වත් මුකුත්ම කරල නැති කට්ටිය මූලික වශයෙන් ඔය ටික කරගත්තහම ඇති. රුපියල් 6800 යි .

දැන් මේක කරන්න යනකොට ලෑස්තිවෙලා යන්න ඕනේ කොහොමද?

✅ ඊට ඉස්සෙල්ලා දවසේ හොඳට නිදියගන්න ඕනේ පැය හයකට වඩා
✅ පැය දහයක් නොකා ඉන්න ඕනේ, රෑට ඉක්මනට කාලා, උදේට තේ එකක් වත් නොබී යන්න ඕනා, වතුර බිව්වට කමක් නෑ.
❌ අරක්කු බොන්න බෑ, අඩුම තරමේ පැය 24 ක් වත් නොබී ඉන්න ඕනෙ.
✅ ප්‍රශර් එකට බේත් ගන්නවනං ඒවා ගන්න ඕනි.
❌ ඔබ කාන්තාවක් නම්, පීරියඩ් හැදෙන කාලෙට test කරන්න යන්න එපා.

මේ පරීක්ෂණවල ප්‍රශ්නයක් තිබුනොත් විතරක් ඊළඟ පරීක්ෂණ කරන්න පුළුවන්, අඩුම තරමේ මේ ටිකවත් කරගන්නවනම් හොඳයි.

මොකද මේ දවස් වල තරුණ ළමයින්ටත් හාට් ඇටෑක් හැදෙනවා, ඒ වගේම දියවැඩියාව බොහෝ අයට තියෙනවා, ප්‍රශර් එක බොහෝ දෙනෙකුට තියෙනවා.
මේ පරීක්ෂණ කරල අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත්තොත් බොහොමයක් සංකූලතා අවම කරගන්න පුළුවන්.

❤️ උපන්දිනයට, අලුත් අවුරුද්දට, නත්තලට , ඇඳුම් ගන්න gift voucher එකක් තෑගි දෙනවා වගේම, ටෙස්ට් කර ගන්න කියලා යාළුවෙකුට එකක් තෑගි දෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ගෙ රෝගයක් හොයාගන්න ඔයාට දායක වෙන්න ලැබුනොත් , යාළුවා සහ පවුලේ අය සදාකල්ම ඔයාට ස්තූති කරයි නේද?

අනිත් අයවත් දැනුවත් වෙන්න ශෙයා කරන්න,

✍️ Dr. Priya

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when MacwiL Channel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MacwiL Channel:

Share

Category