Joy Of Life

Joy Of Life Joy of Life �

We are a Sri Lankan family, showing you how we are making our story.

29/08/2026

ඊයේ අපි එක්ක හැංගි හැංගි ආව ලස්සන හඳ Lunar Eclipse 2026

If posting late is an Art… I am an Artist 🧑‍🎨 මේක ඉතින් අපි 2023 වල ගිය ගමනක්.. වීඩියෝ එක හදලා අවුරුදු දෙකක් විතර ගියත් ...
27/08/2026

If posting late is an Art… I am an Artist 🧑‍🎨

මේක ඉතින් අපි 2023 වල ගිය ගමනක්.. වීඩියෝ එක හදලා අවුරුදු දෙකක් විතර ගියත් Public දාන්න හිතුනේ නෑ.. අද හිතිලා දැම්මා..

Better late than never කියනවානේ🤭

Hope you will Enjoy 😉

https://youtu.be/FEWptC3TtrU?si=LTeXRALZ5KvYWxTy

22/08/2026

"සුලඟ නොවේ මේ පාවී එන්නේ
කුටියක සිරවී නැගෙන සුසුම්"

ඔබට සුබ ගමන් නන්දා මැතිණියනි…. 🙏🏳️

අගෝස්තුවේ 20 වෙනි බ්‍රහස්පතින්දා දින රැකියාවෙන් පසු නිවසට විත් ටික වෙලාවකින් අම්මාගේ ඇමතුමෙන් කියවුනේ “නන්දා මාලනිය නැති...
22/08/2026

අගෝස්තුවේ 20 වෙනි බ්‍රහස්පතින්දා දින රැකියාවෙන් පසු නිවසට විත් ටික වෙලාවකින් අම්මාගේ ඇමතුමෙන් කියවුනේ “නන්දා මාලනිය නැති වෙලා පුතේ” යන්නයි.තෙහෙට්ටුවෙන්ද, නිදි මතින්ද සිටි මට එක් වරම හිතට නැගුනේ හිස් හැගීමකි. “අහ්” යනුවෙන් පිලිතුරු නැගු මම ටික වෙලාවක් ගතවූ තැන කෙමෙන් කෙමෙන් ඇගේ අද්විතීය හඬ සහ මගේ මතක අතර සැරි සැරුවෙමි.

එදින රාත්‍රිය වනවිට, නව යොවුන් වියේ සිට මෑතක වනතුරු ඇසූ යොවුන් වසන්තයේ, සැදෑ කලුවර, රුවල් ඉරී ගිය, තරුද නිදන, රන් කෙන්දෙන්,සපත්නීරෝෂයක් වැනි ගී එකිනෙක මතකයේ පෙල ගැසෙද්දි, ඇසඟට කදුලු ඉනුවේ නිරායාසයෙනි.

90 දශකයේ උපන් අප බොහෝ දෙනා මුලින්ම ඇගේ හඬ බොහෝ දුරට අසන්නට ඇත්තේ “ අයන්න කියන්න “ ගීය තුලිනි. එයින් ආරම්භ වී පෙර පාසලේ සිට පාසල් සමය නිමවන තෙක්ම, බොහෝ උදෑසනයන්හි ඇසුනේ “මල් කියන්නේ කාට කාට” වැනි ඈ විසින් දරුවන්ට ගැයූ ගීත හෝ “බුදු සාදු” වැනි බොදු බැති ගීතයි.. මේ ගී වලට අමතරව “තුන් හෙලේ කැලෑ තුල” මගේ ජීවිතේ කුඩා අවධියේදි විශේෂ මතකයක් සෑදූ ගීයක් විය..

පසු දින නැවතත්, පැරණි සංගීතයෙන්ම ඇගේ ගී ඇසීමට යූටියුබ්හි සැරිසැරූ මට ඇගේ ගී පැරණි සංගීතයෙන්ම මුණ ගැසුනි.

ඒ ගී අසද්දි, ජීවිතයේ යට ගියාවූ බොහෝ මතකයන් නැවත ඉස්මතු වුනි. පෙර පාසලේ සිට පාසල් සමය නිමවන තෙක්ම විවිධ උත්සව පවා රන් ගිරි ගිරි, රුක් අත්තන මල, සාරි පොඩිත්තක්, දේවදාසි වැනි ඇගේ විචිත්‍ර ගී වලින් හැඩවිනි. “බුදු කරුණා” ගීතය අසමින් නැලවෙන මාගේ නැගණිය මා අතදරා නැලවූ ඒ සුන්දර කාලය සිහිනයක් මෙන් සිතේ ඇදුනි.

ධර්මපාල විද්‍යාලයේ ඉගැනුම ලැබූ අප හට “අනගාරික ධර්මපාල” ගීතය එළිදැක්වෙන්නේ අප ඉගැනුම ලැබූ සමයේදීයි.

මෙවැනි මතක දහසක් මුලු මහත් වූ ශ්‍රී ලාංකික අප සැමට ලබා දී.., දේශයට හඬ දුන් ඇගේ දිවිය, අද පවනට මුසු වේවි.

මගේ මේ මතක දිගහැරුම ආදරණීය නන්දා මාලිනියට උපහාරයක්ම වේවා.💐

ඔබ පැතූ නිවන.., ඔබට දුර නොවේවා….෴ 🙏 🏳️

🏳️

03/07/2026

Celebrating my 6th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

28/03/2026

සිත් මල් හැගුම් පොපියන යාමේ….
මල් මල් මල් සැමතැන විසිරේවී….

Down the memory lane for 14 looong years 🥹

12/03/2026

True Stories 🤭🤭😂😂

International Women’s Day Celebration 2026…. 🌸🩷🌸~ Limitless Her~
10/03/2026

International Women’s Day Celebration 2026…. 🌸🩷🌸

~ Limitless Her~

What a vibe 🎶💪👸💪❤️
05/03/2026

What a vibe 🎶💪👸💪❤️

Ashanthi - Maharani (මහාරාණි) Ft. & [Official Music Video] SONG CREDITS: Title: Maharani Artistes: Ashanthi Ft. Hirushi ...

27/02/2026

මුදල් ඉල්ලන්නේ නැති කාන්තාවන්, ඇයගේ සැමියාව නොදැනුවත්වම දුප්පත් තත්ත්වයේ තබා ගැනීමට හේතු විය හැකිය.
ඉල්ලීම ඔහුව තව වැඩි මහන්සි වී වැඩ කිරීමට උද්යෝගිමත් කරයි.
~Joy of Life රුවන් වැකි~

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Joy Of Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share