22/03/2024
සමහර මිනිස්සු ඉන්නවා, දරුවට අවුරුද්දක්වත් වෙනකං ඉන්නෑ. ඉපදිලා මාසයක් වෙද්දි ඒ සතුටටත් පුංචි කේක් එකක් කපනවා. සමහර අය ඉන්නවා, කවදාවත් තමන්ගෙ තියා දරුවෙක්ගෙ උපන්දිනයකවත් විශේෂත්වයක් නැති. " අනේ මොකටද, මේකත් තව එක දවසක් නෙ " කියලා හෝ.න්.දු මා.න්.දු උත්තර තියෙන. ජීවිතයෙ කිසිම දෙයක් කිසිම දවසක් එයාලට විශේෂ නෑ. අවසානයේ කිසිම තේරුමක් නෑ තමයි. ඒත් ඒක එහෙමයි කියලා සතුට ගේන දේවල් කරන්න එපා කියලා කවුරුවත් කියලා නෑනෙ. සමහර අය ඉන්නවා ලස්සනකට පිළිවෙළකට අඳින්නෙ නෑ . " ඇයි බං ඕම ? " කියලා ඇහුවොත් කියනවා " අනේ මං දිහා කවුරු බලන්න ද " කියලා.
🌼 සතුටක් ලැබෙන හැමදෙයක්ම සමරන්න ඕන ( fb එකට ෆොටෝ දාගෙන නෙමේ )
🌼 පුංචි පුංචි හේතු හොයාගෙන සමරන්න ඕන ( බී.ලා ම ත් වෙ.න්න නෙමේ )
🌼 ගෙදර කට්ටිය එකතු වෙන වෙලාවට සතුට වැඩියෙන් සමරන්න ඕන ( රොටියක් හරි හදාගෙන කාලා )
🌼 වැස්ස දිහා බලාගෙන ඉන්න එක සතුටක්නම්, ඒක කරන්නම ඕන ( ප්ලේන්ටියක් බිබී හරි කමක් නෑ )
🌼 කෙ.ල්.ල.ගෙ කොංඩෙට මලක් ගහලා හරි සතුටු වෙන්න
🌼 කො.ල්.ල.ට හාද්දක් දීලා හරි සතුටු වෙන්න
🌼 තමන්ගෙ නිදන ඇඳට හෝදලා පිරිසිදු කරපු ඇඳ ඇතිරිල්ලක් දාලා, ඒකෙ වැතිරෙද්දි සතුටු වෙන්න
🌼 නාද්දි ඇඟට දැනෙන සනීපෙන් සතුටු වෙන්න
🌼 පර්ෆියුම් ටිකක් ඇඟට හලාගෙන සතුටු වෙන්න
🌼 චූටි බබෙක්ගෙ හිනාව දැකලා සතුටු වෙන්න
🌼 බලු පැටව් පූස් පැටව්ගෙ හුරතලේ දැකල සතුටු වෙන්න
🌼 සතුට තියෙන්නෙ කොතැනටද, එතනට එකතු වෙන්න
🌼 සතුට දෙන්නෙ කව්ද, එයා එක්ක සතුටින් ඉන්න
දුක හිතෙන දේවල් හිත හිතා දවස් ගණන් හූල්ලන්න පුළුවන්නම් ඇයි සතුට සමරන්න පරක්කු වෙන්නෙ ?
අපි සතුටු හිතෙන දේට ආකර්ෂණය වෙනවා වගේම, සතුටත්, සතුට හොයන මිනිස්සුන්ට ආකර්ෂණය වෙනවා.
සතුටට ඇබ්බැහි වෙන්න. ඒකට තව දවස් තියෙනවා කියලා කල් ගන්නෙපා
ඕනවට වඩා යථාර්ථවාදී, හැමදේම අනිත්‍යයි, අපි කොහොමත් මැ රෙ.න.ව.නෙ කියන බ.ක පංඩිතයන්ගෙන් ඈත්වෙලා, ජීවිතය දිහා විවෘත මනසකින් බලන සැහැල්ලුවෙන් ජිවත් වෙන සරල මිනිස්සු එක්ක එකතු වෙන්න. එයාලත් දන්නවා අන්තිමට මැ.රෙ.න.වා තමයි කියලා. හැබැයි එයාලා මැ.රෙ.න දවස එනකං සතුටින් ජීවත් වෙන්න දන්නවා ♥️
© Manohari Weerasinghe
උපුටාගැනීමකි ❤