02/12/2025
📌2025.11.29 දිනැති අංක 2464/32 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් 2025 අංක 01 දරණ හදිසි අවස්ථා (විශේෂ විධිවිධාන හා බලතල) නියෝග ප්‍රකාශයට පත් කර ඇති මෙම කාල සීමාවේ ගැසට් නිවේදනයේ 20 හා 21 වගන්ති ප්‍රකාරව හදිසි ආපදා තත්ත්වය පිළිබඳ මහජනයා බියගැන්විය හැකි හෝ කැළඹිය හැකි ආකාරයේ කිසිදු කටකතාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක් කට වචනයෙන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ස්වංක්‍රීය පද්ධතිය හෝ කෘත්‍රීම බුද්ධිය ඇතුළු ස්වංක්‍රීය පද්ධතියන්ගෙන් යම් ලිඛිත, විද්‍යුත්, ඩිජිටල් හෝ වෙනත් යම් ආකාරයක මාධ්‍යයක් හරහා සන්නිවේදනය කිරීම, පළ කිරීම, නිර්මාණය කිරීම හෝ පැතිරවීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කළ හැකි බව සඳහන් කර ඇත.
ඉහත වැරදි සම්බන්ධව විමර්ශනය කිරීමට පොලිස් නිලධාරියෙකුට හෝ ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකුට මෙම ගැසට් පත්‍රය මඟින් බලය ලබාදී ඇති අතර ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකු මෙම වැරදි සඳහා යම් අයෙකු අත්අඩංගුවට ගතහොත් එම සැකකරු පැය විසි හතරක් ඇතුළත පොලිස් ස්ථානයකට භාර දිය යුතුය. පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගැනීමක් සිදු කළහොත් කොට්ඨාසයේ පොලිස් අධිකාරිවරයා වෙත වාර්තා කළ යුතු අතර, ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකු විසින් අත්අඩංගුවට ගැනීමක් සිදු කළහොත් ප්‍රදේශයේ අණදෙන නිලධාරිවරයා වෙත ඒ පිළිබඳව වාර්තා කළ යුතුය.