Surangi Rathnayaka.

Surangi Rathnayaka. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Surangi Rathnayaka., Media, Colombo.

23/07/2022

ගැහැණියෙකුට තියෙන්න ඕනි පෞරුෂයක් ...
ඕනිම කෙනෙක් ලඟ යට නොවන පෞරුෂයක් ...

ඒකට ගැහැණියකට ඕනි
තමන් ගැන විශ්වාසයක්...
තමන්ගෙ පැහැය සුදු උනත් කළු උනත්..
තමන් උස උනත් මිටි උනත්...
තමන් ගැන තමන්ගෙ රූපය තමන්ගෙ දැනුම තමන් ගැන විශ්වාසයක්...

ඕනිම තැනක බය නැතුව කෙලින් කතා කරන්න පුළුවන් හැකියාවක්..
වාචාලකමට නෙමෙයි..
ඒත්..
අවශ්‍ය තැන අවශ්‍ය දේ කෙලින් කතා කිරීමෙ පුරුද්දක්..

දෙයක් දැක්කම අවස්ථාවක් ලැබුනාම බයෙ හැංගෙන..
අනේ මට බෑ කියන පුරුද්දක් නෙමෙයි..
කොන්ද කෙලින් තියන් නැගි හිටින්න පුරුද්දක්..

වශී වෙන කාන්තිමත් ඇස් දෙකක් විතරක් නෙමෙයි...
ඕනිම කෙනෙක් දිහා කෙලින් බලලා කතා කරන්න පුරුද්දක්..

පිළිවළකට අදින්න..
පිළිවළකට කොණ්ඩෙ පීරන්න..
ලස්සනට ඉන්න..
පුරුද්දක්..

ඔයාට යම් විලාසිතාවක් ගැන ...
ඔයාගෙ ඇඳුමක් මෝස්තරයක් ගැන විශ්වාසයක් නැත්නම් අදින්න එපා..
ඔයාට ඔයාව විශ්වාසනම්...
ඕනිම දෙයක් කරන්න..

ගැහැණියකට තමන්ගෙ හයිය හිත‍යි..
තමන්ගෙ පෞර්ෂයයි එක්ක..
ජීවිතේ ඕනිම දුරක් යන්න පුළුවන්..

එහෙම ගැහැණුන්ට සමාජය බයයි..
කතා කියයි..
හැබැයි මූණට නෙමෙයි...
මොකද මිනිස්සු දන්නවා එහෙම ගැහැණු වට්ටන්න ලේසි නෑ කියලා..

එහෙම ගැහැණු ජීවිතේ
ලේසියෙන් දිනනවා..
කොයි තරම් වැටුනත්..
ආයෙම නැඟිටිනවා..
ඒක විස්වාසයි.

Copied
Abhisheka Wimalaweera

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Surangi Rathnayaka. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category