01/06/2026
අනඳ රාවය – සාර්ථකව නිමාවට
වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් සංවිධානය කළ “අනඳ රාවය” වැඩසටහන සාර්ථකව නිමාවට පත් විය.
බුදු දහමේ උතුම් හරයන්, වෙසක් උත්සවයේ සැබෑ අර්ථය සහ වර්තමාන සමාජයට දහම් පණිවිඩයේ වැදගත්කම පිළිබඳව ගැඹුරු සංවාදයන්ගෙන් සමන්විත මෙම විශේෂ පොඩ්කාස්ට් වැඩසටහන, බොහෝ දෙනෙකුට දැනුම, සිතුවිලි සහ ආධ්‍යාත්මික පෝෂණය ලබා දීමට සමත් විය.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වූ ගරු ස්වාමීන් වහන්සේලා, සම්මුඛ සාකච්ඡාකරුවන්, සංවිධායක මණ්ඩලය සහ තාක්ෂණික කණ්ඩායම ඇතුළු සියලු දෙනා වෙත අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.
වෙසක් ආලෝකය මෙන්ම ධර්මයේ ආලෝකය ද අප සැමගේ ජීවිත සදා ප්‍රභාමත් කරත්වා!
ANANDA RAWAYA වෙසක් සුවිශේෂ වැඩසටහන
ධර්මයේ හඬ… සිතට ආලෝකයක්…