Pixel ART

Pixel ART Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pixel ART, Social Media Agency, Colombo.

07/01/2023
ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අද...
06/01/2023

ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බවත් ශාසන ඉතිහාසයේ සඳහන්ය. එහෙයින් මහියංගණ සෑය අද ද බෞද්ධයින්ගේ මහත් ගෞරවාදරයට පත් වූ ස්ථූපයකි.

බිමිබිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.

ජීවිතය ඉගැන්නුවේ කොළඹ💚....ප්‍රේමයට වඩා ජීවිතය බරයි කියලා ඉගැන්නුවේ කොළඹ😇....ඕපාදූප හොයනවට වඩා මිනිස්සුන්ට වැඩ තියෙනවා කි...
31/12/2022

ජීවිතය ඉගැන්නුවේ කොළඹ💚....

ප්‍රේමයට වඩා ජීවිතය බරයි කියලා ඉගැන්නුවේ කොළඹ😇....
ඕපාදූප හොයනවට වඩා මිනිස්සුන්ට වැඩ තියෙනවා කියලා ඉගැන්නුවේ කොළඹ....😊
මිනිස්සුන්ගේ අතීතය හාරාවුස්සන්නේ ගමේ විතරයි කියලා ඉගැන්නුවේ කොළඹ....
බඩගින්නේ හරි අරමුණු වලට යන්න හයිය දුන්නේ කොළඹ....

ලස්සන හිතවත්කම් මුණගැස්සුවේ කොළඹ....
ජීවිතය විඳින්න නිදහසක් හදලා දුන්නේ කොළඹ....
නිවාඩුවකටවත් ගමට නොඑන්න තරම් නිදහසක් දුන්නේ කොළඹ....

💚කොන්ක්‍රීට් වනාන්තරයක් මැද වුණත්.....
මේ නිදහස ගස් කොළන් පිරුණු ගමේදී අපිට ඇත්තේ නෑ....😎

අතීතය හාරාවුස්සනවා ඇරෙන්න ගම්වල මිනිස්සුන්ට වෙන වැඩක් ඇත්තෙත් නෑ.....

ගමේ ඉඳන් කොළඹට බැන්නට....
මම දන්න තරමට....
කොළඹ නතරවුණ මනුස්සයෙක් ආයේ ගමට ගිහිල්ලත් නෑ....

පවුලක් තියෙනවා නම්....
සල්ලිත් තියෙනවා නම්....
සැනසීමෙන් ජීවත්වෙන්න.....
මෙහේ තහංචි මොනවත් ඇත්තේ නෑ......😇

ඇඳන් යන්නේ මොකක්ද....
ගමන් යන්නේ කාත් එක්කද....
උදේට රෑට කෑවේ මොනවද....
අලුත් වාහනය කීයක් වුණාද.....
දරුවෝ ඉන්නවද....කසාද බැඳලද....
මෙහෙදි ඒවා අහන්න කිසිම කෙනෙක්ට අවශ්‍යත් නෑ....අහන්නෙත් නෑ....වෙලාවකුත් නෑ.....

ඉතින් මං ආදරෙයි කොළඹට....
මේ තියන අසීමිත නිදහසට....❤️

Copied

දිනය     :2004.12.26වෙලාව :උදැසන 9.15සුනාමියෙන් මියගිය සියලුම දෙනාට නිවන්සුව ලැබේවා 🙏🙏 2004/12/26-2022/12/26 අදට වසර 18 ...
26/12/2022

දිනය :2004.12.26
වෙලාව :උදැසන 9.15

සුනාමියෙන් මියගිය සියලුම දෙනාට නිවන්සුව ලැබේවා 🙏🙏 2004/12/26-2022/12/26 අදට වසර 18 යි..

🌟
25/12/2022

🌟

Top of the world once again.messi passes down his legacy just like Maradonna did, a Champion 🌟
19/12/2022

Top of the world once again.messi passes down his legacy just like Maradonna did, a Champion 🌟

ඉස්සර වෙල්මා දැන් හුඟක් වෙනස් !වෙල්මාට ඕන උනේ මහාචාර්‍යවරියක් වෙන්න ! ඒ එක්කම හොඳ රහස් පරීක්ෂකවරියක් වෙන්න ! මතකද ඉස්සරම...
21/11/2022

ඉස්සර වෙල්මා දැන් හුඟක් වෙනස් !
වෙල්මාට ඕන උනේ මහාචාර්‍යවරියක් වෙන්න ! ඒ එක්කම හොඳ රහස් පරීක්ෂකවරියක් වෙන්න !
මතකද ඉස්සරම ෆ්‍රෙඩියි ඩැෆ්නියි එකපාරෙ යද්දිත් වෙල්මා ගියෙ අරමුණක් හිතේ තියාගෙන ! කතාවෙ චරිතෙ උනෙ කවුරු උනත් අපි හැමෝම දන්නවා වෙල්මා තමයි හැමදේම විසඳුවෙ ..
සමහර මිනිස්සු ඉන්නවා තමන්ගෙ හීන වෙනුවෙන් ඇප කැප වෙන,මහන්සි වෙන ..
ඒත් ස්කුබිඩුත් අසනීප වෙලා ඉඳල නැති උනාට පස්සෙ ශැගී තනි උනා.කන්න විතරක් නෙවෙයි, බොන්නත් පුරුදු උනා. අහම්බෙන් දවසක් වෙල්මා ශැගීගෙ ගෙදරට ආවෙ දුක සැප හොයලා බලන්න.
සමහර මිමිස්සු පිටින් මනින්න බැහැ ! අවසානෙ ශැගීට ඒ ගැන්සියෙන් ඉතුරු උනෙ වෙල්මා විතරයි..
මොකද එ වෙද්දි ෆ්‍රෙඩ්ගෙයි ඩැෆ්නිගෙයි සම්බන්ධයත් නැවතිලා හුඟක් කල්..
හුඟක් මිනිස්සුන්ගෙ කතා වෙනස් වෙන්නෙ දෛවයේ විදිහටත් වඩා අපි අපිම දෙන අවධානය,ආදරය මත 💜️

ඒ නිසාම දැන් කාලෙකට කලින් වෙල්මා මඟුල් මුද්ද දැම්මෙ ශැගීට 🌸
දෙන්නත් එක්ක කැරවෑන් එකක් කරන්නෙ හැමදාම රැ එකොලහ දොලහ වෙනකං !
ඔබ හිතනවද මහාචාර්‍යවරියක් වෙන්න ආසාවෙන් හිටිය වෙල්මා දැන් ටැටූ ගහල,ටිකක් මහත් වෙලා,කෑම හද හද ඉන්නෙ සතුටින් නෙවෙයි කියලා.. නැ ! වෙල්මා සතුටින් ..
මිනිස්සුන්ගෙ ජීවිත කතා කනපිට ගැහෙන්න ඕනතරම් අවස්ථා තියනවා.. අපි සබඳකම් වලට යද්දි එද්දි එ හැමදේම ඉස්සරහට ලියවෙනවා ❤
හිතෙ තිබ්බ හැමදේටම වඩා වෙනස් පාරක යන්න වෙනවා !
සමහර වෙලාවට අපිට අපේම මිනිස්සු නිසා අපෙ විදිහ වෙනස් කරගන්න වෙනවා. ඒත් අපි දැනගන්න ඕනම දේ කොහොම වෙනස් උනත් අරමුණ වෙනස් උනත් සැනසීම තියාගන්න ! අපේ තෘප්තිය නැති නොකර ගන්න ..
ශැගීලට වෙල්මලා ගැලපෙන්නැ කියල දෙයක් නැහැ ! නොගැලපෙන තැන් වල ගැලපෙන එක තැනක් හොයාගෙන දියුණුවෙන්න, ජීවත්වෙන්න කාටත් පුලුවන් ! හරිම තැන තියෙන්නෙ ඔබේ පැත්තෙ හො අනෙකාගෙ පැත්තෙ වෙන්න පුලුවන් ! සැනසීම හොයාගන්න ! වේදනාව නැතිකරගන්න අවශ්‍යම තැන්වල සමහර දේවල් අතහැරලා අලුත් පාරක යන්න !

ජීවිත කතාව ලියවෙන හොඳම විදිහට ලියවේවි ❤

ඔයත් 90 දශකයේ ඉපදුණු පොඩ්ඩෙක් නම්, ඉස්කෝලෙන් දුන්නු ගෙදර වැඩ දාහක් තිබුණත් හවස පහ, හය වෙද්දී රූපවාහිනිය ඉස්සරහ වාඩිවෙන ප...
12/11/2022

ඔයත් 90 දශකයේ ඉපදුණු පොඩ්ඩෙක් නම්, ඉස්කෝලෙන් දුන්නු ගෙදර වැඩ දාහක් තිබුණත් හවස පහ, හය වෙද්දී රූපවාහිනිය ඉස්සරහ වාඩිවෙන පුරුද්දක් තියෙන්න ඇති. ඒ වෙන මොකටවත් නෙවෙයි, ඔය චැනල් එකක් එකක් ගානේ තියෙන කාටූන් ටිකයි, ඉංග්‍රීසි කතා ටිකයි බලන්න. ඕවා බලන්න ගත්තම ඉතින් අපේ අයට වෙන වැඩක් කරන්න කල්පනාවක් නෑ. මොකද ඒ තරම් ම රසවත් වැඩසටහන් අපට බලන්න ලැබුණා. ඒ නිසා ම, ටීවී එක ඉස්සරහින් අපි ව අයින් කරන්නත් අපේ අම්මලට සෑහෙන යුද්ධයක් කරන්න වුණා. අම්මගෙන් බැණුම් අහල අහලා, එහෙමත් බැරි නම් පොඩි වේවැල් පාරකුත් කෑවට පස්සේ තමයි අපේ අය ආයෙත් පොතක් පතක් අතට ගන්නේ.

අන්න ඒ වගේ අපි බලපු ඉංග්‍රීසි කතා මාලා අතරේ තිබුණු කතාවක් තමයි “රොබින්සන් අන්දරය”. මේක රූපවාහිනියට ඇවිදින් මේ අවුරුද්දට හරියට ම අවුරුදු 19ක්. නවසීලන්ත රූපවාහිනී නාලිකාවක ප්‍රදර්ශනය කරපු මේ කතා මාලාව සිංහල බසට හඬ කවලා ජාති රූපවාහිනියෙන් පෙන්වපු බව ඔයාලට මතකත් ඇති. ඩේවිඩ්, එලිසබෙත්, අර්නස්ට්, ජොආනා, ක්‍රිස්ටිනා ඇතුළු චරිත ගණනාවක් අපේ මතකයේ රන්දපු රොබින්සන් අන්දරය 90 දශකයේ අග භාගයේ වගේ ම, ඊටපස්සෙත් වාර කීපයක් අපට දකින්න ලැබුණා.

ඉතින් මේ රොබින්සන් පවුල් අද ඉන්නේ කොහෙද? අන්න ඒ ගැන පුංචි සටහනක් තමයි මේ.

මේ කතාව පටන්ගන්නේ රොබින්සන් පවුල බොස්ටන් නුවරින් නැව් නගින සිද්ධියත් එක්කයි. අවුරුදු 16ක් තිස්සේ පවුලේ ම ෂිපින් කොම්පැනියක වැඩ කරපු ඩේවිඩ් රොබින්සන්, රැකියාව අත ඇරලා පවුල පිටින් මුහුදේ සංචාරයක නිරත වෙන්න තීරණය කරනවා. මේකට ඔහුගේ බිරිඳ වුණු එලිසබෙත්ගේ ඒ හැටි අනුබලයක් ලැබෙන්නේ නැහැ. ඒත් ඔවුන්ගේ දරුවන් තුන්දෙනා වන අර්නස්ට්, ජොආනා සහ ක්‍රිස්ටිනා එක පයින් කැමති වෙනවා.

ඔන්න ඉතින් 1835 අවුරුද්දේ දවසක මේ කාණ්ඩය නැව් නගින්නේ බොස්ටන් නුවරින්. රොබින්සන් පවුල හැරුණා ම තවත් කීපදෙනක් මේ නැවේ ගමන් කරනවා. කැබින් කොලුවා විදියට කටයුතු කරන කළු ජාතික බිලී, රුවල් අදින පාර්සන් සහෝදරයෝ, නැවේ වැඩට අලුතින් බැඳුණු බෙන් තෝමස් සහ ආඩම්බරකාර එමිලි චින් ඒ අතරින් ප්‍රධානයි.

මේ පාර්සන් සහෝදරයින් දෙදෙනා හොරකමට බොහොම නැඹුරු දෙන්නෙක්. රොබින්සන් පවුල සතුව මිල මුදල් තියෙන වග වටහාගන්න ඔවුන්, ඒවා හොරකම් කරන්න උත්සහ කරනවා. ඔවුන් තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරන්නේ රොබින්සන් පවුලේ අය කෑමට යන තුරු ඉඳලයි. හැබැයි, ඔවුන් නොහිතපු වෙලාවක තමන්ගේ කැබින් එකට එන ඩේවිඩ්, සෙත් පාර්සන් හෙවත් බාල පාර්සන් සහෝදරයා තමන්ගේ වස්තුව කොල්ල කන්නට ආව වග දකිනවා. මේ දෙන්නගේ ගැටුමේදී, අනපේක්ෂිත විදියට සෙත් මිය යන්නේ ඩේවිඩ් නොහිතා එල්ල කරන පහරක් නිසයි. මේ හේතුව නිසා සෙත්ගේ සහෝදරයා වුණු ජෙඩ් පාර්සන්ස් ඩේවිඩ් එක්ක නයි වෛර බැඳගන්නවා

කාලගුණික තත්ත්වයත් හදිසියේ ම වෙනස් වෙන්නේ මෙන්න මේ වේලාවේමයි. දරුණු සුළි කුණාටුවක් එක්ක ඇති වෙන තද වැස්ස නිසා, මේ කට්ටිය ගමන්ගත්ත නැව කොහේදෝ නොදන්නා පළාතකට ගහගෙන යනවා. කොහොම හරි ඒ අසල තියෙන විශාල දූපතකට ගොඩවෙලා තමන්ගේ ජීවිත බේරගන්න රොබින්සන් පවුලට පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි බිලී සහ එමිලිත් ඔවුන්ට එකතු වෙනවා. බෙන් සහ ජෙඩ් පාර්සන් තමන්ගේ ජීවිත බේරාගන්නේ ඒ දූපතේ ම තවත් පැත්තකට පීනලයි.

පුළුවන් හැටියට තමන්ගේ ජීවිත මේ දූපතට ගළපගන්න අතරේ, කැලෑ සත්තුන්ගෙන්, ගෝත්‍රිකයන්ගෙන් වගේ ම ජෙඩ්ගෙන් ඇතිවන කරදරවලට, අභියෝගවලට රොබින්සන් පවුල මුහුණදෙන විදිය ඇසුරින් තමයි මේ කතාවේ ඉතුරු ටික ගෙතෙන්නෙ. ජොආනා සහ බෙන් ආදරයෙන් වෙළෙන හැටි, ඔවුන් දූපතේදී ම විවාපත් වෙන හැටි, රොබින්සන් පවුලට තවත් පුංචි සාමාජිකයෙක් එකතුවෙන හැටි මේ කතාවේ ප්‍රධාන සිද්ධීන් අතරේ දැකගන්න පුළුවන්. කතාව අවසානය කිට්ටු වෙද්දී, දූපතේ ජීවිතය අත හැරලා ආයෙත් බොස්ටන් නගරෙට යන්න මේ උදවියට හැකියාව ලැබෙනවා. ඒත් ඒ සංකීර්ණ ජීවිතයට වඩා දූපතේ සරල බව අගය කරන ඔවුන්, ආයෙත් දූපත බලා යන විදිය පෙන්වමින් රොබින්සන් අන්දරය අවසාන වෙනවා

අද Post එක ටිකක් විශේෂ එකක් මොකද අද කියන්න යන්නේ ගොඩක් පොත් කියවන අය අතර බොහෝම ජනප්‍රිය චරිතයක් ඒ තමයි ෂර්ලොක් හෝම්ස් ගැ...
11/11/2022

අද Post එක ටිකක් විශේෂ එකක් මොකද අද කියන්න යන්නේ ගොඩක් පොත් කියවන අය අතර බොහෝම ජනප්‍රිය චරිතයක් ඒ තමයි ෂර්ලොක් හෝම්ස් ගැන. නම කියපු ගමන්ම ගොඩක් දෙනෙක්ට මතක් වෙන්න ඇති. හරි ගොඩක් දේවල් කියන්න තියෙනවා එක නිසා අපි Post එකෙන් වැඩි දුර තොරතුරු කතා කරමු.

ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes) නම අහපු කෙනෙක් නැතුව ඇති.තමන් සතුව තිබුන බුද්ධිය, පළපුරුදධ හා ඉවසීම භාවිතා කරමින් විශාල අපරාධ රාශියක සුල නුල සොයාගත් මේ රහස් පරීක්ෂකයාගේ එක වික්‍රමාන්විත පරීක්ෂනයක් වත් නොකියවු කෙනෙක් ඇතැයි සිතීම පවා බැරි තරම්ය. ඒ තරමට ඔහු අපේ ජීවිතයේ වීර චරිතයක් වී ඇත.

♐ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes) යනු සැබෑවටම සිටි අයෙක්ද?

ඔහු වාසය කල බේකර් වීදියේ 221/B නිවසට අදටත් ඔහුගේ නමට පැමිණේන ලිපි රාශියකි. ඉන් කිහිපයක් ඔහුගේ හැකියාවන් අගය කර එන ලිපි වන අතර තවත් සමහරක් ඔහු ලවා තමන්ගේ ගැටලු විසදා ගැනීමට ඉල්ලමින් එන ලිපි කිවුවොත් ඔබ විශ්වාස කරනවාද? මීට වසර 80කට පමන මියගිය අයෙක් කොහොමද දැන් ජීවත් වන ඔබේ ගැටලු විසදන්නේ? ෂර්ලොක් හෝම්ස් චරිතය ඒ තරමටම මිනිසුන් අතර අදටත් ජීවමාන වූවකි. දැන් අපි බලමු සැබැවින්ම මේ ෂර්ලොක් හෝම්ස් යනු කවුද නැතහොත් මේ ෂර්ලොක් හෝම්ස් චරිතය නිර්මාණය වුයේ කෙසේද කියා.
ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes) යනු එංගලන්තයේ විසු කීර්තිමත් ලේඛයෙකු වු සර් ආතර් කොනන් ඩොයිල් ( Arthur Conan Doyle) විසින් නිර්මාණය කරන ලද මනඃකල්පිත චරිතයකි. දැන් අපි බලමු කවුද මේ සර් ආතර් කොනන් ඩොයිල් කියන්නේ කියලා.
සර් ආතර් කොනන් ඩොයිල් 1859 මාර්තු 22වන දින ස්කොට්ලන්තයේ එඩිංබරෝ හි (Edinburgh) උපත ලැබීය. ඔහු එඩිංබරෝ සරසවියේ (The University of Edinburgh) වෛද්‍ය විද්‍යාව ඉගන ගත් අතර පසුව වෛද්‍යවරයෙකු ලෙස සේවයට බැදුනී. ඔහු එතරම් කීර්තිමත් වෛද්‍යවරයෙක් බවට කිසිම දිනක පත් වුයේ නැත.
ෂර්ලොක් හෝම්ස් චරිතය බිහීවීම සදහා සධක වුන ප්‍රධාන චරිත යුගලම සර් ආතර් කොනන් ඩොයිල්ට හමුවන්නේ ඔහු වෛද්‍ය විද්‍යාව හදාරන අවදියේ එඩිංබරෝ සරසවියේදිය. එහි ප්‍රමුඛයා වන්නේ සරසවියේ කා අතරත් ප්‍රියමනාප නමුත් අහංකාර, විනෝදයට බර තරුණ ආචාර්‍යවරයෙක් වු ජෝසෙප් බෙල් (Joseph Bell) මහතාය. ක්ෂණිකව දකින් දේ නිරීක්ෂණය කර බොහෝම නිවැරදි ලෙස උපකල්පනයන් ගෙන ඒමට ඔහුට තිබුනේ පුදුම හැකියාවකි. ජෝසෙප් බෙල් ඔහු හමුවීමට එන රෝගින්ට වෛද්‍ය සිසුන්ට ඔවුන් සමග කතා කිරීමටත් පෙර බාහිර නිරීක්ෂණ මගින් ඔවුන්ට ඇති ප්‍රශ්නයන් නිවැරදිව කියන අතර එයින් සැවොම විශ්මයට පත් කරවයි.
ෂර්ලොක් හෝම්ස් චරිතය නිර්මාණය වීමට පරමාදර්ශී වු එකම චරිතය ජොසෙප් බෙල් නොවේ. තවත් එක් ප්‍රධාන චරිතයක් ඒ සදහා පාර කැපුවේය. නමින් ඔහු හෙන්රි ලිට්ල් ජෝන්ය (Henry Little John). හෙන්රි ලිට්ල් ජෝන් යනු එඩිංබරෝ හි සිටි දක්ෂ ව්‍යවහාරික වෛද්‍යවරයකි. ඔහු කාය විච්ඡේදකයෙක් මෙන්ම සෞඛ්‍ය පරීක්ෂකවරයෙකි. ෂර්ලොක් හෝම්ස්ගේ අධිකරණ වෛද්‍ය හැකියාවන්ට පදක වී ඇත්තේ හෙන්ර් ලිට්ල් ජෝන්ගේ හැකියාවන්‍ය. එකල එඩිංබරෝහි සිදු වු හදිසි මරණ,ඝාතන අවස්ථා වලදි හෙන්රි ලිට්ල් ජෝන්ගේ හැකියාවන් කැපී පෙනුන අතර ඔහු ඇගිලි සලකුණු අපරාධකරුවන් සොයාගැනීමේ පරපුරේ පුරෝගාමියෙකි.
ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes) යන නාමයෙහි Holmes යන කොටස ලබාගෙන ඇත්තේ, ඩොයිල්ගේ මිතුරු වෛද්‍යවරයෙකු වු ඔලිවර් වෙන්ඩල් හෝම්ස්ගේ (Oliver Wendell Holmes) නම ඇසුරිනි. ඩොයිල්ගේ ප්‍රියතම සංගීතවරයා ඇල්ෆරඩ් ෂර්ලොක්ගේ (Alfred Sherlock) නම ඇසුරෙන් Sherlock යන කොටස ලබා ගෙන ඇත. මේ නම් දෙකෙහි එකතුවෙන් ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes) යන නම නිර්මාණය විය.
වාර්ථා වී ඇති ආකරයට ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes) උපත ලබා ඇත්තේ 1854 වර්ෂයේදීය. ඔහු වෘත්තියෙන් පෞද්ගලික රහස් පරීක්ෂකයෙක් වන අතර ඒ හැර ඔහු රසායනික විද්‍යාව, බොක්සින් ක්‍රීඩාව, උද්‍යාන පාලනය, සංගීතය හා රිවෝවර හැසිරවීම ආදි ඔහුගේ සෙසු වෘත්තීන් වේ. සර් ආතර් කොනන් ඩොයිල් විසින් මුල් වරට රචන ලද ෂර්ලොක් හෝම්ස් පරීක්ෂණය වන්නේ A Study In Scarlet හෙවත් සිංහල පරිවර්තනයෙන් ලෝහිත පරීක්ෂණය යන්නයි. මෙය 1887 දී රචනා වු අතර පසුව The Sign of Four (සිව් රහස් සලකුණ ) දෙවන කතාව ලෙස රචනා විය.
මේ දෙකම නව කතාමය ස්වරූපයක් ගත් ඉතා දිගු පරීක්ෂණ වන අතර ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes) චරිතය ගැන කා අතරත් අවධානයට ලක් වුයේ 1891 වසරේ ඩොයිල් විසින් The Strand Magazine වෙත ලියන ලද කෙටි පරීක්ෂණ කතා සමගය. ඩොයිල් විසින් නිර්මානය කරන ලද ෂර්ලොක් හෝම්ස්ගේ කතා 60කි. දිගු කතා 4 හා කෙටි කතා 56ක් ලෙස මේවා වර්ග වී ඇත. ඔබත් මමත් මීට වඩා බොහෝ ෂර්ලොක් හෝම්ස් කතා ප්‍රමාණයක් කියවා ඇති බව නොඅනුමානයි. නමුත් ඒ කතා ඩොයිල්ගේ රචනා ශෛලිය ඇති වෙනත් කතුවරුන් විසින් පසුකාලිනව රචනා කරන ලද කතා වේ. ෂර්ලොක් හෝම්ස් චරිතය ගත්තොත් ඔහුගේ ජීවිතමය මොලය වෙහෙසවීමයි. ඔහුගේ රැකියාව, විනෝදාංශය මේ සියල්ලම එයයි. අපරාධ පරීක්ෂනයන් නති විට රසායනික පරීක්ෂණය වලට කාලය ගත කරන්නේ ඔහු ඒ නිසාය. සම්භාව්‍ය සංගීතයට ප්‍රියකරන හෝම්ස් දක්ෂ වයලීන් වාදකයෙකු බවද සදහන් වේ. හෝම්ස්ගේ මව් පියන් ගැන කිසිදු සදහනක් නොවන අතර ඔහුගේ එකම නැදෑයා ලෙස සිටින්නේ රජයේ උසස් රහසිගත් රැකියාවක් කරන ඔහුගේ වැඩිමල් සොයුරු මයික්‍රො හොම්ස් (Mycroft Holmes) නිතරම තනිකඩ ජීවිතයකට ප්‍රිය කරන හොම්ස් කාන්තාවක් ඇගයුයේ හෝ නම් ඒ කලතුරකිනි. නමුත් ඔහුගේ ගෞරවය නිතරම හිමි කාන්තාවක් වී නම් ඒ සිටු පවුලක බුද්ධිමත් තරුණියක් වු අයිරින් ඇඩ්ලර්වයි (Irene Alder). ඇයට පසුව සිව් රහස් සලකුණ පරීක්ෂණයේදී ක්‍රියාකල නිර්භීත ආකරය නිසා වොට්සන්ගේ බිරිද මේරි මොස්ටන් (Mery Morstan) හටද විශාල ගෞරවයක් හිමිවී තිබුනි.
ෂර්ලොක් හෝම්ස්ගෙ සමීපතමයා වන්නේ දොස්තර ජෝන් වොට්සන්‍ය. හෝම්ස්ගේ එකම මිතුරා පමනක් නොව එකම සහකරු වන්නේද ඔහුය. වොට්සන් ( Doctor Watson) යනු මුල්ම බ්‍රිතාන්‍ය හමුදාව යටතේ ඉන්දියාවේ සේවය කල වෛද්‍යවරයෙකු වන අතර පසුව එයින් විශ්‍රාම ගෙන, පෞද්ගලිකව වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන ගමන් හෝම්ස්ගේ රහස් පරීක්ෂණ කටයුතු වලට සම්බන්ධ වුවෙකි. රහස් පරික්ෂක වෘත්තිය තුල ඔහුද හොම්ස්ගේ සමහර ක්‍රම අනුගමනය තුලින් දක්ෂයෙක් වුවත් හෝම්ස්ගේ අහලකටවත් පැමිණිමට ඔහුට නොහැකි විය. සමහරුන්ගේ මානය නම් ඩොයිල් වොට්සන් ලෙසින් නිරුපණය කරන්නේ තමාවම බවයි. එයට හේතුව මොවුන් දෙදෙනා තුල බොහෝ සමාන කම ගැබ්වී තිබීමයි. හෝම්ස් විසින් සිදු කරන පරීක්ෂණ පාඨකයා වෙත ඉදිරිපත් කරන්නේ වොට්සන් විසිනී. ෂර්ලොක් හෝම්ස්ගේ මුල්ම පොත ලියවෙන්නේ 1887 වුවත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේ පවා 1872 පමන හෝම්ස් විසින් නිරත වු යම් යම් පරීක්ෂණයන් ගැන සදහන් වී ඇත. 1893 දී ලියවෙන අවසන් ගැටලුව කතාවේදී මහාචාර්‍ය මොරියාටි (Professor Moriarty) සමග කරන ලැබූ පොරබැදීමේදි දෙදෙනාම රෂින්බාක් දිය ඇල්ලෙන් (Reichenbach falls) පහතට වටි මියගිය බවක් සදහන් වේ. නමුත් ඔහු වසර 3කට පමණ පසු නැවත දිවී බේරාගෙන වොට්සන් හමුවීමට පැමිණියේය. ඒ වන විට වොට්සන්ගේ බිරිදද මියගොස් සිටියේය. හෝම්ස් නිරත වු අවසන් පරීක්ෂණය නම් His Last Bow හෙවත් ඔබෙන් සමු ගනිමි 1917 දී ලියවුනි. නමුත් එයින් පසුව හෝම්ස් 1927 දී පවා යම් පරීක්ෂණයකට දායක වු බව වාර්ථා වී ඇත. 1927න් පසුව ඔහු ගැන තොරතුරක් සදහන් වන්නෙ නැත. ඉන්පසු ඔහු ජීවත් වුනේ කොහේද, මියගියේ කවදාද, කොහොද කිසිවක් සදහන් වන්නේ නැත. ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes) යනු අදටත් අප අතර ඇති අමරනීය චරිතයකි.

📩| WhatsApp introduce “Message Yourself” feature.තමන්ටම පණිවිඩ යවාගැනීමේ පහසුකමක් WhatsApp විසින් හඳුන්වා දෙයි.WhatsApp ...
11/11/2022

📩| WhatsApp introduce “Message Yourself” feature.

තමන්ටම පණිවිඩ යවාගැනීමේ පහසුකමක් WhatsApp විසින් හඳුන්වා දෙයි.

WhatsApp වෙතින් පරිශීලකයන් වෙත Messaging Yourself යනුවෙන් නව පහසුකමක් ලබා දීමට වැඩකටයුතු සිදුකරමින් පවතී. මෙම පහසුකම යටතේ WhatsApp තුළ ඔබගේම ගිණුම “Me (You)” ලෙස සඳහන් වන අතර මෙම පහසුකම WhatsApp හි 22.23.0.70 යාවත්කාලීන කිරීම ඔස්සේ Android පරිශීලකයන් වෙත ලැබෙන අතර iOS පරිශීලකයන් සඳහා 2.22.24.2 යාවත්කාලින කිරීම ඔස්සේ අත්විඳීමට හැකියාව ඇත.

මෙම පහසුකම ලබාදීමට ඔවුන් කටයුතු කර ඇත්තේ අත්‍යවශ්‍ය සටහන් වැනි දේවල් notepad එක තුල සටහන් කරනවාට වඩා පහසුවෙන් WhatsApp ගිණුමේ සටහන් කිරීමට හැකියාව ලබා දීමටයි.

කෙසේ වෙතත් මෙය අළුත් පහසුකමක් නොවන අතර දැනටමත් ඔබ ඔබගේ WhatsApp ගිණුම සාදා ඇති දුරකථන අංකය Save කර ඇතිනම් ඔබට Update එක නැතිවම මෙම පහසුකම අත්විඳීමට හැකියාව ඇත.

නේවි සීල් සෙබලු (Navy seal soldier) සහ ජීවිතයේ අසීරැ අවස්තා දරා ගැනීම.මිහිපිට ඇති මිනිසෙකුට දරා ගැනීමට ඉතා අසීරැම සහ මරණ...
07/11/2022

නේවි සීල් සෙබලු (Navy seal soldier) සහ ජීවිතයේ අසීරැ අවස්තා දරා ගැනීම.

මිහිපිට ඇති මිනිසෙකුට දරා ගැනීමට ඉතා අසීරැම සහ මරණීයම යුධ පුහුණුවක් වේ නම් එය ඇමරිකානු නාවික හමුදාවේ නේවි සීල් බලකායේ පුහුණු වීමයි..ගොඩබිම මහ සමුදුර සහ ගිණි ඇවිලෙන කාන්තාරයේ මෙන්ම දුශ්කර වනදුර්ග වලද මෙම පුහුණුව දියත් වේ.
මිනිසෙකුගේ ශරීරයට දරා ගැනීමට ඉතාම අපහසු තද පුහුණුවක් ලබා දෙන මෙම පාටමාලාව අවසානයේ ඉතිරි වනුයේ ඉතා සීමිත සෙබලු පිරිසක් වන අතර යුධ විශ්ලේශකයන්ගේ මතයට අනුව ඔවුන් මිහිපිට සිටින භයානකම පුහුණු යුධ මැශින් බවට පත් වේ..මෙම යුධ පුහුණුවේ එක් අවස්තාවක මෙම සෙබලුන් අත් පා ගැට ගසා අඩි පහලොවක් පමණ ගැබුරැ ජලය සහිත තටාකයකට දමනු ලබයි මෙහිදී නිශ්චිත කාලයක් තුල රැහැන් ලෙහා ජීවිත බේරා ගැනීම හෝ එම කාලය තුල නොමැරී සිටීම මෙම පර්යේශනය සමත් වීමට සිදු කල යුතුය සමස්ත පාටමාලාවේ දුශ්කර සියලු අවධි පසු කරන බොහෝ සෙබලු මෙම කොටස බොහෝ සෙයින් අසමත් වේ…ඇයි ඒකට හේතුව ඔවුන් සිතනුයේ ගැඹුරැ ජලයේ තම ශක්තිය යොදා රැහැන් ලෙහා පරීක්ශනය සමත් වීමටයි ඉතා තදින් ගැට ගසා ඇති රැහැන් ලෙහා ගැනීම කිසිසේත්ම මෙම පර්යේශනයේ අරමුණ නොවේ මෙහි අරමුණ අවස්තානුකූලව සිතා බලා රිද්මය හඳුනා ගැනීම සහ අසීරැ අවස්තාවක කායික මානසික ක්ශනික බුද්ධිමත් තීරණ ගැනීමයි…මෙහිදී සත්ය වශයෙන්ම සෙබලු සිදු කල යුත්තේ ඉහල සිට හුස්ම ගෙන තටාකය පහලට ගිලී පතුලේ අඩිය ගසා නැවත උඩට විත් නැවත හුස්ම ගෙන ගිලෙමින් සහ උඩට එමින් රිද්මයට අදාල කාලය තුල ජීවිතය රැක ගැනීම විනා අත් පා වල ඇති රැහැන් ලෙහා ගැනීම නොවේ…ඉන් ඉතා සුලු කොටසක් පමණක් මෙම රිද්මය හඳුනා ගන්නා අතර අනිකුත් සෙබලු මෙය අසමත් වේ..මින් අපට උගත හැකි වැදගත්ම පාඩම නම්

● ජීවිතයේ අසීරැ අවස්තා පිළිගන්න.

● අදාල අවස්තාවේ කල හැකි සහ නොහැකි දෑ හඳුනා ගන්න.

● ගැටලුවේ රිද්මය හඳුනා ගන්න.

● ගැටලුවෙන් ජීවිතය රැක ගැනීම උදෙසා කල යුතු දේ ඉවසීමෙන් කරන්න.

මෙය ජීවිතයේ ගැටලු අභියෝග හමුවේ සැමට යොදා ගත හැකි ස්වර්ණමය කරැණු සමුදායකි.

වස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුනු පොහොය යි. එය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රෙෂ්ඨ ...
07/11/2022

වස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුනු පොහොය යි. එය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රෙෂ්ඨ දිනයකි. මෛත්‍රෙය බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කරනු වස් උරුවෙල් දනව් බලා වැඩම කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, චීවර මාසයේ අන්තිම පොහොය එනම්, කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය වීම, අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය සිදු වීම යනාදී කරුණු රැසක් ම සිදුවුණු දිනයක් වශයෙන් ඉල්මස පුරපසළොස්වක් පොහොය දිනය සලකනු ලැබේ.

The last day of the calf season is Il Punu day. It was a great day that led to several memorable events in the history of the Sambuddha Sasana. Maitreya Bodhisattva received the commentary, the first missionary group, the Rahats, set out to spread the Dharma, Lord Buddha's visit to Uruel Danav to subdue the three hundred and fifty Jatilas, the day to be followed, the last day of the last month of Chivara i.e. Kathinastarana Vinaya Karma. Ilmasa full moon day is considered as the last possible day, the day when many things happened, such as the death of Agasav Saryut Mahimi.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Pixel ART posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share